Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ අපිට රසවත් කඩචෝරු මතකයන් කිහිපයක්

වෙරළු ගෙඩිය හරි අඩකට කපාගෙන, කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන, වුන් අප එදා සත්කුළු පව් විලාසෙන, පැල ඉනි වැටට අද ඇයි ඇන කොටා ගෙන…

http://heladiwaheritagecircle.com/

http://heladiwaheritagecircle.com/

සුනිල් එදිරිසිංහ ශූරීන් විසින් ගයන “වෙරළු ගෙඩිය” ගීතයේ මුල් පද කිහිපයයි මෙහි දක්වා ඇත්තේ. පොඩි සන්දියේ අපි ඉස්කෝලේ යාලුවොත් එක්ක එක බත් පත බෙදා ගන කාපු හැටි ඔබට තවමත් මතක ඇති. හැමදේම බෙදා ගෙන කන පුරුද්ද හැම අඹ යහලුවෝ සෙට් එකකම වගේ පිහිටල තියෙනවා. කෑම විතරක් නෙවෙයි, ගුටි බැට, ගැරහුම්, සම සමව කාපු ඒ සුන්දර අතීතය ආයේ එන්නේ නැහැ. වැඩිහිටි අවධියට පියමනිනව කියන්නේ කෲර ලෝකයකට අවතීර්ණ වනවා හා සමානයි. එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයාත් සමඟ ඉඩම් කඩම් වලට රණ්ඩු සරුවල් කරන, ඇන කොටාගන්න අබුද්දස්ස කාලයක් මේක.

වෙරළු ගෙඩිය වගේ පුංචි දෙයක් උනත් හිත මිතුරන් එක්ක කෑලි හතකට බෙදා ගත්ත සමගියෙන් උන්න කාලයක් අපි හැමෝටම තිබ්බා. පොලු ගහලා, බොහෝම අමාරුවෙන් කඩා ගත්ත අඹ ගැටේ පවා අපි යාලුවොත් එක්ක කෑවේ රස කර කර කෙල උනමින්. කොහොම උනත්, ඉස්කෝලේ කැන්ටිමේ කන අනං මනංවල, බෙදා හදාගෙන කන බත් මුලේ අමුතුම රසයක් තියනව කිව්වොත් ඔබත් ඊට අනිවාර්යයෙන් එකඟ වේවි. ඒ උනාට අපේ අම්මල, තාත්තල හිතුමතේ කඩ චෝරු කන එකනම් අනුමත කලේ නැහැ. ඉඳල හිටල හවස පන්ති තියන කොට ගෙදරින් සල්ලි කීයක් හරි අපිට හම්බෙනව කියන්නේ එදාට ජය තමා.  ඉස්කෝලේ ඉස්සරහ පොඩි පෙට්ටි කඩේ, කැන්ටිම, කිරි හල, බස් ස්ටෑන්ඩ් එක ගාව වඩේ කරත්තේ, අච්චාරු ආච්චි. බොම්බායි මුටායි අංකල්, සෝයා අයිස් ක්‍රීම් කඩේ වගේ තැන් තමයි පොඩි එවුන් රංචු පිටින් ගැවසෙන්නේ. පොඩි එවුන් විතරක් නෙමෙයි ලොකු අයත් රසවත් සුන්දර මතකයින් අවධි කරන්න ඔය තැන් වලට ගොඩ බහිනවා.

රසවත් කඩචෝරු මතකයින් ආවර්ජනය කරන්නට මෙදා පාර අපි හිතුවා. අවුරුදු 10කට 20කට කලින් සත පනහට, රුපියලට ගන්න තිබ්බ සීනි බෝල, ලොලි පොප්, බුල්ටෝ හොයාගෙන අපි සුපිරි වෙළඳසැල් වලටත් ගොඩ බැස්සා. ඔයගොල්ලන්ට මේ අනං මනං මතකද කියල බලන්නකෝ.

