ජාතික යොවුන් දැල්පන්දු ශූරතාවලිය නොවැ. 5-6 දිනවලදී

Brought to you by

අන්තර්ජාතික නෙට්බෝල් තරගාවලි තුළ ශ්‍රී ලංකාව ලබන සුවි‍ශේෂී ජයග්‍රහණ තවදුරටත් පවත්වාගෙන යාමට සහාය දැක්වීමේ අරමුණින් යුත් ඩයලොග් සමාගම අඛණ්ඩ දෙවන වරටත් ජාතික යොවුන් දැල්පන්දු ශූරතාවලියට බල ගැන්වීමට ඉදිරිපත් වී තිබෙනවා. මෙය සිදු කෙරෙන්නේ ජාතික ක්‍රීඩාවන්ට සහයෝගය දැක්වීම සඳහා වූ ඩයලොග් සමාගමේ තවත් ඉදිරි පියවරක් ලෙසයි.

ඩයලොග් ජාතික යොවුන් දැල්පන්දු ශූරතාවලිය නොවැම්බර් 5 සිට 6 දක්වා පොළොන්නරුව ගල්ලෑල්ල මහජන ක්‍රීඩාංගනයේදී (ගෘහස්ථ සහ එළිමහන් ක්‍රීඩාංගණවල) පැවැත්වීමට නියමිතයි. එය දිවයින පුරා සිටින වයස අවුරුදු 20 ට අඩු ක්‍රීඩකයින් ඉලක්ක කර ගනිමින්, දක්ෂ ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ විනිසුරුවන් හඳුනාගැනීමට සහ ඔවුන්ව ඊළඟ මට්ටමට පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය (NFSL) වාර්ෂිකව සංවිධානය කරන නිල තරගාවලියක්.

එය ලබන වසරේ දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු යොවුන් ශූරතාවලියට සහභාගි වන ජාතික යොවුන් කණ්ඩායම සඳහා යොවුන් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අරමුණින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය වන ලක්ෂ්මි වික්ටෝරියා පවසන්නේ පෙර යොවුන් සාමාජිකයන් තෝරාගැනීමේ අදියරට වඩා මේ වන විට ජාතික කණ්ඩායම කුසලතා අතින් බෙහෙවින් ඉදිරියෙන් සිටින බවයි. ජාතික තලය වෙත තරගකරුවන් ගෙන යාම සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය වෙත ඩයලොග් වෙතින් ‍නොමඳ සහායක් ලැබෙන බව ද ඇය වැඩිදුරටත් පැවසුවා.

ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග් සමාගම thepapare.com, සහ Dialog ViU App එක හරහා තරග සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඊට අමතරව Dialog TV නාලිකා අංක 140 ඔස්සේ ද ඔබට සජීවීව තරගය නරඹන්න පුළුවන්.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, වොලිබෝල්, දැල්පන්දු සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් රග්බි, හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය,ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.

Related Articles

Exit mobile version