Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Screenshot වල සටහන් තැබිය හැකි Android apps 5ක්

තිර දසුන් හෙවත් Screenshot එකක් ගත්තාම එහි ඊතල, අකුරු ආදිය දාලා ප්‍රයෝජනවත් එකක් බවට පත් කිරීමෙන්, එය හරහා අප කියන්න යන දේ තවත් අර්ථගන්වන්නට හැකියාව ලැබෙනවා. ඕපාදූප සහ මඩ ගැසීම් කෙසේ වෙතත් දුර සිටින යහළුවෙක්ට යමකට settings හදාගන්නට නොහැකි වූ අවස්ථාවක එය කියා දෙන්නට ඔබට මේ ක්‍රමයෙන් වැඩි පහසුවක් ලබා ගන්නට පුළුවන්. බොහෝ දුරකථනවල මෙහෙයුම් පද්ධතිය සමඟම මෙම පහසුකම් ලැබුණත්, ඇතැම්වායේ ඒවා නැහැ වගේම ඇතැම් සමාජ ජාල ඇප්වලින් ද මෙවන් කුරුටු ගෑම් කරන්නට අවස්ථාව සලසා නැහැ. මේ නිසා තෙවන පාර්ශවීය ඇප්වල සහාය අපට ලබා ගන්නට සිදු වෙනවා. මේ, එවන් හොඳම ඒවා කිහිපයක්.

PicsArt Photo Studio

thegreatapps.com

Play Storeහි හොඳම ඇප්ස් ලෙස Google විසින්ම තීරණය කරනු ලබන, Editor’s Choice යටතට පත් වන්නට ද සමත් වුණු PicsArt Photo Studio ඇප් එක ඡායාරූප සංස්කරණය මූලික කොටගත් එකක්. නමුත් මෙහි ඇති පුළුල් පරාසයක ඇඳීමේ හැකියාවන්, නානාවිධ හැඩතල එක් කිරීමේ පහසුව නිසා screenshot එකකට අවශ්‍ය වෙනස්කම් පහසුවෙන් කළ හැකියි. විශේෂයෙන් පියවර කිහිපයක් සහිත ක්‍රියාවලියක් ඔබ නිරූපණය කරනවා නම්, මෙය හරහා GIF එකක් වශයෙන් ද ඉදිරිපත් කළ හැකි නිසා එය බලන අයට වඩාත් පහසුවක් වේවි. Photoshop වල ඇති ආකාරයේ Layers ලෙස ඔබ අඳින දේවල් වෙන් කර ගත හැකි නිසා පහසුවෙන් කරන ලද වෙනස්කම් එහා මෙහා කොට සකසා ගැනීමට ද හැකියි.

Stitch & Share

Screenshotවල අලුත්ම කලාව තමයි Scrollshot කියන්නේ. තිරය scroll කරමින් screenshot කීපයක් ගන්නවා වෙනුවට ස්වයංක්‍රීයව පහතට ස්ක්‍රෝල් වෙමින් ගනු ලබන ඒවා එලෙස හඳුන්වනවා. ඉතා දිග Settings page එකක්, chat එකක screenshot ගනිද්දී ඡායාරූප සියයක් පමණ ගැලරියේ පිරෙනවා වෙනුවට දිගින් වැඩි තනි ඡායාරූපයක් මෙහිදී ප්‍රතිදානය ලෙස ලැබෙනවා. බොහෝ දුරකථනවල මෙහෙයුම් පද්ධතියෙන්ම එය ලබාදී තිබුණත් එලෙස නොමැති දුරකථනවලට මෙම Stitch & Share භාවිත කළ හැකියි. මෙහි ස්වයංක්‍රීයව scroll නොවුණත් තිරය මත පාවෙන බොත්තම වරක් tap කර ඉන්පසු ස්ක්‍ර්‍රෝල් කරමින් එම ඡායාරූපයටම තවත් පහතින් ඇති දෑ ද පහසුවෙන්ම එකතු කරන්නට පුළුවන්. අවසානයේ නැවතත් එම බොත්තම tap කළ විට ඡායාරූපය සම්පූර්ණ වෙනවා.

