Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දැක්කහම channel එක මාරු කරන්න හිතෙන්නැති ලංකාවේ පලවුනු ජනප්‍රියම වෙළඳ දැන්වීම් කිහිපයක්

අපේ පුංචි රටේ වෙළද දැන්වීම් කලාවට හොඳ ඉතිහාසයක් තියෙනවා. මීට දශක තුනකට අධික කාලයක දී ලංකාවේ රූපවා නී සේවාවන් පටන් ගත්ත දා සිට අද දක්වා ඉතාම ඉහළ ගනයේ වෙළඳ දැන්වීම් ගණනාවක් ඔබ කවුරත් පුංචි තිරයේ අනනත්වත් දැකල අැති. TV එකේ යන හැම ad එකක්ම අති විශිෂ්ඨයි කියල කියන්න බැරි බව අැත්ත, නමුත් කාලෙන් කාලෙට, විවිධ වර්ගවල භාණ්ඩ හා සේවා ප්‍රචාරය කිරීම සඳහා ඉතා නිර්මාණශීලි, සිත්ගන්නා සුළු දැන්වීම් බොහොමයක් අපේ රටේ වෙසෙන නිර්මාණකරුවන් අතින් බිහිවී අැති බව අප කවුරුත් හොඳින් දන්නා කරණයක්. විශේෂයෙන්ම 1980 – ‘90 දශකයන් හි මෙන්ම 2000-2010 අතර කාලයේ බිහි වුනු සමහර වෙළඳ දැන්වීම් එතෙක් මෙතෙක් මෙරට බිහි වූ විශිෂ්ඨතම හා අමතක නොවන නිර්මාණ අතර පවතින බව අවිවාදයෙන් පිලිගත යුතුයි. මේ සටහනේ අරමුණ ඒ මතකය නැවත අාවර්ජනය කර ගැනීමයි.

1) නින්ජා – පැය 10කටත් වඩා දැල්වෙන මදුරු දඟර

ලංකාවේ අලෙවි වන භාණ්ඩ අාශ්‍රිතව වැඩිපුරම වෙළඳ දැන්වීම් බිහි වන්නක් තමයි මදුරු දඟර. නින්ජා සමාගම විසින් එකල සිදු කරන ලද සමීක්ෂණවලට අනුව පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් ඉල්ලා සිටියේ රෑ කෑම වෙලාවට පත්තු කර පහුවදා පාන්දර වෙනකන් එක දිගට දැල් වෙන දඟරයක්. ඒ අනුව හදපු කොයිල් එක ප්‍රචාරය කිරීමට හදපු වෙළඳ දැන්වීම තමයි මේ.

2) ග්‍රී ලංකා අැස් දන් දෙන්නන්ගේ සංගමය

2011 ජාත්‍යන්තර Effies සම්මාන උළෙලදී ‍රිදී පදක්කමක් ද Spikes උළෙලදී ලෝකඩ පදක්කමද දිනා ගත් මෙම දැන්වීම ලාෙව පුරා බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වුනා.

3) කට්ටිය ස්ටෙලා වෙලා

අද වගේ හැමෝගෙම අතේ ජංගම දුරකථනයක් තිබ්බෙ නැති කාලෙක ලංකා බෙල් සමාග විසින් සිය CDMA දුරකථන ජාලය ප්‍රචාරනය කිරීමට නිපදවූ මෙම වෙළඳ දැන්වීම මේ රටේ බිහිවුනු අතිශයින්ම ජනප්‍රිය නිර්මාණයක් ලෙස අදටත් සැලකිය හැකිය.

4) ගම් පෙරළිය නෙමෙයි, පෙම් පෙරළිය

නූතන පියල් සහ නන්දා පාඩම් කරන මුවාවෙන් අැත්තමට මොකක්ද මේ කරන්නෙ? මොකක් වුනහම අපිට මොකද. පෝලෝ සිසිල ගලන මින්ට් සිදුරක් කටේ දාගෙන පාඩුවෙ ඉන්න අාතල් එකේ. නැද්ද අංකල්?

5) අංකල් කිව්වහම මතක් වුනේ…

ලන්ඩන් වල අැල්බට් අංකල් ගැන අහල නැති කෙනෙක් ලංකාවේ කොහෙවත් නැතිව අැති. ඒ තරමටම සෙලාන් බැංකුවේ Money Transfer සේවාව සඳහා නිර්මාණය කෙරුනු මෙම දැන්වීම මෙරට ප්‍රේක්ෂක ජනතාවර අතර ජනප්‍රිය වුනා.

6) මිහිරෙන් මතකෙය් රැඳේ‍

මේ ad දැකල එක සැරයක් හරි අැහැට කඳුලක් අාපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ නම් ඉතින් ගලක් වගේ හිතක් තියෙන කෙනෙක් වෙන්න ඕන. මෙරට රූපවාහිනි ඉතිහාසයේ බිහිවූ සුන්දරම වෙළඳ දැන්වීමක් වන මෙහි අැති වටිනාකම හුදෙක් ප්‍රාචාරන නිර්මාණයකින් එහාට ගිය එකක් බව අනිවාර්යයෙන් කිව යුතුයි.

7) බයිසිකල් එක ගරාජ් එකට දාල අලිය පේයාව එකක් බොන්න

මේ ad එක මතකද? මේක දැකපු පලවෙනි පාර බඩ අල්ලං හිනා වුනා මතකද?

8) අාපිකෝ රබර් – හැමදාටම ෂුවර්

මල කෝලං.

9) සන්න්න්න්න්ලයිට්

තේරුමක් නැති සබන් ad එකසීය ගානට තියෙන කාලෙක සන්ලයිට් සඳහා නිර්මාණය කරන ලද මෙම අතිශය දැකුම්කළු වෙළඳ දැන්වීම සැබවින්ම ඉහල ගනයේ නිෂ්පාදන මට්ටමක් සහිත නිර්මාණයක්. 1993 වසරේ නිපදවූ මේ දැන්වීම කලින් කලට අළුත් වී අප අාලින්දය වෙත පැමිණි මෙම දැන්වීම් මාලාවක් අැසට මෙන්ම කනට ද ප්‍රියජනකයි.

බෝනස් වීඩියෝ

1980 හා ‘90 දශකෙයන් හී ගිය මේ වෙළඳ දැන්වීම් වලින් කීයක් ඔයාලට මතකද?

Related Articles