Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇෆ්ගනිස්ථාන්-පාකිස්ථානු තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 36 වැනි තරගය ලීඩ්ස් නුවර හෙඩිංලි පිටියේ දී පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය  අතර යි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට ප්‍රබල සටනක් ලබාදෙමින් සිටින පාකිස්ථානු කණ්ඩායමට මෙම තරගය ඉතාමත් වැදගත් එකක්. එසේම සිය ගෞරවය බේරාගැනීම සඳහා සටහන් වදිමින් සිටින ඇෆ්ගනිස්ථානු කණ්ඩායමටත් මෙම ජයග්‍රහණය අවශ්‍යම එකක්. එම නිසාම දකුණු ආසියානු කලාපයේ රටවල් දෙකක් අතර පැවැත්වෙන මෙම තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇති.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඇෆ්ගනිස්ථාන්-පාකිස්ථානු ගැටුම්

2015 ලෝක කුසලාන තරගාවලිය සඳහා පමණක් ක්‍රීඩා කර ඇති ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම ලෝක කුසලාන තරගයක දී තවමත් පාකිස්ථානයට එරෙහිව තරග වැදී නැහැ. එම නිසාම මෙම කණ්ඩායම් දෙක හමුවන මෙම තරගය කණ්ඩායම් දෙකටම සුවිශේෂී තරගයක් බවට පත්වනවා ඇති.

2015 ලෝක කුසලාන තරගාවලියේ දී තරග වැදුණු ඇෆ්ගනිස්ථානු කණ්ඩායම (gettyimages)

ලීඩ්ස් නුවර හෙඩිංලි පිටිය පිළිබඳව දත්තයන් 

පසුගිය වසර 8 තුළ හෙඩිංලි තණතීරුව වඩාත් යෝග්‍ය වුණේ පිතිකරුවන්ට යි. ලෝක කුසලාන තරගාවලියට පෙර මෙම පිටියේ පැවති ප්‍රතිඵලයක් ලැබුණු දිවා තරග 5හි මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 302ක්. නමුත් මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම පිටියේ පැවති ශ්‍රී ලංකා-එංගලන්ත තරගයේ දී පිතිකරුවන්ට එතරම් දස්කම් පෙන්වීමට නොහැකි වුණා.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද? 

හෙඩිංලි පිටියේ දී පැවති තීරණයක් ලැබුණු අවසන් දිවා එක්දින තරග 6 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා හෙඩිංලි පිටියේ පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන්-පාකිස්ථානු තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ පැවති තීරණයක් ලැබුණු අවසන් දිවා එක්දින තරග 6න් 4ක් ජයග්‍රහණය කර තිබෙන්නේ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම යි. එම නිසාම මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගන්නා නායකයා මුලින්ම පන්දුවට පහරදීම තෝරාගැනීමට ඇති ඉඩ වැඩියි. 

හෙඩිංලි පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා 

පාකිස්ථානු කණ්ඩායම 2001 වසරෙන් පසුව හෙඩිංලි පිටියේ දී එක්දින තරගයක් ජයග්‍රහණය කර නැහැ. එම කාල සීමාව තුළ ඔවුන් මෙම පිටියේ දී එක්දින තරග 3ක් පරාජයට පත්වුණේ එංගලන්ත කණ්ඩායම හමුවේ යි. ඇෆ්ගනිස්ථානු කණ්ඩායම හෙඩිංලි පිටියේ දී එක්දින තරගයක් ක්‍රීඩා කරන්නේ පළමු වරට යි. එම නිසාම ඔවුන්ට මෙම තරගය අමතක නොවන එකක් වනු ඇති.

පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වුණු එක්දින තරග 

අවසන් වසර 5 තුළ මෙම කණ්ඩායම් දෙක ආසියානු කුසලාන තරගාවලිය යටතේ පැවති තරගවල දී අවස්ථාවන් 2ක තරග කළා. එහි අවසන් වරට 2018 ආසියානු කුසලාන තරගාවලිය යටතේ පැවති තරගයේ දී හෂ්මතුල්ලා ෂහිඩි ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් නොදැවී ලකුණු 97ක් ද, ඉමාම් උල් හක් පාකිස්ථානය වෙනුවෙන් ලකුණු 80ක් ද ලබාගෙන පිත්තෙන් දස්කම් දැක්වුවා.

2014 ආසියානු කුසලාන තරගාවලිය

පාකිස්ථානය – 248/8 (50)

ඇෆ්ගනිස්ථානය – 176/10 (47.2)

පාකිස්ථානයට ලකුණු 72ක ජයක් 

2018 ආසියානු කුසලාන තරගාවලිය

ඇෆ්ගනිස්ථානය – 257/6 (50)

පාකිස්ථානය – 258/7 (49.3)

පාකිස්ථානයට කඩුලු 3ක ජයක්  

2014 ආසියානු කුසලාන තරගාවලියේ පාකිස්ථාන්-ඇෆ්ගනිස්ථානු තරගයේ අවස්ථාවක්  (gettyimages)

අද පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන්-පාකිස්ථානු තරගය පිළිබඳව

පාකිස්ථානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම අතර මේ දක්වා පවත්වා තිබෙන්නේ එක්දින තරග 3ක් පමණ යි. එම තරග තුනම ජයග්‍රහණය කර තිබෙන්නේ පාකිස්ථානු කණ්ඩායම යි. අද පැවැත්වෙන තරගය පාකිස්ථානු කණ්ඩායමට තරගාවලිය තුළ තවදුරටත් රැඳී සිටීම සඳහා අවශ්‍යම එකක් නිසා ඔවුන් සිය උපරිම ශක්තිය යොදමින් තරගය ක්‍රීඩා කරනු ඇති. එසේම ඇෆ්ගනිස්ථානු කණ්ඩායම අවසන් වරට ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තරගය ඉතාමත් හොඳින් ක්‍රීඩාකළ නිසා තරගාවලිය තුළ ඔවුන් ලබාගන්නා මුල්ම ජයග්‍රහණය මෙම තරගයේ දී ලබාගත්තොත් එය පුදුමයට පත් නොවිය යුතු සිදුවීමක්.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles