Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වීඩියෝ ක්‍රීඩාවල ඉතිහාසය

වීඩියෝ ක්‍රීඩාව යනු අද ඊයේ ආරම්භ වූවක් නොවේ. එය වසර 10ක, 20ක අතීතයට නොව, ‘60 දශකය කරාම දිව යන්නකි. 1972 වසරේ දී එළිදැක්වූ “Odyssey” නම් උපාංගය ලොව පළමු වාණිජ වීඩියෝ ක්‍රීඩා උපාංගය වේ. පසුව 1975 දී “Atari” ආයතනය “Atari” ගෘහස්ත වීඩියෝ ක්‍රීඩා උපාංගය එළිදක්වන ලදී. 1977 දී “Atari” ආයතනය “Atari 2600” නිකුත් කරන ලදී (එය ලොව පළමු පරිගණක වීඩියෝ ක්‍රීඩා කට්ටලය නමින් හඳුන්වයි). එයට, අද වන විට පරිගණක ක්‍රීඩාවල වෙනසක් ඇති කළ “ජෝයි ස්ටික්” උපාංගය අන්තර්ගත කරන ලදී. මෙම උපාංගය වීඩියෝ ක්‍රීඩා ඉතිහාසය තුළ දැවැන්ත වෙනසක් සිදු කළ උපාංගයකි.

Atari 2600 (1977)
Atari 2600 (1977)

වීඩියෝ ක්‍රීඩා ඉතිහාසය තුළ 1970 හා 1980 යම්කිසි වෙනසක් සිදු කළ කඩඉම් කීපයක් පහත වේ.

  • 1978 දී “Space Invader” නම් Arcade Game එක එළිදැක්වීය (Arcade Game යනු වීඩියෝ ක්‍රීඩා මධ්‍යස්ථානයක් වෙත ගොස් වීඩියෝ ක්‍රීඩා කිරීම යි.)
  • 1979 දී Activsion නම් ආයතනය තෙවන පාර්ශවීය ක්‍රීඩා නිපදවීම (එනම් ප්‍රමාණයෙන් විශාල වූ Arcade Game වෙනුවට තෙවන පාර්ශවීය වීඩියෝ ක්‍රීඩා උපාංග නිපදවීම)
  •  ලොව ප්‍රසිද්ධ ජපාන සමාගමක් විසින් නිෂ්පාදිත “Pacman” නම් වීඩියෝ ක්‍රීඩාව ඇමරිකාවට ආගමනය වීම.
  • “Super mario” ක්‍රීඩා චරිතය ලොවට හඳුන්වා දුන් “Nintendo” ආයතනය විසින් “Donkey Kong” පරිගණක ක්‍රීඩාව නිර්මාණය කිරීම.
  • Microsoft ආයතනය ලොව පළමු “Flight simulator” එක නිර්මාණය කිරීම.
Arcade Game
Arcade Gaming

1980 දශකයේ ආරම්භය සමග වීඩියෝ ක්‍රීඩා ආයතනවල යම්කිසි කඩා වැටීමක් දක්නට ලැබුණි. ඒ වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදකයින් විශාල පිරිසක් ඉතා අඩු ප්‍රමිතියකින් යුතු වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදනය කිරීම නිසා ය. කෙසේ නමුත් 1985 දී nintendo නම් ජපාන ආයතනය “Nintendo Entertainment System” (NES) නම් වීඩියෝ ක්‍රීඩා උපාංගය ඇමරිකාව තුළ විකිණීම ආරම්භ කරන ලදී. එම උපාංගය  සතුව 8 bit ග්‍රැෆික් තත්ත්වයක්, උසස් වර්ණයන්, උසස් ශබ්ද රටාවන් හා දියුණු කෙරුණු ක්‍රීඩා ශෛලීන් අන්තර්ගත වී තිබිණ.

Nintendo Entertainment System (1985)
Nintendo Entertainment System (1985)

Nintendo ආයතනය 1889 සිට කාඩ් කුට්ටම් නිෂ්පාදනය කර ඇති අතර වීඩියෝ ක්‍රීඩා යුගය තුළ “Super Mario”, “Lend of Zelda”, “Metriod” නම් ප්‍රබල වීඩියෝ ක්‍රීඩාවලට ඔවුන් හිමිකම් කියයි. ඔවුන් තම ආයතනය උදෙසා නිපදවන තෙවන පාර්ශවීය වීඩියෝ ක්‍රීඩා සඳහා නීති හා රෙගුලාසි පනවන ලදී. තෙවන පාර්ශවීය සංවර්ධකයින් විසින් එම ආයතනය සඳහා ඉතා උසස් වීඩියෝ ක්‍රීඩා නිර්මාණය කරන ලදී. 