Snap Markup

Google Play Store

Screenshot වලට වඩා ඡායාරූප මත බලි රූප ඇඳීම පරමාර්ථ කරගත් Snap Markup ඇප් එක Play Storeහි 3.5ක rating අගයක් ලබා තිබෙනවා. ගැලරියෙන් තෝරා දෙනු ලබන ඡායාරූපයක් හෝ කැමරාවෙන් ද එයට ඡායාරූප ඇතුලත් කළ හැකියි. එම ඡායාරූපයක් මත ඇඳීමට විවිධ වර්ණ භාවිතය, රේඛාවල මහත වෙනස් කිරීමේ හැකියාව, රවුම්, කොටු, හෝ ත්‍රිකෝණ (ඊතල වශයෙන්) එක් කිරීම, Crop කිරීම මෙන්ම Rotate කිරීම ද මෙය සතු පහසුකම් වලින් කිහිපයක්. නමුත් text එකතු කරන්නට පහසුකම් මෙහි ලබා දී නැහැ. ඒ වෙනුවට අතින් ඇඳීමයි කරන්නට වෙන්නේ. Screenshot එකක් හරහා පියවර සටහන් කරනවා නම් පහසුම ක්‍රමය අකුරු ලියනවා වෙනුවට ඊතල හෝ අංක ඇඳ, එය share කිරීමේදී මැසේජ් එකට විස්තරය අඩංගු කිරීමයි.

Screenshot Utility

Google Play Store

Play Storeහි 4.1ක rating අගයක් ඇති Screenshot Utility ඇප් එක screenshot ගත්විට එහි වෙනස්කම් කරන්නට පහසුකම් සපයා නැති දුරකථන වලට වඩාත් පහසුවක් වෙනවා. ඔබ screenshot එකක් ගත් වහා පහසුකම් රැසක් සහිත බොත්තම් සමඟ තිරය මතට පැමිණෙන මේ ඇප් එක, ලබාගත් screenshot එක පහසුවෙන් edit කිරීමට හැකියාව සලසනවා. එම පහසුකම් අතර ඡායාරූපය මත ඇඳීම, අකුරු එක් කිරීම, ඉරි, කොටු, රවුම්, හා ඊතල එක් කිරීමේ හැකියාව, Crop කිරීම ආදිය මෙන්ම ඔබ ක්‍රෙඩිට් කාඩ් එකක්, වාහනයක් වැනි දෙයක ඡායාරූපයක් පළ කරනවා නම් එහි අංකය මකා දැමීමට Blur කිරීම වැනි පහසුකම් ද අඩංගු වෙනවා.

ScreenMaster

Google Play Store

Play Storeහි 4.6ක් තරම් rating අගයක් ලබා ඇති Screen Masterහි ඡායාරූප මත ඇඳීමට පමණක් නොව Screenshot ගැනීම සඳහාද කෙටිමං ආදී පහසුකම් සපයනවා. මෙය සමඟ ලැබෙන පාවෙන බොත්තම ඔබේ තිරය මත රැඳී සිටිමින් ඕනෑම අවස්ථාවක හාඩ්වෙයා බොත්තම් භාවිත නොකරම ඒවායේ ආයු කාලය ද ඉතිරි කර දෙමින් screenshot ගැනීමට සහාය වෙනවා. එසේම ඔබ පෙර ගන්නා ලද screenshots පවා මෙමගින් edit කළ හැකියි. විවිධ හැඩ වලට crop කිරීම, ස්ටිකර් හා අකුරු එක් කිරීම, සංවේදී දත්ත තිබෙනවා නම් ඒවා බොඳ කිරීමේ හැකියාව, ඡායාරූපය මත ඊතල, කොටු හෝ රවුම් කිරීම ආදී අත්‍යාවශ්‍ය පහසුකම් සියල්ලම මෙය සතුව ලබාදී තිබෙනවා.

කවරයේ ඡායාරූපය: mozilla.org

Related Articles