Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

CSR සහ ශ්‍රී ලංකාවට එහි ඇති වැදගත්කම: Expack දර්ශනය

සංස්ථා වශයෙන් සහ ආයතනික වශයෙන් ඇති සමාජයීය වගකීම, නැතිනම් කවුරුත් දන්නා විදිහට CSR (Corporate Social Responsibility) කියන කාරණාව අදාළ ආයතන වලට වැදගත් වෙන්නේ කොහොමද කියන එක ගැන ලෝකය පුරාම මේ වන විට කතා බහක් ඇති වෙලා තියෙනවා.

ව්‍යාපාරික වශයෙන් වගේම සමාජයීය සංවර්ධනය වෙනුවෙනුත් ඒ වගේ සංකල්පයකින් ලැබෙන්නේ ලොකු දායකත්වයක්. මේ ගැන තියෙන අවබෝධය වැඩිදියුණු වීමත් එක්ක අද බොහෝ ව්‍යාපාරික ආයතන සමාජ-දේශපාලනික සහ පාරිසරික ගැටළු වගේ අනාගත පරපුරට ඍජු බලපෑමක් සිදු කරන කාරණා ගැන ගැඹුරින් සොයා බලලා ඒවාට ස්ථිරසාර විසඳුම් ලබා දෙන CSR ව්‍යාපෘති වැඩිපුර තෝරා ගන්න නැඹුරු වෙලා තියෙනවා.

එක්ස්පැක් කරොගේටඩ් කාටන්ස් පුද්ගලික සමාගම (Expack Corrugated Cartons (Pvt) Ltd manufactures) කියන්නේ ශ්‍රී ලංකික ව්‍යාපාර වලට වගේම විදේශීය ව්‍යාපාර සඳහාත් අවශ්‍ය ඇසුරුම් නිෂ්පාදනය කරන ආයතනයක්. (බොහෝ නිෂ්පාදනවල දකින්න ලැබෙන ඇතුළත රැළිති සහිත ශක්තිමත් කාඩ්බෝඩ් ඇසුරුම් හඳුන්වන්න තමයි “කරෝගේටඩ් කාටන්ස්” කියන නම යොදා ගැනෙන්නේ) සාමාන්‍ය පාරිභෝගිකයන්ට කෙලින්ම නිෂ්පාදන අලෙවි කිරීම වෙනුවට වෙනත් ව්‍යාපාර සඳහා තමන්ගේ නිෂ්පාදන අලෙවි කරන නිසා එක්ස්පැක් ආයතනය “ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට”, නැතිනම් B2B කාණ්ඩයට අයිති ආයතනයක්. ඔවුන්ගේ පාරිභෝගිකයන් හැමවිටම ව්‍යාපාරික ආයතනයන් නිසා ඔවුන්ට සාමාන්‍යයෙන් සමාජයට ඍජු දායකත්වයක් දෙන්න ලැබෙන ඉඩකඩ අඩුයි.

ආයතනික CSR -

ආයතනික CSR –

මේ නිසා එක්ස්පැක් ආයතනය නිතරම තමන්ගේ CSR ව්‍යාපෘති තෝරා ගන්න කොට තමන්ගේ ව්‍යාපාරය ක්‍රියාත්මක වෙන ප්‍රදේශයේ පවතින ජන සමාජයට සමාජයීය, පරිපාලනමය සහ පාරිසරික වශයෙන් ඇති වෙලා තියෙන අඩුපාඩු ගැන පුළුල් අධ්‍යයනයක් සිදු කරනවා. ඒ තුලින් අවධානය යොමු වෙන්න අවශ්‍යම ගැටළු වලට විසඳුම් ලබා දීලා ජන සමාජයේ උන්නතිය සඳහා ක්‍රියා කරන එක ඔවුන්ගේ අරමුණයි. වසර ගණනාවක් පුරාවට මේ වගේ ගැටළු ගණනාවකදී ඔවුන් තමන්ගේ පරාර්ථකාමී බව පෙන්නුම් කරමින් ස්වේච්ඡාවෙන්ම දායක වුණා. අධ්‍යාපනය, සෞඛ්‍යය, සාධාරණ ශ්‍රමය වගේ කාරණා වලට මුල් තැනක් දෙමින් ඔවුන්ගේ CSR ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න එක්ස්පැක් සමාගම නිතරම උත්සාහ කරනවා.

