Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවට ලැබුණු “ආරක්ෂිත සංචාරයේ මුද්‍රාව”

කොවිඩ් 19 දෙවැනි රැල්ල ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වීමට පෙර, ලෝකයේ ඉතා සිත්ගන්නාසුළු සංචාරක ගමනාන්තයන් අතර සම්භාවනාවට පාත්‍ර විය හැකි ඉහළම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සම්මානයෙන් පුදුම් ලැබුණා. ඒ 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ දී, ලෝකයේ ප්‍රථම වරට නිකුත් කළ “ආරක්ෂිත සංචාරයක් සඳහා ලබා දෙන මුද්‍රාව” ලබා දුන් ප්‍රථම රටවල් ත්‍රිත්වය තුළට එක් වීමේ භාග්‍යය හිමි කර ගනිමින්. 

කොවිඩ් 19 ලෝක ව්‍යාප්ත වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල් එහි දරුණු ගොදුරු බවට පත්වීමත් සමග, බොහෝ රටවල සංචාරක ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම අවදානම් සහගත ලෙස පසුබැසීමට ලක් වුණා. වසංගත තත්ත්වය හේතුකොට ගෙන රටවල් අතර සංචරණය සීමා කිරීම හෝ සම්පූර්ණයෙන්ම නවතා දැමීමට බොහෝ රටවල්වලට සිදුවුණා. මෙවැනි වටපිටාවක් තුළ සංචාරකයන් හට සෞඛ්‍යාරක්ෂිතව සංචරණය කළ හැකි රටවල් පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත්  මූලාකෘතියක් භාවිතා කරමින්, ලෝක සංචරණ හා සංචාරක කවුන්සලය (World Travel and Tourism Council) විසින් “ආරක්ෂිත සංචාරයේ මුද්‍රාව” හඳුන්වාදෙනු ලැබුණා. එහි නිර්දේශයන්ට අනුගත වෙමින් සංචාරකයන් සඳහා ආරක්ෂිතව සංචරණය කළ හැකි රටවල් අතර ශ්‍රී ලංකාව ද සිය ස්ථානය තහවුරු කරගනු ලැබුණා. මීට අමතරව මෙම අගනා අවස්ථාව හිමි කර ගැනීමට මේ දක්වා ලොව පුරා රටවල් 30ක් සමත් වී ඇති අතර ශ්‍රී ලංකාවට සමගාමීව මෙම මුද්‍රාව ලබා ගත් අනෙක් රටවල් වන්නේ ග්‍රෙනේඩා සහ එස්වාටිනී යන රටවල් ද්විත්වය යි. 

ආරක්ෂිත සංචරණයක් සඳහා ලබා දෙන මුද්‍රාව ලබා ගත් රටවල් (wttc.org)

මොකක්ද මේ “ආරක්ෂිත සංචාරයක් සඳහා ලබා දෙන මුද්‍රාව” කියන්නෙ?

“ආරක්ෂිත සංචාරයක් සඳහා ලබා දෙන මුද්‍රාව” යනුවෙන් හඳුන්වාදෙන්නේ, කොවිඩ් 19 හෝ එවැනි වසංගත තත්ත්වයක් යටතේ සංචාරකයන් සඳහා සෞඛ්‍යාරක්ෂිතව, සනීපාරක්ෂාව තහවුරු කර ගනිමින් සංචරණය සඳහා අවශ්‍ය පසුබිම සකස්කිරීමේ ක්‍රමවේදය යි. ලෝක සංචරණ හා සංචාරක කවුන්සලය විසින් මෑතක දී හඳුන්වාදුන් මූලාකෘතිය අනුගමනය කළ රටවල්, ගමනාන්තයන්, සහ ආයතන සඳහා ලෝක සංචරණ හා සංචාරක කවුන්සලය විසින් මෙම සහතික කිරීම ලබාදෙයි. මේ හරහා ලොව පුරා සංචාරකයන්ට සහ සංචාරක කර්මාන්තයේ නියැලෙන ආයතනයන්ට, ලෝක සංචරණ හා සංචාරක කවුන්සලය සනීපාරක්ෂක මූලාකෘතිය අනුගමනය කරන රටවල් සහ ආයතන පිළිබඳ විශ්වාසය තහවුරු කිරීම සිදු කරනු ලබනවා. 

