Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

TFO වෙත එන ඔබට තවත් සුවිශේෂී අවස්ථාවක්

The Factory Outlet, නැතිනම් TFO කියන්නේ ලංකාවේ ෆැෂන් ගැන දන්න වැඩි දෙනාට නුපුරුදු නමක් නෙවෙයි. 2011 අවුරුද්දේ මුලින්ම TFO එක ආරම්භ වුණේ කුඩා පරිමාණයෙන් වුණත් මේ වෙද්දී ඔවුන් ශ්‍රී ලංකාවේ නමගිය ෆැෂන් චේන් එකක් බවට පත් වෙලා තියෙනවා. පාරිභෝගික අවශ්‍යතාවයන් හරියට අඳුනා ගෙන තත්වයෙන් උසස් ඇඳුම් අඩු මිලට ලබා දෙන තැනක් විදිහට TFO එක කාගේත් කතා බහට ලක් වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. මේ නිසාම ගල්කිස්ස, හැව්ලොක් ටවුන් සහ පැලවත්ත වගේම අලුතෙන්ම ආරම්භ වුණු ජා ඇල ශාඛාවත් අලුත්ම ට්‍රෙන්ඩ් එකේ ෆැෂන් හොයන කවුරුත් පහසුවෙන් ආකර්ෂණය කර ගන්න තැන් බවට පත් වුණා.

TFO සාමාජික කාඩ්පත – සැබැවින්ම ලොකු වාසියක්

2011 අවුරුද්දේ ඉඳන් හැමදාමත් තමන් එක්ක ඉන්න පාරිභෝගිකයන් වෙනුවෙන් සාමාජික කාඩ්පතක් හඳුන්වා දෙන්න TFO එක තීරණය කළේ පහු ගිය අවුරුද්දේ. TFO එකේ ප්‍රධානතම ශාඛාව වන හැව්ලොක් ටවුන් ශාඛාවේදී 2015 අගෝස්තු 26 වැනිදා TFO ලෝයල්ටි ප්‍රෝග්‍රෑම් එක දියත් කෙරුණා. ඒ TFO එක සමාජ ජාල හරහා පවත්වපු තරඟයේ ජයග්‍රාහකයන්ට සාමාජික කාඩ්පත් පිරිනැමීමටත් සමගාමීවයි. TFO එකේ කළමනාකරණ අධ්‍යක්ෂක අසීෆ් ඉක්බාල් මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් බොහෝ දෙනෙක් මේ අවස්ථාවට සහභාගී වුණා.

ආයතනයේ නිලධාරියෙක් TFO කාඩ්පතේ සුවිශේෂීභාවය ගැන එදා විස්තර කළේ මේ විදිහටයි. “අපේ සාමාජික කාඩ්පත වෙනත් සාමාජික කාඩ්පත් වලට වඩා වෙනස්. අපේ පාරිභෝගිකයන්ට ලැබෙන පොයින්ට් කිසිම විදිහකින් කල් ඉකුත් වීමක් සිදු වෙන් නෑ. TFO ක්ලබ් කාඩ් එක අපේ ඕනෑම ශාඛාවකින් භාණ්ඩ මිලට ගන්නා අවස්ථාවක ඉදිරිපත් කරලා පොයින්ට්ස් එකතු කර ගන්න අවස්ථාව තියෙනවා. මේ පොයින්ට්ස් ඕනෑම TFO ශාඛාවකින් කරන මිලදී ගැනීම් සඳහා පාවිච්චි කරන්න පුළුවන්.”

බොහෝ ආයතනවල වගේ පොයින්ට්ස් කල් ඉකුත් වෙන්නේ නැති නිසා TFO එකකින් ඔබ කරන ඕනෑම මිලදී ගැනීමකට හිමි වෙන පොයින්ට්ස් ඔබේ TFO සාමාජික කාඩ් පතේ එකතු වෙනවා. ඔබ වැය කරන සෑම රුපියල් 100කටම පොයින්ට් එකක් හිමි කරගන්න පුළුවන්. ඊට අමතරව සාමාජිකයන් වෙනුවෙන්ම ලැබෙන වට්ටම් සහ වරප්‍රසාද දීමනා ගණනාවක්ම තියෙනවා. කාඩ්පත ලබා ගත්තාම මේ හැම වාසියක් ගැනම අප්ඩේට්ස් ලැබෙන නිසා කිසිම වෙලාවක වාසි සහගත අවස්ථාවන් මග හැරෙන්නේ නැහැ. මේ නිසා ඔබ නිතරම TFO එකට එන පාරිභෝගිකයෙක් නම් ඉතාම කෙටි කාලයකින් ලොකු වාසියක් හිමි කර ගන්න ලැබේවි.

