
01. කරීබා වේල්ල

wordpress.com
දැනට නිර්මිත විශාලතම ජල ධාරිතාවක් දරන වේල්ල මෙයයි. මෙය නිර්මාණය කර ඇත්තේ සැම්බේසි ගංගාවේ කරීබා දුර්ගය හරහායි. මෙම වේල්ල කරීබා ජලාශය නිර්මාණය කරනවා. සැම්බේසි ගංගාව සිම්බාබ්වේ හා සැම්බියා රාජ්‍යයන් වල දේශසීමාවයි. කරීබා ජලාශයේ ජල ධාරිතාව කියුබික් මීටර බිලියන 185ක්. එය වර්ග කිලෝමීටර 5,580ක් පුරා පැතිර පවතිනවා. මෙම වේල්ල පාලනය වෙන්නේ සැම්බේසි ගංගා අධිකාරිය මගිනුයි. මෙය 1955-1959ත් අතර කාලයේ ඉතාලි සමාගමක් මඟින් නිර්මාණය කෙරුනා.
02. බ්රාට්ස්ක් වේල්ල – රුසියාව

wikimedia.org
මෙය පිහිටා ඇත්තේ රුසියාවේ සයිබීරියා ප්‍රදේශයෙයි. මෙම වේල්ල දරාගෙන සිටින ජල ධාරිතාව කියුබික් මීටර බිලියන 169.27ක්. අංගාරා ගඟ හරස්කොට මෙම වේල්ල නිර්මාණය කර තිබෙනවා. එයින් නිර්මාණය වූ ජලාශය වර්ග කිලෝමීටර 5,540ක් පුරා පැතිර පවතිනවා. මෙම වේල්ලේ හිමිකාරීත්ව දරන්නේ irkutskenergo නම් රුසියානු සමාගමයි. මෙය වර්ෂ 1954 සිට 1964 දක්වා කාලයේ ඉදි වී තිබෙනවා. මෙහි උස අඩි 410 වන අතර පළල අඩි 14,488ක්.
03. අකෝසෝම්බෝ වේල්ල – ඝානාව

citifmonline.com
මෙම වේල්ල වෝල්ටා නදිය හරස් කර නිර්මාණය කර තිබෙනවා. වෝල්ටා ජලාශය නිර්මාණය වී තිබෙන්නේ මෙම වේල්ල නිසයි. එම ජලාශයේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 8,500ක්. එය වැඩිම වර්ග ප්‍රමාණයක (Surface area ) පැතිර ඇති ජලාශය ලෙස සැලකෙනවා. ගල් අතුරා නිර්මිත වේල්ල 1961 සිට 1969 දක්වා වූ කාලය තුල නිර්මාණය කර තිබෙනවා. මෙය නිර්මාණය කිරීමේ මූලිකම අරමුණ වී තිබුණේ විදුලිය නිපදවීම වන නමුත් මේ ජලාශය ආශ්‍රිතව ධීවර රැකියාවේ නිරත වන 300,000ක පමණ පිරිසක් ද සිටිනවා.
04. ඩැනියල් ජොන්සන් වේල්ල – කැනඩාව

pinimg.com
මෙය “මැනික් 5” වේල්ල යනුවෙන් ද හදුන්වනු ලබනවා. මෙය නිර්මාණය කර තිබෙන්නේ මැනිකූගන් ගංගාව හරස් කරමිනුයි. එයින් නිර්මාණය වන මැනිකූගන් ජලාශයේ ජල ධාරිතාව කියුබික් මීටර බිලියන 139.8 ක්. එම ජලාශයේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 1,973ක්. මෙම වේල්ල දිගින් මීටර 1,310ක් වන අතර එහි උස මීටර 213.97ක් වෙනවා. මෙම වේල්ල නිර්මාණය වෙනුවෙන් කොන්ක්‍රීට් කියුබික් මීටර් මිලියන 2.2ක් වැය වී තිබෙන අතර 1959 – 1968 දක්වා කාලයේ මෙය නිර්මාණය කර තිබුණා.
06. ගුරි වේල්ල – වෙනිසියුලාව

pinimg.com
ගුරි ජලාශයේ වේල්ල ජලය කියුබික් මීටර බිලියන 135ක ධාරිතාවක් දරාගෙන සිටිනවා. ගුරි ජලාශය වර්ග කිලෝමීටර 4,000ක් පමණ පුරා පැතිර පවතිනවා. මෙය මගින් වෙනිසියුලාවේ විදුලි අපේක්ෂාවෙන් 70%ක් පමණ සම්පූර්ණ කෙරෙනවා.
07. අස්වාන් වේල්ල – ඊජිප්තුව

wordpress.com
අස්වාන් වේල්ල ඉදිකර තිබෙන්නේ නයිල් නදිය හරස් කරමිනුයි. නාසර් ජලාශය නිර්මාණය වන්නේ මෙම වේල්ලේ ප්‍රතිපලයක් ලෙසයි. එහි ජල ධාරිතාව කියුබික් මීටර් බිලියන 132ක්. මෙය 1960-1968 දක්වා කාලය තුළ නිර්මාණය කර තිබෙනවා. මෙය ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියනක්. මෙම ජලාශය මගින් ටර්බයින් 12ක් හරහා මෙගාවොට් 2,100 ක විදුලියක් ජනනය කරනවා. එමෙන්ම මේ වේල්ල නිසා ගංවතුර පාලනය මෙන්ම නයිල් නදිය හරහා නාවික ප්‍රවාහනයද පහසු කෙරුණා.
කවරය – freshwallpapers