  • Capcom’s Mega man
  • Square Final Fantasy
  • Enix Dragon Quest (Square හා Enix 2003 වසරේ දී එකට එක් වී Square Enix නම් විය)

1989 දී ප්‍රබල ඉදිරි පිම්මක් සපයමින් Nintendo ආයතනය අතේ ගෙන යා හැකි “Game boy” නම් උපාංගය නිෂ්පාදනය කරන ලදී. 1989 සිට 2017 දක්වා වරින් වර ඔවුන් මෙම Game boy මාදිලි කීපයක් එළිදක්වා ඇත.

Nintendo Game Boy Evolution
Nintendo Game Boy උපාංගයන්ගේ පරිනාමය

වීඩියෝ ක්‍රීඩා ආයතන අතර සීතල යුද්ධය

1989 දී “SEGA” නම් ආයතනය බිටු 16කින් යුත් නව වීඩියෝ ක්‍රීඩා උපාංගයක් හඳුන්වා දෙන ලදී. ඒ 1986 දී Nintendo ආයතනය හඳුන්වාදුන් උපාංගයට පසුව යි. නමුත් 1989 SEGA නිෂ්පාදනයට NIntendo උපාංගය තරම් සාර්ථකත්වයක් අත්කර ගැනීමට නොහැකි විය.

SEGA (1989 version)
SEGA (1989 version)

Nintendo ආයතනය 1991 දී ක්‍රීඩා ආයතන අතර යුද්ධයක් නිර්මාණය කරමින් 16 bit Super NES (16 bit Super NIntendo Entertainment System) කොන්සෝලය උතුරු ඇමරිකාව තුළ එළිදක්වන ලදී. එහි මෑත කාලයේ අප රටේ ඉතා ජනප්‍රිය වූ Cartoon චරිතයක් වන “SONIC” චරිතය ඇතුළත් “Sonic the Headgehog” වීඩියෝ ක්‍රීඩාව අන්තර්ගත කරන ලදී.

90’ දශකයේ මුල සිට මැද භාගය දක්වා Nintendo හා SEGA ආයතනවල නව වීඩියෝ ක්‍රීඩා එළිදැක්විණි. “Street Fighter 2”, “Mortal Kombat” වැනි ඉතා රළු, රුධිරය වැගිරෙන ක්‍රීඩා ඒ අතර විශේෂ හා ජනප්‍රිය විය.

මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රීඩා නිර්මාණය වීම නිසා SEGA ආයතනය 1993 දී “වීඩියෝ ක්‍රීඩා ශ්‍රේණිගත කිරීමේ සභාවක්” (The Videogame Rating Council) ආරම්භ කරන ලදී. ඒ අනුව SEGA ආයතනය විසින් අලෙවි කරනු ලබන සෑම වීඩියෝ ක්‍රීඩා කට්ටලයක් සඳහාම ක්‍රීඩාව පිලිබඳ විස්තර ඇතුළත් ලේබලයක් ලබා දීම සිදුකරන ලදී.

 Sonic the Hedgehog (1991)
Sonic the Hedgehog (1991)

1993 දී Nintendo ආයතනය විසින් නිර්මාණය කරන ලද “Super Mario” ක්‍රීඩාව “Super Mario Bros” ලෙස රිදී තිරයට එකතු විය. ඉන් වසර දෙකකට පසුව “Street Fighter”, “Mortal Kombat” තිරගත විය. ඉන්පසු අද දක්වා වීඩියෝ ක්‍රීඩා ආශ්‍රයෙන් චිත්‍රපට නිෂ්පාදනය වීම සිදුවේ.

ත්‍රිමාණ වීඩියෝ ක්‍රීඩාවල ආරම්භය

පරිගණක තාක්ෂණයේ පිබිදීම සමග 5 වන පරම්පරාවේ වීඩියෝ ක්‍රීඩා ආරම්භ විය. 1995 වසර වන විට SEGA ආයතනය උතුරු ඇමරිකාව තුළ “Saturn System” නම් උපාංගය එළිදක්වන ලදී. මෙය ලොව ප්‍රථම 32 bit සංස්කරණය විය. CD තැටියක් ආධාරයෙන් ක්‍රීඩා කළ හැකි වීඩියෝ ක්‍රීඩා මෙහි අන්තර්ගත විය. 