සාමාජික ඔබටත්, අලුත් පාරිභෝගිකයන්ටත් සුවිශේෂී අවස්ථාවක්

සාමාජික පාරිභෝගිකයින්ට මේ මස ඇතුලත 15% දක්වා වට්ටම් ලබාගන්න පුළුවන්.

සාමාජික පාරිභෝගිකයින්ට මේ මස ඇතුලත 15% දක්වා වට්ටම් ලබාගන්න පුළුවන්.

TFO සාමාජික ජාලයට අවුරුද්දක් සපිරෙන මේ මාසයේ තමන්ගේ පාරිභෝගිකයන් වෙත තවත් වරප්‍රසාද හිමි කර දෙන්න ඔවුන් තීරණය කරලා තියෙනවා. ඒ අනුව ඔබට දැනටමත් TFO සාමාජික කාඩ්පතක් හිමි නම් TFO ඕනෑම ශාඛාවකින් ලබා ගන්නා භාණ්ඩ වල සම්පූර්ණ වටිනාකමට 15%ක වට්ටමක් ලැබෙනවා. බිල් පත සඳහා ඔබට හිමි පොයින්ට්ස් වල කිසිදු අඩු වීමක් වෙන්නෙත් නැහැ.

ඔබ මේ වන තුරුත් TFO එකේ, නැතිනම් The Factory Outlet එකේ සාමාජික කාඩ් පත ලබාගෙන නැහැ කියලා කණගාටු වෙන්න එපා. ඔබටත් පුළුවන් ඕනෑම TFO ශාඛාවකින් සාමාජික කාඩ්පතක් හිමි කරගෙන ඔබේ සම්පූර්ණ බිල්පතටම 10%ක වට්ටමක් ලබා ගන්න. ලොකුවට ප්‍රමෝෂන් කරන ආයතනයක් නොවුණත් මේ අවුරුද්දට TFO එක පටන් අරගෙන අවුරුදු පහක් සම්පූර්ණ වෙන නිසා තමයි මේ විදිහේ දැවැන්ත වාසියක් ලබා දෙන්න ඔවුන් තීරණය කළේ.

කවුරුත් නොකියන කතන්දරේ

වට්ටම් කිව්වාම අපි කාගේත් මතකයට එන්නේ කොන්දේසි. ගොඩක් තැන් වල ලොකු ලොකු වට්ටම් දෙනවා කියලා බෝඩ් ගහලා තිබුණත් ඇතුලට ගිහින් බැලුවාම වට්ටම් තියෙන්නේ එක ඇඳුම් ගොඩකට විතරයි. ඒවාත් ගොඩක් වෙලාවට කාටවත් ගන්න හිතෙන්නේ නැති ඒවා. ඒ විතරක් නෙවෙයි ගොඩක් වෙලාවට උපරිම වටිනා කමකට යටත්ව, උපරිම වාර ගණනකට යටත්ව තමයි වට්ටම් ලබා දෙන්නේ. බලාගෙන ගියාම ඒ වගේ වට්ටම් වාසියක් නෙවෙයි මහා කරදරයක්.

