Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේදී දැකගන්න පුළුවන් DJ ලා වර්ග

අපිට සාමාන්‍ය සමාජයේදි නිතරම අහන්න ලැබෙන වචනයක් තමයි DJ කියන්නේ. DJස්ලා මියුසික් ෆීල්ඩ් එකේ වගේම තවත් අංශ වලත් පැතිරිලා ඉන්නවා. සංගීත අංශයේදී  DJ  කියන්නේ තැටි ධාවනයෙන් සංගීතය නිපදවාගත් ග්‍රැමෆෝන් යුගය දක්වා දිවයන සංස්කෘතික අංගයක්. තැටි ධාවනය කොට සංගීතය නිපදවීම පසුකාලීනව අභාවයට ගියත් DJ කියන නම සංගීත ලෝකයෙන් ඉවත් වුනේ නෑ. සංගීත ඛන්ඩ දෙකක් හෝ කිහිපයක් ඒවායේ ගතිගුණ වෙනස් කරමින් ඒ අවස්ථාවට සුදුසු ආකාරයේ ජවයක් ලබාදෙන්නට DJ කෙනෙක්ට හැකියාව තියෙනවා.

ලංකාවේ උත්සව අවස්ථාවකදී, කමින් බොමින් අල්ලාප සල්ලාපයේ යෙදෙන ජේත්තුකාර මහත්වරුන් සහ නෝනාවරුන්, කෙමෙන් කෙමෙන්  නර්තන බිමේදී නටන දගලන අවස්ථාව දක්වා කුල්මත් කිරීමේ හැකියාව DJල සතුයි. DJ වරුන් අතර එෆ් එම් රේඩියෝ වල නිවේදන කටයුතු කරන අයත් DJ වරුන් කොටසක් ලෙසත් සලකන්න පුලුවනි.

මික්සින් DJ ස්ලා

මික්ස් DJ වරයෙක්.

මික්ස් DJ වරයෙක්.

ඩිස්ක් ජොකින් එහෙම නැත්නම් තැටි දෙකක ධාවනය වන සංගීත කාන්ඩ දෙකක් එකතු කර නව සංගීතයක් ඇරඹීම 1910 තරම් ඈතට දිවයන සිදුවීමක්.එඩිසන් සහ පිරිස ග්‍රැමොෆෝනය සොයාගත්තත් එකල දී තැටියක් ධාවනය කල හැකි කාලය සාපේක්ෂව ඉතාම අඩුයි. ඒ හේතුව නිසා සහ සංගීතය නොකඩවා පවත්වාගෙන යෑමට තැටි ධාවක දෙකක් යොදාගෙන ගැලපෙන සංගීත ඛන්ඩ යොදමින් සංගීත කොටස් එකතු කරමින් මික්ස් කරන්නට ඇතැම් දක්ෂයින් සමත් වුනා. ක්සුකාලීනව ඩාන්සින් ඩි ජේ ස් සහ ක්ලබ් DJ කරලියට ආවා.ඒ හරහා DJ කලාව විවිධ මානයන් කරා සංක්‍රමනය වන්නට වුනා. සාද වලදී මෙන්ම නොයෙක් අවස්ථාවලදී එම අවස්ථාවලට ගැලපෙන සංගීතමය ගැම්මක් ලබාදෙන්නට නටන්නට අවශ්‍ය රිද්මය සකසා දෙන්නට DJ වරු සමත් වුනා.

ලංකාවේද ඉහල මට්ටමේ සමාජ ශාලා, කැරෝකේ, සංචාරක ප්‍රදේශ ආශ්‍රිතව මේ ආකාරයේ වෘත්තිය මට්ටමේ  DJස් පවතිනවා.ඒ හරහා  සකසන ලද සංගීත ඛන්ඩ මික්ස් කරමින් ඒවායේ තීව්රතාවයන් රිද්මයන් වෙනස් කරමින් අලුත්ම අත්හදා බැලීම ඇතුලත්  DJ සංදර්ශන පැවැත්වෙනවා. මෙයින් සාමාන්‍ය විවාහ උත්සව අවස්ථාවලට ත් ඩි ජේ වරු දැන් දැන් සිය සේවාව නිබඳවම සපයනවා.

