Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 වොලිබෝල් ලෝක කුසලාන තරගාවලියේ තොරතුරු

වසර 4කට වරක් පවත්වන වොලිබෝල් ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙවරත් සත්කාරකත්වය ලබාදුන්නේ ජපානය යි. එම තරගාවලිය යටතේ පැවැත්වුණු කාන්තා තරග සැප්තැම්බර් 14-29 කාල සීමාව තුළ පැවැත්වුණු අතර පිරිමි තරග ඔක්තෝබර් 1-15 කාලය තුළ පැවැත්වුණා. එහි දී බ්‍රසීලය 3 වැනි වරටත් පිරිමි අංශයේ ශූරතාවය හිමිකරගන්නා විට චීනය කාන්තා අංශයේ ශූරතාවය හිමිකරගත්තේ 5 වැනි වරට යි.

පිරිමි වොලිබෝල් ලෝක කුසලාන තරගාවලිය

1965 වසරේ දී ආරම්භ වුණු මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ 14 වැනි වරට යි. රටවල් 12ක් සහභාගි වුණු තරගාවලියේ ශූරතාවය දිනාගත් බ්‍රසීල කණ්ඩායම ඔවුන් සහභාගි වුණු තරග 11ම ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.

තරගාවලිය සඳහා සහභාගි වුණු රටවල්  

මෙම තරගාවලිය සඳහා රටවල් 12ක් තෝරාගනු ලැබුවා. එහි දී සත්කාරක රට වුණු ජපානය මෙන්ම  2018 වොලිබෝල් ලෝක ශූරතා තරගාවලියේ ශූරයන් වුණු පෝලන්තය මෙම තරගාවලිය සඳහා මුලින්ම සුදුසුකම් ලැබුවා. ඉතිරි රවටල් 10 තෝරාගැනීමේ දී සලකා බැලුවේ 2019 ජනවාරි 1 වැනිදා වන විට  වොලිබෝල් ශ්‍රේණිගතකිරීම්වල රටවල් පසුවුණු ස්ථාන යි. ඒ අනුව යුරෝපය, දකුණු ඇමරිකාව, උතුරු ඇමරිකාව, අප්‍රිකාව, සහ ආසියාව යන මහද්වීපවලින් රටවල් 2ක බැගින් තෝරාගනු ලැබුවා. එහි දී ඕස්ට්‍රේලියා සහ ආසියා මහද්වීප දෙකම ඒකාබද්ධ කර රටවල් 2ක් තෝරාගනු ලැබුවා. එලෙස තරගාවලිය සඳහා කණ්ඩායම්  තෝරාගැනීමෙන් පසුව තරගාවලියට එක්වුණේ පහත කණ්ඩායම් 12 යි. 

1) ජපානය  – සත්කාරක රට 

2) පෝලන්තය – 2018 වොලිබෝල් ලෝක ශූරයන් 

3) බ්‍රසීලය – දකුණු ඇමරිකා කලාපය 1

4) ආජන්ටිනාව – දකුණු ඇමරිකා කලාපය 2

5) ඉතාලිය – යුරෝපා කලාපය 1

6) රුසියාව – යුරෝපා කලාපය 2

7) ඉරානය – ආසියා කලාපය 1

8) ඕස්ට්‍රේලියාව – ආසියා කලාපය 2

9) ඇමරිකාව – උතුරු ඇමරිකා කලාපය 1

10) කැනඩාව – උතුරු ඇමරිකා කලාපය 2

11) ඊජිප්තුව – අප්‍රිකා කලාපය 1

12) ටියුනීසියාව – අප්‍රිකා කලාපය 2

තරගාවලියට සහභාගි වුණු රටවල් කාණ්ඩවලට බෙදුණු ආකාරය 

තරගාවලිය සඳහා එක්වුණු රටවල් 12 කාණ්ඩ 2කට බෙදා වෙන්කරනු ලැබුවා. එහි දී A සහ B කාණ්ඩ 2ට රටවල් වෙන්වුණේ පහත ආකාරයට යි.

A කාණ්ඩය 

1) ජපානය 

2) ඇමරිකාව 

3) ඉතාලිය 

4) පෝලන්තය 

5) ආජන්ටිනාව 

6) ටියුනීසියාව

B කාණ්ඩය 

1) බ්‍රසීලය 

2) රුසියාව  

3) කැනඩාව  

4) ඉරානය 

5) ඊජිප්තුව  

6) ඕස්ට්‍රේලියාව 

තරගාවලිය පැවැත්වුණු ආකාරය 

තරගාවලියේ පළමු වටයේ දී සෑම කණ්ඩායමක් ම තම කාණ්ඩයේ සිටි ඉතිරි කණ්ඩායම් 5 සමග තරග කළා.

