Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව දිනා ගත් ආසියානු ක්‍රිකට් කුසලාන ශූරතා 5ක්

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා පැවැත්වීමට නියමිත යි. මීට පෙර මෙම ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී තුන් වතාවක් පවත්වා තිබෙනවා. ඒ 1984, 1995 සහ 2018 යන වසරවල දී යි. 

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය යන නම් දැරූ කණ්ඩායම් සහභාගි වෙනවා. ඒ අතුරින් ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ වඩාත් සාර්ථක වී තිබෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් ද්විත්වය යි. 

එහි දී ඉන්දියාව 7 වතාවක් ආසියානු කුසලානය දිනා ගනිද්දී ඔවුන්ට කරට කර සටනක් ලබා දුන් ශ්‍රී ලංකාව 5 වතාවක් ආසියානු කුසලානය දිනා ගත්තා. මෙම ලිපිය ශ්‍රී ලංකාව දිනා ගත් එම ආසියානු කුසලාන පහ පිළිබඳ යි. 

Asia Cup cricket tournament postponed till June 2021_40.1
ආසියානු කුසලානය – currentaffairs.adda247.com

 1). 1986 ආසියානු කුසලාන තරගාවලිය

1986 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණා. එම තරගාවලිය සඳහා පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සහභාගි වුණා. එවර තරගාවලියේ ශූරතාව ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කණ්ඩායම දිනා ගනු ඇති බවට පෙර සිටම අනාවැකි පළ වුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගාවලියේ මූලික තරග වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම, බංග්ලාදේශය පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා. මේ මූලික තරග වටයේ ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.  

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය (පාකිස්තානයට ලකුණු 81ක ජයක්)

පාකිස්තානය- 197/10 (45)

ශ්‍රී ලංකාව- 98/3 (32.1)

තරගයේ වීරයා- මොහොසින් ඛාන් (පිත්තෙන්- ලකුණු 39) 

බංග්ලාදේශ තරගයේ වීරයා සම්මානය දිනා ගත් අසංක ගුරුසිංහ – Asanka Gurusinghe facebook page

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව (ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්)

බංග්ලාදේශය- 131/8 (45)

ශ්‍රී ලංකාව- 132/3 (31.3)

තරගයේ වීරයා- අසංක ගුරුසිංහ (පිත්තෙන්- ලකුණු 44) 

 

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති අවසන් තරගයේ දී පන්දුවට මුලින් පහර දුන් පාකිස්තානුවන් නියමිත 45 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 191ක් ලබා ගත්තා.

එහි දී පාකිස්තාන ඉනිම වර්ණවත් කළ ජාවෙඩ් මියැන්ඩාඩ් ලකුණු 67ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු කෞෂික් අමලීන් ලකුණු 46කට කඩුලු 4ක් දවා ගත්තා. 

ජාවෙඩ් මියැන්ඩාඩ් – gettyimages.com

 

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42.2ක දී කඩුලු 5ක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. එහි දී දක්ෂ ලෙස පන්දුවට පහර දුන් අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා පිළිවෙළින් ලකුණු 57ක් සහ ලකුණු 52ක් රැස් කළා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.   

කෙටි ලකුණු පුවරුව 

පාකිස්තානය- 191/9 (45), (මියැන්ඩාඩ්- 67, මන්සූර්- 37, අමලීන්- 46/4, රවී- 50/2)

ශ්‍රී ලංකාව- 195/5 (42.2), (අර්ජුන- 57, අරවින්ද- 52, බ්‍රෙන්ඩන්- 30, කදීර්- 32/3)

අර්ජුන රණතුංග – gettyimages.com

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් 

තරගයේ වීරයා- ජාවෙඩ් මියැන්ඩාඩ් 

තරගාවලියේ වීරයා- අර්ජුන රණතුංග

ශ්‍රී ලංකා නායක දුලිප් මෙන්ඩිස් ශූරතා කුසලානය අතැතිව – cricfinity.com

 

2). 1997 ආසියානු කුසලාන තරගාවලිය

1997 වසර වන විට එක්දින ක්‍රිකට් පිටියේ ලෝක ශූරයන් ලෙසින් වැජඹුණේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එනිසා එම වසරේ පැවති ආසියානු කුසලානය ජයග්‍රහණ ලැයිස්තුවේ ඉදිරියෙන් ම සිටියේ ද ශ්‍රී ලංකා කණ්ඩායම යි.

