Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තවමත් පියාඹන්න අවසර නැති බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානය

2019 වසරේ මාර්තු 10 වන දා අඩිස් අබාබා අගනුවරින් ගුවන්ගත වූ ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන්යානයක් නගරයට කිලෝමීටර් 50ක් දකුණින් වූ බිෂොෆ්ටු ප්‍රදේශයට කඩා වැටෙන්නේ එහි වූ රටවල් 35කට පමණ අයත් පුද්ගලයන් 157 දෙනෙකුට මරණයට පත්කරමින්.

ඉන්දුසියානු ලයන්එයාර් ගුවන් සේවයට මෙම වර්ගයේ ගුවන් යානාවක් 2018 වසරේ ඔක්තෝම්බර් 29 වන දා මෙලෙස කඩා වැටුණා. එම අනතුරෙන් එහි ගමන් කළ 189 දෙනාම ජිවිතක්ෂයට පත්වෙනවා. මාස 5ක් තුළ බෝයිං 737 මැක්ස් 8 නමැති නව මාදිලියට අයත් ගුවන් යානා වර්ගය අනතුරට ලක්වූ දෙවන අවස්ථාව මෙය යි.

මේ හේතුවෙන් ලෝකයේ මෙම යානය භාවිතා කරන ගුවන් සාමාගම් සියල්ල යානය ගුවන් මෙහෙයුම්වලින් තාවකාලිකව ඉවත් කරනවා. ඒ පිළිබඳව ලිපියක් පසුගිය දිනෙක ඔබ වෙත ගෙන ආවා. මේ ලිපියෙන් ගෙන එන්නේ එම සිදුවීමේ වත්මන් තත්ත්වය පිළිබඳව යි.

වැඩිදුර කියවන්න – ගුවනින් සමුගැන්වූ බෝයිං 737 මැක්ස් 8 මරුවා

බෝයිං සමාගම මුහුනා පා ඇති අර්බුදය

කඩා වැටුණු ගුවන් යානයේ සුන්බුන් (Insider)

මෙම වර්ගයේ ගුවන් යානා දැනට ලෝකයේ මෙහෙයුම්වල නිරතවන්නේ 370ක් පමණ යි. ඉන්ධන පිරිමැසීම වැනි කරුණු හේතුවෙන් ලෝකය පුරා කෙටි ගුවන් ගමන් හා මධ්‍යම ගුවන් ගමන් සඳහා ජනප්‍රියව පැවති මෙම වර්ගයේ ගුවන් යානා 5000කට අධික ඇණවුම් ප්‍රමාණයක් අනතුරු වීමට ප්‍රථමව ලැබී තිබෙනවා. බොහෝ සමාගම් එම ඇණවුම් අවලංගු කිරීමට සැරසෙන බව මේ වනවිට වාර්තා වෙනවා.

තවත් සමහර ගුවන් සමාගම් විධිමත් පරික්ෂණයක අවසානය දකින තුරු තම ඇණවුම් අවලංගු කිරීමෙන් වැලකි සිටිනවා. ඊට හේතුව වන්නේ බෝයිං ගුවන් යානා හැර ඔවුන්ට ලබාගත හැකි හොඳම විකල්පය එයාර්බස් ගුවන් යානා වීම යි. නමුත් ඒ සඳහා නියමුවන් අලුතෙන් පුහුණු කරවීම, ගුවන් තොටුපොළේ යම් යම් වෙනස්කම් කිරීම වැනි නොයෙකුත් අපහසුතා ඒ සම්බන්ධව ඇති වී තිබෙනවා. තවත් සමහර ගුවන් සමාගම් බිම් ගතකර ඇති තම යානා මෙහෙයුම්වලට සම්බන්ධ නොකිරීමට සිදුවීම සම්බන්ධයෙන් බෝයිං ගුවන් යානා නිෂ්පාදන ආයතනයෙන් වන්දි ඉල්ලීමට සැරසෙනවා.

සියලුදෙනා මරණයට පත්වීම

සුන්බුන් එකතු කරන සහන සේවකයන් (Investing.com)

යානයේ ගමන්ගත් සියලු දෙනා මෙහිදී මරණයට පත්වෙන අතර ගුවන් යානයේ සුන්බුන් හා යානයේ කොටස් දැවී ගිය අළු, මියගිය අයගේ පවුලේ ඥාතීන්ට ලබා දීමට කටයුතු කර තිබෙනවා. ගුවන් යානය කඩා වැටුණු ස්ථානයට ලෝකය පුරා විසිරී සිටින මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් පැමිණ සිටි අතර මියගිය සෑම පුද්ගලයෙක් වෙනුවෙන්ම ගුවන් යානයේ අළු කිලෝග්‍රෑමයක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඊට අමතරව තම ඥාතීන්ගේයැ යි හදුනාගත් භාණ්ඩ රැගෙන යාමට අවස්ථාවක් ද උදා කර දී තිබෙනවා.

පිට පිට සිදු වූ දෙවන අනතුර හේතුවෙන් එම යානා වර්ගයේ මෙන්ම සමස්ත බෝයිං යානා වර්ග සියල්ලේම මිල පහත බැසීමේ අවධානමකට එම සමාගම මුහුණ දෙනවා. ඒ රටවල් 50කට අධික ප්‍රමාණයක් විසින් 737 මැක්ස් 8 යානා වර්ගය තාවකාලිකව තහනම් කිරීමත් සමග යි.