ඉන් අනතුරුව පැවැත්වුණු 2 වැනි සහ 3 වැනි තරගවටවල දී සෑම රටක්ම සෙසු කාණ්ඩයේ සිටි රටවල් 6 සමගින් තරග වැදුණා. එලෙස පැවැත්වුණු තරගවට 3ම අවසානයේ දී වැඩිම ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් ලබාගත් රටට ජයග්‍රහණය හිමිවුණා.

පළමු වටය අවසන් වන විට බ්‍රසීලය පෙරමුණේ පසුවුණා 

පළමු වටය යටතේ පැවති තරගවල දී B කාණ්ඩය යටතේ බ්‍රසීලය සහභාගි වුණු තරග 5ම ජයග්‍රහණය කළා. එහි දී කැනඩාව, ඕස්ට්‍රේලියාව, සහ රුසියාව යන රටවල් තරගවට 3-0කින් පරාජය කළ බ්‍රසීල ක්‍රීඩකයන් ඉරානය සහ ඊජිප්තුවට එරෙහිව පැවති තරග ජයග්‍රහණය කළේ තරග වට 3-1ක් ලෙසින්. B කාණ්ඩයේ තරගවල දී බ්‍රසීලය පෙරමුණ ගන්නා විට A කාණ්ඩය යටතේ පැවති තරගවල දී පෝලන්තය සහ ඇමරිකාව තරග 4 බැගින් ජයග්‍රහණය කළා. එහි දී ඇමරිකාව ආජන්ටිනාවට පමණක් පරාජය ලබන විට පෝලන්තය පරාජයට පත්වුණේ ඇමරිකාව හමුවේ යි.

බ්‍රසීල-ඉරාන් තරගයේ අවස්ථාවක් (tehran times)

දෙවන වටයේ දී බ්‍රසීලය සහ පෝලන්තය කරට කර සටනක නිරත වුණා 

දෙවන වටයේ තරගවල දී බ්‍රසීලය සහ පෝලන්තය ඔවුන් මුහුණදුන් තරග 3ම ජයග්‍රහණය කරන විට ඇමරිකාව තරගවට 3-0ක් ලෙස පරාජයට පත්වුණේ බ්‍රසීලය හමුවේ යි. ඒ අනුව තරගාවලියේ දෙවන වටය අවසන් වන විට තරග 8ම ජයග්‍රහණය කළ බ්‍රසීලය පෙරමුණේ පසුවන විට ඔවුන්ට අභියෝගයක් එල්ල කළේ තරග අටෙන් 7ක් ජයග්‍රහණය කළ පෝලන්තය යි. 

බ්‍රසීල කණ්ඩායම (panamasports.org)

බ්‍රසීලය පිරිමි වොලිබෝල් ලෝක කුසලානය දිනාගනියි

තරගාවලියේ අවසන් වටයට එලඹෙන විට ශූරතාවය සඳහා සටන පැවතුණේ බ්‍රසීලය සහ පෝලන්තය අතර යි. ඒ අනුව තරගාවලියේ අවසන් වටය යටතේ පැවත්වුණු බ්‍රසීල-පෝලන්ත තරගයේ ජයග්‍රාහකයන්ට තරගාවලියේ ශූරයන් වීමේ අවස්ථාව ලැබුණා. මුල සිටම ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් බ්‍රසීල-පෝලන්ත තරගයේ පළමු වටයේ ජය 25-19ක් ලෙස හිමිවුණේ පෝලන්තයට යි. නමුත් ඉන් පසුව පැවති තරගවට 2ම 25-23 සහ 25-19 ලෙස ජයග්‍රහණය කළේ බ්‍රසීලය යි. එලෙස බ්‍රසීලය දෙසට නැඹුරු වුණු තරගය යළි සමබර කළ පෝලන්ත ක්‍රීඩකයින් සිව්වන වටය 25-16ක් ලෙසින් ජයග්‍රහණය කළා. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා තේරීම සඳහා පැවැත්වුණු 5 වැනි වටය 15-11 ලෙස ජයග්‍රහණය කළ බ්‍රසීලය ප්‍රබල පෝලන්ත කණ්ඩායම හමුවේ තරගවට 3-2ක ජයක් ලැබුවා. එලෙස බ්‍රසීලය ලබාගත් ජයග්‍රහණයෙන් පසුව ඔවුන්ට තරගවැදීමට සිදුවුණේ ජපානය සහ ඉතාලිය සමග යි. එම තරග දෙකත් පහසුවෙන්ම ජයග්‍රහණය කළ බ්‍රසීලය පිරිමි වොලිබෝල් ලෝක කුසලානය ජයග්‍රහණය කළේ තරග 11ම ජයග්‍රහණය කරමින්.

