Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ මුදල් නැණවත්ව ආයෝජනය කළ හැකි ක්‍රම 4ක්

Brought To You By

 

ඉතිරි කරපු මුදල් බැංකුවේ තබා ගැනීමෙන් අපිට ලොකු වාසියක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒවා කිසියම් දෙයක් වෙනුවෙන් ආයෝජනය කළහොත් අපිට මහන්සි නැතිවම වැඩිපුර ගාණක් අතට ගන්නට පුළුවන්. මුදල් ආයෝජනය කරන්න බොහෝ දෙනෙක් පසුබට වුණාට එය එතරම් සංකීර්ණ, සහ බිය විය යුතු දෙයක් නොවෙයි. නිවැරදිව මුදල් යෙදෙව්වොත් මුදල් හොයන්න වෙහෙසෙන්නේ නැතිව නිවසේ සිට නිදහසේ කාලය ගත කරන අතරතුරේම අතට මුදල් එන විධියට කටයුතු සලස්වා ගන්නට පුළුවන්. අපි එවන් ක්‍රම 4ක් ගැන සලකා බලමු.

ස්ථාවර තැන්පතු

ස්ථාවර තැන්පතු (FD) හරහා නියත මුදලක් ආදායම වශයෙන් ලබා ගන්නට පුළුවන්. මෙහි දී කාලය මත පදනම් වූ මුදල් ආයෝජනයක් සිදු වෙනවා. යොදවන ලද මුදල අනුව ආදායම තීරණය වනවා මෙන්ම එය යොදවන ලද කාල පරාසය අනුව එහි ආදායම රඳා පවතිනවා. මාසික වශයෙන් හෝ කාල පරාසය අවසානයේ ආදායම හෙවත් පොලිය ලබාගත හැකි යි. එසේත් නොමැති නම් එම මුදල නොගෙන, නැවත නැවතත් යොදවා ඊටත් වඩා ආදායමක් ලබා ගන්නට පුළුවන්. පොලී අනුපාතය අනුව මින් ලැබෙන වාසිය තීරණය වෙනවා.

කොටස් වෙළඳපොළ

කොටස් ආයෝජනය හරහා ඔබට කිසියම් ආයතනයක කොටස්කරුවෙක් බවට පත් වෙන්නට පුළුවන්. එවිට එම සමාගම ලාභ ලබද්දී ඔබටත් ඉන් කොටසක් ලැබෙනවා. ඔබේ කොටස් වැඩි මිලකට විකිණීමෙන් මුදලක් උපයන්නටත් පුළුවන්. ඒ සඳහා එම ආයතනයේ කොටස් මිල ඉහළ යන තෙක් හිඳ වැඩි මිලකට අලෙවි කිරීම කළ හැකියි. ස්ථාවර තැන්පතුවකට වඩා නිසි ආකාරව ආයෝජනය කිරීමෙන් කොටස් වෙළඳපොළෙන් ලාභ ලැබිය හැකි නමුත් එහි අවදානම් තත්ත්වයන් ද නැතුවා නොවෙයි. ආයතනයක වටිනාකම වැඩි වෙන්නට මෙන්ම අඩු වී යන්නටත් පුළුවන්. ආයෝජන උපදේශකයකුගේ උපදෙස් ලබා ගැනීමෙන් එවන් අවදානම් තත්ත්ව වළක්වා ගන්නට පුළුවන්.

ඉඩ කඩම්

ආයෝජන ක්‍රම වල පැරණිම ක්‍රමයක් ලෙස ඉඩකඩම් මිල දී ගැනීම දැක්විය හැකි යි. ආයෝජනයක් වශයෙන් ඉඩමක් හෝ දේපළක් මිල දී ගෙන, ඒවායේ අගය ඉහළ ගියාට පසු වැඩි මිලකට විකිණීම මෙහි දී සිදු වෙනවා. එම තත්ත්වයට පත් වන තුරු මෙය කුලියට දෙන්නටත් පුළුවන්.

මේ ආකාරයේ ආයෝජනයක් කිරීමට පෙර හොඳින් සොයාබැලිය යුතු වෙනවා. එසේම එය පවත්වා ගැනීමේ දී වටිනාකම රැකගන්නට නම් හොඳ අවධානයෙන් සිටිය යුතු වෙනවා. ඒ සඳහා ඔබට කාලය මිඩංගු කිරීමට නොහැකි නම් ඒ වෙනුවට ඒ ගැන දැනුමක් ඇති වෙනත් කෙනෙක් ලවා එය කරවාගන්නටත් පුළුවන්.

ඒකක භාර

ඔබ වැනි ආයෝජකයන් බොහොමයකගේ මුදල් වලින් සැදුම් ලත් අරමුදලක් ‘ඒකක භාරය’ක් ලෙස හැඳින්වෙනවා. වෘත්තීමය ආයෝජකයින්, ආර්ථික පර්යේෂකයන්, සහ විශ්ලේෂකයන් විසින් මේවා කළමනාකරණය කරනවා. මෙවැන්නක කොටස් වෙළඳපොළෙහි කොටස් සහ/ හෝ ස්ථාවර තැන්පතු අඩංගු විය හැකි යි.

කුඩා ආයෝජනයකින් ඔබට නිදහසේ ඔබේම මුදල්වලින් තවත් අමතර ආදායමක් ලබන්නට පුළුවන්. ඔබට මේ ගැන අපැහැදිලි තැන් තිබෙනවා නම් වෘත්තිමය අත්දැකීම් ඇති, රජයේ ලියාපදිංචි වූ ආයෝජන උපදේශකයෙක් හමු වී වැඩි විස්තර ලබා ගන්නට පුළුවන්.

මෙම ලිපිය ඔබ වෙත ගෙන ආවේ, CFA India, Pakistan, සහ Bangladesh ද සමඟ, CFA Sri Lanka විසින්, අග්නිදිග ආසියාතික කලාපයේ අධ්‍යාපන තත්ත්වය දියුණු කිරීම සඳහා ආයෝජකයින්ව දැනුවත් කිරීමේ අරමුණ ඇතිවයි. වැඩි විස්තර දැනගැනීම සඳහා, පිවිසෙන්න: https://www.facebook.com/UnderstandInvesting

Related Articles