මෙම මුද්‍රාව ඕනෑම රටකට හෝ ආයතනයකට නිදහසේ භාවිතා කිරීම සම්පූර්ණයෙන් අවසර හිමි වන අතර එලෙස භාවිතා කරන්නේ නම්, ඒ සඳහා ලෝක සංචරණ හා සංචාරක කවුන්සලය විසින් හඳුන්වා දී ඇති සනීපාරක්ෂක මූලාකෘතිය තම ආයතනය විසින්ම ක්‍රියාත්මක කළ යුතු යි. එසේම එය ලෝක සංචරණ හා සංචාරක කවුන්සලය වෙත තහවුරු කිරීමක් සිදු කළ යුතු වනවා. එමෙන්ම කොවිඩ් 19 වසංගත කාලසීමාව තුළ සංචාරක කටයුතු සිදුකරනු ලබන ඕනෑම රටක් සහ ආයතනයක් විසින්ම ජාත්‍යන්තර සිවිල් ගුවන් ගමන් සංවිධානයෙහි කොන්දේසි සහ නියමයන්ට එකඟව කටයුතු කළ යුතු වනවා. 

ලංකාව සංචරණයට ඉතා සුදුසු රටක් (toursrilanka.lk)

මෙය හඳුන්වා දෙනු ලැබුවේ ඇයි?

“අපේ ආරක්ෂිත සංචාරයක් සඳහා ලබා දෙන මුද්‍රාව ඉතා සාර්ථක ආකාරයෙක් ක්‍රියාත්මක වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනප්‍රිය රටවල් පවා මෙම සනීපාරක්ෂක සහ ආරක්ෂිත මූලාකෘතියට අනුගත වනවා දකින්න. සංචාරක ව්‍යාපාර මත රඳා පවතින රටවල් සහ ගමනාන්තයන් පමණක් නොවෙයි, ඒ මඟින් සිය ජීවිකාව පවත්වාගෙන යනු ලබන මිලියන 330ක් පමණ වන ජනතාවගේ ජීවන තත්ත්වය සංචාරක කර්මාන්තය මත රඳා පවතිනවා. මේ මුද්‍රාව නියෝජනය කරන්නෙ, සංචාරකයන් හට සංචරණය සඳහා නැවත ආත්ම විශ්වාසය ඇති කිරීමට, සහ ඔවුන්ගේ ගමනාන්තයන් සනීපාරක්ෂාව අතින් ඉහළින් පවතින බවට ඔවුන්ගේ විශ්වාසය ඉහළ නැංවීම යි,” යනුවෙන් ලෝක සංචරණ හා සංචාරක කවුන්සලයහි සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී ලෙස කටයුතු කරන ග්ලෝරියා ගුවේරා මේ පිළිබඳව අදහස් දක්වා තිබුණා. 

මේ සඳහා සලකා බැලූ නිර්දේශයන් මොනවා ද? 

ලෝක සංචරණ හා සංචාරක කවුන්සලය මඟින් යම් රටකට හෝ ආයතනයකට මෙම මුද්‍රාව ලබාදීම සඳහා කරුණු 17කින් යුක්තව ප්‍රධාන වශයෙන් සලකා බැලූ නියමාවලියක් පවතිනවා. 