බ්‍රසීල-පෝලන්ත තරගයේ අවස්ථාවක් (insidethegames.biz)

තරගාවලිය අවසානයේ දී ස්ථාන බෙදුණු ආකාරය 

බ්‍රසීලය පහසුවෙන්ම රන් පදක්කම දිනාගන්නා විට රිදී සහ ලෝකඩ පදක්කම් හිමිවුණේ පෝලන්තය සහ ඇමරිකාව යන රටවල්වලට යි. ඒ අනුව තරගාවලිය අවසානයේ දී ස්ථාන බෙදුණේ පහත ආකාරයට යි.

1) බ්‍රසීලය                  

2) පෝලන්තය 

3) ඇමරිකාව 

4) ජපානය 

5) ආජන්ටිනාව 

6) රුසියාව

7) ඉතාලිය 

8) ඉරානය 

9) කැනඩාව 

10) ඊජිප්තුව

11) ඕස්ට්‍රේලියාව 

12) ටියුනීසියාව  

කාන්තා වොලිබෝල් ලෝක කුසලාන තරගාවලිය

1973 වසරේ දී ආරම්භ වුණු මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ 13 වැනි වරට යි. රටවල් 12ක් සහභාගි වුණු තරගාවලියේ ශූරතාවය දිනාගත්තේ ප්‍රබල චීන කාන්තා වොලිබෝල් කණ්ඩායම යි. එහි දී ඔවුන් ශූරතාවය දිනාගත්තේ ක්‍රීඩාකළ  තරග 11ම ජයග්‍රහණය කරමින්.

තරගාවලිය සඳහා සහභාගි වුණු රටවල්  

මෙම තරගාවලිය සඳහා රටවල් 12ක් තෝරාගනු ලැබුවා. එහි දී සත්කාරක රට වුණු ජපානය මෙන්ම  2018 වොලිබෝල් ලෝක ශූරතා තරගාවලියේ ශූරියන් වුණු සර්බියාව මෙම තරගාවලිය සඳහා මුලින්ම සුදුසුකම් ලැබුවා. මෙම තරගාවලිය සඳහා සහභාගි වුණු ඉතිරි රවටල් 10 තෝරාගනු ලැබුවේ පිරිමි තරගාවලියේ දී මෙන් ශ්‍රේණිගතකිරීම් සලකා බැලීමෙන්.

1) ජපානය  – සත්කාරක රට 

2) සර්බියාව – 2018 වොලිබෝල් ලෝක ශූරියන්  

3) බ්‍රසීලය – දකුණු ඇමරිකා කලාපය 1

4) ආජන්ටිනාව – දකුණු ඇමරිකා කලාපය 2

5) රුසියාව – යුරෝපා කලාපය 1

6) නෙදර්ලන්තය – යුරෝපා කලාපය 2

7) චීනය – ආසියා කලාපය 1

8) දකුණු කොරියාව – ආසියා කලාපය 2

9) ඇමරිකාව – උතුරු ඇමරිකා කලාපය 1

10)ඩොමිනිකන් සමූහාණ්ඩුව – උතුරු ඇමරිකා කලාපය 2

11) කැමරූන් – අප්‍රිකා කලාපය 1

12) කෙන්යාව – අප්‍රිකා කලාපය 2

තරගාවලියට සහභාගි වුණු රටවල් කාණ්ඩවලට බෙදුණු ආකාරය 

තරගාවලිය සඳහා එක්වුණු රටවල් 12 කාණ්ඩ 2කට බෙදා වෙන්කරනු ලැබුවා. එහි දී A සහ B කාණ්ඩ 2ට රටවල් වෙන්වුණේ පහත ආකාරයට යි.

