Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ වසර 13ක අධ්‍යාපනයක් සහතික කිරීමට වැඩසටහනක් ඇරඹෙයි

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් කාලයක් විශාල ගැටළුවක් බවට පත්ව තිබුණේ අඩු අධ්‍යාපනයක් ලබන ලද සිසුන් පිරිසක් රැකියා තරගයට එක් වීම තුළින් ඔවුන් එතුළ පීඩාවට පත්වීම යි. අ‍.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වීමට නොහැකි වීම නිසා උසස් පෙළ වැඩිදුර අධ්‍යාපනය හදාරන්නට ඔවුන්ට නොහැකි වුණා. බො‍හෝ ක්ෂේත්‍රයන් සඳහා සාමාන්‍ය පෙළ සමත් බව අත්‍යාවශ්‍යයෙන් සලකන නිසා හොඳ රැකියාවකට යන්නට ඔවුන්ට නොහැකි වෙනවා. මේ ගැටළුව විසඳාලීම සඳහා ලාංකීය අධ්‍යාපන පද්ධතිය තුළ වසර 13ක අධ්‍යාපනයක් තහවුරු කිරීමට වැඩසටහනක් රජය අරඹා තිබෙනවා.

පෙබරවාරි 21 වන දා දියත් කෙරුණු මෙම වැඩසටහන මඟින් අනාගත රැකියා වෙළඳපොළට මානව සම්පත් පාසල් පද්ධතියෙන් බිහි කරලීමට කටයුතු සම්පාදනය කරලනවා. රැකියා වෙළඳපොළ හරහා තමාට එල්ලවන අභියෝග හමුවේ සම්ප්‍රදායික පාසල් අධ්‍යාපන පද්ධතියෙන් මෙතෙක් කල් නොලැබුණු ප්‍රායෝගික මඟපෙන්වීම මේ හරහා ලබාදෙනවා.

1 පාසල යනු පොතපත අධ්‍යයනය ම විය යුතු නොවේ (fhfff.com)

විවිධ දරුවන්ට තිබෙන්නේ විවිධ සහජ දක්ෂතාවන් රැසක්. එනමුත් වෛද්‍ය සහ ඉංජිනේරු සිහිනය ළමයින්ට එන්නත් කරන ලදුව, තමන්ගේ හැකියාවන් යටපත් කරගනිමින් පොතක ඇති නීරස කරුණු වෙත තමන්ගේ ජීවිතය කැප කරන්නට ඔවුන්ට සිදු වෙනවා. අවසානයේ සාමාන්‍ය පෙළ විභාගය සමත් වන්නට නොහැකි වුණු තැන රැකියාවකට හෝ පිවිසෙන්නට නොහැකිව රැකියා විරහිත තරුණ පිරිසක් බිහි වෙනවා. ඔවුන්ට කිසියම් වෙනත් අංශයකින් හැකියාවක් තිබුණත් එය ඔප් නංවාලන්නට නොහැකි අධ්‍යාපනික ක්‍රමයේ ඇති සිදුරු ඔවුන්ව අසරණ කරනු ලැබුවා.

විශ්වවිද්‍යාලයය පදනම් කරගත් පාසල් අධ්‍යාපනය ක්‍රමයක් මෙතරම් කාලයක් ශ්‍රී ලංකාව තුළ පැවති අතර එයට අවශ්‍ය සිසුන් පමණක් බිහි කර, පාසල කර්තව්‍යය අවසන් කරනු ලැබුවේ දරුවන් රැසක් නිකරුණේ පිටමං කරමින්. ඔවුන්ව ලොවට ගැලපෙන ශ්‍රම සම්පත බවට පත්කරන්නට පාසලට හැකියාවක් තිබුණේ නැහැ. දරුවන්ට අවශ්‍ය නිවැරදි පුහුණුව, මඟපෙන්වීම ලබාදීම සඳහා ‍අවශ්‍ය කටයුතු සම්පාදනය කරන නව වැඩසටහනින් පැහැදිලි අනාගතයක් සහිත දරුවන් පිරිසක් සමාජයට දායාද කිරීමේ වගකීම පවරා ගන්නවා. රට තුළ ඇතිව තිබෙන සමාජ හා ආර්ථික ගැටළුවට තිරසාර විසඳුමක් ගෙන ඒම එහි අරමුණ බවට පත්වෙනවා.

2 විවිධ සිසුන්ට විවිධ දක්ෂතා (unhabitat.org)

මෙම වැඩසටහන තුළින් රටේ සෑම දරුවෙක්ටම වසර 13ක් අධ්‍යාපනය හැදෑරීමට වරම් ලබා දෙනවා. උසස් පෙළට වෘත්තීය විෂය ධාරාව හඳුන්වා දී ඇති නිසා නූතන රැකියා වෙළඳපොළ ජයගත හැකි නව වෘත්තීය විෂයයන් 26ක් අතරින් තමා වඩාත් ප්‍රිය සහ දක්ෂතා දක්වන විෂයය ක්‍ෂේත්‍රයකින් ඉදිරි අධ්‍යාපනය ලැබීමට දරුවන්ට හැකියාව ලැබෙනවා. දේශීයව මෙන්ම විදේශීය ශ්‍රම වෙළඳපොළට පවා වඩාත් උචිත ශ්‍රම බලකායක් දායාද කිරීම මෙමඟින් සිදු වෙනවා. වසර 13ක් පුරාවට ලොවට වැඩදායී පුද්ගලයෙක් වෙමින් ආර්ථිකයට සවියක් වන්නට දැන් දරුවන්ට හැකියාව ලබා දෙනවා. ජාතික අධ්‍යාපන ආයතනය විසින් මේ සඳහා අවශ්‍ය විෂයය මාලා සකස් කිරීම, මොඩියුල සකස් කිරීම, ගුරු පුහුණු කටයුතු ක්‍රියාවට නැංවූ අතර මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට ආධුනික වූ නව විෂයයන් ඉගැන්වීම පිණිස පද්ධතිය තුළ පුහුණු ගුරුවරුන් සොයා ගැනීමේ අභියෝගයට ද සාර්ථකව මුහුණ දෙනු ලැබුවා.

2017 වස‍රේ සිට නියාමන අදියර දෙකක් යටතේ මූලිකව ක්‍රියාවට නැංවුණු මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් 2019 වසරේ සිට ජාතික මට්ටමින් එය ක්‍රියාවට නැංවීමට කටයුතු කර තිබෙනවා. 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනය වඩාත් තහවුරු කරමින් රටේ ඇතිව තිබෙන රැකියා අර්බුදයට, සමාජයීය ගැටළුවට සහ ලෝක ශ්‍රම බලකායෙහි ඇති සම්මත මට්ටම් වලට සරිලන සැපයුමක් ලංකාව තුළින් ගොඩනැගීම මින් සිදුවෙනවා. එවිට, කලින් පාසල හමාර කර එතෙක් කල් ගතකළ වසර ගණනාවම තමාගේ ජීවිතයේ කිසිදු තේරුමක් නැති කාල වකවානුවක් බවට පත් කර නොගෙන එය තමන්ගේ අනාගත රැකියාවෙහි ස්වර්ණමය අත්වැල බවට පරිවර්තනය කරගන්නට දරුවන්ට අධ්‍යාපන ක්‍රමය තුළින්ම අවස්ථාව උදා වෙනවා. එය ලංකාවේ කාලීන අවශ්‍යතාවක් සපුරාලීමක් නොවේ ද?

කවරය: geoex.com

Related Articles