ව්‍යාපාරයත්, ජන සමාජයත් කියන අංශ දෙකටම සම සමව ප්‍රයෝජනවත් වෙන එක ඵලදායී CSR ව්‍යාපෘතියක වැදගත්ම ලක්ෂණයක්. හුදෙකලා අංශයක් තෝරා ගෙන “අපිත් CSR කළා” කියලා පෙන්නන්න මතුපිටින් විතරක් සිදු කරන ව්‍යාපෘති වෙනුවට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන එකත් CSR ව්‍යාපෘතියක් කිරීමේදී වැදගත් වෙනවා.

මේ ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරන නිසා තමන්ගේ දීර්ඝකාලීන CSR ව්‍යාපෘති වලින් සමාජයත් ව්‍යාපාරයත් අතර තියෙන සබැඳියාව වගේම ව්‍යාපාරයේ කොටස්කරුවන් එක්ක තියෙන බැඳියාවත් ශක්තිමත් කර ගන්න එක්ස්පැක් ආයතනය සමත් වෙලා තියෙනවා.

2

එක්ස්පැක් ආයතනයේ සමාජයීය වගකීම ආරම්භ වෙන්නේ ආයතනය තුලින්මයි. එය ඔවුන්ගේ ව්‍යාපාරික ක්‍රමවේදයන් තුළ වුණත් පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඔවුන් නිතරම උත්සාහ කරන්නේ තමන්ගේ ආයතනික පහසුකම් ඕනෑම සේවාදායකයෙකුට ලබා ගන්න පුළුවන් වාතාවරණයක් ඇති කරන්නයි. වාර්ෂිකව සංවිධානය කෙරෙන වෛද්‍ය සායනය වගේම සෑම සේවාදායකයෙකුගේම වෛද්‍ය වාර්තා ගොනු පවත්වා ගෙන යාමත්, ඔවුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා නිවැරදිව හඳුනා ගැනීමත් මේකට හොඳම නිදසුනක්. ඒ වගේම පාසල් වියේ දරුවන් ඉන්න සේවාදායකයන්ට හැම වසරකදීම පොත් පත්, පාසල් බෑග්, කෑම පෙට්ටි, පාසල් උපකරණ සහ සපත්තු වවුචර් ලබා දෙන්නත් ආයතනය කටයුතු කරනවා. සේවාදායකයන්ට මාසිකව තමන්ගේ සෞඛ්‍ය වියදම් පියවා ගන්න එක පහසු කරන්නත්, ජීවන වියදම අඩු කරන්නත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. මෑත කාලයේ ඇති වුණු ගංවතුර තත්වයේදී තමන්ගේ සේවාදායකයන්ට ආර්ථික උපකාර ලබා දෙන්නත් එක්ස්පැක් ආයතනය ක්‍රියා කළා.

තමන්ගේ ව්‍යාපාරය ක්‍රියාත්මක වෙන “පට්ටිවිල” ප්‍රදේශයේ ජනතාවට අඩු මිලට සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න තියෙන අවස්ථා වැඩිදියුණු කරන එක එක්ස්පැක් ආයතනයේ වැදගත් අරමුණක්. ඒ වෙනුවෙන් ඔවුන් සෑම සතියකටම තුන් වරක් වෛද්‍ය සායනයක් පවත්වනවා.

මේ වන විටත් ඉන් 30,000 කට අධික පිරිසකට ප්‍රතිකාර ලබා දීලා තියෙනවා. ප්‍රදේශයේ ජනතාව එක්ක නිතරම සහයෝගයෙන් ඉඳීම නිසා ඔවුන්ගේ වැදගත් අවශ්‍යතා හඳුනා ගන්නත් ආයතනයට පහසුයි. ප්‍රදේශයට පොදු දැන්වීම් පුවරුවක්, ගමන් බිමන් පහසු කරවන්න බස් නැවතුම්පොළක් වගේම පට්ටිවල ගමට නිතරම ඇති වෙන ගංවතුර අවදානමෙන් මිදෙන්න වතුර බැස යන ඇළ මාර්ගයකුත් ඉදි කරන්න එක්ස්පැක් ආයතනය ක්‍රියා කළේ ඒ අනුවයි. මේ විදිහට ගමේ යටිතළ පහසුකම් වැඩිදියුණු කරන අතරම ප්‍රදේශයේ බලධාරීන් එක්ක එකතු වෙලා ඩෙංගු පැතිරීම වළක්වා ගැනීම ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරන්නත්, දන්සැල් සහ ප්‍රදේශයේ ආගමික කටයුතු නගා සිටුවන්න ආධාර උපකාර ලබා දෙන්නත් එක්ස්පැක් ආයතනය කටයුතු කරනවා.