එවැනි වටපිටාවක ආරම්භ වුණු 1997 ආසියානු කුසලාන තරගාවලියේ මූලික තරග වටයේ තරග ත්‍රිත්වය ම පහසුවෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. මේ එම තරගවල ප්‍රතිඵල යි. 

1. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය (ශ්‍රී ලංකාවට ලකුණු 15ක ජයක්)

ශ්‍රී ලංකාව- 239/10 (49.5)

පාකිස්තානය- 224/9 (50)

තරගයේ වීරයා- මාවන් අතපත්තු (පිත්තෙන්- ලකුණු 80) 

2. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව (ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්)

ඉන්දියාව- 227/6 (50)

ශ්‍රී ලංකාව- 231/4 (44.4)

තරගයේ වීරයා- අර්ජුන රණතුංග (පිත්තෙන්- නොදැවී ලකුණු 131)

3. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය (ශ්‍රී ලංකාවට ලකුණු 103ක ජයක්)

ශ්‍රී ලංකාව- 296/4 (46)

බංග්ලාදේශය- 193/8 (46)

තරගයේ වීරයා- සනත් ජයසූරිය (පිත්තෙන්- ලකුණු 108) 

ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණු 131ක් රැස් කළ අර්ජුන – Sportstar

 

පළමු තරග වටයේ ඉන්දු-පාකිස්තාන් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ප්‍රතිඵලයක් රහිත ව අවසන් වුණා. එනිසා ශ්‍රී ලංකාව සමඟින් අවසන් තරගයට ක්‍රීඩා කිරීම සඳහා කණ්ඩායමක් තෝරා ගැනීමට සිදු වුණේ දල ලකුණු ලබාගැනීමේ වේගයට අනුව යි. ඒ ඉන්දියාව සහ පාකිස්තානය සම ප්‍රසාද ලකුණු ලබා ගෙන සිටි නිසා යි. එහි දී වැඩි දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගත් ඉන්දියාව අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. 

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති අවසන් තරගයේ දී කාසියේ වාසිය දිනා ගෙන පන්දුවට මුලින් පහර එල්ල කළේ ඉන්දීය කණ්ඩායම යි. එදා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ නියමිත පන්දුවාර 50 තුළ ඉන්දීය පිතිකරුවන්ට ලබා ගැනීමට හැකිවුණේ කඩුලු 7ක් දැවී ලකුණු 239ක් පමණ යි. එහි දී ඉන්දියාව වෙනුවෙන් මොහොමඩ් අසාරුඩීන් ලකුණු 81ක් ලබා ගත්තා.  

අසාරුඩීන් අවසන් තරගයේ දී පන්දුවට පහරදෙමින් – Sportstar

 

ඉන් අනතුරු ව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36.5ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ගොස් තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

එහි දී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වුණු මාවන් අතපත්තු පන්දු 101කින් නොදැවී ලකුණු 84ක් ලබා ගනිද්දී, ජයසූරිය සහ අර්ජුන වේගවත් ඉනිම් ක්‍රීඩා කරමින් පිළිවෙළින් ලකුණු 63ක් සහ නොදැවී ලකුණු 62ක් ලබා ගත්තා. 

