Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගත් අසාර්ථක වෑයම්

1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ක්‍රමය බිහිවුණා. 1994 සිට මේ දක්වා බලයට පත්වුණු ජනාධිපතිවරු තිදෙනෙක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වුණා. එම පොරොන්දු තවමත් ඉටුවී නැහැ.

එනිසා එක් එක් යුගවල දී බලයට පත්වුණු ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ලබා දුන් පොරොන්දු සහ ඒවා ඉටු කිරීමට නොහැකි වුණේ ඇයි යන කාරණය පිළිබඳව කළ සොයා බැලීමකි මේ. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණු රජය- 1994-2005

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණු රජය – Design credit: Roar Media/Jamie Alphonsus

 

පොරොන්දුව:

1994 සහ 1999 ජනාධිපතිවරණ වේදිකාවල දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පොරොන්දු වුණා. 

ප්‍රතිඵලය:

1997 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියක් ඉදිරිපත් කළ ද, එය ක්‍රියාත්මක වුණේ නැහැ. 2000 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ සඳහා පැවති විවාදයේ දී විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එම කෙටුම්පත ගිනි තබා විනාශ කළා. අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බව ආණ්ඩුවේ තීරණය වුණා. ඉන් පසුව 2001 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි සංශෝධනය සිදු කළා. එමඟින් ජනාධිපති බලතල යම් ප්‍රමාණයකට සීමා කළ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළේ නැහැ.  

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය – 2005-2015  

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය – Design credit: Roar Media/Jamie Alphonsus

පොරොන්දුව:

2005 ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වුණු මහින්ද රාජපක්ෂ, 2010 ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ධූරය, භාරකාර ජනාධිපති ධූරයක් කරන බවට නැවතත් පොරොන්දු වුණා.  

ප්‍රතිඵලය:

2010 ඔක්තෝබර් 9 වැනිදා සිදු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය මඟින් ජනාධිපතිවරයාගේ ධූර වාර ගණන පිළිබඳ සීමාව ඉවත් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක් අයකුට ජනාධිපති ධූරය දෙවරක් දැරීමට තිබුණු සීමාව ඕනෑම වාර ගණනක් ලෙසින් වෙනස් වුණා. ඒ හරහා විධායක ජනාධිපති තනතුර තවත් ශක්තිමත් වුණා. 

මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු රජය – 2015-2019 

මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු රජය -Design credit: Roar Media/Jamie Alphonsus

 

පොරොන්දුව:

බලයට පත් වී දින 100ක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වුණා. 

ප්‍රතිඵලය:

2015 මැයි 15 වැනිදා සිදු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මඟින් විධායක ජනාධිපතිවරයාගේ බලතලවලට සීමා පනවා, ජනාධිපති ධූරය දැරිය හැකි උපරිම වාර ගණන 2කට සීමා කළා. එම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විධායක ජනාධිපති බලතල යම් තරමකට අඩු කළත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වුණේ නැහැ. 

කවරයේ ඡායාරූපය- විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගත් අසාර්ථක වෑයම් - Roar Media/Jamie Alphonsus

Related Articles