Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෙනස්කම් සමඟ එළි දකින 2023 ෆෝමියුලා වන් කැලැන්ඩරය

2022 වර්ෂය අවසන් වී 2023 නව වසර උදා වූයේ ක්‍රීඩාවට ද නව තරග කාලසටහන් රැසක් එකතු කරමින්. එලෙස පවත්වන තරග අතරේ ලොව පුරා ජනප්‍රිය ක්‍රීඩාවක් ව තිබෙන ෆෝමියුලා වන් කැලැන්ඩරයද නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

2022 වර්ෂයට වඩා තවත් අදියරක් වැඩි කරමින් 2024 තරගවාරය ආරම්භ කිරීමට සූදානමින් පැවතීම ද විශේෂත්වයක්.

2022 ෆෝමියුලා වන් ලෝක ශූරතාවේ අවස්ථාවක් – www.racingnews365.com

කණ්ඩායම් 10 ක රියදුරන් 20 දෙනෙක් සුපුරුදු පරිදි ෆෝමියුලා වන් ලෝක ශූරතාව වෙනුවෙන් සටන් වදිනවා. තරගවාරය ආරම්භ වීමටත් ප්‍රථමයෙන් පිට පිට ම දෙවතාවක් ෆෝමියුලා වන් ලෝක ශූරතාව ජයග්‍රහණය කර සිටින නෙදර්ලන්තයේ මැක්ස් වර්ස්ටාපන්ට මෙවර ලෝක ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් වැඩි ඉඩක් පවතින බවට මත පළ වනවා. ඔහුට අමතර ව ෆෙරාරි ධාවක ශෝල් ලෙක්රෙක්, මර්සිඩීස් ධාවකයන් දෙපළ වන ලුවිස් හැමිල්ටන් සහ ජෝර්ජ් රසල් පිළිබඳවත් අවධානය යොමුව තිබෙනවා.

කණ්ඩායම් සහ ධාවකයෝ

පෙර සඳහන් කළ ආකාරයට ම කණ්ඩායම් 10 ක ධාවකයන් 20 දෙනෙක් ලෝක ශූරතාව වෙනුවෙන් සටන් වැදීමට සූදානම්. නැවත වතාවක් 2023 සිට මෝටර් රථ සඳහා එන්ජින් ලබා දීමට හොන්ඩා සමාගම එක් වී තිබෙනවා. රෙඩ්බුල් සහ ඇල්පා ටවුරි වෙනුවෙන් එන්ජින් ලබා දීමටයි හොන්ඩා සූදානමින් පසු වන්නේ.

2022 වර්ෂයේ දී විලියම්ස් කණ්ඩායම සමඟ සිටි නිකොලස් ලටීෆි වෙනුවට ලොගාන් සාර්ජන්ට්, මැක්ලරන් සමඟ සිටි ඩැනියෙල් රිකාඩෝ වෙනුවට ඔස්කාර් පියෙස්ට්‍රි, හාස් කණ්ඩායමේ සිටි මික් ෂූමාකර් වෙනුවට නිකෝ හල්කන්බර්ග්, ඇස්ටන් මාර්ටින් කණ්ඩායමේ සිට විශ්‍රාම ගිය සෙබස්තියන් වෙටල් වෙනුවට ෆර්නැන්ඩෝ ඇලොන්සෝ, ඇල්පා ටවුරි කණ්ඩායමේ සිටි පියර් ගැස්ලි වෙනුවට නික් ඩි ව්‍රීස් සහ ඇල්පීන් සමඟ සිටි ෆර්නැන්ඩෝ ඇලොන්සෝ වෙනුවට පියර් ගැස්ලි එකතු වී සිටිනවා. 2022ට වඩා 2023 දී වෙනස්කම් සිදු ව ඇත්තේ එපමණ යි.

2022 ලෝක ශූරතාව ජයග්‍රහණය කළ නෙදර්ලන්ත ජාතික රෙඩ්බුල් ධාවක මැක්ස් වර්ස්ටාපන් – www.skysports.com

