#FloodSL : වැල්ලම්පිටියේ ඇතිවෙලා තියෙන ගංවතුර තත්වය

කොළඹ අවට ඇතිවුන ගංවතුරෙන් ආපදාවට ලක්වුන එක ප්‍රදේශයක් වන්නේ වැල්ලම්පිටියයි. අපි ඊයේ (මැයි 19) දින වැල්ලම්පිටියට ගියේ මේ පිළිබද තොරතුරු  දැනගැනීමටයි. තොරතුරු අනුව ගෙවල් විශාල ප්‍රමාණයක් වතුරෙන් යටවී තිබෙනවා. ආපදාවට ලක්වුන පවුල් මේ වෙනකොට තාවකාලික නවාතැන් වලට යවා තිබෙනවා.

බෙහෙවින් ජනාකීර්ණ, ගංවතුරෙන් පීඩාවට පත් වැල්ලම්පිටිය නගරයේ දර්ශන මෙන්න .

පදිංචිකරුවන් පාලමක ආරක්ෂාව සිට, ගංවතුර තක්සේරු කරන අයුරු

වතුර හැම තැනම

වතුර හැම තැනම

සහන සේවකයන් ගං වතුරෙන් අනතුරට ලක්වුන පිරිස් එම ප්‍රදේශයෙන් ඉවත් කිරිමට උදව් කරයි

සහන සේවකයන් ගං වතුරෙන් අනතුරට ලක්වුන පිරිස් එම ප්‍රදේශයෙන් ඉවත් කිරිමට උදව් කරයි.

සහන සේවකයන් සහ ප්‍රදේශවාසින් එකට එකුතුවෙලා බෝට්ටුවක් වතුර තියෙන දිහාට උස්සගෙන යන අයුරු . ගං වතුරෙන් විපත පත්වුන ජනතාව ගෙන ඒමට ඊයේ සහ අද දින බොහෝ බෝට්ටු අවශ්‍ය කර තිබේ.

ගංවතුර සහ නායයෑම් වලින් විපතට පවත්වුන පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා දිවයින පුරාවටම ත්‍රිවිධ හමුදාවගේ සහාය යොදවා ඇත.

ජල ගැලීම් හේතුවෙන් තාවකාලිකව අවතැන් වී ඇති අයගේ අවශ්‍යතා සඳහා ජංගම වැසිකිලි පිහිටුවා ඇත.

පිරිමි ළමයෙක් තව කුඩා දරුවෙක්ව වතුර හරහා ඔසවාගෙන යන ආකාරය.

වයසක යුවලක් ඔවුන්ගේ දේපළ ආරක්ෂා කිරීමට හැකි තරම් උත්සහයක් දරයි.

ගංවතුරෙන් බේරෙන්න වහලක් උඩට නැගගත් පිරිසක්.

ඉනට තරම් වූ ගංවතුර අතරින් ගමන් කරන කාන්තාවන් දෙදෙනෙක්.

වයස්ගත කාන්තාවක් ආරක්ෂා සහිත තැනකට ගෙනයමින්.

ළමයෙකුත් උස්සගෙන ගංවතුර හරහා යන වැඩිහිටියෙක්.

ප්‍රදේශයේ බොහෝ මාවත් ජලයෙන් යටවී තිබුණි.

දුවන්න වෙලාව ආවහම අතට අහුවෙන පුළුවන් දෙයක් අරන් යනවා මිසක් වෙන මොනා කරන්නද?

දණහිස තෙක් වතුරේ.

දණහිස තෙක් වතුරේ.

ගංවතුරෙන් පලායමින්.

ගංවතුරෙන් පලායමින්.

ගංවතුරේ ඇවිදගෙන යන ළමුන් දෙදෙනෙක්. රජයෙන් කර ඇති අනතුරු ඇඟවීම් අතරේ සෞඛ්ය අමාත්‍යාංශයෙන් විශේෂයෙන්ම දක්වලා තිබුනේ ගංවතුරට නිරාවරණය වීමෙන් ඇතිවිය හැකි ලෙඩරෝග හා ආසාදන තත්ත්ව පිළිබඳවයි.

ගංවතුරින් විසිරි ගොස් ඇති කුණු කසල.

ගංවතුරින් විසිරි ගොස් ඇති කුණු කසල.

සෙරෙප්පු දෙක ගලවලා උස තැනක් හොයාගෙන යනවා ඇරෙන්න වෙන මොනා කරන්නද?

ගංවතුරින් පලායන ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ගංවතුරින් පලායන ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ආරක්ෂාව පිණිස වහලක් උඩට නැගගත් වයස්ගත පුද්ගලයෙක් සිදුවී ඇති හානිය නරඹමින්.

Related Articles

Exit mobile version