1. අයිස් පැකට්

කොච්චර කෑවත් මදි වගේ නේද?(candidmedia.in)

කොච්චර කෑවත් මදි වගේ නේද?(candidmedia.in)

හවස ඉස්කෝලේ ඇරිලා කට්ට අව්වේ වෑන් එක හරි බස් එක හරි එනකං අයිස් පැකට් එකක් උර උර ඉන්න පොඩි බට්ටෝ තාමත් ඉන්නවා. රස්නේ දවස්වලට කූල් වෙන්න නම් මේක කියාපු බේතක්. හැබැයි දෙමාපියන්ගේ දැඩි විරෝධය මැද්දේ තමයි ගොඩක් ළමයි අයිස් පැකට් ගන්නේ. පිරිසිදුකම ගැන පොඩි කුකුසක් තියෙන හින්දා අම්මල නිතරම අයිස් පැකට් කන්න එපා, ඔව්ව ටොයිලට් වතුරෙන් හදන්නේ වගේ අමු බොරු ගොඩක් කියල තමයි ළමයින් ඔව්ව කන එක නතර කරවන්න උත්සාහ කරන්නේ. අවුරුදු 15කට විතර කලින් රුපියල් දෙකේ අයිස් සහ පහේ අයිස් එකයි තමා හිට් වෙලා තිබ්බේ. ජම්බෝ ජොලියක් කන ගානට පහේ අයිස් දෙකක් ගන්න පුලුවන්. හැබැයි දැන් පහේ අයිස් එක තමා අඩුම. යෝගට් කිරි රසැති අයිස් එක පොඩ්ඩක් ගනන්, හැබැයි හරිම රහයි. පාට පාට කලරින් දාපු අයිස් පැකට් හැම තැනම නෑ. දිවුල් අයිස් පැකට එකට ගොඩක් ළමයින් ආස එක ඇඹුල් නිසා.

2. බුල්ටෝ

බුල්ටෝ කඩයක් හොයා ගන්න එක මේ කාලේ ලේසි නෑ. පදම හරියට ඇවිල්ල නැත්තම් කලු ගල් කනව වගේ තියෙයි. පෙනුමෙන් දොදොල් වගේ සුදු සව් කොලේ ඔතපු  කටේ ඇලෙන රසම රස බුල්ටෝ එකක් දැන් රුපියල් පහයි. හැත්තෑ, අසූ ගණන් ඉඳන් ලොකු කුඩා කා අතරත් ප්‍රසිද්ධ බුල්ටෝ ටොපිය අද මසුරන් වටිනවා.

3. පහේ රෝල්ස්

පහේ රෝල්ස්

පහේ රෝල්ස්

කැන්ටිමේ විකුණපු පහේ රෝල්ස් ඕගොල්ලන්ට මතකද? ගෙදර පිළිවෙලකට හදන රෝල්ස්වලට වඩා මෙව්වා හරිම රසයි. අල වෙනුවට බතල දාන වෙලාවලුත් තියෙනවා හැබැයි. ලංකාවේ හදන චයිනිස් රෝල්ස් කියන ජාතිය හැබෑට චීන්නුත් කාල නැතුවැති. කතාවකට කියනවනේ ලංකාවේ හතු පිපෙනවා වගේ අරින චීන හෝටල් චීනෙත් නැතුවැති කියලානේ. රුපියල් පහේ රෝල් එකේ ගාන ඩබල්, ට්‍රිබල් වෙලා උද්ධමනයත් එක්කම. එග් රෝල් එකත් ගොඩක් පාසල් දරුවන් අතර ජනප්‍රිය ශෝටීට් එකක්.

4. බොම්බයි මොටයි

කොහොමද පාට?(theshadowhuntress.wordpress.com)

කොහොමද පාට?(theshadowhuntress.wordpress.com)

අපි මේ අවුරුද්දේ මුල් භාගයේ බොම්බයි මුටායි ගැන ලිපියක් පල කලා ඔබට මතකද? බොම්බායි මුටයි කන එක ලේසියි. හැබැයි මේ පිටුපස තිබෙන සංකීර්ණ ක්‍රියාවලිය ඔබ දැනගත යුතුමයි.