2023 තරගවාරයේ ධාවනයේ යෙදෙන කණ්ඩායම් සහ ධාවකයෝ

කණ්ඩායමඑන්ජින්
වර්ගය
ධාවකයාධාවකයා ගේ
රට
ධාවකයාගේ වයස
(2023 ජනවාරි 01 ට)
ඇල්ෆා රෝමියෝෆෙරාරිජෝ ග්‍යැන්‍යූචීනය23
ඇල්ෆා රෝමියෝෆෙරාරිවල්ටෙරි බොටාස්පින්ලන්තය33
ඇල්පා ටවුරිහොන්ඩා RBPTනික් ඩි ව්‍රීස්නෙදර්ලන්තය27
ඇල්පා ටවුරිහොන්ඩා RBPTයුකි ට්සුනෝඩාජපානය22
ඇල්පීන්රෙනොල්ට්පියර් ගැස්ලිප්‍රංශය26
ඇල්පීන්රෙනොල්ට්එස්ටෙබාන් ඔකෝන්ප්‍රංශය26
ඇස්ටන් මාර්ටින්මර්සිඩීස්ෆර්නැන්ඩෝ ඇලොන්සෝස්පාඤ්ඤය41
ඇස්ටන් මාර්ටින්මර්සිඩීස්ලාන්ස් ස්ට්‍රෝල්කැනඩාව24
ෆෙරාරිෆෙරාරිශෝල් ලෙක්රෙක්මොනාකෝ25
ෆෙරාරිෆෙරාරිකාලෝස් සයින්ස්ස්පාඤ්ඤය28
හාස්ෆෙරාරිකෙවින් මැග්නසන්ඩෙන්මාර්කය30
හාස්ෆෙරාරිනිකෝ හල්කන්බර්ග්ජර්මනිය35
මැක්ලරන්මර්සිඩීස්ලැන්ඩෝ නොරිස්බ්‍රිතාන්‍ය23
මැක්ලරන්මර්සිඩීස්ඔස්කාර් පියෙස්ට්‍රිඕස්ට්‍රේලියාව21
මර්සිඩීස්මර්සිඩීස්ලුවිස් හැමිල්ටන්බ්‍රිතාන්‍ය37
මර්සිඩීස්මර්සිඩීස්ජෝර්ජ් රසල්බ්‍රිතාන්‍ය24
රෙඩ්බුල්හොන්ඩා RBPTමැක්ස් වර්ස්ටාපන්නෙදර්ලන්තය25
රෙඩ්බුල්හොන්ඩා RBPTසර්ජියෝ පෙරෙස්මෙක්සිකෝව32
විලියම්ස්මර්සිඩීස්ලොගාන් සාර්ජන්ට්අමරිකාව21
විලියම්ස්මර්සිඩීස්ඇලෙක්ස් ඇල්බොන්තායිලන්තය26
2023 තරගවාරයේ ධාවනයේ යෙදෙන කණ්ඩායම් සහ ධාවකයෝ

මෙම කරුණුවලට අමතර ව 2023 ෆෝමියුලා වන් ලෝක ශුරතාව සඳහා ද පිරෙලි ටයර් පමණක් භාවිත කිරීමට තීරණය කොට තිබෙනවා. පෙර පරිදිම සොෆ්ට්, මීඩියම් සහ හාඩ් යන සාමාන්‍ය ටයර් වර්ග තුනත් වැසි හෝ ධාවන පථය ලිස්සනසුලු අවස්ථාවල දී ඉන්ටර් මීඩියඩ් සහ වෙට් යන ටයර් වර්ග ද්විත්වයත් භාවිත කිරීමටත් නියමිත යි.

2022 ෆෝමියුලා වන් ලෝක කණ්ඩායම් ලෝක ශූරතාව ජයග්‍රහණය කළ රෙඩ්බුල් – www.f1.com

තවත් වෙනස්කම් කිහිපයක්

2022 තරග වාරයට වඩා මෙවර තරග වාරයේදී මෝටර් රථය සහ පොළොව අතර පවතින පරතරය මිලිමීටර් 15 ක පමණ උසකින් වැඩි කිරීමට තීරණය කොට තිබෙනවා. ජෝ ග්‍යැන්‍යූ පසුගිය බ්‍රිතාන්‍ය අදියරේ දී මුහුණ දුන් දරුණු අනතුරේ දී ඔහුගේ මෝටර් රථය ඉහළට විසි වුණා. මේ හේතුවෙන් තවදුරටත් එවැනි අනතුරක දී රියදුරන් ගේ ආරක්ෂාව වෙනුවෙන් මෝටර් රථය නවීකරණය කිරීමට ද සැලසුම් සකස් කෙරෙනවා.

2023 සිට ධාවන තරග වඩාත් තිරසාර කිරීමේ අරමුණින් එක් තරග අදියරක් සඳහා ලබා දෙන ටයර් කට්ටල ප්‍රමාණය 13 සිට 11 දක්වා අඩු කිරීමට ද FIA තීරණය කළා. පිරෙලි සමාගම පෙර වසරවල නිෂ්පාදනය කළ C1 සහ C2 සංයෝග අතරට තවත් සංයෝගයක් එකතු කරමින් නව ටයර් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වීම ද විශේෂත්වයක්. මේ හේතුවෙන් නව ටයර්වල ග්‍රහණයේ වෙනස් වීමක් ද අපේක්ෂා කෙරෙනවා.

