ලෙඩ වවාගෙන කෑම
පොදුවේ හැදෙන සාමාන්‍ය ලෙඩ කෙසේ වෙතත් දීර්ඝකාලීන ප්‍රතිකාර අවශ්‍ය ලෙඩවලට ලබා දෙන බොහෝ බෙහෙත් වර්ගවල සැබෑ වෙළඳපොළ මිල පවතින්නේ ඉතාම ඉහළ මට්ටමක. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ අඩුපාඩු බොහොමයක් තිබුණත් සාපේක්ෂව බොහෝ ප්‍රතිකාර සහ බෙහෙත් වර්ග නොමිලේ හෝ දරාගත හැකි මිලකට ලබා ගන්න හැකියාව තිබෙන නිසා අපිට මෙය දැනෙන්නේ තරමක් කලාතුරකින් වෙන්න පුළුවන්. නමුත් ඒවා සහන මිලකට ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු වෙනත් අන්තර්ජාතික ආයතන විශාල පිරිවැයක් දරනවා. ඉතින් නීරෝගීකම කෙනෙකුට ලැබිය හැකි උතුම්ම ධනය බව කාට කාටත් පසක් වෙනවා.