Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආත්මාරක්ෂක සටන් කලා ප්‍රගුණ කළ ජනාධිපතිවරු තිදෙනෙක්

ලෝකයේ විවිධ රටවල් පාලනය කළ විවිධ ආකාරයේ නායකයන් පිළිබඳ ව ඔබ අසා තිබෙනවා. දේශපාලනයට අමතර ව තවත් විවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතා දැක්වූ  අගමැතිවරුන් හා ජනාධිපතිවරුන් පිළිබඳ ව විවිධ කතා ද ඔබ කියවා ඇති.

දේශපාලනයට අමතර ව සටන් කලාවන් ප්‍රගුණ කළ ඒවාගේ දක්ෂතා දැක්වූ විවිධ රටවල සිටි සහ වර්තමානයේත් සිටින නායකයින් තිදෙනෙකු පිළිබඳ ව යි අද “ලිස්ට්”හි ඉඩ වෙන් වන්නේ.

ජූඩෝ ක්‍රීඩාවේ දක්ෂයා –  වැලදිමීර් පුටින්

Sputnik International

ලෝකයේ සිටින බලවත් ම රාජ්‍ය නායකයින් අතර මුල් පෙළේ සිටින රුසියානු ජනාධිපති වැලදිමීර් පුටින් දක්ෂ ජූඩෝ ක්‍රීඩකයෙක් බව ඔබ දැනගෙන සිටියා ද?

කුඩා කාලයේ සිට ම ක්‍රියාශීලි දරුවෙකු වූ පුටින් ජූඩෝ ක්‍රීඩාව තෝරාගන්නේ වයස අවුරුදු 11 දී යි. තරුණ වියේ දී රුසියානු කෙජිබි රහස් ඔත්තු සේවයේ නිලධාරියෙක් ලෙස කටයුතු කරන සමයේ දී ඔහු ජූඩෝ ක්‍රීඩාව තවදුරටත් ප්‍රගුණ කරනවා.

1970 දී Master of Sports in judo නාමය දිනාගැනීමට සමත්වෙන ඔහු 2006 වසරේ යුරෝපීය ජූඩෝ සංගමයේ සභාපතිවරයා ලෙස පත්වෙනවා. අන්තර්ජාතික ජූඩෝ සම්මේලනය විසින් ජූඩෝ ක්‍රීඩාවේ ඉතා දක්ෂයින්ට පමණක් පිරිනැමෙන 8th Dan grade ගෞරව නාමය ඔහුට ප්‍රදානය කරනවා. 2004 දී “පුටින් සමග ජූඩෝ” නමින් කෘතියක් එළිදැක්වීම සඳහා සම කතෘවරයෙක් ලෙස ද ඔහු කටයුතු කරනවා.

ජූඩෝ හැර අයිස් හොකී, කරාටේ හා රුසියානු සටන් කලාවක් වන සැම්බෝ (sambo) යන ක්‍රීඩාවල දී ද පුටින් සිය දක්ෂතා දක්වා තිබෙනවා.

මල්ලවපොර ශූරයෙක් වූ ඒබ්‍රහම් ලින්කන්

Mental Floss

අඩි 6 යි අඟල් 4 ක් උස හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරයෙක් වන ඒබ්‍රහම් ලින්කන්  මල්ලවපොර ක්‍රීඩකයෙක් ලෙස හඳුන්වා දිය හැකියි.

1850 වසරට පෙර එනම් දේශපාලනයට පැමිණීමට පෙර ඔහු ඉලිනොයිස් ප්‍රාන්තයේ නිව් සේලම් (New Salem) ප්‍රදේශයේ පැවති මල්ලවපොර තරග සඳහා සහභාගී වෙනවා. ඒවා එතරම් විශාල තරග නොවූ අතර හුදෙක් ග්‍රාමීය ක්‍රීඩා උත්සව පමණක් විය.

කුඩා කාලයේ දී අහම්බයෙන් මල්ලවපොර ක්‍රීඩාව සඳහා එක් වූ බවත් අනතුරුව ප්‍රාදේශීය තරග ජයග්‍රහණය කිරීමට තමන්ට හැකි වූ බවත් ලින්කන් නොයෙක් අවස්ථාවල ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් ජනාධිපති පදවියට පත් වීමෙන් පසු ව ඔහු මල්ලවපොර තරග සඳහා සහභාගී වී නෑ.

ටයික්වොන්ඩො කළු පටි හිමි ඔබාමා 

Daily Mail

එක්සත් ජනපදයේ 44 වන ජනාධිපතිවරයා වූ බැරක් ඔබාමා ටයික්වොන්ඩො සටන් කලාව ප්‍රගුණ කළ ක්‍රීඩකයෙක්.

ඔහු 2001 සිට 2004 වන තුරු ටයික්වොන්ඩො ක්‍රීඩා කිරීම හා ඒ පිළිබඳ ව අධ්‍යයනය කිරීම සිදු කරන්නේ චිකාගෝවල සිටයි. එවකට ඔහු ඉලිනොයිස් ප්‍රාන්තයේ සෙනට් සභිකයා ලෙස කටයුතු කරනවා.

ක්‍රීඩාව කෙරෙහි ඔහු දැක්වූ උනන්දුව මත ටයික්වොන්ඩො කොළ පටි දිනාගැනීමට හැකියාව ලැබෙනවා. තමන්ට හමු වූ ශිෂ්‍යයන්ගෙන් ඉතා හොඳ හික්මීමක් තිබූ අයෙකු ලෙස ඔබාමා ව හඳුන්වා දෙන්නේ ඔහුගේ ටයික්වොන්ඩො ගුරුවරයා යි.

2009 දී දකුණු කොරියා ජනාධිපතිවරයා වූ ලී මියන් බැක් විසින් ඔබාමාට ටයික්වොන්ඩො ක්‍රීඩාව සඳහා කළු පටි ප්‍රදානය කිරීම සිදු කරනවා.

Related Articles