Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බටහිර ඉන්දීය කොදෙව්-නවසීලන්ත තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 29 වැනි තරගය මැංචෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවැත්වෙන්නේ නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර යි. වසර 20කින් පසුව එක්දින ලෝක කුසලාන තරගයක දී නවසීලන්ත කණ්ඩායම පරාජය කර නොමැති කොදෙව්වන් මෙවර තරග බිමට පිවිසෙන්නේ එම පැතුම සිතෙහි දරාගෙන යි. මෙම තරගාවලිය යටතේ පැවති පුහුණු තරගයක දී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව සුපිරි දස්කම් දක්වීමට කොදෙව්වන්ට හැකිවුණත් ඔවුන් ප්‍රසාද ලකුණු සටහන තුළ  සිටින්නේ පිටුපසින්. එම නිසාම කොදෙව්වන්ට තවදුරටත් තරගාවලියේ රැඳී සිටීම සඳහා මෙම ජයග්‍රහණය අවශ්‍යම එකක්.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ කොදෙව්-නවසීලන්ත ගැටුම්

මෙම කණ්ඩායම් 2ක එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දී 6 වරක් එකිනෙකා හමුවී තිබෙනවා. එහිදී එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණ 5ක් ලබාගන්නා විට කොදෙව්වන්ට ජයග්‍රහණය කිරීමට ලැබුණේ එක් අවස්ථාවක දී පමණ යි.

1992 ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම කණ්ඩායම් දෙක හමුවුණු අවස්ථාවේ නවසීලන්ත කණ්ඩායමට පහසු ජයක් හිමිවුණේ මාටින් ක්‍රෝ ලබාගත් ලකුණු 81 නිසා යි.

බටහිර ඉන්දීය කොදෙව් – 203/7 (50)

නවසීලන්තය – 206/5 (48.3)

නවසීලන්තයට කඩුලු 5ක ජයක්

1992 ලෝක කුසලාන තරගාවලියේ කොදෙව්-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

ඉන්පසුව 1999 ලෝක කුසලාන තරගාවලියේ දී නවසීලන්ත කණ්ඩායම කොදෙව්වන් හමුවේ පරාජය වුණේ ඔවුන්ගේ පන්දු යවන්නන් හමුවේ නවසීලන්ත පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන්.

නවසීලන්තය – 156/10 (48.1)

බටහිර ඉන්දීය කොදෙව් – 158/3 (44.2)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 7ක ජයක්

1999 ලෝක කුසලාන තරගාවලියේ කොදෙව්-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

2003 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් දෙක තරග කළ අවස්ථාවේ ජය හිමිවුණේ නවසීලන්ත කණ්ඩායමට යි.

නවසීලන්තය – 241/7 (50)

බටහිර ඉන්දීය කොදෙව් – 221/10 (49.4)

නවසීලන්තයට ලකුණු 20ක ජයක්

2003 ලෝක කුසලාන තරගාවලියේ කොදෙව්-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

2007 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටය යටතේ පැවති තරගයක දී මෙම කණ්ඩායම් දෙක නැවතත් හමුවුණා. එහිදී කොදෙව් කණ්ඩායමට පරාජය වීමට සිදුවුණේ ඔවුන්ගේ පිතිකරුවන් දස්කම් අතරට පැමිණීමට අසමත් වුණු නිසා යි.

බටහිර ඉන්දීය කොදෙව් – 177/10 (44.4)

නවසීලන්තය – 179/3 (39.2)

නවසීලන්තයට කඩුලු 7ක ජයක්

2007 ලෝක කුසලාන තරගාවලියේ කොදෙව්-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක ලෝක කුසලාන තරගයක දී හමුවුණේ 2015 වසරේ දී යි. වෙලිංටන් නුවර වෙස්ට්පැක් පිටියේ පැවති එම අර්ධ අවසන් පූර්ව තරගයේ දී මාටින් ගප්ටිල් ලබාගත් ලකුණු 237 නිසා කොදෙව්වන්ට උරුම වුණේ දරුණු පරාජයක්. එහිදී ගප්ටිල් ලබාගත් එම ලකුණු 237 ලෝක කුසලාන ඉතිමක දී පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය යි.

නවසීලන්තය – 393/6 (50)

බටහිර ඉන්දීය කොදෙව් – 250/10 (30.3)

නවසීලන්තයට ලකුණු 143ක ජයක්

මාටින් ගප්ටිල්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටිය පිළිබඳව දත්තයන්

මෙම තරගාවලිය යටතේ අවසන් වරට මෙම පිටියේ පැවති තරග 2 දීම මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම ලකුණු 330 සීමාව ඉක්මවා ගියා. එසේම එංගලන්ත නායක ඔයින් මෝගන් ඇෆ්ගනිස්ථානු කණ්ඩායම හමුවේ හයේ පහර 17ක් සමගින් ලකුණු 148ක් ලබාගත්තේ මෙම පිටියේ දී යි. එම නිසාම බොහෝ විට මෙම තරගය සඳහා සකසන තණතීරුවත් පිතිකරුවන්ට යෝග්‍ය එකක් වනු ඇති.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවති අවසන් දිවා එක්දින තරග 7 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා මෙම පිටියේ පැවැත්වෙන කොදෙව්-නවසීලන්ත තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ අවසන් වරට පැවති එක්දින තරග පහෙන් 4ක් ජයග්‍රහණය කළේ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම යි. බොහෝවිට පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක් ලැබුණොත් කාසියේ වාසිය දිනාගන්නා නායකයා පන්දුවට පහරදීම තෝරාගැනීමට ඇති ඉඩ වැඩියි.

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

මෙම ක්‍රීඩා පිටිය මෙම කණ්ඩායම් දෙකටම එතරම් සුභදායී එකක් නොවේ. නවසීලන්තය මෙම පිටියේ දී අවසන් වරට එක්දින තරගයක් ජයග්‍රහණය කර තිබෙන්නේ 1975 වසරේ දී යි. එසේම නවසීලන්තය 1999 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පරාජය වුණේ මෙම පිටියේ දී යි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවසන් වරට ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී ජයග්‍රහණයක් වාර්තා කළේ 1984 වසරේ දී යි. එම තරගයේ දී විවියන් රිචඩ්ස් නොදැවී ලකුණු 189ක් ලබාගනිමින් එම අවදියේ එක්දින ඉනිමක පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කළා. බටහිර ඉන්දීය කොදෙව්වන් 1999 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති තීරණාත්මක තරගයක දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ලකුණු 110කට දැවීගියේ මෙහිදී යි.

විවියන් රිචඩ්ස්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක්  (gettyimages)

අද පැවැත්වෙන කොදෙව්-නවසීලන්ත තරගය පිළිබඳව

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක එක්දින තරගාවලියක දී හමුවුණේ 2017 වසරේ දී යි. එවර තරගාවලිය  3-0 ලෙසින් ජයග්‍රහණය කළේ නවසීලන්තය යි. නමුත් එදා කිවියන් හමුවේ පරාජය වුණු කොදෙව් කණ්ඩායමට වඩා ප්‍රබල එකක් මෙවර තරගාවලිය සඳහා ඉදිරිපත් වී තිබේ. එම නිසාම මෙවර තරගයේ ප්‍රතිඵලය සඳහා කාසියේ වාසියත් තීරණාත්මක සාධකයක් වනු ඇති.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles