Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවට පාර්සල් ගෙන්වා ගැනීම සහ ලංකාවෙන් පාර්සල් පිටරට යැවීම

q1

තාක්ෂණයේ දියුණුවත් එක්කම ලෝකය පුංචි වෙලා කියන කතාව ඔබ නිතරම අහලා ඇති. දුර කිලෝමීටර් වලින් මැන්නට සාමාන්‍යයෙන් අපිට දුර කියන සංකල්පය වැඩිපුරම දැනෙන්නේ අපිට අවශ්‍ය මොනවා හරි දෙයක් කරගන්න ගත වෙන කාලය අනුව. ඉස්සර කාලේ වෙනත් රටක කෙනෙක්ට පණිවිඩයක් යවා ගන්න සති ගාණක් ගියත් අද ඒ දේ තත්පරයකින් දෙකකින් කරගන්න පුළුවන් තරමට ලෝකය දියුණු වෙලා නිසා තමයි ලෝකය කුඩා වෙලා කියලා හැඟෙන්නේ.

ඇත්තටම ගත්තොත් මීට අවුරුදු 10කට කලින් තිබුණු තත්වයටත් වඩා දැන් ලෝකය හරිම වෙනස්. (අවුරුදු 5කට කලින් තත්වය බැලුවත් සෑහෙන වෙනසක් තියෙනවා) වේගවත් සන්නිවේදන ක්‍රම වගේම අන්තර්ජාලයත් හැම අස්සක මුල්ලකම පැතිරිලා තියෙන නිසා දුරෙන් කිලෝමීටර් දහස් ගණනක් ඈත කෙනෙක් එක්ක වුණත් මුහුණට මුහුණ බලාගෙන කතා කරන එක හරිම පහසු වැඩක්. ඒ නිසාම කොයි තරම් දුරක ඉන්න කෙනෙක් එක්ක වුණත් කිට්ටු සම්බන්ධයක් තියා ගන්න අමාරු නැහැ. ඒ විතරක් නෙවෙයි, අලුත් තොරතුරු හොයා ගන්න, අලුත් දේවල් ඉගෙන ගන්න, අපිට අවුරුදු ගාණකට කලින් පාවිච්චි කරන්න හිතන්නවත් බැරි වුණු වෙනත් සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න අද අපිට පුළුවන් වෙලා තියෙනවා.

q2

මේ හැම දෙකම ප්‍රතිඵලය අපිට අදහස් බෙදා හදා ගන්න, විවිධ උපාංග ප්‍රයෝජනයට ගන්න වගේම වැඩි දෙනෙක්ට බලපාන විදිහේ දේවල් කරන්නත් කාට වුණත් පුළුවන් වෙලා තියෙන එකයි. විශේෂයෙන්ම ව්‍යාපාර වල මේ තාක්ෂණික දියුණුව නිසා ලොකු වෙනස් කම් ඇති වෙලා තියෙනවා. සැපයුම් ක්‍රමවේද වල දියුණුව නිසා අද ඔබ ශ්‍රී ලංකාවේදී ඩිසයින් කරන උපකරණයක් චීනයේදී නිෂ්පාදනය කරවාගෙන ඇමරිකාවේ වෙළඳපොළට නිකුත් කරන එක අමාරු දෙයක් නෙවෙයි. ඔබට හරි දැනුමක් සහ අවශ්‍ය සම්පත් තියෙනවා නම් මේ සේරම ඔබගේ කාර්යාල මේසයේ ඉඳලාම කරගෙන භාණ්ඩය විකුණලා ලැබෙන මුදල් අතටම ලබා ගන්න වුණත් පුළුවන්.

හැබැයි තාක්ෂණය මොන තරම් දියුණු වුණත් කවදාවත් අපේ හැම දෙයක්ම ඩිජිටල් කරන්න බැහැ. මිනිසුන් වන අපි කවුරුත් භෞතිකව ජීවත් වෙන පිරිසක් නිසා හැම ව්‍යාපාරයක්ම සම්පුර්ණයෙන්ම “වර්චුවල්” (Virtual – සත්‍යාසන්න) කරන එක කවදාවත් කරන්න බැරි වැඩක්. උදාහරණයකට ඔබට කඩේට ගිහින් ආහාරයක් මිලට ගන්නවා වෙනුවට ඔන්ලයින් ඇනවුම් කරලා ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන් ක්‍රම නිර්මාණය වුණත් කවදාවත් ඩිජිටල් විදිහට බඩ පිරෙන්න ආහාරයක් හදන්න බැහැ. ඒ නිසාම වෙනත් රටවල පිරිස් එක්ක වැඩ කරද්දී අවශ්‍ය ලිපි ලේඛන, සාම්පල, මූලාකෘති සහ අමුද්‍රව්‍ය වගේ දේවල් තැනකින් තැනකට ගෙන යන එක බොහොම සංකීර්ණ ක්‍රියාවලියක් වෙන්න ඉඩ තියෙනවා.

තැනකින් තැනකට භාණ්ඩ ගෙනියන වැඩේ ව්‍යාපාර වල අනිත් අංශ වල තාක්ෂණික දියුණුවත් එක්ක බැලුවාම සෑහෙන පිටුපසින් තියෙන දෙයක්. තොරතුරු හුවමාරු කරගන්න පුළුවන් වේගය මොන තරම් වැඩි වෙලා තිබුණත්, භූගෝලීයව මොන තරම් ඈත තියෙන රටවල් අතර ව්‍යාපාරික කටයුතු සිදු වුණත් භාණ්ඩයක් තැනකින් තැනකට ගෙනියන වැඩේට තවමත් සැලකිය යුතු කාලයක් ගත වෙනවා. අපේ ළඟ තියෙන දෙයක් තව කෙනෙක්ට යවන්න නම් ඒක නිවැරදි විදිහට පාර්සල් කරලා (ගමනේදී හානි නොවෙන්න), සමහර විට ප්‍රවාහනය කරන්න කෙනෙක්ට භාර දීලා, ආරක්ෂිතව අවශ්‍ය කෙනාට ඒක ලැබේවි කියලා බලාපොරොත්තු වෙන්නයි සිද්ධ වෙන්නේ. රටකින් රටකට මොනවා හරි යවන්න නම් මේ වැඩේ කිහිප ගුණයකින් අමාරු වෙනවා. රේගු නීති, රෙගුලාසි වගේම නීතිමය අවශ්‍යතා බොහොමයක් ඉටු කරන්න සිද්ධ වෙලා හැම දෙයක්ම ප්‍රමාද වෙන්න පටන් ගන්නවා.

ඒ නිසා භාණ්ඩයක් තැනකින් තැනකට යවන එකට නම් ඒ සඳහාම වෙන් වුණු සේවාවක් පාවිච්චි කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නැති තරම්.

ශ්‍රී ලංකාවේ තැපැල් සේවයෙන් ඔබට මේ විදිහට රටකින් රටකට පාර්සලයක් යවා ගන්න ක්‍රම කිහිපයක්ම ලබා දෙනවා. සාමාන්‍ය ක්‍රමයට තැපැල් කරන එක වගේම ඉක්මණින් යවා ගන්න අවශ්‍ය ලිපි ලේඛන සහ සාමාන්‍ය ප්‍රමාණයේ භාණ්ඩ වලට EMS සේවය හරහා වේගවත් සේවයක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණයට වඩා බරින් වැඩි පාර්සල් යවන්න ඔවුන්ට විශේෂ සැපයුම්කරණ සේවයක් තියෙනවා. (Logi Post)

කොහොම වුණත් ඔබට ඊට වඩා ටිකක් විවිධාංගීකරණය වුණු, වේගවත් සේවාවක් වගේම ඔබේ පාර්සල් වලට අමතර ආරක්ෂාවක් අවශ්‍යයි නම් ඒ සඳහාම ක්‍රියාත්මක වෙන කුරියර් සේවාවක් තෝරා ගන්න එක වඩාත් හොඳයි. සාමාන්‍යයෙන් ඔබ ඔවුන්ගේ නියෝජිත කාර්යාලයකට ගිහින් ඔබේ පාර්සලය භාර දීලා අවශ්‍ය මුදල ගෙව්වාම ඒ පාර්සලය අවශ්‍ය කෙනාට ලබා දෙන එක ඒ ආයතනය භාර ගන්නවා. මේ වගේ ආයතන ගණනාවක්ම ලංකාවේ හොයා ගන්න පුළුවන්. අන්තර්ජාතිකව සමාගම් වගේම ශ්‍රී ලංකාවේ කුරියර් සමාගම් පවා බොහොමයක් ක්‍රියාත්මක වෙනවා.