මීට වසර ගණනකට ඉහතදී බොම්බයි මොටයි විකුණුවේ නයිස් කියල තුනී බිස්කට් ජාතියකුත් එක්ක. දැනුත් සමහර වෙළෙඳන් ඕක විකුණනවා. අවුරුදු සැණකෙළියකදී, කානිවල් එකකදී එහෙම බොම්බයි මොටයි වෙළෙන්ඳො හරි හරියට හොයා ගන්න පුලුවන්. ඉන්ගිරිසියෙන් කොට්න් කැන්ඩි කියලයි මෙව්වට කියන්නේ. ස්වාභවයෙන් පුලුන් වගේ නිසා වෙන්නැති. කටේ දැම්ම ගමන් දියවෙන සීනි කැරමල්කරණය කිරීමෙන් සාදා ගන්නා බොම්බ මොටයි ශ්‍රී ලංකාවට ගෙන ආවේ පාර්සි ජාතියකයන් විසිනුයි කියලා කතාවක් තියෙනවා. නමින්ම හිතා ගත්තහැකි මේක අපිට පෙරදිගින් ලැබුණු රසම තෑග්ගක් කියල. පරම්පාරාවෙන් පරම්පරාවට පැවත එන බොම්බයි මොටායි වට්ටෝරුව ඇසුරෙන් රැකියාවක් කරගෙන යන වෙළඳුන් ප්‍රමාණය දැන් කෙමෙන් කෙමෙන් අඩුවෙමින් පවතිනවා. ටිලිං ටිලිං ගෙජ්ජි නාදය පාර තොරින් ඇහෙනකොට ලොකු කුඩා කවුරුත් ප්‍රීතියෙන් උසුලන්නේ බොම්බයි මොටයි ගන්න නොඉවසිල්ලෙන්.

5. ඩෙල්ටා, මයිලේඩි, සියඹලා ටොෆි, හැක්ස්

“හරි රසයි කිය කියා, අපි ඉල්ලන නිසා, රස ඩෙල්ටා ටොෆී ගේනවා”

තවමත් පරණම ඇසුරුමෙන් එන ඩෙල්ටා ටොෆීවල කැරමල් රසය අපේ ජීවිතවලට ඉතාමත් සමීපයි. කාලයත් එක්කම මිල ඉහල ගියාට ප්රමාණයෙන් එන්න එන්නම කුඩා වෙන ටොපි දැන් පාවිච්චි වෙන්නේ මාරු කාසි වෙනුවට ලබා දෙන විකල්පයක් ලෙසයි. සත පනහේ බන්ටි ටොෆී, ස්ටාර් ටොෆි දැන් ආසාවටවත් හොයා ගන්න බෑ. හැබැයි මයිලේඩි, සියඹලා ටොෆි, කැස්සට හැක්ස් ඕනෙම තැනකින් මිලදී ගන්නට පුලුවන්.

6. සීනි බෝල, සීනි කූරු, නාරං බික්

දැක්කත් ඇති නිකන් පිස්සු වගේ (delishbeads.com)

දැක්කත් ඇති නිකන් පිස්සු වගේ (delishbeads.com)

හැත්තෑ, අසූ ගණන් වල පාරේ හන්දියේ හැම කඩේකම බෝතල් වල දාල විකුණපු වයිවර්ණ සීනි බෝල අද පෙටිටි කඩේ අත ඇරල දාලා ගිහිල්ල. හැබැයි සුපිරි වෙළඳ සැලකට ගියොත් පැකට කරපු සීනි කූරු, නාරං බික්, මදි නොකියන්න විවිධ රසවලින් හොයා ගන්න පුලුවන්. හූණු බිත්තර/මීබෙටි සීනිබෝල කියලා චූටි සීනි බෝල ජාතියක් තිබ්බා මතකද? එක එක පාටවලින් හදපු, ඇතුලේ මදේ මහදුරු කෑල්ලක් තියෙන මේ සීනි බෝල පැකට් එකේ නොමිලේ ස්ටිකර් එකකුත් ලැබුණා.

7. කිරි පැකට්

කිරි පැකට් කියන්නේ ඉන්ටවල් එකේ අනිවාර්ය කොටසක්. (indi.ca)

කිරි පැකට් කියන්නේ ඉන්ටවල් එකේ අනිවාර්ය කොටසක්. (indi.ca)

දැන් නංගිලා, මල්ලිලාට මයිලෝ කියන්නේ නැතුවම බැරි පානයක්. කොත්මලේ කිරි පැකට් එක ගන්න පොර කාපු කාලයකුත් තිබ්බා මතකද? හයිලන්ඩ් චොකල්ට් කිරි එක කිරිහලේ හැමදාම නෑ. චොක්ලට් සහ වැනිලා රස දෙකන් ආපු කොත්මලේ කිරි එක ඒ කාලේ රුපියල් දහයක් පමණයි. දැනි ඉතින් කිරි විතරක් නෙමේ, එක එක වෙළඳ නාම යටතේ යෝගට් කිරි, අයිස් ක්‍රීම්, ජෙලි යෝගට් උනත්  ලබා ගන්න පුළුවන්.

