Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවසීලන්තය වසර 16කට පසුව දැල්පන්දු ලෝක කුසලානය දිනාගනියි

15 වැනි ලෝක දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය පසුගිය දිනවල එංගලන්තයේ ලිවර්පූල් නුවර දී පැවැත්වුණා. එහිදී 2007 වසරේ සිට පිට පිටම තෙවරක් දැල්පන්දු ලෝක කුසලානය හිමිකරගෙන සිටි ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත්කරමින් 5 වැනි වරටත් දැල්පන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායමට හැකිවුණා. එම නිසාම මෙම ලිපිය වෙන්වන්නේ 2019 දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීමට යි.

තරගාවලියේ සමාරම්භක උළෙලේ අවස්ථාවක් (gettyimages)

තරගාවලිය සඳහා සහභාගි වුණු රටවල් 

මෙම තරගාවලිය සඳහා රටවල් 16ක් සහභාගි වුණා. එලෙස සහභාගි වුණු රටවල් කාණ්ඩ 4ක් යටතේ තරග වැදුණේ පහත ආකාරයට යි.

A කාණ්ඩය 

1) ඕස්ට්‍රේලියාව 

2) සිම්බාබ්වේ 

3) උතුරු අයර්ලන්තය 

4) ශ්‍රී ලංකාව 

B කාණ්ඩය 

1) නවසීලන්තය

2) මලාවි 

3) බාබඩෝස් 

4) සිංගප්පූරුව

C කාණ්ඩය 

1) දකුණු අප්‍රිකාව 

2) ජැමයිකාව 

3) ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ 

4) ෆිජී 

D කාණ්ඩය 

1) එංගලන්තය

2) උගන්ඩාව 

3) ස්කොට්ලන්තය 

4) සැමෝවා 

තරගාවලිය පැවැත්වුණු ආකාරය 

මූලික වටයේ තරගවල දී සෑම කණ්ඩායමකටම තරග 3ක් හිමිවුණා. එහිදී සෑම කාණ්ඩයකම මුල් ස්ථාන  ලබාගන්නා රටවල් තුන ඊළඟ වටයට සුදුසුකම් ලබන විට අවසන් ස්ථාන ලබාගන්නා රටවල් අතර වෙනම තරග වටයක් පැවැත්වුණේ 13-16 දක්වා ස්ථාන තෝරාගැනීමට යි. මූලික වටය අවසානයේ දී ඉහළින්ම සිටි රටවල් 12 නැවතත් 6 බැගින් කාණ්ඩ 2කට වෙන්කරමින් තරග වටයක් පැවැත්වුණා. ඉන් පසුව එම තරග වටයේ දී එක් එක් කාණ්ඩයක් ඉහළින්ම සිටි කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. අනතුරුව අවසන් පූර්ව තරගවල ජයග්‍රාහකයන් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර එම අවසන් තරගයේ ජයග්‍රාහකයාට අවසානයේ දී කුසලානය හිමිවුණා. 

මූලික වටයේ පළමු අදියරේ තරග ප්‍රතිඵල

පළමු තරග වටය අවසානයේ දී ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, මලාවි, උතුරු අයර්ලන්තය, බාබඩෝස්, ජැමයිකාව, උගන්ඩාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, සහ ස්කොට්ලන්තය යන රටවල් ඊළඟ වටයට සුදුසුකම් ලැබුවා.

A කාණ්ඩයේ තරග ප්‍රතිඵල

ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉතාමත් පහසුවෙන් මෙම කාණ්ඩයේ පෙරමුණ ගන්නා විට, තියුණු තරගයකින් පසුව උතුරු අයර්ලන්තය පරාජය කළ සිම්බාබ්වේ කණ්ඩායමට දෙවන ස්ථානය හිමිවුණා. 