නමුත් දැන් ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම කතා බහට ලක් වෙන කුරියර් සේවය බවට පත් වෙලා තියෙන්නේ GTV Enterprises ආයතනය. ලංකාවේ කුරියර් සේවා ලබා ගන්න උත්සාහ කරනකොට කාට වුණත් මතක් වෙන ඩොමේන් වල හිමිකාරිත්වය ගන්න පවා ඔවුන් සමත් වෙලා තියෙනවා. courier.lk වගේම parcel.lk වෙබ්සයිට් දෙකම ඔවුන් තමන් සතු කරගෙන තියෙන්නේ ඔවුන් කාටත් කලින් ඒ ගැන හිතපු නිසයි. කුරියර් සේවයකදී වේගවත් කම වැදගත් වෙන නිසා GTV Enterprises ඒ අතින් වැඩි තැනක් හිමි කරගෙන තියෙන බව කියන්න පුළුවන්.

q3

කුරියර් ආයතනයක සේවය ලබා ගැනීම

ශ්‍රී ලංකාව ඇතුලත පාර්සල් යැවීම

ඔබට courier.lk වෙබ්සයිට් එකට ගිහින් ඇණවුමක් ඉදිරිපත් කළාම ඔබේ පාර්සලය භාර ගන්න නියෝජිතයෙක්ව ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. ඔබ පාර්සලය ගිහින් කාර්යාලයට භාර දෙනවා වෙනුවට ඔබට අවශ්‍ය ඕනෑම තැනකට පැමිණෙන නියෝජිතයාට පාර්සලය භාර දෙන එක විතරමයි ඔබට කරන්න තියෙන්නේ. එතැන ඉඳන් ඔබේ පාර්සලය අවශ්‍ය තැනට යවන වැඩේ සම්පූර්ණ වගකීම ඔවුන් භාර ගන්නවා. ශ්‍රී ලංකාව ඇතුලත පාර්සලයක් යවනවා නම් courier.lk එකේ නියෝජිත ආයතන රටපුරාම විසිරිලා තියෙන නිසා ඉක්මණින් ඔබේ පාර්සලය අවශ්‍ය කෙනා වෙත යවන එක හරිම පහසුයි. ලිපි ලේඛන වල ඉඳලා විශාල පාර්සල් දක්වා ඕනෑම දෙයක් යවන්න ඔවුන් අවස්ථාව සලසලා තියෙනවා. සතියේ හැම දවසකම විවෘතව තියෙන නිසා සති අන්තේ කියලා ප්‍රමාදයක් සිදු වෙන්නෙත් නැහැ.

courier.lk එක හරහා ඉතාම ඉක්මණින් යවා ගන්න අවශ්‍ය පාර්සල් වෙනුවෙන් ඔවුන් විශේෂ වේගවත් සේවාවක් ක්‍රියාත්මක කරනවා. මේ හරහා වැදගත් පාර්සල් එක රැයෙන් අවශ්‍ය තැනට යවා ගන්න පුළුවන්. ඒ වගේම කොළඹ ප්‍රදේශය ඇතුලත ඕනෑම තැනකින් තැනකට පැය එක හමාරක් ඇතුලත ඕනෑම පාර්සලයක් යවා ගන්න පුළුවන් VIP සේවාවකුත් ඔවුන් සතුයි. ඔවුන්ගේ Express Mail Service එක හරහා යවනවාට වඩා ඉක්මණින් රටේ දුර බැහැර තැනකට ආරක්ෂිතව පාර්සලයක් යවා ගන්න පුළුවන් වෙනත් ක්‍රමයක් නැති තරම්. අවම කාලයකින් ඔබේ පාර්සල් අවශ්‍ය තැනට ගෙන යන බවට courier.lk සහතික වෙනවා.

මේවාට අමතරව තවත් ඔවුන් ලබා දෙන සේවා ගැන වඩාත් හොඳ අවබෝධයක් ලබා ගන්න ඔවුන්ගේ වෙබ් අඩවියට යොමු වෙන්න ඔබටත් පුළුවන්. විශේෂයෙන්ම තෑගි බෝග යවන්න, පාර්සලය ලබා ගන්නා වෙලාවට මුදල් ගෙවන්න (Payment on Delivery) සහ චෙක්පත් එකතු කර ගන්න තියෙන සුවිශේෂී සේවාවන් නිසා courier.lk එක වඩාත් කැපී පෙනෙනවා.

වෙනත් රටවල් වලට පාර්සල් යැවීම

ඔබට වෙනත් රටකට පාර්සලයක් යවා ගන්න අවශ්‍ය නම් ඒ සේවාවත් courier.lk වෙතින් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. අපි කලින් කිව්ව රේගු නීති, රෙගුලාසි සහ ලිපි ලේඛන ඇතුළු හැම වැඩක්ම ඔවුන් භාර ගන්න නිසා ඔබට තියෙන්නේ පාර්සලය භාර දෙන එක විතරයි. විශේෂයෙන්ම නවීන පහසුකම් සහිත ගබඩා පහසුකම් ඔවුන් සතුව තියෙන නිසා පාර්සල් විශාල ගණනක් වුණත් එක පාර යවන්න අපහසුවක් නැහැ. ඔබ යවන හැම භාණ්ඩයක්ම තෝරලා බේරලා, ලේබල් කරලා වරායට යවලා නැව්ගත කරන වැඩේ වගේම නියමිත තැනට යන තුරු අනිකුත් සියලුම නීතිමය අවශයතා ඉටු කරන එක courier.lk එකෙන් ඉටු වෙනවා.

courier.lk එක සතුව තියෙන ඉලෙක්ට්‍රොනික් ට්‍රැකින් සහ ට්‍රේසින් සේවා (Electronic Tracking and Tracing) නිසා ඔබ යවන ඕනෑම භාණ්ඩයක් අවශ්‍ය තැනට භාර දෙන එක සිදු වෙන තුරු එය තියෙන්නේ කොහෙද කියන එක දැන ගන්න ඔබට පුළුවන්. courier.lk එකේ World Express Service එක තුලින් බොහෝ දුරට ලෝකයේ ඕනෑම තැනකට භාණ්ඩ යවා ගන්න පහසුකම ලැබෙනවා. ඔවුන් අදාළ රටවල් වල ක්‍රියාත්මක වෙන කුරියර් සේවා එක්ක තියෙන ව්‍යාපාරික සම්බන්ධකම් නිසා ඔබේ පාර්සලය ආරක්ෂිතව අවශ්‍ය ස්ථානයට ලැබෙනවා කියන එක තහවුරු කරගන්න පුළුවන්. ඔබ ඔවුන් හරහා යවන ඕනෑම භාණ්ඩයක ආරක්ෂාව, නියම තත්වය සහ රහසිගත භාවය ගැන courier.lk සම්පූර්ණ වගකීම දරනවා.

නිගමනය

සමහර වෙලාවට තමන්ගේ දේවල් තමන්ම කර ගන්න එක හොඳ වුණත් තැනකින් තැනකට පාර්සලයක් යවන එක නම් courier.lk එක හරහා කර ගන්න එක හැම අතින්ම ලාභ බව කියන්නම වෙනවා. ඔබ ඒ වෙනුවෙන්ම මහන්සි වෙලා කාලය වැය කරනවා වෙනුවට ඒ වැඩේම කරලා අත්දැකීම් තියෙන කුරියර් සේවයකට භාර දෙන එක තමයි නුවණැති වැඩේ. ලෝකය පුරා රටවල් 200කට අධික ප්‍රමාණයකට භාණ්ඩ යවන්න තියෙන හැකියාව, දශක ගණනාවක අත්දැකීම් සහ නිතරම විශාල ආයතන එක්ක කටයුතු කරලා තියෙන පළපුරුද්ද නිසා ඔබ කුරියර් සේවාවක් තෝරා ගනිද්දී GTV Enterprises තමයි ඔබගේ හොඳම තේරීම වෙන්න ඕනේ. ඔවුන්ගේ 24/7 සේවාව නිසා උදේ පාන්දර 1ට 2ට වුණත් පාර්සලයක් යවා ගන්න ඕන නම් එකට අවස්ථාව තියෙනවා. හැම පාර්සලයක්ම අදාල කෙනාට භාර දුන්නාට පස්සේ ඒ බව තහවුරු කෙරෙන ලියැවිල්ලක් (Proof of Delivery – POD) ඔබට ලැබෙන නිසා ඔබ යවපු භාණ්ඩය නිසි තැනට ගියා කියන එක ගැන සැකයක් තියා ගන්න සිදු වෙන්නේ නැහැ.

ඒ නිසා ඔබේ ව්‍යාපාරයත් පුළුල් කර ගන්න දුර කියන එක බාධාවක් වෙලා තියෙනවා නම් courier.lk එක හරහා ඒකට උදව්වක් ලබා ගන්න ඔබටත් පුළුවන්. විශේෂයෙන්ම අන්තර්ජාතිකව පැතිරුණු විශාල ප්‍රමාණයේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යන එක ටිකක් පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. ඒ නිසා ඒ ගැන හසල දැනුමක් තියෙන ආයතනයක සේවය ලබා ගන්න එක ඔබේ වැඩකටයුතු සාර්ථකව කර ගන්න බුද්ධිමත් තීරණයක් වේවි. ඔබේ ව්‍යාපාරික කටයුතු වල පහසුව වගේම යවන භාණ්ඩ වල ආරක්ෂාව ගැනත් සහතික වෙන්න පුළුවන් එතකොටයි.

පරිවර්තනය:  ඉන්ද්‍රජිත් ගමගේ 

Related Articles