A කාණ්ඩය 

1) ජපානය 

2) චීනය  

3) රුසියාව  

4) දකුණු කොරියාව  

5) ඩොමිනිකන් සමූහාණ්ඩුව

6) කැමරූන් 

B කාණ්ඩය 

1) බ්‍රසීලය 

2) සර්බියාව   

3) ඇමරිකාව   

4) නෙදර්ලන්තය 

5) ආජන්ටිනාව  

6) කෙන්යාව 

චීනය සහ ඇමරිකාව පළමු වටයේ පෙරමුණ ගනියි 

පළමු වටය යටතේ පැවති තරගවල දී  A කාණ්ඩය යටතේ තරගවැදුණු චීනයත්, B කාණ්ඩය යටතේ තරග කළ ඇමරිකාවත් තරග 5 බැගින් ජයග්‍රහණය කළා. එහි දී චීනය හමුවේ ජපානය, රුසියාව, දකුණු කොරියාව, ඩොමිනිකන් සමූහාණ්ඩුව, සහ කැමරූන් යන රටවල් පරාජය වන විට ඇමරිකාව හමුවේ පරාජය වුණේ බ්‍රසීලය, ආජන්ටිනාව, සර්බියාව, කෙන්යාව, සහ නෙදර්ලන්තය යන රටවල් පහ යි.

චීන ක්‍රීඩිකාවක් පහරක් එල්ල කරමින් (gettyimages)

චීනය ප්‍රබල ඇමරිකානු කණ්ඩායම පරාජය කරමින් තරගාවලියේ පෙරමුණ ගනියි 

චීන කණ්ඩායමට තරගාවලියේ ශූරතාවය දිනාගැනීම සඳහා තීරණාත්මක තරගය පැවැත්වුණේ ඇමරිකාව සමග යි. එය තියුණු තරගයක් වනු ඇතැ යි බොහෝ දෙනෙකු අනුමාන කළත් චීනය හමුවේ ඇමරිකාවට සුපුරුදු දස්කම් පෙන්වීමට හැකිවුණේ නැහැ. එම නිසා 25-16, 25-17, සහ 25-22 ලෙස ලකුණු ලබාගනිමින් චීනය තරගවට 3-0ක පහසු ජයක් ලබාගත්තා. ඒ අනුව තරගාවලියේ දෙවන වටය අවසන් වන විට තරග 8ම ජයග්‍රහණය කළ චීනය පෙරමුණේ පසුවුණා.

චීන-ඇමරිකා තරගයේ අවස්ථාවක් (usavolleyball.org)

චීනය කාන්තා වොලිබෝල් ලෝක කුසලානය දිනාගනියි

පළමු තරගවට දෙකේ දී සුපිරි දස්කම් දැක්වූ චීනය තෙවන වටයේ දී සිය රිද්මය රඳවාගත්තා. එම නිසාම ඔවුන් එම වටය යටතේ පැවති තරග තුනත් පහසුවෙන්ම ජයග්‍රහණය කළේ කාන්තා වොලිබෝල් ලෝක කුසලානය ජයග්‍රහණය කරමින්. එහි දී ඔවුන් අතින් 2018 වොලිබෝල් කාන්තා ලෝක ශූරතාවය දිනාගත් සර්බියානු කණ්ඩායම තරගවට 3-0 ලෙසින් පරාජය වීම සුවිශේෂී සිදුවීමක් වුණා.

චීන-සර්බියා තරගයේ අවස්ථාවක් (gettyimages)

තරගාවලිය අවසානයේ දී ස්ථාන බෙදුණු ආකාරය 

චීනය තරග 11ම ජයග්‍රහණය කරමින් රන් පදක්කම දිනාගන්නා විට රිදී සහ ලෝකඩ පදක්කම් හිමිවුණේ ඇමරිකාව සහ රුසියාව යන රටවල්වලට යි. ඒ අනුව තරගාවලිය අවසානයේ දී ස්ථාන බෙදුණේ පහත ආකාරයට යි.

1) චීනය                  

2) ඇමරිකාව  

3) රුසියාව  

4) බ්‍රසීලය 

5) ජපානය  

6) දකුණු කොරියාව 

7) ඩොමිනිකන් සමූහාණ්ඩුව 

8) නෙදර්ලන්තය

9) සර්බියාව  

10) ආජන්ටිනාව 

11) කෙන්යාව

12) කැමරූන්  

කවරයේ ඡායාරූපය - ශූරතාවය දිනාගත් චීන කාන්තා කණ්ඩායම (gettyimages)

Related Articles