Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕස්ට්‍රේලියා-එංගලන්ත අවසන් පූර්ව තරගය පිළිබඳ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය බර්මින්හැම් නුවර එජ්බැස්ටන් පිටියේ දී පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර යි. ක්‍රිකට් පිටියේ සිටින ප්‍රබලම ප්‍රතිවාදීන් දෙදෙනෙකු හමුවන මෙම අවසන් පූර්ව තරගය උද්වේගකර එකක් වීමට ඇති ඉඩ වැඩියි. එසේම 1992 වසරෙන් පසුව එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකට සුදුසුකම් ලබාගත් එංගලන්ත කණ්ඩායම පිළිබඳව මෙම අවස්ථාව ලෙහෙසියෙන් අතහරින එකක් නැහැ. වත්මන් ලෝක ශූරයන් වන ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් මෙම තරගය සඳහා අවතීර්ණ වන්නේ ඔවුන්ගේ කිරුළ රැකගැනීමේ අරමුණෙන්. එම නිසාම ලොව පුරා සිටින සියලුම ක්‍රිකට් ප්‍රේක්ෂකයන් උනන්දුවෙන් බලා සිටින මෙම තරගය පිළිබඳව පෙර විමසුමක් මෙලෙසින් ඔබ වෙතට ගෙන එනවා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් පූර්ව තරගය දක්වා පැමිණි ආකාරය

2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වුණු ප්‍රබලම කණ්ඩායම් අතුරින් එකක් වුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම මූලික වටය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවුණා. එහිදී ඕස්ට්‍රේලියා කණ්ඩායම සහභාගි වුණු තරග 9න් 7ක් ජයග්‍රහණය කළා. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම මූලික වටයේ තරගවල දී ලබාගත් ප්‍රතිඵල 

ඇෆ්ගනිස්ථානයට එරෙහිව – කඩුලු 7ක ජයක් 

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව – ලකුණු 15ක ජයක් 

ඉන්දියාවට එරෙහිව – ලකුණු 36ක පරාජයක් 

පාකිස්ථානයට එරෙහිව – ලකුණු 41ක ජයක් 

ශ්‍රී ලංකාවට එරෙහිව – ලකුණු  87ක ජයක් 

බංග්ලාදේශයට එරෙහිව – ලකුණු 48ක ජයක්

එංගලන්තයට එරෙහිව – ලකුණු 64ක ජයක් 

නවසීලන්තයට එරෙහිව – ලකුණු 86ක ජයක් 

දකුණු අප්‍රිකාවට එරෙහිව – ලකුණු 10ක පරාජයක් 

ඕස්ට්‍රේලියා-නවසීලන්ත තරගයේ අවස්ථාවක් ( gettyimages)

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා 

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු මැෂිම බවට පත්වුණු  ඩේවිඩ් වෝනර් ඉනිම් 9ක දී ලකුණු 638ක් ලබාගත් වෝනර් එහිදී ලබාගත් ශතක ප්‍රමාණය 3ක්.වෝනර්  තරගාවලිය තුළ දැක්වූ දස්කම්වල දත්තයන් පහත දක්වා තිබෙනවා.

ඉනිම්  – 9

ලකුණු – 638

සාමාන්‍ය – 79.75

අර්ධ ශතක – 3

ශතක – 3

ප්‍රහාරක වේගය – 89.48

හොඳම ඉනිම – 166 බංග්ලාදේශයට  එරෙහිව 

වෝනර්  බංග්ලාදේශයට  එරෙහිව පන්දුවට පහරදෙමින් ( gettyimages)

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා 

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගත්තේ මිචෙල් ස්ටාක් විසිනුයි. එහිදී ස්ටාක්  තරග 9ක දී කඩුලු 26ක් ලබාගනිමින් තනි ලෝක කුසලාන තරගාවලියක වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගත් පන්දු යවන්නා ලෙසින් ග්ලේන් මැග්‍රාත් තබා තිබූ වාර්තාව සම කළා. ස්ටාක්  තරගාවලිය තුළ දැක්වූ දස්කම් පිළිබඳව පහත දක්වා තිබෙනවා.

තරග – 9

පන්දුවාර – 83.2 

කඩුලු – 26

පන්දු යැවීමේ සාමාන්‍ය – 16.62

පන්දුවාරයකට ලබාදුන් ලකුණු ප්‍රමාණය – 5.18

ප්‍රහාරක වේගය – 19.23

හොඳම පන්දු යැවීම – 26/5 නවසීලන්තයට  එරෙහිව 

ස්ටාක්  නවසීලන්තයට එරෙහිව පන්දු යවමින් ( gettyimages)

එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව තරගය දක්වා පැමිණි ආකාරය

2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වුණු එංගලන්ත කණ්ඩායම මූලික වටය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ පසුවුණා. එහිදී එංගලන්ත කණ්ඩායම සහභාගි වුණු තරග 9න් 6ක් ජයග්‍රහණය කළා. 