8. කිරි ටොපි/ පොල් ටොෆි

පොල් ටොෆි.

පොල් ටොෆි.

සමූපකාරේ කිරිහලේ කිරි ටොපි හරිම රසයි. ඉන්ටවල් එකට දවල් කෑම එක කාල කිරි හලට දුවන්නේ කිතුල් පැණි එක්ක මී කිරි කන්න. කාලා ඉවර වෙලා ඉතුරු සල්ලිවටල අපි රසම රස කිරි ටොපි ටිකකුත් ගේනවා. කිරි ටොපි විතරක් නෙවෙයි, පොල් ටොෆි, රුලං කෑලි වගේ එව්වත් යාලුවොත් එක්ක බෙදා ගෙන කාපු අවධිය අද වගේ මතකයි නේ.

9. ශොටීට්ස් කරත්ත

කොහොමද මේවයේ සුවඳ?

කොහොමද මේවයේ සුවඳ?

ශොටීට්ස් කරත්තයක් ලඟින් යනකොට දැනෙන පුස්ඹ ඉවසන්න බෑනේ. ඉස්සෝ වඩේ,උලුඳු වඩේ, කොච්චි වඩේ, බැදපු මඤ්ඤොක්කා පෙති, පොරි (පොප්කෝන්)…ඔන්න ඔය වගේ කට ගැස්මට කියාපු ජාති ඔය කරත්තවල විකුණනවා. අනේ ඒ උනාට සමහර තැන්වල උම්බලකඩ වඩේ එහෙම දැන් ජිල් බෝල සයිස් එකට වැටිලා. දැන් ගෝල් ෆේස් එක පැත්තට ගියොත් මේ වගේ කරත්ත අනන්තවත් දැක ගන්නට ඔබට පුලුවන් වේවි. කොහොමත් හවස් වෙලාවට බාර් එකක් අයිනේ එහෙම මෙහෙම තැන් වලට හොඳ බිස්නස්.

10. පහේ චොක්ලට්

පහේ චොක්ලට්

පහේ චොක්ලට්

ඒ කාලේ ටින් ටින් කවර දාපු පොඩිම පොඩි පහේ කැන්ඩොස් චොක්ලට් මතකද? ටින් ටින් ඇසුරුම තවමත් නැති උනාට තාමත් මේ චොක්ලට් රුපියල් පහට ගත්තහැකි. ඒ රසමයි. ඒ සුවඳමයි. චිට්චැට් කියන්නේ ලංකාවේ කිට්කැට් එක වගේ. කඩේට බඩු ගන්න ගියාම ඉතුරු වෙනුවට ලැබෙන්නේ චිට්චැට් තමයි. උපන්දිනේට පන්තියේ ලමයින්ට ට්‍රීට් එක දෙනකොට, නිවාඩු දෙන දවසේ පාටියේදි එහෙම අනිවාර්යයෙන් චිට්චැට් හරි බන්ටි චොකෝ හරි තියෙනවමයි.

11. ජෙම් බිස්කට්, මල් බිස්කට්

පොඩ්ඩන් අතර සුප්‍රසිද්ධ ජෙම් බිස්කට් (gallery.dcview.com)

පොඩ්ඩන් අතර සුප්‍රසිද්ධ ජෙම් බිස්කට් (gallery.dcview.com)

ජෙම් බිස්කට් කියන්නේ ලංකාවේ අපිට නුහුරු නුපුරුදු කෑමක් නෙමෙයි. මතකද අර පාට පාට අයිසින් මල් දාපු බිස්කට් ජාතිය. තාමත් පොඩි කඩවල්වලින් මේවා මිලදී ගන්නට පුලුවන්. පිටරට ඉන්න ලංකාවේ අය මේවා කන්න හරි ආසයි. පොඩි කාලේ සුන්දර මතකයින් වෙත අපිව කැන්දන් යන්නට මේ වගේ පුංචි දේවල් සමත් වෙනවා.

කවරයේ පින්තුරය: anima-choudhury.blogspot.com

Related Articles