අනතුරු දෙකේම සමානතාවයක්

මීට පෙර ඉන්දුනීසියාවේ කඩා වැටුණු ගුවන් යානයේ සුන්බුන් (The Japan Times)

කඩා වැටුණු ලයන් එයාර් ගුවන් යානයේ හා ඉතියෝපියානු ගුවන් යානයේ අනතුරට පත්වීමේ සමානත්වයක් ඇති බව ඉතියෝපියානු රජය විසින් නිවේදනය කරන්නේ මේ අවස්ථාවේ දී යි. එහිදී දිගින් දිගටම පරීක්ෂණ පවත්වන අතර ගුවන් අනතුරු දෙකටම පෙර එම යානාවල නියමුවන් යානය පාලනය කිරීමේ අපහසුතා පිළිබඳ වාර්තා කර තිබෙන බව හෙළිවෙනවා. අනතුර සිදුවෙන විට ගුවන් යානයේ උන්නතාංශය පවත්වා ගැනීමේ අපහසුතාවන් ඇති වූ බව ද සඳහන්.

යානා දෙකම අනතුරට පත්වීමට යම් තාක්ෂණික කරුණක් හේතුවන්නට ඇතැයි සැළකිය හැක්කේ යානා දෙකම අනතුරට පත්වුනේ ගුවන් ගත වී ආසන්න වශයෙන් සමාන වේලාවක දී වීම යි. තවද ගුවන් යානා දෙකම සේවයට එක් කර ගත වී තිබුණේ සුළු කාලයක් බැවින් අනතුරු දෙක බොහෝ සේ සමාන අනතුරු දෙකක් ලෙස හැඳින්විය හැකි යි.

විමර්ශන කණ්ඩායම හෙළි කළ කරුණු අනුව එම යානයේ Angle of Attack සංවේදකය දෝෂ සහිත වූ බවත් ගුවන් ගුවන්යානයේ වේග දර්ශකය (Airspeed indicator) අනතුරට පෙර ගමන්වාර හතරක දී නියමිත ආකාරයට ක්‍රියාත්මක වී නොමැති බවත් හෙළිවෙනවා. නමුත් තවමත් පරීක්ෂණවල අවසන් වාර්තාව නිකුත් කර නෑ. එය බොහෝදුරට එළඹෙන අගෝස්තු මාසයේ දී නිකුත් කරන බව පරීක්ෂණ කණ්ඩායම් විසින් පවසා තිබෙනවා.

වෙනස්කම් කිහිපයක් සිදුකිරීම

සියලු ගුවන් සමාගම් විසින් මෙම ගුවන්යානා වර්ගය තාවකාලිකව මෙහෙයුම්වලින් ඉවත්කර තිබෙනවා (NBC News)

බිම් ගතකර ඇති යානයේ විවිධ පද්ධතිවල විවිධ වෙනස්කම් කිහිපයක් කිරීමට බෝයිං සමාගමේ ඉංජිනේරුවන් මේ වනවිට කටයුතු කරමින් සිටිනවා. ඉන් එකක් වන්නේ අමතර අනතුරු හැඟවීමේ පද්ධතියක් සවි කිරීම යි. මෙතෙක් එම අමතර අනතුරු හැඟවීමේ පද්ධතිය ඔවුන් ලබා දී ඇත්තේ ප්‍රධාන පද්ධතියක් ලෙස නොව අතිරේක පද්ධතියක් ලෙස යි. එම පද්ධති නිර්මාණය කර ඇත්තේ යානාවල සංවේදක එකිනෙකට වෙනස් පණිවුඩ නිකුත් කරන විට යානයේ ගුවන් නියමුවන්ට ඒ පිළිබදව වහා ක්‍රියාත්මක වීමට යි.

මීට පෙර මෙය අතිරේක පද්ධතියක්ව තිබූ බැවින් කඩා වැටුණු යානා දෙකින් එකකවත් මෙය ක්‍රියාත්මක වී තිබුනේ නෑ. අමතර මුදලක් අය නොකර මින් ඉදිරියට නිකුත් කරන සියලුම 737 මැක්ස් 8 යානාවල මෙම පද්ධතිය සවි කරන බව බෝයිං සමාගම සඳහන් කර තිබෙනවා.

එසේම මේ අනතුරු හා සම්බන්ධ යැයි දැනට සැක කෙරෙන මෘදුකාංගය වන MCAS -Manoeuvring Characteristics Augmentation System  ප්‍රතිනිර්මාණය කිරීමට බෝයිං ඉංජිනේරුවන් කටයුතු කරනවා. එහිදී සංවේදකවලින් එකිනෙකට වෙනස් සංඥා ලැබෙන විට MCAS -Manoeuvring Characteristics Augmentation System  ස්වයංක්‍රියව ක්‍රියා විරහිත වීම මෙහිදී අපේක්ෂා කරනවා.

ලෝකය පුරා බිම් ගතකර ඇති බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානාවල සියලු පද්ධති නිවැරදි කිරීමෙන් පසුව නැවතත් උඩුගුවනේ සැරිසරනු ඇති බව බොහෝ දෙනාගේ මතය යි.

කවරයේ පින්තූරය - WPTV.com

මූලාශ්‍රයයන්  -

Bbc.com

cnn.com

abcnews.go.com

Related Articles