පිරෙලි සමාගම හඳුන්වා දෙන ෆෝමියුලා වන් රථ සඳහා භාවිත කරන ටයර් වර්ග 5 – www.f1.com

වඩා හොඳ දැකීමක් ලබා ගැනීමට මෝටර් රථයේ පැති කණ්ණාඩි ද්විත්වය තවත් පුළුල් කොට සැකසීමට අවසරය ලබා දී තිබෙනවා. මීට අමතර ව 2022 දී පැවති ස්ප්‍රින්ට් ආකෘති තරග 3, 2023 දී 6ක් දක්වා වැඩි කිරීමට FIA තීරණය කළා. අසර්බයිජානය, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කටාර්, අමරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලයේ පවතින අදියරවලදී මෙම ස්ප්‍රින්ට් තරග පැවැත්වීමට සූදානම්.

FIA නීති සංග්‍රහයේ (ISC)[c] “දේශපාලන, ආගමික සහ පුද්ගලික ප්‍රකාශ” යන නීතිය නැවත යාවත්කාලීන කිරීමට කටයුතු යොදා තිබුණා. එහිදී 12.2.1 වගන්තියෙන් එලෙස රියදුරෙක් දේශපාලන, ආගමික හෝ පුද්ගලික මතයක් සම්බන්ධයෙන් විරෝධතාවක් හෝ යම් පණිවිඩයක් ලබා දීමට ප්‍රථමයෙන් අනිවාර්යයෙන් ම FIA වෙතින් අවසරය ලබා ගත යුතු වනවා. අවසරයෙන් තොර ව පවත්වන ඕනෑම විරෝධතාවක් FIA නීති කඩ කිරීමක් වන බවට ද නව නීති අනුව සඳහන්.

බ්‍රිතාන්‍ය අදියර ආරම්භයේ දී ජෝ ග්‍යැන්යු මුහුණ දුන් දරුණු අනතුර – www.thedrive.com

මෙයට අමතර ව අවසන් වශයෙන් කොවිඩ් 19 වෛරසය නිසා පැනවූ නීති බොහෝ ප්‍රමාණයක් ලිහිල් කිරීමට කටයුතු යොදා තිබෙනවා. පසුගිය තරගවාරයේ දී මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොවූ අතර මෙවර තරග වාරයේ දී එන්නත ලබා ගැනීමේ අනිවාර්යය නීතිය වෙනස් කිරීමට FIA කටයුතු කළා.

(*FIA යනු Federation Internationale de l’Automobile ය. එහි FIA F1 මගින් ෆෝමියුලා වන් නීති සංශෝධනය කරනු ලබයි)

නවත ම ලාස් වේගාස් අදියර පැවැත්වීමට බලාපොරොත්තු වන ධාවන පථය – www.autosport.com

අදියර පැවැත්වෙන ආකාරය

2023 නව ෆෝමියුලා වන් ලෝක ශූරතාව මාර්තු 05 වන දා, බහරේනයේ දී ආරම්භ වීමට සියලු කටයුතු සූදානම්. අදියර 23 කින් යුක්ත මෙවර ලෝක ශූරතාව 2023 නොවැම්බර් මස 26 වනදා, අබුඩාබි අදියරෙන් අවසන් වීමට සැලසුම් සකස් කොට තිබෙනවා.

ඉතිහාසයේ පළමු වතාවට අමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හී ෆෝමියුලා වන් ලෝක ශූරතා අදියරක් පැවැත්වීමට නියමිත යි. මයාමි, ටෙක්සාස් සහ ලාස් වේගාස් වශයෙන් මෙවර අමෙරිකා එක්සත් ජනපදය තුළ පැවැත්වෙන තරග සංඛ්‍යාව 3 ක්. ලාස් වේගාස් අදියර නගරය තුළ සාමාන්‍ය මහාමාර්ගය භාවිත කරමින් පැවැත්වීම ද විශේෂත්වයක්.

එම ලාස් වේගාස් අදියරට අමතර ව අසර්බයිජානයේ බාකු, මොනාකෝ සහ සිංගප්පූරු අදියර ද මහා මාර්ගය තුළ සැකසූ ධාවන පථයක ක්‍රියාත්මක වනවා. මෙම ධාවන තරග 23 අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් ම පසුවන ධාවකයාට ෆෝමියුලා වන් ලෝක ශූරතාව හිමි වීමට නියමිත යි.

