Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හරියට ඉන්ෂුවරන්ස් එකක් තෝරගන්නේ කොහොමද?

ඔබ වෙත ගෙන ආවේ

රක්ෂණාවරණයක් කියන්නේ ජීවිතයට වගේම ජීවිතය වගේ වටින වාහනයට, නිවසට, ඔබ අමාරුවෙන් ගොඩ නැගූ ව්‍යාපාරයට ඒවා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් හැම කෙනෙක්ම යොදන දෙයක්. ලෙඩ වුණාම දෑස් උඩයන බිල්පත් ආවාම, වාහනය හදිසි අනතුරකට ලක්වෙලා හදාගන්න ලොකු ගාණක් ගියාම, ව්‍යාපාර ස්ථානයට හදිසි අකටයුත්තක් සිදුවුණාම පිහිටට එන්නේ ඔබ ඊට පෙර සැලසුම් කර ලබාගත් ඉන්ෂුවරන්ස් එකයි.

කඩේට ගිහින් තේ කොළ පැකට් එකක් ගන්නට ගියත් විවිධ සමාගම්වල ඒවා අතට අරගෙන ඒවායේ විවිධ සංසන්දයන් කරමින් හොඳම තේරීමක් සිදුකළත් ඉන්ෂුවරන්ස් තෝරන්නට ගියාම බොහෝ දෙනෙක් තමා ළඟට පැමිණෙන නියෝජිතයෙක්ගේ කට වචනයට රැවටිලා එය හිස් මුදුනින් පිළිගෙන ඔවුන් කියන දේකට අවනත වනවා මිසක් ඔවුන් ලබා දෙන දේවල් සහ අනිකුත් සලකා බැලිය යුතු දේවල් පිළිබඳව සැලකිලිමත් වන්නේ නැහැ. මේ නිසා අන්තිමේ බොහෝ දෙනෙක් අමාරුවේ වැටෙන්නේ කරදරයක් වුණාටත් පසුවයි. එතකොට ඉතින් කොරේ පිටට මරේ තමයි.

b2cinsuranceleads.com

රක්ෂණ සැලසුමක් ගැනීමේදී බැලිය යුතු ප්‍රධානම කාරණයක් තමයි එහි මූල්‍යමය වටිනාකම.  අපි කඩේකින් බඩුවක් ගනිද්දිත් අඩුම මිල සෙව්වාට ‘ලාබ බඩුවේ හිලක් ඇතැ’යි කියන පැරණි කියමනත් අමතක කරන්නට බැහැ. මේ නිසා වඩාත් හොඳ විසඳුම බවට පත් වන්නේ අඩු මිලකට වැඩි ප්‍රතිලාභ ලැබෙන භාණ්ඩයක් හෝ සේවාවකුයි. ඉන්ෂුවරන්ස් එකක් ගනිද්දීත් එහෙමයි. අපි ගෙවන මුදල සාධාරණ මුදලක් විය යුතු අතර අපිට ඊට හොඳ ප්‍රතිලාභ ලැබෙන්නට අවශ්‍ය යි. මෙහිදී රක්ෂණ සමාගම් කිහිපයකම මිල ගණන් පිළිබඳව විමසිය යුතු වෙනවා. අගය ටිකක් වැඩි වුණත් ප්‍රතිලාභ හොඳ නම් ඔබට ඉන් හොඳ එකක් තෝරා ගැනීමට අදහස් කරද්දී ඔබේ ආදායම් තත්වය අනුව කොටස් වශයෙන් ගෙවීම් කරන්නට ඉන් අවස්ථාව ලැබේදැයි සැලකිලිමත් විය යුතුයි. ගෙවීම් සිදු කිරීමේදීත් ඇතැම් සමාගම් තමන්ගේ නියෝජිතයන් වාරික ලබා ගැනීම සඳහා ඔබ වෙත පැමිණෙන ආකාරයේ ඒවාත්, ඔබට ම ගොස් ගෙවීම් කරන්නට සිදුවන ඒවාත් තිබිය හැකියි. මෙම දෙවන අවස්ථාවේදී ඔබට ගෙවීම් කරන්නට ඔබ නිතරම පිවිසෙන සුපිරි වෙළඳසල හරහා හෝ අන්තර්ජාලය හරහාම හැකි නම් එය වඩාත් පහසුවක් වනු නොඅනුමානයි.

fthmb.tqn.com

ආවරණය වන ප්‍රමාණය රක්ෂණයේ මූලික වටිනාකම ලබා දෙන දෙයක්. ඔබ ජීවිත රක්ෂණයක් ගන්නවා නම් ඔබේ මරණයෙන් පස්සේ ඔබේ පවුලේ අයට එකවරම ගෙවන්නට සිදුවන වියදම්, වාරික ආදිය රක්ෂණාවරණය හරහා පියවා ගන්නට ඔවුන්ට හැකි වෙනවා නම් ඔබ මිය ගියාට පසුවත් ඔවුන්ට ණය නැති කෙනෙක් බවට පත් වෙන අතර ඒවා සමඟ ඔවුන් අසරණ වන්නේ නැහැ. රථ වාහන රක්ෂණයක් වුවත් වන්දි ලැබෙන ආකාරය ගැන කල්තියාම ඔබ දැනුවත් වී වෙනත් විකල්පයකට එළැඹීම හොඳයි.