ඕස්ට්‍රේලියාව  88-24 උතුරු අයර්ලන්තය

සිම්බාබ්වේ  79-49 ශ්‍රී ලංකාව 

ඕස්ට්‍රේලියාව  73-37 සිම්බාබ්වේ

උතුරු අයර්ලන්තය  67-50 ශ්‍රී ලංකාව 

ඕස්ට්‍රේලියාව  99-24 ශ්‍රී ලංකාව 

සිම්බාබ්වේ  51-49 උතුරු අයර්ලන්තය

ඕස්ට්‍රේලියා-සිම්බාබ්වේ තරගයේ අවස්ථාවක් (gettyimages)

B කාණ්ඩයේ තරග ප්‍රතිඵල

ප්‍රබල නවසීලන්ත කණ්ඩායම පහසුවෙන්ම කාණ්ඩයේ පෙරමුණ ගන්නා විට මලාවි කණ්ඩායම දෙවන ස්ථානය ලබාගත්තේ බාබඩෝස් කණ්ඩායම තුන්වැනි තැනට ඇද දමමින්.

නවසීලන්තය  64-45 මලාවි 

බාබඩෝස්  69-34 සිංගප්පූරුව

නවසීලන්තය  78-25 බාබඩෝස් 

මලාවි  87-38 සිංගප්පූරුව

නවසීලන්තය  89-21 සිංගප්පූරුව

මලාවි  65-41 බාබඩෝස් 

නවසීලන්තය-මලාවි තරගයේ අවස්ථාවක් (gettyimages)

C කාණ්ඩයේ තරග ප්‍රතිඵල

දකුණු අප්‍රිකානු කණ්ඩායම තියුණු සටනකින් පසුව කාණ්ඩයේ පළමු ස්ථානය දිනාගන්නා විට ජැමයිකාව, සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ කණ්ඩායම් පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථාන දිනාගත්තා.

ජැමයිකාව  85-29 ෆිජී 

දකුණු අප්‍රිකාව  76-45 ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ

ජැමයිකාව  68-43 ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ

දකුණු අප්‍රිකාව  90-35 ෆිජී 

දකුණු අප්‍රිකාව  55-52 ජැමයිකාව 

ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ 67-56  ෆිජී 

දකුණු අප්‍රිකා-ජැමයිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

D කාණ්ඩයේ තරග ප්‍රතිඵල

එංගලන්තය පහසුවෙන්ම කාණ්ඩයේ පළමු ස්ථානය ලබාගන්නා විට උගන්ඩාව, සහ ස්කොට්ලන්තය ඊළඟ වටය සඳහා සුදුසුකම් ලබාගත්තා.

එංගලන්තය  64-32 උගන්ඩාව 

ස්කොට්ලන්තය  53-35 සැමෝවා 

එංගලන්තය  70-34 ස්කොට්ලන්තය 

උගන්ඩාව  69-48 සැමෝවා 

එංගලන්තය  90-24 සැමෝවා 

උගන්ඩාව  52-43 ස්කොට්ලන්තය 

එංගලන්ත-උගන්ඩා තරගයේ අවස්ථාවක් (gettyimages)

මූලික වටයේ දෙවන අදියරේ තරග ප්‍රතිඵල

මූලික වටයේ පළමු අදියරේ තරග අවසන් වීමෙන් පසුව A සහ B කාණ්ඩ දෙකේ ඉහළින්ම සිටින රටවල් තුන  F කාණ්ඩයටත් C සහ D කාණ්ඩ දෙකේ ඉහළින්ම සිටින රටවල් තුන G කාණ්ඩයටත් ඇතුලත් වුණා. Iඊට අමතරව සෑම කාණ්ඩයකම  අවසන් ස්ථානය ලබාගන්නා රටවල් E කාණ්ඩය යටතේ තරග වැදුණා.

E කාණ්ඩයේ තරග ප්‍රතිඵල

සැමෝවා, ෆිජී, ශ්‍රී ලංකාව, සහ සිංගප්පූරුව යන රටවල් මෙම කාණ්ඩය යටතේ තරග වැදුණා. ඒ අනුව කාණ්ඩයේ පළමු ස්ථාන ලබාගන්නා රටවල් දෙක 13 වැනි ස්ථානය තේරීමේ තරගයටත් අවසන් ස්ථාන 2ක ලබාගන්නා රටවල් දෙක 16 වැනි ස්ථානය තේරීමේ තරගයටත් සුදුසුකම් ලබාගැනීමට නියමිතව තිබුණා.

