Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මේ ගිනිගහන රස්නය ඔබේ දිගු වරලසට පිඩාවක් ද?

ලංකාවේ ජිවත් වන අපට අපේ වරලස හැඩ ගන්වා ගැනීමේදී සිටින ලොකුම සතුරා ප්‍රමාණවත් රූපලාවන්‍ය නිෂ්පාදන නොමැති කම වත්, ඒවා මිල අධික වීම වත් නොව මේ රටේ තිබෙන දේශගුණික තත්වයයි. මහත් වෙහෙසක් ගෙන ලස්සනට කොණ්ඩය සකසා ගත්ත ද සෙල්ෆි එකක් ගැනීමටත් පෙර එය මුළුමනින්ම විනාශ කර දැමීමට මේ උණුසුම් නිවර්තන කාලගුණයට ඇත්තේ පුදුමාකාර හැකියාවකි.

අපේ වාතාශ්‍රයේ තිබෙන අධික තෙතමනය නිසා සෘජු කෙස් සහිත වරලසක් නම් එය ඇකිලී බොකුටු වී යයි. මද වශයෙන් කැරලි සහිත කෙස් වැටියක් නම් කැරලි දිග හැරී කෙලින් වී යයි. ඝනකම කොණ්ඩයක් නම් අප්‍රසන්න ලෙස ගැට ගැසී කැලෑවක් මෙන් දිස් වන්නට ගනී. වරලසක් නඩත්තු කිරීමට ඇති මේ නානාවිධ ගැටළු නිසා ලංකාවත් නිතර තොප්පි පැළඳීම පුරුද්දක් කරගත් රටක් නම් පාවහන් වලටත් වඩා හිස්වැසුම් වලට අප රටේ කාන්තා පක්ෂයෙන් හොඳ ඉල්ලුමක් පවතින්නට තිබිණි. දිගු වරලසකට ස්වභාවයෙන්ම උරුමකම් කියන නිසා අප මහත් වාසනාවන්ත බව දකින දකින පුද්ගලයන් අපට පවසද්දී සිත යටින් අප කල්පනා කරන්නේ  ‘අනේ ආස නම් ගන්නකෝ, මට නම් මේක මහා වදයක්, අනේ දෙවියනේ කොණ්ඩය අල්ලලා බලන්න නම් හිතෙන්න  එපා’ යනුවෙනි. ඒ, අපේ කෙස් කළඹට විඳින්නට සිදුව ඇති කරදර හිරිහැර වලට අමතරව ඔවුන්ගේ දෑත් වල තිබෙන දහදියත් කොණ්ඩයේ තවරා ගැනීමට අකැමති නිසාවෙනි.      

ඉතින් සෑම සියලු උත්සව අවස්ථාවකටම කොණ්ඩය බැඳ ගෙන හෝ කුරුළු කූඩුවක් වැනි සැරසිල්ලක් දැමු කොණ්ඩා ගෙඩියක් ගසාගෙන යාම හැර දිග වරලසක් උරුම අපට තිබෙන වෙනත් විකල්ප මොනවාද?

සජලනය

ඔබේ වරලස සජලනය කර තබා ගැනීම ඉතා වැදගත්. (ko-te.com)

ඔබේ වරලස සජලනය කර තබා ගැනීම ඉතා වැදගත්. (ko-te.com)

හිසකෙස් වියලනයකටත් වඩා අති සාර්ථක ලෙස අපේ කොණ්ඩය වියලා දැමීමට වාතාශ්‍රයට හැකියාව තිබේ. මේ නිසා නිවසෙන් එලියට පය තබන විටම හිස කෙස් ඇකිලී වකුටු වී යන්නේ වරලස වෙනුවෙන් වැය කළ ඒ සම්පුර්ණ කාලයම අපතේ යාමට සලස්වමිනි. වරලස වේලුනු විට එය ඉක්මනින්ම ජලවාෂ්ප අවශෝෂණය කර ගන්නා නිසා මේ ගැටලුවට සුදුසුම ප්‍රතිකර්මය කෙස්ගස් පෝෂණය කරන හොඳ කන්ඩිෂනර් එකක් භාවිතා කිරීමයි. හොඳින් ජලය පානය කිරීමද මෙහිදී වැදගත් වේ. එය හිසකෙස් සඳහා පමණක් නොව මුළු සිරුරම මනා සෞඛ්‍යයකින් තබා ගැනීමට උපකාරී වේ.   