එංගලන්ත කණ්ඩායම මූලික වටයේ තරගවල දී ලබාගත් ප්‍රතිඵල 

දකුණු අප්‍රිකාවට එරෙහිව – ලකුණු 104ක ජයක්

පාකිස්ථානයට එරෙහිව – ලකුණු 14ක පරාජයක් 

බංග්ලාදේශයට එරෙහිව – ලකුණු 106ක ජයක්

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව – කඩුලු 8ක ජයක්

ඇෆ්ගනිස්ථානයට එරෙහිව – ලකුණු 150ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව – ලකුණු  20ක ජයක්  

ඕස්ට්‍රේලියාවට එරෙහිව – ලකුණු 64ක පරාජයක්  

ඉන්දියාවට එරෙහිව – ලකුණු 31ක ජයක් 

නවසීලන්තයට එරෙහිව – ලකුණු 119ක ජයක් 

එංගලන්ත-ඉන්දියා තරගයේ අවස්ථාවක් (gettyimages)

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා 

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත්තේ ජෝ රූට්  විසිනුයි. එහිදී රූට් ඉනිම් 9ක දී ලකුණු 500ක් ලබාගත්තේ ශතක 2ක් සමගින්.

ඉනිම් – 9

ලකුණු – 500

සාමාන්‍ය – 62.50

අර්ධ ශතක – 3

ශතක – 2

ප්‍රහාරක වේගය – 91.74

හොඳම ඉනිම – 107 පාකිස්ථානයට එරෙහිව 

රූට් පාකිස්ථානයට එරෙහිව පන්දුවට පහරදෙමින් (gettyimages)

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා 

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගත්තේ ජොෆ්රා ආචර් විසිනුයි. එහිදී ආචර් තරග 9ක දී කඩුලු 17ක් දවාගත්තා. ආචර් තරගාවලිය තුළ දැක්වූ දස්කම් පිළිබඳව පහත දක්වා තිබෙනවා.

තරග – 9

පන්දුවාර – 80.5

කඩුලු – 17

පන්දු යැවීමේ සාමාන්‍ය – 22.76

පන්දුවාරයකට ලබාදුන් ලකුණු ප්‍රමාණය – 4.79

ප්‍රහාරක වේගය – 28.53

හොඳම පන්දු යැවීම – 27/3 දකුණු අප්‍රිකාවට  එරෙහිව 

ආචර් දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු යවමින් ( gettyimages)

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව තරගවල දී දක්වා ඇති දස්කම් 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම 1975, 1987, 1996, 1999, 2003, 2007, සහ 2015 වසරවල පැවති එක්දින ලෝක කුසලාන තරගාවලිවල දී අවසන් පූර්ව තරගයට ක්‍රීඩාකර තිබෙනවා. එහිදී ඔවුන් එම සියලුම අවසන් පූර්ව තරග ජයග්‍රහණය කළා. එංගලන්ත කණ්ඩායම 1975, 1979, 1983, 1987, සහ 1992 ලෝක කුසලාන තරගාවලිවල දී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. නමුත් ඔවුන්ට ඒ අතුරින් ජයග්‍රහණය කිරීමට හැකිවුණේ 1979, 1987, සහ 1992 තරගාවලිවල අවසන් පූර්ව තරගය පමණ යි. ඒ අතුරින් මෙම කණ්ඩායම් දෙක 1975 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී හමුවුණා. එම තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිවුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට යි. 

1975 ඕස්ට්‍රේලියා-එංගලන්ත අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

මෙම තරගාවලිය තුළ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දත්තයන් 

මෙම තරගාවලිය තුළ එජ්බැස්ටන් තණතීරුව පළමු තරග දෙක තුළ පිතිකරුවන්ට එතරම් යෝග්‍ය එකක් නොවුණත් අවසන් තරග දෙකෙහි එය හැසිරුණේ පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය අයුරින්. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 282ක්. එංගලන්තය විසින් ඉන්දීය කණ්ඩායම පරාජය කරනු ලැබුවේත් මෙම පිටියේ දී යි. එහිදී බෙයාස්ට්‍රෝ එංගලන්තය වෙනුවෙන් ශතකයක් ලබාගත්තා. නමුත් මෙම තරගාවලිය තුළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම පිටියේ දී කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට ලැබුණේ නැහැ. 

මෙවර ඕස්ට්‍රේලියා-එංගලන්ත අවසන් පූර්ව තරගය පිළිබඳව

එංගලන්ත කණ්ඩායම එක් අවස්ථාවක අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට අපහසු තත්ත්වයකට පත්ව සිටියත් අවසානයේ දී ඔවුන් ප්‍රබල කණ්ඩායම් පරාජයට පත් කරමින් එම කඩයිම කරා ළගා වුණා. නමුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මුල සිටම යෙදුණේ ස්ථාවර ගමනක යි. එසේම කිසිම අවස්ථාවක එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක් පරාජය වී නොමැති ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර තරගයට පිවිසෙන්නේ එම අභිමානය රැකගැනීමේ අරමුණෙන්. නමුත් එංගලන්ත කණ්ඩායමටත් මව්බිම තුළ දී තම අභිමානය රැක ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. එම නිසාම ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන මෙම අවසන් පූර්ව තරගය ඉතාමත් උද්වේගකර එකක් වනු ඇති.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles