වතු කම්කරුවන්ට කිරි තේ කෝප්පයක් පානය කිරීම සුඛෝපභෝගී කරුණක් ලෙස දැනීම දෛවයේ කුරිරු සරදමකි. එහෙත් වතු ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාවැටීමත් සමඟ හැටන් ආගයිල් වතුයායේ වතු කම්කරුවන් බොහෝ දෙනකුට තම දෛනික තේ කෝප්ප පවා සලාකයට ලබා ගැනීමට සිදුව ඇත.
“කිරි තේ අපට සුඛෝපභෝගී දෙයක්,” ඔවුන්ගෙන් එක් අයෙක් පැවසීය.
” කාලෙකට සැරයක් අපිට ළඟ තියෙන කිරි ගොවිපළවලින් කිරි ටිකක් ලැබෙනවා ඒත් ඒකත් බොහොම ටිකයි.”
වතු කම්කරු ප්‍රජාවට මේ අහිමි වීම අලුත් දෙයක් නොවේ. මධ්‍යම පළාතේ වතු ප්‍රජාව පරම්පරා ගණනාවක් තිස්සේ අවාසිසහගත ලෙස, සියවස ආරම්භයේ සිට ම ඡන්ද අයිතිය අහිමි කර, දුක්ඛිත ජීවන තත්ත්වයන්ගෙන් පීඩා විඳි පිරිසකි. අනුප්‍රාප්තික රජයන් මේ පිරිස නොසලකා හැරීම සාමාන්‍ය දෙයක් බවට පත් ව ඇත.
“අපි මේ වත්තේ ගොඩක් කාලෙක ඉඳන් තේ දළු නෙළනවා” එවැනි සේවකයෙක් පැවසීය.
“අපි කෑම හදන්නේ දර ළිපෙන්. අපේ දෛනික වැටුපෙන් අපට කිසිදාක ගෑස් සිලින්ඩර් හෝ භූමිතෙල් කුකර් ලබා ගන්නට හැකියාවක් නෑ’’
වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000ක් ගෙවන අතර දින 22ක වැඩ අවසන් වූ පසු එම වැටුප ගෙවයි.
“අපි ඊට වඩා අඩුවෙන් වැඩ කළොත් අපිට ලැබෙන්නේ රුපියල් 900යි. ඒකෙන් ගෑස් සිලින්ඩරයක් ගන්නේ කොහොමද?”
2020 වසංගත අගුලු දැමීමේ දී වතුයායේ සුබසාධන වැඩසටහනක් හරහා පිටි සහ සහල් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වර්ග කිහිපයක් තමන්ට ලැබුණු බව කම්කරුවෝ පවසති. නමුත් දැන් එම වැඩසටහන් සියල්ල ඇණහිට ඇත.
“අපේ ගෙවල්වල ඉඳන් වත්තට ප්‍රවාහන සේවයක් නැහැ. හදිසි අවස්ථාවක නම්, අපට ගිලන්රථ ගාන්වා ගැනීමට නොහැකියි. අපේ වියදමෙන් වාහනයක් ගෙන්න ගන්න වෙනවා. පළාතේ නේවාසික වෛද්‍යවරයෙක් නෑ කියන්නේ අපිට ඉස්පිරිතාලෙට යන්න ලොකු වියදමක් දරන්න වෙනවා.” ඔවුහු පැවසූහ.