Sega Saturn System (1995)
Sega Saturn System (1995)

එම වසර අග වන විට ලෝක ප්‍රසිද්ධ Sony Playstation උපාංගය SEGA Saturn System උපංගයට වඩා $100ක් මිළ අඩුවෙන් අලෙවි කිරීම සිදුවිය.

මෙම වසර තුළ Nintendo ආයතනයෙන් කාට්‍රිජ යොදාගෙන ක්‍රීඩා කළ හැකි 64 bit කොන්සෝලය නිකුත් කරනු ලැබිය. එය “Nintendo 64” නම් විය. Nintendo හා SEGA සමාගම් තම වෙළඳපොල තුළ ඇති මූල්‍යමය කොටස්වල අගය රැක ගැනිමට සමත් වුවත්, Sony සමාගම තෙවන පාර්ශවීය සංවර්ධකයන්ගේ සහය ඇතිව වීඩියෝ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ පෙරලියක් ඇති කිරීමට සමත් විය. 2000 වසරේ දී Sony සමාගම “Sony Playstation 2” එළිදැක්වීය. එය ලොව වැඩියෙන්ම අලෙවි වූ වීඩියෝ ක්‍රීඩා කොන්සෝලය බවට පත් විය.

මේ අතර Microsoft ආයතනය ද 2001 නොවෙම්බර් 15 දින ඔවුන්ගේ පළමු වීඩියෝ ක්‍රීඩා කොන්සෝලය වන “Microsoft Xbox” ඉදිරිපත් කරන ලදී.

DVD (Digital Compact Disk) භාවිත කළ Playstation 2 උපාංගය “SEGA Dreamcast” (1999), “Nintendo Game Cube” (2001), “Microsoft Xbox” (2001) යන කොන්සෝලවලට ඉතා තියුණු තරගයක් දීමට සමත් විය.

SEGA Dreamcast (1999)
SEGA Dreamcast (1999)

වීඩියෝ ක්‍රීඩාවේ නූතන අවධිය

2005 – 2006 කාල වකවානුව තුළ “Playstation 3” (2006), “Microsoft Xbox 360” (2005), “Nintendo’s Wii” (2006) යන වීඩියෝ ක්‍රීඩා කොන්සෝල ලෝකය තුළ ඉතා සීග්‍රයෙන් ජනප්‍රිය විය. “Playstation 3” තුළ Blu-ray තැටි භාවිතයෙන් ක්‍රීඩා කිරීමට හැකි වූ අතර ඒ හේතුවෙන් ඉතා දියුණු ග්‍රැෆික් සජීවිකරණ තාක්ෂණයක් ද, සුපැහැදිලි රූප හා ශබ්ද සංකලනයන් ද යුක්ත විය.

“Microsoft Xbox 360” හා “PlayStation 3” එක හා සමාන ග්‍රැෆික් තාක්ෂණයන්ගෙන් යුක්ත ඒවා විය. 

“Nintendo Wii”, “Playstation” හා “Xbox” සමග සසඳා බලන විට තරමක් පසුගාමිව සිටිය ද, එහි “Motion Sensitivty Remote” (චලන සංවේදී දුරස්ථපාලකය) හේතුවෙන් චලන ක්‍රීඩා කිරීමට හැකි වූ නිසා එය ඉතා ජනප්‍රිය විය. 

මෙම Sensitivity Remote සහිත “Nintendo Wii” උපාංගය 2006 නොවෙම්බර් 16 එළිදක්වන ලදී. 

ඉන්පසු වසර කීපය තුළ ජංගම දුරකතන ක්‍රීඩා හා සමාජ මාධ්‍ය තුළ එළිදක්වන ලද වීඩියෝ ක්‍රීඩා ජනප්‍රිය විය. “Android” හා “Apple IOS” තුළ මෙම ක්‍රීඩා ජනප්‍රිය විය.

  • Need for Speed (2015)
  • PUBG (2017)
  • Call of Duty (2019)
  • Angry Birds (2009)
PUBG (2017)
PUBG

මේ අතරින් Angry Birds ජංගම දුරකථන ක්‍රීඩාව 2012 වසරේ දී ඇමරිකන් ඩොලර් මිලියන 200ක ආදායමක් අත්පත් කරගන්නා ලදී. 