ශ්‍රී ලංකාව  88-50 සිංගප්පූරුව

සැමෝවා  55-54 ෆිජී 

ෆිජී  71-56 සිංගප්පූරුව

සැමෝවා  65-55 ශ්‍රී ලංකාව 

ෆිජී  59-44 ශ්‍රී ලංකාව 

සැමෝවා  63-49 සිංගප්පූරුව

සැමෝවා-ෆිජී  තරගයේ අවස්ථාවක් (gettyimages)

F කාණ්ඩයේ තරග ප්‍රතිඵල

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මලාවි, සිම්බාබ්වේ, උතුරු අයර්ලන්තය, සහ බාබඩෝස් යන කණ්ඩායම් මෙම කාණ්ඩය යටතේ තරග වැදුණා. එහිදී A කාණ්ඩය යටතේ තරග කරමින් මෙම කාණ්ඩයට සුදුසුකම් ලැබූ රටවල් B කාණ්ඩය යටතේ තරග වැදී මෙම කාණ්ඩයට සුදුසුකම් ලැබූ රටවල් සමග තරග කළා. ඒ අනුව  ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ නවසීලන්තය කණ්ඩායම පිළිවෙලින් පළමු සහ දෙවන ස්ථාන දිනාගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

නවසීලන්තය  79-36 සිම්බාබ්වේ

මලාවි  47-43 උතුරු අයර්ලන්තය

ඕස්ට්‍රේලියාව  91-22 බාබඩෝස් 

නවසීලන්තය  77-28 උතුරු අයර්ලන්තය 

ඕස්ට්‍රේලියාව  74-25 මලාවි 

සිම්බාබ්වේ  66-41 බාබඩෝස් 

උතුරු අයර්ලන්තය  46-43 බාබඩෝස් 

ඕස්ට්‍රේලියාව  50-49 නවසීලන්තය

සිම්බාබ්වේ 59-43  මලාවි 

ඕස්ට්‍රේලියා-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

G කාණ්ඩයේ තරග ප්‍රතිඵල

එංගලන්තය, දකුණු අප්‍රිකාව, ජැමයිකාව, උගන්ඩාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් මෙම කාණ්ඩය යටතේ තරග වැදුණා. එහිදී C කාණ්ඩය යටතේ තරග කරමින් මෙම කාණ්ඩයට සුදුසුකම් ලැබූ රටවල් D කාණ්ඩය යටතේ තරග වැදී මෙම කාණ්ඩයට සුදුසුකම් ලැබූ රටවල් සමග තරග කළා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම පිළිවෙලින් පළමු සහ දෙවන ස්ථාන දිනාගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

එංගලන්තය  56-48 ජැමයිකාව 

උගන්ඩාව  57-54 ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ 

දකුණු අප්‍රිකාව  66-38 ස්කොට්ලන්තය 

එංගලන්තය  72-46 ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ 

ජැමයිකාව  67-36 ස්කොට්ලන්තය

දකුණු අප්‍රිකාව  67-40 උගන්ඩාව 

ස්කොට්ලන්තය  43-43 ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ  

ජැමයිකාව  57-39 උගන්ඩාව

එංගලන්තය  58-47 දකුණු අප්‍රිකාව 

එංගලන්ත-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

අවසන් පූර්ව වටය 

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබාගත්තේ ලෝක දැල්පන්දු පිටියේ සිටින ප්‍රබලම කණ්ඩායම් 4ක් වුණු ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, සහ දකුණු අප්‍රිකාව යි.

පළමු අවසන් පූර්ව තරගය 

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණු මෙම තරගයේ පළමු වට දෙක අවසන් වන විට ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම 31-23ක් ලෙසින් තරගයේ පෙරමුණ ගත්තා. නමුත් දකුණු අප්‍රිකානු කණ්ඩායම තෙවන වටයේ දී දක්ෂ ලෙස තරග කරමින් ලකුණු තත්ත්වය 43-39ක් බවට පත්කළත් අවසානයේ දී 55-53ක් ලෙසින් තරගය ජයග්‍රහණය කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම යි.