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගය ජයග්‍රහණය කළ මොහොත – Sportstar

 

ශ්‍රී ලංකා ඉනිම පුරාම නොදැවී පන්දුවට පහර දෙමින් සිය වගකීම මනාව ඉටු කළ මාවන්ට තරගයේ වීරයා සම්මානය හිමි වුණා. තරගාවලිය පුරාවට ලකුණු අතර සිටිමින් පිත්තෙන් සුපිරි දස්කම් දැක්වූ නායක අර්ජුන රණතුංගට තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණා. මේ අවසන් තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

කෙටි ලකුණු පුවරුව 

ඉන්දියාව- 239/7 (50), (අසාරුඩීන්- 81, ටෙන්ඩුල්කාර්- 53, වාස්- 32/2, ධර්මසේන- 54/2)

ශ්‍රී ලංකාව- 240/2 (36.5), (අතපත්තු- 84*, ජයසූරිය- 63, අර්ජුන- 62*, ගංගුලී- 25/1)

ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් 

තරගයේ වීරයා- මාවන් අතපත්තු 

තරගාවලියේ වීරයා- අර්ජුන රණතුංග

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම – Sportstar

 

3). 2004 ආසියානු කුසලාන තරගාවලිය

2004 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණා. ඒ සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, හොං කොං, පාකිස්තානය, බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහභාගි වුණා. එවර තරගාවලියේ මූලික වටයේ දී B කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ ජයග්‍රහණ වාර්තා කළා. මේ එම තරගවල ප්‍රතිඵල යි. 

1. ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (ශ්‍රී ලංකාවට ලකුණු 116ක ජයක්)

ශ්‍රී ලංකාව- 239/10 (50)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය- 123/10 (47.5)

තරගයේ වීරයා- කුරාම් ඛාන් (පන්දුවෙන්- 32/4) 

2.ශ්‍රී ලංකාව සහ ඉන්දියාව (ශ්‍රී ලංකාවට ලකුණු 12ක ජයක්)

ශ්‍රී ලංකාව- 282/4 (50)

ඉන්දියාව- 270/8 (50)

තරගයේ වීරයා- නුවන් සොයිසා (පන්දුවෙන්- 49/3)

 පන්දුවෙන් දස්කම් දැක්වූ නුවන් සොයිසා – gettyimages.com

 

මූලික තරග වටය අවසානයේ පැවති සුපිරි කණ්ඩායම් හතරේ තරග වටය සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව සහ පාකිස්තානය සුදුසුකම් ලබා ගත්තා. මේ එම තරග වටයේ දී ශ්‍රී ලංකාව සහභාගි වුණු තරගවල ප්‍රතිඵල යි.

1.ශ්‍රී ලංකාව සහ පාකිස්තානය (ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්)

පාකිස්තානය- 122/10 (39.5)

ශ්‍රී ලංකාව- 123/3 (32)

තරගයේ වීරයා- නුවන් සොයිසා (පන්දුවෙන්- 29/3) 

2. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය (ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්)

බංග්ලාදේශය- 190/9 (50)

ශ්‍රී ලංකාව- 191/0 (33.3)

තරගයේ වීරයා- සනත් ජයසූරිය (පිත්තෙන්- නොදැවී ලකුණු 107) 

3. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව (ඉන්දියාවට ලකුණු 4ක ජයක්)

ඉන්දියාව- 271/6 (50)

ශ්‍රී ලංකාව- 267/9 (50)

තරගයේ වීරයා- විරේන්ද්‍ර ෂෙවාග් (පිත්තෙන්- ලකුණු 81)

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ තරගය ජයග්‍රහණය කළ මොහොත- gettyimages.com

 

සුපිරි කණ්ඩායම් 4 තරග වටයේ දී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්තානය තරග 2 බැගින් ජයග්‍රහණය කළා. එහි දී ඉහළ ලකුණු ලබා ගැනීමේ දළ වේගයක් පවත්වා ගත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. 

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවති අවසන් තරගයේ දී පන්දුවට මුලින් ම පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 228ක් ලබා ගත්තා. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මාවන් අතපත්තු ලකුණු 65ක් ලබා ගත්තා. 

