Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහීෂ් තීක්ෂණගෙන් IPL තරග බිමේ කැපී පෙනෙන දස්කම්

2022 IPL තරගාවලිය මේ දිනවල ඉන්දියාවේ මුම්බායි සහ පූනේ යන නගර ආශ්‍රිත ව ක්‍රියාත්මක වෙනවා. එම තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ගෙවුණු සතියේ පැවති තරගවල දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා.

එහි දී ඔහු සිය මංගල IPL කඩුල්ල ලෙසින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් නායක ෆාෆ් ඩූ ප්ලෙසිස් දවා ගත්තා.

 මහීෂ් තීක්ෂණ – chennaisuperkings.com

 

මේ වන විට ඉතාමත් තියුණු මුහුණුවරක් ගෙන තිබෙන IPL තරගාවලියේ මුල් තරග 29 නිමා වෙද්දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 10ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට  සමත් ව සිටිනවා.

ඒ අයුරින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම IPL තරග බිමේ කැපී පෙනෙන දස්කම් දක්වද්දී 5 වතාවක් IPL ශූරතාව දිනා ගෙන සිටින ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහභාගි වුණු තරග හය ම පරාජයට පත් වී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

 ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම – gujarattitans.com

 

එලෙස ක්‍රියාත්මක වෙමින් පවතින IPL තරගාවලියේ වැඩි දුර තොරතුරු ද සමඟින් නිමා වුණු  සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා. 

මහීෂ් තීක්ෂණගේ IPL දස්කම් 

2022 IPL තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන මහීෂ් තීක්ෂණ ගෙවුණු සතියේ පැවති තරග 2කදී කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුණා. එහි දී ඔහු පළමු Power Play පන්දුවාරවල දී මැනවින් පන්දු යවමින් කඩුලු ලබා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. පහතින් දක්වා තිබෙන්නේ මහීෂ් එම තරග ද්විත්වයේ දී දස්කම් දැක්වූ ආකාරය යි.

1) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහි ව- 33/4 (4)

2) ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව- 24/2 (4) 

 තීක්ෂණ කඩුල්ලක් දවා ගැනීමේ සතුට සමරමින් – chennaisuperkings.com

 

IPL තරග බිමේ උණුසුම 

IPL තරගාවලියේ මූලික වටයේ තරග 9ක් ගෙවුණු සතියේ දී ක්‍රියාත්මක වුණා. එහි දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රහණ 3ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 8 වන ස්ථානයේ සිට 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීම සුවිශේෂී සිදුවීමක් වුණා. පහත දක්වා තිබෙන්නේ එසේ නිමාව දුටු තරගවල ප්‍රතිඵල විසඳුණු ආකාරය යි.

1) 21 වන තරගය- සන්රයිසස් හයිද්‍රාබාද් සහ ගුජරාට් ටයිටන්ස්- සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට කඩුලු 8ක ජයක් 

2) 22 වන තරගය- චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්- චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ලකුණු 23ක ජයක් 

3) 23 වන තරගය- පංජාබ් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස්- පංජාබ් කිංග්ස් කණ්ඩායමට ලකුණු 12ක ජයක් 

4) 24 වන තරගය- ගුජරාට් ටයිටන්ස් සහ රාජස්තාන් රෝයල්ස්- ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ලකුණු 37ක ජයක් 

5) 25 වන තරගය- සන්රයිසස් හයිද්‍රාබාද් සහ කොල්කටා නයිට් රයිඩර්ස්- සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට කඩුලු 7ක ජයක් 

6) 26 වන තරගය- ලක්නව් සුපර් ජයන්ට්ස් සහ මුම්බායි ඉන්දියන්ස්- ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ලකුණු 18ක ජයක් 

7) 27 වන තරගය- රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ දිල්ලි කැපිටල්ස්- රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 16ක ජයක් 

8) 28 වන තරගය- සන්රයිසස් හයිද්‍රාබාද් සහ පංජාබ් කිංග්ස්- සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට කඩුලු 7ක ජයක් 

