
01. චුකිකමාටා – Chuquicamata
meuhmania.com
චිලි රාජ්‍යයේ ඇති මෙම විශාල කුහරය තඹ ආකරයක්. එය ලොව වැඩිම තඹ නිෂ්පාදනයක් ඇති තඹ ආකාරය ලෙස සැලකෙනවා. නමුත් එය ලොව විශාලතම තඹ ආකරය වන්නේ නෑ. මෙම ආකාරයේ ගැඹුර මීටර 850ක් පමණ වෙනවා.
02. උදච්නයා පයිප් – Udachnaya Pipe
wikimedia.org
මෙය රුසියාවේ දියමන්ති ආකරයක්. මෙම පතලේ හිමිකරුවන් විසින් එම පතලේ වැඩ 2010දී අවසන් කරනු ලැබුවා. මෙම පතල කැනීම ආරම්භ කර තිබුණේ 1955 දීයි. එහි ගැඹුර මීටර 600ක් වෙනවා.
03. ගෝතමාලාවේ බැඩ වළක් – Sinkhole in Guatemala
ytimg.com
2007 වර්ෂයේදී අඩි 300ක පමණ ගැඹුරු ආවාටයක් ගෝතමාලාවේ නිර්මාණය වුනේ භූමිය ගිලා බැසීමක් නිසයි. මේ නිසා දෙදෙනෙකුට ජීවිත අහිමි වුණා. එමෙන්ම දහස් ගණනක් දෙනා ප්‍රදේශයෙන් ඉවත් කරනු ලැබුවා. වැහි කුණාටුවක් හා අපවහන පද්ධතියක් මෙයට හේතූ වී තිබූ අතර අනතුරෙන් පසු එරට පොලිසිය විසින් අනතුර සිදුවූ ස්ථානයේ සිට මීටර 457ක ඇතුල්වීම තහනම් කලාපයක් නිර්මාණය කර තිබුණා.
04. මීර්නි දියමන්ති පතල – Mirny Diamond Mine
whenonearth.net
සයිබීරියාවේ පිහිටි මෙය සැලකෙන්නේ ලොව දෙවැනි විශාලතම, කණින ලද ආවාටය ලෙසයි.මෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබුණේ 1955 වසරේදීයි. අද වන විට එහි ගැඹුර මීටර 525ක් වෙනවා. එමෙන්ම එහි මුවවිට පළල කිලෝමීටර් 1.25ක්. මෙහි හොඳීන්ම මෙහෙයුම් කටයුතු සිදු වූ කාල වලදී, වසරකට දියමන්ති කැරට් මිලියන 10ක් පමණ නිපදවා තිබුණා. අද වන විට මෙහි මෙහෙයුම් කටයුතු සිදුවන්නේ නෑ.
05. බෙලීස් හී මහා නිල් ආවාටය – Great Blue Hole
chabilmarvillas.com
මෙය පිහිටා ඇත්තේ බෙලීස් රාජ්‍යයෙයි. මෙහි ගැඹුර මීටර් 125 හා පළල මීටර 300ක් පමණ වෙනවා. මෙහි ඇති විශේෂයත්වය වන්නේ මෙය මුහුදේ පිහිටා තිබීමයි. මෙම ස්ථානය දිය යට කිමිදෙන පුද්ගලයින් අතර ඉතා ප්‍රසිද්ධ තැනක් ලෙස සැලකෙනවා. එයට හේතු වන්නේ මෙම ස්ථානයේ ජලය ඉතා පැහැදිලි වීමයි. එමෙන්ම එම කලාපයට අයත් මසුන් හා විශේෂිත කොරල් පර පහසුවෙන් නැරඹිය හැකි වීමත් එයට හේතූ වෙනවා.
06. බින්ග්හැම් කැන්යන් පතල – Bingham Canyon Mine
Tours of Utah
මෙය බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධව ඇත්තේ “කෙනෙකොට්” තඹ පතල ලෙසයි. මෙය එක්සත් ජනපදයේ යූටා හි සෝල්ට් ලේක් සිටි නගරයේ දකුණු දෙසට වන්නට පිහිටා තිබෙනවා. මෙය දැනට මිනිසා විසින් කරන ලද ලොව විශාලතම කැනීමයි. මෙහි කැණීම් ආරම්භ වී තිබෙන්නේ 1906 වර්ෂයේදීයි. එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ ආවාටය මීටර් 970 ක ගැඹුරක්, මීටර් 4000ක පළලක්, හා අක්කර 1,900ක් පුරා පැතිර පවතිනවා.
07. මොන්ටිචෙලෝ වේල්ල – Monticello Dam-California
iliketowastemytime.com
මෙය එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නාපා ජනපදයේ බෙරියෙස්සා නම් විලෙහි නිමවා තිබෙනවා. මොන්ටිචෙලෝ නම් අමුණෙහි අතිරික්ත ජලය බැස යාමට (අමුණ පිටාර ගැලීම වැළැක්වීමට) තනා ඇති පිටාර සිදුර පතුළක් නැති ආවාටය ලෙස හැඳින්වෙනවා. මෙය ලොව විශාලතම පිටාර සිදුර ලෙස සැළකෙනවා. මෙහි විශාලතම විශ්කම්භය අඩි 72ක්. පතුළ තෙක් සිරස් ගැඹුර අඩි 280ක් වෙනවා.
08. කිම්බර්ලි දියමන්ති ආකරය – Kimberley Diamond Mine
businessmediamags.co.za
මෙය ‘විශාල කුහරය’ (Big Hole) ලෙසද හඳුන්වනවා. මෙය සැලකෙන්නේ ලොව විශාලතම දියමන්ති ආකාරය ලෙසයි. දකුණු අප්‍රිකාවේ උතුරුදිග කේප් හී පිහිටා තිබෙන මෙහි මෙහෙයුම් කටයුතු 1866 සිට 1914 දක්වා සිදු වී තිබෙනවා. මෙහි සේවය කළ පතල්කරුවන් ප්‍රමාණය 50,000ක් පමණ වෙනවා. මෙයින් දියමන්ති කිලෝ 2,722ක් කැණීම් කර තිබෙනවා.
09. දර්වාසා ගෑස් ආවාටය – Darvaza Gas Crater
tomarcherphoto.co.uk
තුර්කිමෙනිස්ථානයේ මෙය පිහිටා තිබෙනවා. දර්වාසා ආවාටය බොහෝ දෙනෙක් හඳුන්වනු ලබන්නේ “අපායේ දොරටුව” ලෙසයි. මෙය ලොව හයවන විශාලතම ස්වාභාවික ගෑස් ආවාටය ද වනවා. මෙහී ගැඹුර අඩි 225ක් පමණ වන අතර එහි පළල අඩි 99ක් වෙනවා.
කවරය – www.cbsnews.com