නිවාඩුවට විවේකයට කෝච්චියෙන් ගමනක්!

නිවාඩුවක් විවේකයක් ලැබුණු වෙලාවක දුම්රියෙන් ළඟා වෙන්න පුළුවන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන ආසන්නයේ පවතින සංචාරක ස්ථාන කීපයක් ගැනයි මේ මාර්ගෝපදේවලින් ඔබට කියන්නේ.

කැලණිය ආශ්‍රිතව කැලණිය රජමහා විහාරය ඇතුළු තවත් සංචාරක ඉසව් කිහිපයක් පිහිටා තිබෙනවා. කැලණිය දුම්රිය ස්ථානයේ සිට එම සංචාරක ඉසව්වලට ළඟා විය හැකි ආකාරය යි මේ.

තේවත්ත බැසිලිකා දේවස්ථානයට අමතරව තවත් සංචාරක ඉසව් කිහිපයක් ද රාගම ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. 

හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට අමතරව තවත් ඓතිහාසික ස්ථාන කිහිපයක් ගම්පහ ප්‍රදේශය අවට තිබෙනවා.  

වේයන්ගොඩ ප්‍රදේශය අවට පැරණි විහාරස්ථාන ඇතුළු සංචාරක ඉසව් කිහිපයක් පිහිටා තිබෙනවා.  

මීරිගම පුරවරයේ තිබෙන ප්‍රධානතම සංචාරක ඉසව්වක් වන්නේ සේනානායකවරුන්ගේ බෝතලේ වලව්ව යි. 

Related Articles

Exit mobile version