9) 29 වන තරගය- ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස්-ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 3ක ජයක් 

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම – sunriseshyderabad.in

 

මෙවර IPL තරගාවලියේ මුල් තරග 29 අවසන් වෙද්දී  රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ජෝස් බට්ලර් සහ යුස්වේන්ද්‍ර චහාල්, වැඩි ම ලකුණු  සහ කඩුලු ලාභීන් ලෙසින් තවමත් වැජඹෙනවා. පහතින් දක්වා තිබෙන්නේ මේ වන විට තරගාවලිය තුළ වැඩි ම කඩුලු සහ ලකුණු ලබා ගෙන සිටින ක්‍රීඩකයන් ගැන යි. 

වැඩි ම ලකුණු ලාභියෝ 

1) ජෝස් බට්ලර් (රාජස්තාන් රෝයල්ස්)- ලකුණු 272 (ඉනිම්- 5)

2) ලෝකේෂ් රාහුල් (ලක්නව් සුපර් ජයන්ට්ස්)- ලකුණු 235 (ඉනිම්- 6)

3) හාර්ඩික් පණ්ඩ්‍යා  (ගුජරාට් ටයින්ටන්ස්)- ලකුණු 228 (ඉනිම්- 5)

4) ෂිවම් ඩුබේ (චෙන්නායි සුපර් කිංග්ස්)- ලකුණු 226 (ඉනිම්- 6)

5) ලියාම් ලිවිංග්ස්ටන් (පංජාබ් කිංග්ස්)- ලකුණු 224 (ඉනිම්- 6) 

 ලෝකේෂ් රාහුල් – facebook.com

 

වැඩි ම කඩුලු ලාභීහු

1) යුස්වේන්ද්‍ර චහාල් (රාජස්තාන් රෝයල්ස්)- කඩුලු 12 (ඉනිම්- 5)

2) තංගරාසු නටරාජන් (සන්රයිසස් හයිද්‍රාබාද්)- කඩුලු 12 (ඉනිම්- 6)

3) කුල්දීප් යාදව් (දිල්ලි කැපිටල්ස්)- කඩුලු 11 (ඉනිම්- 5)

4) ආවේශ් ඛාන් (ලක්නව් සුපර්ජයන්ට්ස්)- කඩුලු 11 (ඉනිම්- 6) 

5) වනිඳු හසරංග (රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්)- කඩුලු 11 (ඉනිම්- 6)

 තංගරාසු නටරාජන් – facebook.com

 

එංගලන්තයේ ජෝ රූට් ටෙස්ට් ක්‍රිකට් නායකත්වය අත් හරියි 

පසුගිය මාස 13ක කාලය තුළ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරගාවලි 4ක් පරාජයට පත් වුණා. එහි දී ඔවුන් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කොදෙව්වන් හමුවේ එම තරගාවලි පරාජයන් ලැබුවා.

ඒ අයුරින් පිට පිට ම ලද තරගාවලි පරාජයන් නිසා ජෝ රූට්ගේ නායකත්වය පිළිබඳ විවේචන රැසක් එල්ල වුණා. එනිසා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට රූට් පසුගිය දිනක තීරණය කළා. 

 ජෝ රූට් – independent.co.uk

 

2017 දී එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායකත්වයට පත් වුණු රූට් නායකයෙක් ලෙස ක්‍රීඩා කළ මුල් ම ටෙස්ට් ඉනිමේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 190ක් ලබා ගැනීමට සමත් වුණා. එපමණක් නොව ඔහුගේ නායකත්වය යටතේ එංගලන්තය එම තරගාවලිය තරග 3-1ක් ලෙසින් ජයග්‍රහණය කළා.

ඒ අයුරින් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වුණු රූට් එදා මෙදාතුර ටෙස්ට් තරග 64ක දී  ජයග්‍රහණ 27ක් සිය රටට උරුම කර දී තිබෙනවා. එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් සිය රටට උරුම කරදුන් නායකයා ලෙසින් රූට්ගේ නම වාර්තා පොත්වල ලියැවී තිබෙනවා. 