ඕස්ට්‍රේලියා-දකුණු අප්‍රිකා අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

දෙවන අවසන් පූර්ව තරගය 

එංගලන්තය සහ නවසීලන්තය තරග වැදුණු මෙම අවසන් පූර්ව තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත්තා. එහිදී පළමු වටය නවසීලන්තය 12-9ක් ලෙසින් ජයග්‍රහණය කරන විට දෙවන වටය එංගලන්තය ජයග්‍රහණය කළේ 15-9ක් ලෙසින්. ඒ අනුව තරගයේ වට 2ක් අවසන් වන විට එංගලන්තය 24-21ක් ලෙසින් ඉදිරියෙන් සිටියා. නමුත් තෙවන තරග වටයේ ඉතාමත් ප්‍රබල රටාවක නිරතවුණු නවසීලන්තය එම වටය අවසානයේ දී 36-33ක් ලෙසින් තරගයේ පෙරමුණ ගත්තා. ඉන් පසුව පැවති තීරණාත්මක අවසන් වටය එංගලන්තය 12-11ක් ලෙසින් ජයග්‍රහණය කළත් අවසන් ප්‍රතිඵලයට අනුව නවසීලන්තය තරගය ජයග්‍රහණය කළේ 47-45ක් ලෙසින්.

නවසීලන්ත-එංගලන්ත අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

තරගාවලියේ ලෝකඩ පදක්කම එංගලන්තයට 

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති මෙම තරගයේ පළමු වට 2ක අවසන් වන විට එංගලන්තය 29-22ක් ලෙසින් පෙරමුණේ පසුවුණා. ඉන් පසුව වඩාත් ආක්‍රමණශීලී තරග රටාවක නිරත වුණු එංගලන්තය අවසානයේ දී තරගය ජයග්‍රහණය කළේ 58-42ක් ලෙසින්

ලෝකඩ පදක්කම සඳහා පැවති තරගයේ අවස්ථාවක්. (gettyimages)

නවසීලන්තය දැල්පන්දු ලෝක කුසලානය දිනාගනියි 

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු මෙම තරගයේ උද්වේගකර පළමු වටය අවසානයේ දී ලකුණු තත්ත්වය 10-10ක් ලෙසින් සටහන් වුණා. ඉන් පසුව දෙවන සහ තුන්වන තරගවටවල දී වේගවත් තරග රටාවක නිරතවුණු නවසීලන්තය 41-37 ලෙසින් තරගයේ පෙරමුණ ගත්තා. අනතුරුව පැවති තීරණාත්මක අවසන් වටයේ දී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම යළි තරගයට අවතීර්ණ වෙමින් එම වටය 14-11ක් ලෙසින් ජයග්‍රහණය කළත් අවසන් ලකුණු තත්ත්වය අනුව 52-51 ලෙසින් තරගය ජයග්‍රහණය කළේ නවසීලන්තය යි. ඒ අනුව 2007-2019 කාල සමය තුළ දැල්පන්දු ලෝක ශූරියන් ලෙසින් වැජඹුණු ඕස්ට්‍රේලියාවට එම කිරුළ අහිමි වුණේ නවසීලන්තය හමුවේ ලද පරාජයත් සමගින්.

දැල්පන්දු ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

තරගාවලිය තුළ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩිකාවන් 

තර්ජිනී සිවලිංගම් (ශ්‍රී ලංකාව ) – ලකුණු 348

ජැනිලේ ෆව්ලර් (ජැමයිකාව ) – ලකුණු 304

ලෙනිසේ පොට්ගිටර් (දකුණු අප්‍රිකාව ) – ලකුණු 271

ජොආන් හාට්න් (එංගලන්තය) – 216

ජොයිස් මවුලා (මලාවි) – 216 

තර්ජිනී සිවලිංගම් (gettyimages)

Related Articles