මාවන්ගේ ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 203ක් පමණ යි. පහතින් දැක්වෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 228/9 (50), (අතපත්තු- 65, සංගක්කාර- 53, පතාන්- 33/2, ටෙන්ඩුල්කාර්- 40/2)

ඉන්දියාව- 203/9 (50), (ටෙන්ඩුල්කාර්- 74, චන්දන- 33/3, ජයසූරිය- 34/2, දිල්ෂාන්- 12/1)

ශ්‍රී ලංකාවට ලකුණු 25ක ජයක් 

තරගයේ වීරයා- මාවන් අතපත්තු 

තරගාවලියේ වීරයා- සනත් ජයසූරිය 

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

 

4). 2008 ආසියානු කුසලාන තරගාවලිය

2008 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබාදුන්නේ පාකිස්තානය යි. එය 2004 තරගාවලියේ ආකෘතියට ම පැවැත්වුණා. 2004 ආසියානු තරගාවලිය සඳහා සහභාගි වුණු රටවල් හය ම මෙම තරගාවලිය සඳහා ද සහභාගි වුණා. එම තරගාවලියේ මූලික වටයේ දී A කාණ්ඩය යටතේ තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ ජයග්‍රහණ ලබා ගත්තා. මේ එම තරගවල ප්‍රතිඵල යි. 

1. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය (ශ්‍රී ලංකාවට ලකුණු 131ක ජයක්)

ශ්‍රී ලංකාව- 357/9 (50)

බංග්ලාදේශය- 226/7 (50)

තරගයේ වීරයා- කුමාර් සංගක්කාර (පිත්තෙන්-  ලකුණු 101) 

2. ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (ශ්‍රී ලංකාවට ලකුණු 142ක ජයක්)

ශ්‍රී ලංකාව- 290/9 (50)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය- 148/10 (36.3)

තරගයේ වීරයා- අජන්ත මෙන්ඩිස් (පන්දුවෙන්- 22/5) 

පළමු වටයේ තරගවලින් පසුව පැවති සුපිරි කණ්ඩායම් 4 තරග වටය සඳහා සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල් හතර යි. මේ ශ්‍රී ලංකාව එම තරග වටයේ දී ක්‍රීඩා කළ ආකාරය යි. 

කුමාර් සංගක්කාර පිත්තෙන් දස්කම් දක්වමින් – gettyimages.com

 

1.  ශ්‍රී ලංකාව සහ පාකිස්තානය (ශ්‍රී ලංකාවට ලකුණු 63ක ජයක්)

ශ්‍රී ලංකාව- 302/7 (50)

පාකිස්තානය- 239/8 (50)

තරගයේ වීරයා- කුමාර් සංගක්කාර (පිත්තෙන්-  ලකුණු 112) 

2. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය (ශ්‍රී ලංකාවට ලකුණු 158ක ජයක්)

ශ්‍රී ලංකාව- 332/8 (50)

බංග්ලාදේශය- 174/10 (38.3)

තරගයේ වීරයා- සනත් ජයසූරිය (පිත්තෙන්-  ලකුණු 130) 

3. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව (ඉන්දියාවට කඩුලු 6ක ජයක්)

ශ්‍රී ලංකාව- 308/8 (50)

ඉන්දියාව- 310/4 (46.5)

තරගයේ වීරයා- මහේන්ද්‍ර සිං දෝනි (පිත්තෙන්-  ලකුණු 67)

සුපිරි 4 තරග වටයේ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 66ක් තුළ දැවී ගියා. එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු සනත් ජයසූරිය පන්දු 114කින් රැස් කළ අගනා ලකුණු 125 නිසා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 273ක දී නිමාව දුටුවා.

ජයසූරිය සිය ශතකය ලබාගත් අවස්ථාව – gettyimages.com

 

ඉන් අනතුරුව ලකුණු 274ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 1ක් දැවී ලකුණු 76ක් ලබා ගෙන ප්‍රබල ස්ථානයක සිටියා. ඒ මොහොතේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු අජන්ත මෙන්ඩිස් ලකුණු 13කට දවාගත් කඩුලු 6 නිසා ඉන්දීය ඉනිම ලකුණු 173කට සීමා වුණා.

මේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

පන්දුවෙන් සුපිරි දස්කම් පෑ අජන්ත (gettyimages.com)

 කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 273/10 (49.5), (ජයසූරිය- 125,  දිල්ෂාන්- 56, ඉෂාන්ත්- 52/3, ආර්.පී සිං- 67/3)

ඉන්දියාව- 173/10 (39.3), (ෂෙවාග්ර- 60, දෝනි- 49, අජන්ත- 13/6, වාස්- 55/2)

ශ්‍රී ලංකාවට ලකුණු 100ක ජයක් 

තරගයේ වීරයා- අජන්ත මෙන්ඩිස් 

තරගාවලියේ වීරයා- අජන්ත මෙන්ඩිස් 

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

5). 2014 ආසියානු කුසලාන තරගාවලිය

2014 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශයේ දී පැවැත්වුණා. ඒ සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් සහභාගි වුණා. රවුන්ඩ් රොබින් ක්‍රමය යටතේ පැවති තරගාවලියේ පළමු වටය පැවැත්වුණා. එහි දී සහභාගි වුණු තරග 4 ම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. මේ එම තරගවල ප්‍රතිඵල යි.  

1. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය (ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයක්)

ශ්‍රී ලංකාව- 296/6 (50)

පාකිස්තානය- 284/10 (48.5)

තරගයේ වීරයා- ලසිත් මාලිංග (පන්දුවෙන්- 52/5) 

පන්දුවෙන් දස්කම් දැක්වූ මාලිංග – gettyimages.com

 

 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව (ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයක්)

ඉන්දියාව- 264/9 (50)

ශ්‍රී ලංකාව- 265/8 (49.2)

තරගයේ වීරයා- කුමාර් සංගක්කාර (පිත්තෙන්- ලකුණු 103)

2. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය (ශ්‍රී ලංකාවට ලකුණු 129ක ජයක්)

ශ්‍රී ලංකාව- 253/6 (50)

ඉන්දියාව- 124/10 (38.4)

තරගයේ වීරයා- කුමාර් සංගක්කාර (පිත්තෙන්- ලකුණු 76)

සංගක්කාර ඉන්දියාවට එරෙහිව පන්දුවට පහරදෙමින් (gettyimages.com)

 

3. බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව (ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්)

බංග්ලාදේශය- 204/9 (50)

ශ්‍රී ලංකාව- 208/7 (49)

තරගයේ වීරයා- ඇන්ජලෝ මැතිව්ස් (පිත්තෙන්- නොදැවී ලකුණු 74) 

මූලික තරග වටයේ දී ඉහළ දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා. මීර්පූර් නුවර ශෙරේ බංග්ලා පිටියේ පැවති අවසන් තරගයේ පන්දුවට මුලින් ම පහර දුන් පාකිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 260ක් ලබා ගත්තා. එහි දී පාකිස්තානය වෙනුවෙන් ෆාවඩ් අලාම් නොදැවී ලකුණු 114ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මාලිංග කඩුලු 5ක් දවා ගත්තා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 46.2ක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. එහි දී ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වුණු ළහිරු තිරිමාන්න ලකුණු 101ක් ලබා ගත්තා. මේ අවසන් තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

 තිරිමාන්න ශතකය ලබාගත් මොහොත – gettyimages.com

කෙටි ලකුණු පුවරුව 

පාකිස්තානය- 260/5 (50), (අලාම්- 114*, මිස්බා- 65, උමාර්- 59, මාලිංග- 56/5)

ශ්‍රී ලංකාව- 261/5 (46.2), (තිරිමාන්න- 101, මහේල- 75, අජ්මාල්- 26/3)

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් 

තරගයේ වීරයා- ලසිත් මාලිංග 

තරගාවලියේ වීරයා- ළහිරු තිරිමාන්න 

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

කවරයේ ඡායාරූපය- මාවන් අතපත්තු 2004 ආසියානු කුසලානය අතැතිව - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

wisden.com

Sportstar Magazine

 

Related Articles