  • තත්ත්වය ඉතා බරපතල නොවන්නේ නම්, අවශ්‍යතාවයන් ගැන සැළකිලිමත් වනවාට වඩා වඩා නිර්දේශ/ මඟපෙන්වීම ලබා දිය යුතු ය.
  • ගමනාන්තයේ අවදානම් මට්ටම අනුව නියමාවලියක් සකස් කිරීම කළ යුතු ය.
  • සෑම තරාතිරමකම ව්‍යාපාරවලට දැරිය හැකි සහ ඉටු කළ කළ හැකි අන්දමේ යථාර්ථවාදී සෞඛ්‍ය, සනීපාරක්ෂාව, විෂබීජහරණය, දුරස්ථභාවය, සහ ආරක්ෂිත නියමාවලියක් ක්‍රියාත්මක කළ යුතු ය.
  • හැකි සෑම ස්ථානයකම කාර්යමණ්ඩලය සහ අමුත්තන් අතර භෞතික සම්බන්ධතා ඇති නොවන ස්පර්ශ රහිතව ක්‍රියාත්මක කිරීමට හැකි විසඳුම් ඉදිරිපත් කිරීම කළ යුතු ය.
  • හෞතික සම්බන්ධතා රහිත ගෙවීම් හෝ ඩිජිටල් මෙනු වැනි තාක්ෂණයන් භාවිතා කිරීම සිදු කිරීම උපරිමයෙන් සිදු කළ යුතු ය.  
  • කල් තබා වෙන් කර ගත යුතු ස්ථාන, පුද්ගලයා පැමිණීමෙන් තොරව, ඔන්ලයින් වෙන්කිරීම් හරහා සිදු කිරීම ප්‍රවර්ධනය කළ යුතු ය.
  • කාර්යමණ්ඩල සේවකයින් සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) ලබදීම, සහ නොමිලේ ලබාදීමට නොහැකි නම් පිරිවැයක් ඇතිව හෝ අමුත්තන් සඳහා ද පුද්ගලික ආරක්ෂණ උපකරණ ලබා දීමට කටයුතු කළ යුතු ය. 
  • සංචාරකයින් මිනිසුන් සමග අන්තර් ක්‍රියා කරන විට, ගෘහස්ථ එක්රැස් වීම්, සියලු ප්‍රවාහන ක්‍රමවල දී සහ විනෝද චාරිකා අතරතුර මුහුණු ආවරණයක් පැළඳීමට නිර්දේශ කළ යුතු ය.
සංචාරකයන් හට ආරක්ෂිත සංචරණයක් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම අත්‍යාවශ්‍ය කාරණාවක් (ft.lk – Shehan Gunasekara)
  • තම හැකියාවෙන් උපරිම ලෙස ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීමටත්, නිතරම අත් සේදීම සහ සනීපාරක්ෂාව පවත්වා ගැනීම   සඳහාත් සංචාරකයින්ගෙන් තරයේ ඉල්ලා සිටිය යුතු ය.
  • ව්‍යාපාර මත ඇති වන පීඩනය සමනය කිරීම සඳහා, සියලු අමුත්තන් හට දෑත් සනිපාරක්ෂක ක්‍රමවේද ලබා දෙනවාට වඩා, අධික වාහන තදබදයක් ඇති ප්‍රදේශවලින් ඔබ්බට අත් සනීපාරක්ෂක ක්‍රමවේද විකිණීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරන්න.
  • කාර්යමණ්ඩලයේ කාර්යයන්වලට බාධා පමුණුවන අත්වැසුම් භාවිතයට, ඔවුන්ට බලාත්මක කරනවාට වඩා, හැකි සෑම විටම සේවකයින් නිසි දෑත් සනීපාරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන බවට සහතික  විය යුතු ය.
  • සංචාරකයින් COVID-19 රෝග ලක්ෂණ ඉදිරිපත් කරන්නේ නම්, සංචාරකයාගේ/ ආගන්තුකයාගේ ශාරීරික සහ මානසික  යහපැවැත්ම තහවුරු වන පරිදි ප්‍රතිචාර දැක්විය යුතු ය. 
  • කාර්යමණ්ඩලය සහ අමුත්තන් ආරක්ෂා කිරීම සහ ව්‍යාපාර අඛණ්ඩතාව සහතික කිරීම සඳහා සංකීර්ණ හා මිල අධික විසඳුම් වෙනුවට සරල විසඳුම් භාවිත කරන්න.
  • නිර්දේශිත පියවරයන් තුළ තිරසරභාවය සහ පරිසර හිතකාමී විසඳුම් ගැන කල්පනාකාරීව සලකා බලා

හැකිතාක් තනි භාවිතය සඳහා යොදා ගන්නා භාවිතයන් වළක්වා ඒ වෙනුවට සුදුසු පිරිසිදු කිරීමේ/ සනීපාරක්ෂක පියවර නිර්දේශ කිරීම කළ යුතු ය.