හැබැයි TFO එකේ මේ වගේ ප්‍රශ්න නැහැ. පහුගිය අගෝස්තු 20 වැනිදා ආරම්භ වුණු මේ ප්‍රමෝෂන් එක මේ මාසයේ 31 වැනිදා දක්වාම වලංගුයි. මේ කාඩ්පත අලුතෙන් ලබා ගන්නා කෙනෙක්ට වුණත් 31 වැනිදා දක්වා ඕනෑම වාර ගණනක් TFO එකට ගිහින් 10%ක වට්ටමක් මුළු බිල්පතටම හිමි කර ගන්න පුළුවන්. කාලයට ගැලපෙන ෆැෂන් කොහොමත් සාධාරණ මිලට ගන්න තියෙන TFO එකෙන් මේ ලැබෙන වාසිය නම් අත අරින්න එපා. ගල්කිස්ස, හැව්ලොක් ටවුන්, පැලවත්ත සහ ජා ඇල ශාඛා වලින් ඕනෑම එකකට අදම ගිහින් මේ සුවිශේෂී වාසිය ලබා ගන්න ඔබටත් අවස්ථාව තියෙනවා.

TFO එකේ වෙනස තේරුම් ගන්න නම් ඇවිල්ලම බලන්න

TFO එකෙන් ලබාගන්න පුළුවන් මෝස්‌තර, විලාසිතා ආදිය වගේම, ඔවුන්ගේ සාධාරණ මිලත් පාරිභෝගිකයින් නැවත නැවතත් පැමිණීමට හේතුවක්.

TFO එකෙන් ලබාගන්න පුළුවන් මෝස්‌තර, විලාසිතා ආදිය වගේම, ඔවුන්ගේ සාධාරණ මිලත් පාරිභෝගිකයින් නැවත නැවතත් පැමිණීමට හේතුවක්.

TFO එකට අලුතෙන්ම එන කෙනෙක් නම් ඔබ මේ ආයතනය ගැන වැඩි විස්තර දැන ගන්නත් කැමති ඇති. ලාභය විතරක් බලාගෙන ව්‍යාපාර කරන ආයතන ගණනාවක් අතරේ TFO එක සුවිශේෂී වෙන්නේ ඔවුන් පාරිභෝගික තෘප්තිය ඉහළින්ම සලකන නිසා. TFO ආයතන හැම එකක්ම නිදහසේ ෂොපින් කරන්න පුළුවන් විදිහට ඉඩ පහසුකම් ඇතිව නිර්මාණය වෙලා තියෙන්නෙත් ඒ නිසාමයි. වාහන පාක් කරන්න කිසිම කරදරයක් නැහැ වගේම ඇඳුම් ගොඩ ගහලා නැති නිසා තෝරා ගන්න අපහසුවකුත් නැහැ. පවුලේ හැමෝටම අවශ්‍ය හැම දෙයක්ම වගේ තෝරා ගන්න ලේසියෙන්ම පුළුවන්.

මිලෙන් සාධාරණ වුණත් TFO එකේ තියෙන හැම ඇඳුමක්ම උසස්ම තත්වයේ රෙදි වලින් නිෂ්පාදිත ඒවා. ෆැෂන් සහ ට්‍රෙන්ඩ්ස් ගැන හොඳ දැනුමක් තියෙන පිරිසක් තමයි TFO එක ඉදිරිපත් කරන ඇඳුම් තෝරා ගන්නේ. මේ නිසා ඔබ කොයි වෙලේ TFO ශාඛාවකට ගියත් දකින්න තියෙන්නේ අලුත්ම ට්‍රෙන්ඩ් එකට ගැලපෙන ලස්සනම ඇඳුම් ආයිත්තම්. ලස්සන අතින් විතරක් නෙවෙයි කල් පැවැත්ම අතිනුත්, කොලිටි එක අතිනුත් TFO එකේ හැම දෙයක්ම උසස් මට්ටමක තියෙනවා. මේ නිසා “හිතාගෙන හිටියාට වඩා ගොඩක් දේවල් එකම තැනකින් ගන්න පුළුවන් වුණා” කියන එක TFO එකට අලුතෙන්ම ගිහින් එන කවුරුත් කියන දෙයක්.

ඉතින් Roar පාඨක ඔබට අපිත් ආරාධනා කරනවා TFO එකට ගිහින් එහි සාමාජික කාඩ්පතක් ලබාගෙන මේ සුවිශේෂී වාසිය අත්විඳින්න කියලා. මේ වාසිය අගෝස්තු 31 වැනිදා වෙනතුරු විතරක් නිසා ඉක්මන් කරන්න.

 

Related Articles