ඒ වගේම අධ්‍යාපනික CSR ව්‍යාපෘති පැවැත්වීමත් ඔවුන්ගේ තවත් මෙහෙවරක්. රාජ්‍ය සහ පෞද්ගලික ආයතන එක්ක එකතු වෙලා ඇසුරුම්කරණය සහ මුද්‍රණය වගේ කර්මාන්ත වල ඇති වෙලා තියෙන නව ප්‍රවණතා ගැන අවබෝධයක් ලබා දෙන පුහුණු වැඩසටහන් පවත්වන්නත් ඔවුන් මූලිකත්වය ගෙන කටයුතු කරනවා. එක්ස්පැක් ආයතනයේ සේවා දායකයන් නිතරම ස්වේච්ඡා වැඩකටයුතු වලට ඉහළ දායකත්වයක් ලබා දෙන පිරිසක්. මෑත කාලයේ ගංවතුර තත්වයේදී ගමේ පන්සලට කොටු වුණු අසරණ ජනතාව වෙනුවෙන් වහාම පිසූ ආහාර පිළියෙළ කරලා දෙන්නත්, වියළි ආහාර බෙදා දෙන්නත් තමන්ගේ සේවාදායකයන් මෙහෙයවන්න එක්ස්පැක් ආයතනයේ CSR ඒකකය කටයුතු කළා.

තමන්ගේ CSR වැඩකටයුතු ගැන එක්ස්පැක් ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂකවරුන් දරන්නේ මේ වගේ අදහසක්: “අපේ ජන සමාජය විවිධාකාර සමාජ ආර්ථික ගැටළු මැද්දේ නිතරම අවිනිශ්චිතතාවයෙන් යුත් වටපිටාවක තමයි ජීවත් වෙන්නේ. ඒ වගේ ප්‍රදේශයක ව්‍යාපාර කටයුතු කරන ආයතනයක් විදිහට ප්‍රදේශයේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් පැහැදිලි ආයතනික දැක්මක් ඇතිව ක්‍රියා කරන එක අපි අපේ වගකීමක් විදිහට සළකනවා. අපේ CSR ව්‍යාපෘතීන් ඇත්තෙන්ම එක්ස්පැක් හි ව්‍යාපාරික දැක්මේම දිගුවක් කියලා හඳුන්වන්න පුළුවන්.”

ශ්‍රී ලංකාව වගේ යුධ සමයකින් පසුව එළඹෙන වටපිටාවක් සහිත, තවමත් සංවර්ධනය වෙමින් පවතින රටකට සාර්ථක CSR ව්‍යාපෘති වල අවශ්‍යතාවය දැන් කවදාටත් වඩා දැනෙනවා. මීට ටික කාලයකට ඉහතදී වැඩි අවධානයක් නොලැබුණත් CSR කියන්නේ අද බොහෝ ව්‍යාපාරික ආයතන වල අවධානයට ලක් වුණු කාරණාවක්. ඒ තත්වය ඒ විදිහටම ආරක්ෂා කර ගැනීමත්, CSR සංවාදය නිරන්තරයෙන් පවත්වා ගෙන යන එකත්, නිකන්ම “ට්‍රෙන්ඩ්” එකකට සීමා නොවී ඇත්තටම සමාජයට දැනෙන යමක් කරන්න උත්සාහ කරන එකත් අද කාලයේ හැම ව්‍යාපාරයකම ප්‍රධාන අරමුණක් වේවි කියලා Roar අපිත් විශ්වාස කරනවා.

Related Articles