  • සමාජ දුරස්ථභාවයට වඩා භෞතික දුරස්ථභාවය වෙත යොමු වන්න. 
  • ව්‍යාපාර, තම සැපයුම්කරුවන් සහ හවුල්කරුවන් වෙත, තමා භාවිතයට ගනු ලබන. සමාන නියමාවලියක් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටිය යුතු ය.
  • COVID-19 මහජන සෞඛ්‍ය අර්බුදය මත ගුවන් සේවා සම්බන්ධයෙන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නියමයන්ට අනුකූල වන්න.
ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම සංචාරක ආකර්ෂණය හිමි රටක් (toursrilanka.lk)

නියමාවලිය තුළ දක්වා ඇති, කිසි විටෙක සිදු නොකළ යුතු දෑ මොනවා ද?

  • සංචාරකයින් සඳහා නිරෝධායන කාල සීමාවක් තබා ගැනීම නොකළ යුතු යි.
  • අත්‍යවශ්‍ය කාරණයක් නොවේ නම්, සංචාරකයාට/ ආගන්තුකයන් හට එකිනෙකා අතර ගැටීමට අවස්ථාව ලබා නොදිය යුතු ය.
  • අත්‍යාවශ්‍ය කාරණාවක දී හැර, අනෙකුත් අවස්ථාවල දී ධාරිතා සීමාවන් බලාත්මක කිරීම නොකළ යුතු ය. (දරුවන් සිටින පවුල් සඳහා ධාරිතා සීමා නොපැනවිය යුතු ය)
  • අත්‍යාවශ්‍ය කාරණාවක දී හැර, පෝලිම් ගැසිය යුතු අවස්ථාවවල දී අංකිත දුරස්ථ සීමා පැනවීම නොකළ යුතු ය.
  • අත්‍යවශ්‍ය කාරණාවක දී හැර, මීටර 1.5ට වැඩි භෞතික දුරස්ථ සීමාවක් පවත්වා ගැනීමට බලපෑම් නොකළ යුතු ය.
ඔබේ ආරක්ෂාව තහවුරු කර ගනිමින් සංචරණය කිරීම ඔබේ වගකීමක් (www.reliancetourscmb.com)

ඉහත සියළු කරුණු කාරණා සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබීම හේතුවෙන් ආරක්ෂිත සංචාරයක් සඳහා ලබා දෙන මුද්‍රාව දිනා ගැනීමට ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවී තිබෙනවා. නමුත් කොවිඩ් දෙවැනි රැල්ල නිසා රටේ සංචාරක කර්මාන්තය යම් මට්ටමක සීමාවන් මත ක්‍රියාත්මක කරනු ලබනවා. මේ වන විට ලොව නන් දෙසින් මෙම ගෝලීය වසංගතය සඳහා ප්‍රතිකාර හඳුනාගැනෙමින් පවතින වටපිටාවක් තුළ, 2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාව නැවතත් සංචාරක පාරාදීසයක් බවට පත්වනු ඇත.

කවරයේ ඡායාරූපය: Tuktukdude

මූලාශ්‍රයයන්:

https://wttc.org/COVID-19/Safe-Travels-Global-Protocols-Stamp

www.afar.com/magazine/wttc-safe-travels-stamp-what-is-it-and-how-does-it-change-your-trip/amp

https://wttc.org/Portals/0/Documents/WTTC%20Safe%20Travels%20Stamp%20Core%20Requirements.pdf?ver=2020-06-19-164245-577

https://www.aseantravelnews.com/2020/08/12/sri-lanka-received-safe-travel-stamp-wttc/කොවිඩ් 19 දෙවැනි රැල්ල ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වීමට පෙර, ලෝකයේ ඉතා සිත්ගන්නාසුළු සංචාරක ගමනාන්තයන් අතර සම්භාවනාවට පාත්‍ර විය හැකි ඉහළම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සම්මානයෙන් පුදුම් ලැබුණා.

Related Articles