හිසකෙස් පවනේ වියළීමට හැරීම

දිගු කාලයක් තිස්සේ කෘතීම වියළන භාවිතා කර වරලස වියළීම හිසකෙස් වලට හානිදායක විය හැකියි. (heatblowdry.com)

දිගු කාලයක් තිස්සේ කෘතීම වියළන භාවිතා කර වරලස වියළීම හිසකෙස් වලට හානිදායක විය හැකියි. (heatblowdry.com)

දිගු වරලසක් හිමි අප කොයි කවුරුත් දන්නා පරිදි යම් උත්සව අවස්ථාවකට සහභාගී වීමට අවශ්‍ය වූ විට ඊට පෙර දිනයේ ස්නානය කරනු මිස අදාළ දිනයේම ස්නානය කිරීමට සිටියොත් අප වැටෙන්නේ ලොකු අමාරුවකය. නියමිත වෙලාවට සහභාගී වීමට නම් අවම වශයෙන් පැය තුන හතරකටවත් ප්‍රථම නානකාමරයට රිංගා ගත යුතුවේ. හිසකෙස් වියලනයක් භාවිතා කිරීම මීට ඇති සරලම විසඳුම වුවත් ඔබ සිතනවාට වඩා සෑහෙන තරම් හානියක් මින් හිසකෙස් වලට සිදුවේ. හැකි තරම් ඔබේ කෙස් කළඹ ස්වාභාවිකවම වියළෙන්නට හරින්න.  අනෙක් අතට, කෘතීමව වියළා ගත් කෙස් ගස් කූරු කූරු මෙන් හරි කෙලින්ව අස්වාභාවික ලෙස දිස් වේ. ඒ වෙනුවට තෙත කෙස් කළඹ ලිහිල්ව ගොතා දමා මුහුදේ රළ මෙන් ස්වභාවික පෙනුමක් වරලසට ලබා දී බලන්න. මින් කෙස් කළඹ ආරක්ෂා වනවා පමණක් නොව කෘතිමව වියළීම මෙන් වෑයමක් දැරීමටද සිදුනොවේ.   

උණු දිය ස්නානයෙන් පසු ඇල් දිය

කෙස් කළඹ ‘අවුල්’ කර නොදමන්න (matissesalon.com)

කෙස් කළඹ ‘අවුල්’ කර නොදමන්න (matissesalon.com)

ජලය පිටත උෂ්ණත්වයේම පැවතුණත් අපි පුරුද්දක් වශයෙන් උණු වතුරෙන් ස්නානය කළ විට ලැබෙන සනීපයට ප්‍රිය කරන්නෙමු. හිස කෙස් වලට ඔබින වර්ගයේ ෂැම්පු එකක් සහ කන්ඩිෂනර් එකක් යොදා ස්නානය කර සිසිල් ජලය ස්වල්පයකිනුත් හිස සෝදා ගැනීමට නම් අප මතක තබා ගතයුතුය. මිට හේතුව නම් සිසිල් ජලයෙන් සමේ ඇති කුඩා සිදුරු වැසී යන අතර තෙතමනය වරලසට උරා ගැනීම අඩු කරවයි. කෙසේ වුවද මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ සුදුසු ෂැම්පු එකක් සහ ඊට ගැළපෙන අයුරේ කන්ඩිෂනර් එකක් තෝරා ගැනීමයි. මේ නිසා මිලදී ගැනීමට පෙර ලේබලය සහ අඩංගු දෑ හොඳින් කියවා බැලීමට මතක තබා ගන්න. මිලදී ගන්නා නිෂ්පාදනයෙන් සිදුකෙරෙන කාර්යය ද අනිවාර්යයෙන් පරික්ෂා කර බලන්න. බොහෝ ෂැම්පු වර්ග තනි තනි වශයෙන් ගත් කල ඉතා හොඳ නමුත් නොගැලපෙන කන්ඩිෂනර් එකක් සමඟ භාවිතා කළ විට ඔබේ කෙස් කළඹ ද සැබවින්ම  වික්ෂිප්ත වී අවුලකට පත් වෙයි.  

ස්මාට් විදිහට ස්ටයිල් කරන්න

ස්මාට්ව ස්ටයිල් කරන්න.(hebestfashionblog.com)

ස්මාට්ව ස්ටයිල් කරන්න.(hebestfashionblog.com)

කෙස් කළඹ අපට කැමති පිළිවෙලට තබා ගැනීමට එය නිතර දෙවේලේ අතින් සකස් කිරීමට යාමෙන් වලකින්න. දිග කෙස් කළඹක් තිබෙන තරුණියන්හට ඇත්තේ විකල්ප දෙකකි.. එක්කෝ වෙන දෙයක් වේවා යැයි සිතා වරලස මුදාගෙන යාමය, නැත්නම් හසුවන හසුවන ආකාරයට වරලස මිටින් ගෙන ගැට ගසාගෙන යාමය.  කරුණු මෙසේ වුවද තෙතමනය සහිත කාලගුණයක වරලසේ තෙල් සහිත බව ඉහළ යාම වළක්වා ගත නොහේ. මෙය කුරිරු ලොවකි. මිට තිබෙන සරල විසඳුමක් නම් දිනපතා අපගේ කෙස් කළඹට සවන් දීමයි. සුදුසු ආකාරයේ ෂැම්පු එකක් සහ කන්ඩිෂනර් එකක් භාවිතා කර, ඔබේ අණසකට නතු කරගත හැකි, පහසුවෙන් හැසිරවිය හැකි ආකාරයේ කීකරු  කෙස් කළඹක් බවට එය පත් කරගන්න. හිසකෙස් වල මුල් වල නොතැවරීමට ප්‍රවේශම් වෙමින් කෙස් ගස් වල අග ප්‍රදේශයට ලෝභ නැතිව කන්ඩිෂනර් යොදා ගත් විට ඔබට රිසි රිසි අයුරින් වරලස සකසා ගත හැකි වනු ඇත. ෆිෂ් ටෙයිල් ආකාරයට ගොතා දැමීමට හෝ කොණ්ඩයෙන් කොටසක් පමණක් වෙනම හැඩ ගන්වාගෙන හෝ වෙනත් ඕනෑම සුදුසු ආකාරයකට එය සකසා ගන්න. සැමවිටම දිගු වරලසකින් කරන හැඩගැන්වීම් වඩා සාර්ථක නිසා දිනපතා වෙනස් වෙනස් දේ අත්හදා බැලීමටත් ඔබට හැකියාව තිබේ. වරලස හැකිළුණු ස්වභාවයක් පෙන්වද්දී වැඩිදුර සිතා නොබලා අප ඇඟිලි තුඩු වලින් දවස පුරා වරලස සැකසීමටත්, එය පුබුදුවා තබා ගැනීමටත් උත්සාහ කළ ද ඉන් සැබවින්ම සිදුවන්නේ වරලසේ තෙල් සහිත බව වැඩි වී තව තවත් හැකිලී යාම පමණි. සරල ස්මාට් හැඩගැන්වීමකින් ඔබ අතින් ඉබේමෙන් වරලසට සිදුවන අතපත ගැසීම් පාලනය කරගත හැක.

වරලස කපා දැමීමට හදිසි නොවන්න!

වරලස කපා දැමීමට ප්‍රථම දෙවරක් සිතන්න (1080.plus)

වරලස කපා දැමීමට ප්‍රථම දෙවරක් සිතන්න (1080.plus)

ගෙල පුරා සහ මුහුණේ කටේ ඇලෙන සැම තැනම පැටලෙන මේ දිග වරලසෙන් අපි අතිශය වදවේදනා විඳ ඇති බව සැබෑවකි. එහෙත් එය කපා දැමීම ඊට විසඳුම නොවේ. සාමාන්‍යයෙන් කාන්තාවක් හිසකෙස් වියළී පිම්බි ගොස් තිබෙනු දුටු සැණින් රූපලාවන්‍යාගාරයකට දුව යන්නේ වරලස කොට කරගැනීමටයි. නමුත් අපේ අදහස නම් මෙය මීට සුදුසු පිළියමක් නොවන බවයි. ඇත්තෙන්ම එය අනුවණ තීරණයකි. දිග කෙස් කළඹකට ප්‍රිය කරන ඔබ අනේක අපහසුතා මධ්‍යයයේ වවා ගත් සුන්දර වරලස හදිසි වී කපා දමන්නේ කුමකට ද? සත්‍යවශයෙන්ම කිවහොත් දිග වරලසක් එහි බර නිසා පිම්බීමට තිබෙන ඉඩ සාපේක්ෂව අඩුය. මේ නිසා මුහුණ වටා පැතිරී තිබෙනු වෙනුවට එය පහතට කඩා හැලෙන ස්වභාවයක් ගනු ඇත. මේ නිසා වරලස හිසරදයක් ලෙස සලකා කපා දැමීමට ඉක්මන් නොවී දෙවරක් සිතා බලන්න. දිගු වරලසක් කාන්තාවකට ආශිර්වාදයක් වැනිය. කෙටි වරලසකට සාපේක්ෂව දිගු වරලසකින් කළ හැකි දේ අපමණය. වේදනාකාරී කොණ්ඩා ගස් දිගු කිරීම් හෝ බොරු කොණ්ඩා පිටින් එකතු කිරීම් වැනි දේ නොමැතිවම ඔබේ ස්වාභාවික කෙස් කලඹම භාවිතා කර ඕනෑම ආකාරයකින් එය හැඩ ගන්වා ගැනීමට හැකි වීමම කෙතරම් අපුරු දැයි මදකට සිතා බලන්න!

දිගු වරලසක් වුවද ඔබ සිතන තරම්ම නරක නොමැති බව ඔබට පැහැදිලිකරදීම මෙම ලිපියේ අරමුනයි. එය ඔබට හිරිහැරයක් කරදරයක් යැයි දැනුන හොත් ඔබ කළ යුත්තේ එය කපා දැමීම නොව එය හරිහැටි නඩත්තු කිරීමයි. එදිනෙදා මේ සරල පියවර කිහිපය අනුගමනය කරන ඔබට නැවත වරලසෙන් නම් කරදරයක් නොවන බව අපගේ විශ්වාසයයි. වෙහෙස වී වැවූ සුන්දර දිගු වරලසකට හිමිකම් කියන ඔබ අපහසු කොටස දැනටමත් සිදුකර අවසන්ය. දැන් ඉතිරිව ඇත්තේ එය ලොවට විදහා දැක්වීම පමණි. ඉතින් එයට කාලගුණය වන දෙයක් බාධාවක් කරගන්නේ ඇයි?

Related Articles