“Microsoft Xbox 360”, “Playstation 3” හා “Nintendo’s Wii” සඳහා නිකුත් කළ “Skylanders: Spyro’s Adventure” (2011) යන වීඩියෝ ක්‍රීඩාව වීඩියෝ ක්‍රීඩා ඉතිහාසය තුළ තරමක් වෙනසක් කළ ක්‍රීඩාවකි. මෙහිදී මෙම වීඩියෝ ක්‍රීඩාවට අදාල චරිත සෙල්ලම් බඩු ආකාරයෙන් වෙළඳපොලේ මිල දී ගැනීමට තිබූ අතර සෙල්ලම් බඩුවේ ඇති TAG එකක් NFC (Near-field communication) තාක්‍ෂණය ආධාරයෙන් කියවා ගනී. ඉන්පසු එම ක්‍රීඩා චරිතය ක්‍රීඩාව තුළට ගෙන එනු ලබයි. මෙම ක්‍රීඩාව ඉතා ජනප්‍රිය විය. ඉන් පසු වසර කීපය තුළ මෙවැනි ක්‍රීඩා කිහිපයක් එළිදැක්වීය.

Skylanders: Spyro's Adventure (2011) චරිත සල්ලම් බඩු
Skylanders: Spyro’s Adventure (2011) චරිත සල්ලම් බඩු

වර්තමානය වන විට වීඩියෝ ක්‍රීඩාවල 8 වෙනි පරම්පරාව පවතීයි. එය 2012 වසරේ දී නිකුත් කළ “Nintendo’s Wii U” මඟින් ආරම්භ විය. ඉන්පසු “Playstation 4” (2013) ද, “ Xbox One” (2013) ද නිකුත් කරන ලදී. “Nintendo’s Wii U” හට ස්පර්ශ තිරයක් සහිතව රූපවාහිනියකින් තොරව ක්‍රීඩා කළ හැකි වූ නමුත්, වාණිජමය අතින් මෙය “Playstation 4” (2013) හා “Xbox One” (2013) සමග තරග කිරීමට අපොහොසත් විය. 2017 වසරේ දී එහි නිෂ්පාදනය අත්හිටුවන ලදී.

2016 වසරේ දී Sony සමගම ඔවුන්ගේ ප්‍රබල නිෂ්පාදනයක් එළිදක්වන ලදී. ඒ “Sony Playstation 4 Pro” කොන්සෝලය යි. 4K අධි විභේදනයන්ගෙන් යුත් තිරයක වීඩියෝ ක්‍රීඩා කළ හැකි මෙම කොන්සෝලය GDDR5 8GB RAM අගයකින් ද, 500GB හෝ 1TB SSD  ධාරිතවකින් ද ලබා ගත හැකි ප්‍රබල කොන්සෝලයක් විය. එමෙන්ම මෙය වාණිජමය අතින් ද ඉතා සාර්ථක විය. 

2017 මුල භාගයේ දී “Nintendo Switch” ඉදිරිපත් කළ අතර එය අතේ රඳවාගෙන මෙන්ම රූපවාහිනී තිරයක මත ද ක්‍රීඩා කළ හැකි විය. “Xbox One X” 2017 වසරේ දී නිකුත් කළ අතර එයට ද 4K විභේදනයන්ගෙන් යුත් තිරයක වීඩියෝ ක්‍රීඩා කිරීමේ හැකියාව පැවතිණ. 

මේ වන විට Virtual Gaming, AR (Augmented Reality) යන තාක්ෂණයන් භාවිතයේ පවතී.

2019 නොවෙම්බර් මස දී “Google Stadia” නම් නව කොන්සෝලය ගූගල් ආයතනය මඟින් නිකුත් කරනු ලැබූ අතර එමඟින් Online ක්‍රීඩාවලට නව මුහුණුවරක් ලබා දෙන ලදී.

Google Stadia (2019)
Google Stadia (2019)

එමෙන්ම “Sony Playstation 5” මේ වසරේ නොවෙම්බර් මස නිකුත් කිරීමට නියමිත ය. මෙය ද වීඩියෝ ක්‍රීඩාවලට නව මුහුණුවරක් ගෙන එන බව නොඅනුමානය.

මූලාශ්‍රයයන්: www.history.com

www.businessinsider.com

www.playstation.com

Related Articles