“ මචං මේම නේ. ඔන්න මුලින් අපි ස්ලෝ ට්‍රැක් එකක් ගහනවා.එතකොට පොඩි ලමයි සහ නටන්නම ඉවෙන්ට් එකට එන ටිකක් සහ එතනෝල් වලින් වැනෙන සෙට් එක ෆ්ලෝ එකට එනවා.ඉන් පස්සේ හිංදි සිංදු දෙමල ට්‍රැක් දෙක තුනක් වදිනකොට ස්ලෝ එකේ ගෑනු අය ඩාන්සින් ‍ෆ්ලෝ වැටෙනවා.ගෑනු අය එනවා කියන්නේ ඊලගට ඉතිං අංකල්ලා සහ ටේබල් වල සෙට් වෙලා ඉන්න අය පෝලිමේ ඇවිත් නටනවා.අවසානේ හයි නම්බර් ටිකක් ගහල ඔය මල් සිංදු අඩන සිංදු ටිකක් ගහල දානවා . ඉතිං අපේ අය වෙඩින් DJ කෙනෙක් ගෙන් එයාල බලාපොරොත්තු වෙන්නේ ඒම දෙයක්.”

ඒ ඉහල සහ මැද මට්ටමේ වෙඩින් වලට සහ ඉවෙන්ට් වලට සේවාව සපයන DJ වරයෙකුගේ අදහසක්.

ගේම් DJ ස්ලා. Game DJs

Game DJ

Game DJ

ගමේ DJ ස්ලා ‍ලග අවශ්‍ය සවුන්ඩ්, මික්සර් සහ ලයිට් තිබෙනවා.මගුලක් කොටහලු අවස්ථාවක්, බර්ත් ඩේ පාටියක් වගේ ලොකුවට ගන්න කැමති අය ගමේ සහ අර්ධ නාගරිකව දැන් ඉන්නවා. ඔවුන් මේ ඩි ජේ අයට එන්න කියනවා.

ඔවුන් ඇවිත් ලයිට් සවුන්ඩ් සහ මික්සර් ටික සවිකරගෙන තැටි දමමින් සහ කනවටා විශාල හෙඩ්ෆෝනයක් අටවාගෙන හිටගෙන ලොකු ‍වැඩක් කරන මික්සරයෙකු ලෙස හැසිරෙනවා.ඇත්තෙන්ම බොහෝවිට සිදු වන්නේ කිසිදු ගැලපීමක් නොමැති ගීත දෙකක් දැමීම හෝ නන්ස්ටොප් ඩී ජේ ට්‍රැක් එකක් ‍ප්ලේ කිරීම පමණයි.

බොහෝවිට මේ ගමේ ඩි ජේ අය ගැන වයසක උදවිය නම් කතාකරන්නේ නොමනාපයෙන්. ‍

“මෙහෙව් තැනකට එන්නේ මිනිස්සු එක්ක කතාබහ කරල ටිකක් සතුටු වෙන්න.ආපුගමන් දානව කණපැලෙන්න DJද මොකද්ද යෙකක්. ඉතිං කනක් ඇහෙන්න නෑනෙව දැන් මෙතන “

ඇතැම් වැඩිහිටියන් ඩී ජේ කරුවන්ට බනින්නෙේ එහෙම.ඒ වගේම මීට කලිං නියම DJ මියුසික් අහපු අයෙකුට එක් ගීතයකට පසුව තවත් ගීතයක් ගැලපීමකින්,තොරව ඉදිරිපත් කරන, කලින් මික්ස් කරන ලද ට්‍රැක් ප්ලේ කරන මේ ගමේ DJස්ලා ඇත්තටම කණට කරදරයක්. ඇතැම් විට ශබ්ධය නිවැරදිව කළමනාකරනය කරන්නේ නැති නිසා මේ ගමේ DJ තනිකර ගෝසාවක් ලෙසත් ඇහෙන අවස්ථා තිබෙනවා.

නමුත් නටන්නට කැමති හිතවතුන්ට ලොකු පිකප් එකක් දෙන්නට මේ ගමේ DJ වරුන්ද සමත් වෙනවා. සිංහල ජනප්‍රිය සිංදු හිංදි දෙමල සිංදු සහ කලාතුරකින් ජනප්‍රිය ඉංග්‍රීසි සිංදු මේ ඩි ජේ වරුන් විසින් නිතර ප්ලේ කරනවා.

FM ඩී ජේ ස් ලා

(phxpeople.com)

(phxpeople.com)

රේඩියෝ ප්‍රසන්ටේටර් නැතිනම් ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්නන් ද DJ ස්ලා විදියට හැඳින්වෙනවා. එක්තරා කාලයකදී රේඩියෝව අහන අයටත් ගීත සහ සංගීත ට්‍රැක් මික්ස් කරමින් අලුත් සංගීත අත්දැකීමක් ලබාදෙන්නට ගුවන් විදුලි ඉදිරිපත් කරන්නන් සමත් වුනා. නිවේදන කටයුත්තට අමතර එම කාර්යය නිසා ඇතැමුන් ඔවුන්ව DJ වරු ලෙස හඳුන්වා දෙන්නට වුනා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පැරණි නාලිකා වලට සවන් දුන් අයට නම් එහි නිවේදිකාවන් නිවේදකයින් දැන් අපි ප්‍රධාන පාලක මැදිරියට යමු යැයි කියමින් වෙළඳ දැන්වීම සහ වෙනත් අංග සදහා ප්‍රධාන පාලක වෙත යොමුවන අවස්ථා තිබුන බවක් මතකයේ ඇති. නමුත් 1994 දී පෞද්ගලික නාලිකා වල ඇරඹීමත් සමග FM තාක්ෂණයට අනුව වඩාත් ලේසියෙන් ගුවන්විදුලි සම්ප්‍රේෂණ කටයුතු සිදු කරන්නට හැකියාව ලැබුනා.එහිදී සාම්ප්‍රදායික පාලක මැදිරි සංකල්පය අහෝසි වී ගිය අතර ගීත තේරීම, ඒවා ධාවනය වෙළඳ දැන්වීම් ප්‍රචාරය ආදී රාජකාරී කිහිපයක්ම ගුවන්විදුලි  වැඩසටහන් ඉදිරිපත් කරන්නන් හට යොමුවුනා.

එනම් ඔවුන් නිකංම නිකං ඉදිරිපත් කිරීම් කල පැරණි නිවේදකයින් ට වඩා වැඩි කාර්යයක් වත්මන් එෆ් එම්  නිවේදකයෙක් සිය මැදිරිය තුලදී  සිදු කරනවා.බොහෝවිට සජීවීව ප්‍රචාරය වන මෙම එෆ් චැනල වල ශබ්ධ පරිපාලනය නිවැරදි කාල කළමණාකරණය නිවේදනය ආදී ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන වර්ථමාන රේඩියෝ නිවේදන කාර්යය ඇතැම් අය ඩි ජේ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනවා.

ඇතැම් නාලිකාවල රේඩියෝ ප්‍රසන්ටර්ස්ලා DJ ස්ලා ලෙස හඳුන්වනවා. ඒ අතරින් විහිළු කරන , තොඳොල් වෙන, ගීත ලබාදෙන, ගෑනු කටහඩින් අමතන පිරිමි මේ DJස්ලඅතර ඉන්නවා. වාණිජත්වයට නැඹුරු වූ වර්ථමාන රේඩියෝව තුලින්, ශ්‍රාවකයා මෙන්ම වෙළඳ පොළද එක සේ සෑහීමකට පත් කරන්නට සිදු වෙනවා. සුළු සහයෝගයක් පමණක් සහිතව ඇමතුම් වලට උත්තර දීම, ෆේස්බුක් ස්ටේටස් බැලීම, ගීත ලබාදීම, කමර්ශල් කියවීම, ඇමතීම, නිවේදන පණිවුඩ කීම, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම, ආදී බොහෝ කාර්යයන් සජීවීව කරන රේඩියෝ ඩී ජේ ස්ලා ගේ රාජකාරිය හිතන තරම්ම සරල සහ පහසු එකක් නම් නෙමෙයි.

වචන වලට තේරුම් සෙවීමේදි ඇතැම් වදන් වල තේරුම කාලය දීපය දේසය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදියට මීට අවුරුදු 20කට පෙර ෆෝන් (Phone) එක කියල කිව්වේ ගෙදර තිබුනු ටෙලිකොම් ෆෝන් එකට.මීට අවුරුදු 10 කට වගේ ඉස්සර නොකියා මෝටරෝල ඒවා තමයි ලොවෙත් ෆෝන් . පස්සේ කාලෙක දැන් තිබෙන ස්මාට්ෆෝන් ආවට පස්සේ ෆොන් එක කියන කොට අපෙ අදහස ස්මාට්ෆා්න් එකට යොමු වෙනවා. DJස්ල ත් එහෙමයි. ග්‍රැමෆෝන් යුගයේ තැටි දෙකක් මික්ස් කිරීම ඩී ජේ. රේඩියෝ ස්ටේෂන් වලදි රේඩියෝ ප්‍රසන්ට්ර්ස්ල තමයි ඩී ජේස්ලා. අපේ ගමේ නම් ඩීජේ කියනනේ අඩුම කුඩුම ටික ඩිමෝ බට්ටගේ පටවං ඇවිල්ල මගුල් තුලාවලට හෙම මහ ගෝසා සංගීතයක් සපයන කෙනෙක්. ඩී ජේ වරු ගැන ඔබට යම් දැනුමක් මේ හරහා ලැබෙන්නට ඇති. ඔබටත් ඩී ජේ ගැන තවත් අදහස් ඇති.අපි එක්ක හුවමාරු කරගන්න.

Related Articles