 රූට් නායකයෙක් ලෙස ක්‍රීඩා කළ මංගල ටෙස්ට් තරගය – thehimalayantimes.com

රූට්ගෙන් පසුව එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වීමට වඩාත් සුදුසු ක්‍රීඩකයන් පිළිබඳ ව මයික් අතර්ටන්, නසාර් හුසේන් සහ මයිකල් වෝන් වැනි පැරණි එංගලන්ත ක්‍රිකට් තරු පසුගිය දිනවල අදහස් දක්වා තිබුණා. එහි දී ඔවුන්ගේ  අදහස වුණේ තුන් ඉරියව් ක්‍රීඩක ස්ටෝක්ස් ඒ සඳහා වඩාත් සුදුසු බව යි.

ස්ටෝක්ස් හැරුණු කොට ස්ටුවර්ට් බ්‍රෝඩ් ද එම තනතුර සඳහා සුදුස්සකු බව නසාර් හුසේන් පවසා තිබුණා. එංගලන්තය සහ නවසීලන්තය අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් එළඹෙන ජූනි මාසයේ දී ආරම්භ වීමට නියමිත යි. එනිසා ඉදිරි මාසයේ දී එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව අර්බුදය විසඳෙනු ඇති. 

 බෙන් ස්ටෝක්ස් – icc-cricket.com

 

චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය අවසන් 

යුරෝපයේ පාපන්දු ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය පසුගිය සතියේ දී නිමාවට පත්වුණා. එම තරගවල දී ඉහළ දස්කම් දැක්වූ  ස්පාඤ්ඤයේ රියාල් මැඩ්‍රිඩ්, එංගලන්තයේ ලිවර්පූල්, ස්පාඤ්ඤයේ විලාරියල්, සහ එංගලන්තයේ මැංචෙස්ටර් සිටි යන කණ්ඩායම් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. අවසන් පූර්ව වටයේ පළමු සහ දෙවන අර්ධවල ප්‍රතිඵල පහතින් දක්වා තිබෙනවා. 

පළමු අර්ධයේ ප්‍රතිඵල:

1)  රියාල් මැඩ්‍රිඩ් සහ චෙල්සි- 3-1 

2) ලිවර්පූල් සහ බෙන්ෆිකා- 3-1  

3) මැංචෙස්ටර් සිටි සහ ඇත්ලෙටිකෝ මැඩ්‍රිඩ්- 1-0 

4) විලාරියල් සහ බයෙන් මියුනික්- 1-0 

 ජයග්‍රාහී මැංචෙස්ටර් සිටි කණ්ඩායම – manchestereveningnews.co.uk

දෙවන අර්ධයේ ප්‍රතිඵල: 

1)  රියාල් මැඩ්‍රිඩ් සහ චෙල්සි- 2-3 (එකතුව 5-4 ලෙසින් රියාල් මැඩ්‍රිඩ්ට ජය) 

2) ලිවර්පූල් සහ බෙන්ෆිකා- 3-3 (එකතුව 6-4 ලෙසින් ලිවර්පූල්ට ජය) 

3) මැංචෙස්ටර් සිටි සහ ඇත්ලෙටිකෝ මැඩ්‍රිඩ්- 0-0 (එකතුව 1-0 ලෙසින් මැංචෙස්ටර් සිටි ට ජය) 

4) විලාරියල් සහ බයෙන් මියුනික්- 1-1 (එකතුව 2-1 ලෙසින් විලාරියල්ට ජය) 

 ජයග්‍රාහී ලිවර්පූල් කණ්ඩායම – thisisanfield.com

කවරයේ ඡායාරූපය- මහීෂ් තීක්ෂණ IPL තරග බිමේ දස්කම් දක්වමින් - chennaisuperkings.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

iplt20.com

uefa.com 

 

Related Articles