scandiumfunds.com

හොඳ පාරිභෝගික සේවාවක් නොමැති රක්ෂණ සේවාවක් හරියට වලිගය නැති ගොනා වගේ. පිටේ වහපු මැස්සෙක්, එ් කිව්වේ නොසිතා ඔබේ කර මතටම පැමිණි කරදරයක් වුණු වෙලාවක ඔබ ඇමතුමක් ගත්තාම පාරිභෝගික සේවා නිලධාරියෙක් සම්බන්ධවන තුරු රැඳී හිඳින්නැයි කියමින් පැදුරු සාජ්ජයකට ආරාධනා කරන පටිගත කළ ගීතයක් එක දිගටම ධාවනය වන සේවාවක් නම් ඔබ තෝරා ගත්තේ ඔබේ ඉවසීමේ සීමාව පනිනවාට වෙනම රක්ෂණයක් ලබා ගන්නට සිදු වෙනවා. ඔබ රක්ෂණය ගන්නට පළමුවෙන් බොහොම ආදරයෙන් ඔබ ළඟටම ඇවිත් ඒ ගැන විස්තර කියනවා වගේම ලබා ගත්තාට පසුත් ඔබට සමාන සත්කාරයක් දක්වන සේවාවක් සහිත ආයතනයකුයි ඔබ තෝරා ගත යුත්තේ. මේ සඳහා දැනටම එම සේවාවන් භාවිත කරන යහළුවන් කිහිප දෙනෙකුගේ සහාය ඔබට ලබා ගත හැකි අතර ෆේස්බුක් වැනි සමාජ ජාල අඩවියක මේ ගැන විමසමින් ප්‍රශ්නයක් යොමු කිරීමෙන් ඔබට පහසුවෙන්ම ඒ ගැන දත්ත රැස් කරගත හැකියි. හුදෙක් දුරකථන ඇමතුම් වලටම සීමා නොවී නූතන තාක්ෂණික මාධ්‍යයන් වන වට්ස්ඇප්, වයිබර් ආදිය හරහා ද පැය 24ම ආවරණය කළ පාරිභෝගික සේවාවක් ලබා දෙන ආයතන මේ වන විටත් සමාජ ගතවී අවසන්.

pfichicago.com

ආයතනයේ විශ්වාසවන්තභාවය කියන්නේ ඔබ කිසි විටකත් අමතක නොකළ යුතු දෙයක්. ඔබ ඔබේ මුදල් සහ ජීවිතය හෝ දේපල කිසියම් රක්ෂණ සමාගමක් වෙනුවෙන් ඇපයට තබනවා නම් ඔවුන් ඒ සඳහා විශ්වාසවන්ත සමාගමක් විය යුතුයි. රක්ෂණාවරණයකදීත් සේවය සපයන්නා සහ ඔබ අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් තිබීම අවශ්‍ය යි. එය ඔබේ පසින් ගොඩ නගා ගන්නට නම් අදාල සමාගමේ කොන්දේසි කියවා බලා ඒවා හරහා ඔබව ආවරණය කරන ප්‍රමාණය මෙන්ම ආයතන ඉතිහාසය තුළ ඔවුන් කටයුතු කර ඇති ආකාරය පිළිබඳව පසුබිම් සොයාබැලීමක් මිතුරන්ගෙන් ඇසීමෙන් සිදු කළ යුතුයි. මේ නිසා හොඳ රක්ෂණ සමාගමක් තෝරා ගැනීම සඳහා නිසි ආකාර මඟපෙන්වීමක් ලබා දෙන සේවාවක සහාය ලබා ගැනීම කාලය ඉතිරි කරවන පහසු මඟක් බවට පත් වෙනවා.

මේ කරුණු කාරණා සැලකිල්ලට ගනිමින් ඔබත් ඔබේ රක්ෂණාවරණය නිසි ආකාරව තෝරාගත්තොත් ජීවිතය අතරමග සිදුවන කරදරවලට අමතරව රක්ෂණයත් කරදරයක් බවට පත්වීම වළක්වා ගන්නට පුළුවන්. ඒ සඳහා හොඳින් එකිනෙක සංසන්දනය කිරීමයි අවශ්‍ය වන්නේ.

කවරයේ ඡායාරූපය: indiaeducation.net

වැඩි විස්තර දැන ගැනීමට පිවිසෙන්න InsureMe.lk වෙත

Related Articles