අදියරක් ජයග්‍රහණය කළ විට ප්‍රසාද ලකුණු 25ක්, දෙවන ස්ථානයට 20ක්, තෙවන ස්ථානයට 15ක්, සිව්වන ස්ථානයට 12ක්, පස්වන ස්ථානයට 10ක්, හයවන ස්ථානයට 8ක්, හත්වන ස්ථානයට 6ක්, අටවන ස්ථානයට 4ක්, නමවන ස්ථානයට 2ක් සහ දසවන ස්ථානයට 1ක් වශයෙන් ප්‍රසාද ලකුණු හිමි වනවා.

නව තරගවාරය ආරම්භ කරනා බහරේන් ජාත්‍යන්තර ධාවන පථය – www.motorsportstravel.com

අදියර 23 පැවැත්වෙන ආකාරය

අංකයදිනයරටපැවැත්වෙන
ධාවන පථය
012023 මාර්තු 5බහරේන අදියරබහරේන් ජාත්‍යන්තර ධාවන පථය
022023 මාර්තු 19සෞදි අරාබි අදියරජෙදා ධාවන පථය
032023 අප්‍රේල් 02ඕස්ට්‍රේලියා අදියරඇල්බර්ට් පාක් ධාවන පථය මෙල්බර්න්
042023 අප්‍රේල් 30අසර්බයිජාන් අදියරබාකු නගර ධාවන පථය
052023 මැයි 07අමරිකා එක්සත් ජනපද අදියරමයාමි ජාත්‍යන්තර ධාවන පථය ෆ්ලොරිඩා
062023 මැයි 21ඉතාලි අදියරඉමෝලා ධාවන පථය
072023 මැයි 28මොනාකෝ අදියරමොනාකෝ නගර ධාවන පථය
082023 ජුනි 4ස්පාඤ්ඤ අදියරබාසිලෝනා ධාවන පථය කැටලෝනියාව
092023 ජුනි 18කැනඩා අදියරජිල්ස් විලනුයේ ධාවන පථය මොන්ට්‍රියෙල්
102023 ජූලි 02ඔස්ට්‍රියා අදියරරෙඩ් බුල් රින්ග් ධාවන පථය
112023 ජූලි 9බ්‍රිතාන්‍ය අදියරසිල්වර්ස්ටෝන් ධාවන පථය
122023 ජූලි 23හංගේරියා අදියරහංගරෝරින් ධාවන පථය
132023 ජූලි 30බෙල්ජියම් අදියරස්පා-ෆ්‍රැන්කොචෑම්ප්ස් ධාවන පථය
142023 අගෝස්තු 27නෙදර්ලන්ත අදියරසැන්ඩ්වෲට් ධාවන පථය
152023 සැප්තැම්බර් 03ඉතාලි අදියරමොන්සා ධාවන පථය
162023 සැප්තැම්බර් 17සිංගප්පූරු අදියරමරීනා බේ මාර්ග ධාවන පථය
172023 සැප්තැම්බර් 24ජපාන අදියරසුසුකා ජාත්‍යන්තර ධාවන පථය
182023 ඔක්තෝබර් 08කටාර් අදියරලුසයිල් ජාත්‍යන්තර ධාවන පථය
192023 ඔක්තෝබර් 22අමරිකා අදියරඅමරිකා ධාවන පථය ටෙක්සාස්
202023 ඔක්තෝබර් 29මෙක්සිකෝ අදියරඔටෝඩෝර්මෝ හර්මානොස් රොද්රිගෙස් ධාවන පථය
212023 නොවැම්බර් 05බ්‍රසීල අදියරසාඕ පාලෝ ධාවන පථය
222023 නොවැම්බර් 18අමරිකා අදියරලාස් වේගාස් මාර්ග ධාවන පථය
232023 නොවැම්බර් 26එක්සත් අරාබි එමීර් රාජ්‍ය අදියරයාස් මරීනා ධාවන පථය අබුඩාබි

*ඉහත නම් සඳහන් කිරීමේදී එම රටේ භාෂාවට අනුව කෙරෙන උච්චාරණය සැලකූ බව කරුණාවෙන් සලකන්න

කවරයේ ඡායාරූපය - 2022 ෆෝමියුලා වන් තරග වාරයේ අදියරක් අතරතුර - www.f1.com
මූලාශ්‍ර:
www.f1.com
www.autosports.com

Related Articles