ලොව විශාලම හමුදා 4

මහජන චීන සමුහාණ්ඩුව

sputniknews.com

ලොව විශාලතම හමුදාව ලෙස සලකණු ලබන්නේ මහජන චීනයේ හමුදාවයි. එමෙන්ම එය ලොව හොදම පුහුණුවකින් යුතු හමුදාවක් ලෙසද හඳුන්වනු ලබනවා. චීනය විසින් ඔවුන්ගේ යුධ වියදම පසුගිය වසර 5 තුල 10% පමණ ඉහළ දමා තිබෙනවා. චීන හමුදාව ස්ථාපිත කර ඇත්තේ 1927 දී වන අතර චීන හමුදාවේ2,333,000 පමණ සෙබළුන් පිරිසක් සේවය කරනවා. මින් බොහෝ දෙනෙකු  වයස අවුරුදු 18 – 49 යන වයස් ව ල පසුවෙන අයයි . චීන හමුදාව කොටස් පහකින් යුතු වෙනවා. පාබල, ගුවන්, නාවික, හා  The Rocket Force හෙවත් මිසයිල හා න්‍යෂ්ටික කටයුතු සම්බන්ධ ඒකකයක් මෙන්ම යුද්ධෝපාය පිළිබඳ වූ ආධාර දෙන ඒකකයකින් ද එය සමන්විත වෙනවා. එමෙන්ම මෙය යුධ උපකරණ අතින් ශක්තිමත්ම හමුදාවක් ලෙසද හඳුන්වනු ලබනවා.

එක්සත් ජනපදය

amazingwallpaperz.com

එක්සත් ජනපදයේ හමුදාව ලොව දෙවන විශාලම හමුදාව වෙනවා. එමෙන්ම එය සැලකෙන්නේ ලොව තිබෙන ශක්තිමත්ම හා වැඩිම අවි ආයුධ වලින් සන්නද්ධ හමුදාව ලෙසයි. තවද  එක්සත් ජනපදයේ  වාර්ෂික යුධ වැය ඇමරිකානු ඩොලර් බිලියන 610 වන එය ලොව විශාලතම වාර්ෂික යුධ වියදම වෙනවා. එක්සත් ජනපද හමුදාව පිහිටවා ඇත්තේ වර්ෂ 1775 දියි. අද වන විට එක්සත් ජනපදයේ හමුදාවේ සිටින සෙබළුන් ප්‍රමාණය 1,492,000 පමණ වෙනවා. එමෙන්ම ලොව වැඩිම ගුවන් යානා ප්‍රමාණයක් සතු හමුදාවද වන මෙය, ලොව සිටින පුහුණුව ලත් හොදම හමුදාව ලෙසද සලකනු ලබනවා. ලොව විශාලතම න්‍යෂ්ටික අවි කම්හලත් හිමි වන්නේ මොවුන්ට බවයි පැවසෙන්නේ.

ඉන්දියාව

hdwallpapersbuzz.com

වර්ෂ 1776 ආරම්භ කරන ලද ඉන්දීය හමුදාව ලොව තෙවන විශාලතම හමුදාව ලෙස සැලකෙනවා. මෙය සෙබළුන් 1,325,000න් පමණ සමන්විත වෙනවා. එමෙන්ම දැනට ලොව තිබෙන විශාලතම ස්වේච්ඡා හමුදා භටයන් ගණන  ද ඉන්දීය හමුදාව සතු වෙනවා. ඉන්දීය හමුදාව සතු කඳවුරු ගණන 53ක් වෙනවා. ලොව ඉහළම ස්ථානයක තිබෙන යුද්ධභූමිය වන, මුහුදු මට්ටමේ සිට මීටර 5000ක් ඉහළි න් පවතින ‘සියාචෙන්  ග්ලැසිරයද’ පාලනය වන්නේ මොවුන් අතින්. ඉන්දීය හමුදා ඉංජිනේරු අංශය ඉන්දියාවේ විශාලතම ඉදිකිරීම් ආයතන අතරින් එකක් වෙනවා. ලොව අශ්වාරෝහක හමුදා රෙජිමේන්තු තුනෙන් එකකට හිමිකම් කියන්නේ ද ඉන්දීය හමුදාවයි. එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු වෙනුවෙන් විශාලම දායකත්වයක් දක්වන රටක් ලෙසත් ඉන්දියාව සලකණු ලබනවා. එමෙන්ම දැනට ලොව වැඩිම උසකින් පවතින පාලම වන බායිලි පාලම ද නිර්මාණය කර ඇත්තේ ඉන්දීය හමුදාව විසිනුයි.

උතුරු කොරියාව

wallpapervortex.com

සෙබළුන් 1,190,000 සිටින උතුරු කොරියාව සැලකෙන්නේ ලොව හතරවන විශාලතම හමුදාව ලෙසයි. නමුත් එරට යුධ වියදම් නිශ්චිතව හෙළිදරව් නොකරන රටක් ලෙස සැලකෙනවා . තවද රට යුද්ධයකට මුහුණ දුන්විට සටනට එකතු වන ස්වේච්ඡා භටයින් මිලියන 6 ක් පමණ උතුරු කොරියාවේ සිටින බව පැවසෙනවා. තරමක් කුඩා රටක් වූවත් යුධ ටැංකි 4,100, කාලතුවක්කු 6,500, රොකට් විදින 2,500, හා ගුවන් යානා 1,000කට අධික සංඛ්‍යාවක් උතුරු කොරියාව සතු වෙනවා. එමෙන්ම මිනිසුන් 1000කට හමුදා සෙබළුන් 47.8 ක් උතුරු කොරියාව සතු වෙන අතර එය එක්සත් රාජධානියේ අගය මෙන් 10 ගුණයක් හා ලොව ජනතාවට සාපේක්ෂව වැඩිම හමුදාවක් සිටින රටද වෙනවා. න්‍යෂ්ටික අවි ආයුධ අතින් රහස් සඟවාගෙන සිටින රටක් ලෙස උතුරු කොරියාව සැලකිය හැකියි. අන්තර්ජාතික දත්ත වාර්තා අනුව උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික අවි 15-20ත් අතර ප්‍රමාණයක් ඇතැයි සැලකෙනවා.

කවරය – hdlatestwallpaper.com

Related Articles

Exit mobile version