Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Linuxවලට නොමිලේ Virus Guard 5ක්

ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට වෛරස් එන්නේ නෑ කියා සමාජ මිථ්‍යාවක් තිබෙන නිසා ඇතැමුන් වින්ඩෝස් වෙනුවට එය භාවිතයට පවා පෙළඹෙනවා. නමුත් ඇත්තම කතාව වින්ඩෝස්, MacOSවලට වගේම ලිනක්ස්වලටත් වෛරස් එනවා ඒත්, සාපේක්ෂව අඩු යි. පෞද්ගලික පරිගණකවල ලිනක්ස් භාවිතය අඩු නිසා හැකර්වරුන්ට වැඩි වාසියක් නොලැබෙන අතර නිදහස් සහ නොමිලේ දෙන මෘදුකාංගයක් වශයෙන් ලිනක්ස්වලට වෛරස් එකක් හදන්න වැඩි දෙනෙක් පෙළඹෙන්නේ නැහැ.

ලිනක්ස්වලට වෛරස් ගාඩ් එකක් අවශ්‍ය වන තවත් හේතුවක් වන්නේ සර්වරයක් ලෙස පාවිච්චි කරද්දීයි. අන්තර්ජාල සර්වර් වැඩි ප්‍රමාණයක ලිනක්ස් ධාවනය වන නිසා හැකර්වරු එම වෙබ් අඩවිවලට (සර්වර්වලට) පිවිසෙන වින්ඩෝස් සහ මැක් පාවිච්චි කරන අයට වෛරස් පතුරුවාලීමට ‍බෙදාහැරීම් මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නවා. මේ ගැටළු වළක්වා ගන්න ඔබේ ලිනක්ස් පරිගණකයට හෝ සර්වරයටත් වෛරස් ගාඩ් එකක් දාගමු.

විවෘත කේත ClamAV

ClamTk අතුරුමුහුණත (pcdn.co)

වෙබ් හොස්ටිං සේවා සපයන්නන් අතර ප්‍රචලිත ClamAV වෛරස් ආරක්ෂකය මූලික වශයෙන් ලැබෙන්නේ විධානපෙළ (Command line) අතුරුමුහුණතක් ලෙස යි. එනිසාම එය ඉතා සැහැල්ලු මෘදුකාංගයක් වන නමුත් ප්‍රබලව ක්‍රියාකාරමින් Zip, RAR, Dmg, Tar, Gzip වැනි Compressed ගොනු සහ  HTML, Flash, RTF හා PDF පවා Scan කරනවා. Sendmail වෙත පිවිස ඊමේල් පරීක්ෂාවන් කිරීමේ හැකියාවන් ද මෙය සතුයි.

විවෘත කේත මෘදුකාංගයක් වන ClamAV ඩේබියන් සහ උබුන්ටු Repositoryවල ද ඇතුලත් කර ඇති නිසා පහත Terminal විධානය මගින් ඔබට CLI ආරක්ෂණය ස්ථාපනය කරගන්න පුළුවන්.

sudo apt install clamav

පුද්ගලික පරිගණකයක ඔබට මෙය භාවිතයේ දී පහසුව පිණිස GUI එකකුත් අවශ්‍ය නම් පහත විධානය Terminal එකේ ඇතුලත් කර ClamTK ස්ථාපනය කරගන්නට පුළුවන්.

sudo apt install clamtk

වෙනත් මෙහෙයුම් පද්ධති සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න.

බාගන්න: ClamAV

වින්ඩෝස් සහ MacOS වෛරස් පවා අල්ලන Sophos Antivirus

බ්‍රවුසරයෙන් විවෘතවන පාලක පුවරුව (imgur.com)

වෛරස්, ට්‍රෝජන් සහ අනෙකුත් සැහැසිකේත (malware) ධාවනය වන අවස්ථාවේ දීම හසු කරගන්නට Sophos වෙත හැකියාව තිබෙනවා. අපට අවශ්‍ය වෙලාවක Scan කරන්නට සහ Schedule කර තබා වරින් වර Scan කළ හැකි සේ සැකසිය හැකි නිසා ඔබ සර්වර් කිහිපයක් කළමනාකරණය කරනවා නම් එය වඩාත් පහසුවක් වෙනවා. කුඩා ප්‍රමාණ සර්වර්වලට Performance පාලනය කරගන්නට විශ්වාස සහිත ‍ගොනු ද Scan කිරීම wildcards ආදිය භාවිතයෙන් හැකිවන නිසාත්, Updates සඳහා කිලෝබයිට් 50ක් පමණ වැයවන නිසාත් RAM, Bandwidth ඇතුළු Resources රැකගන්නට හැකි වෙනවා.

Ubuntu 16න් ඉහළ, RedHat සහ CentOS 6න් ඉහළ ආදී ප්‍රසිද්ධ ලිනක්ස් බෙදාහැරුම් රැසක ධාවනය වන මෙහි Kernel 2.6න් ඉහළ වීම, RAM සහ Disk space 1GB වලින් ඉහළ වීම අවම පද්ධති අවශ්‍යතාවන් බවට පත් වෙනවා. මෙහි පාලක අතුරුමුහුණත වෙබ් බ්‍රවුසරය හරහා පාවිච්චි කරන්නට හැකියි.

මෙහි ඇති විශේෂත්වයක් වන්නේ අනෙකුත් මෙහෙයුම් පද්ධති – Windows, Mac සහ Android – වෙත සැහැසිකේත වන මෘදුකාංග පවා හඳුනාගන්නට හැකියාවක් දැරීම යි. මේ නිසා සර්වර්වල පමණක් නොව, ඔබ Dual-boot ආකාරයට ලිනක්ස් බෙදාහැරුමක් පාවිච්චි කරනවා නම්, ෂුවර් නැති පෙන් එකක් ලිනක්ස්වලින් boot කර, Sophos මඟින් Scan කර වින්ඩෝස්වල පාවිච්චි කරන්නට පුළුවන්.

බාගන්න: Sophos Antivirus

පුළුල් ආරක්ෂණයක් ලබාදෙන F-Prot

CLI ධාවනය (opendesktop.org)

Boot sector, Trojan, Macro ඇතුළු වෛරස විශාල සංඛ්‍යාවක් නතු කර ගැනීමට සමත් F-Prot හි Home edition එක නොමිලේ පෞද්ගලික භාවිතය සඳහා ලබා ගත හැකි වෙනවා. Portable ආකාරයට ද භාවිතා කළ හැකි මෙය 32 bit සහ 64 bit සඳහා ද ලබාගත හැකියි. Ransomware ද සමග පුළුල් සැහැසිකේත දත්ත ගබඩාව මෙහි වටිනාකම වැඩි කරලන නමුත් අතුරුමුහුණත මඳක් භාවිතයට අපහසු යි.

සරල බව නිසා වැඩි Resources ප්‍රමාණයක් භාවිතා නොකොට ධාවනය වෙනවා. Cron tab භාවිතයෙන් Schedule scan පහසුකම ද ලද හැකියි. බාගත ගොනුව Tarball ලෙස ලැබෙන නිසා මෙහි ඇති පියවර අනුගමනය කරන්න.

බාගන්න: F-Prot

ඊමේල් පරීක්ෂාවට ඔට්ටු Comodo Antivirus

යාවත්කාලීන වෙමින් (theubuntumaniac.com)

වෙබ් අඩවිවල SSL සේවා සඳහා නම් දරන Comodo සමාගම ලිනක්ස් සඳහා වෛරස ආරක්ෂණයක් ද ගෙන එනවා. Real-time වෛරස පරීක්ෂාවන් සහ Postfix, qmail, Sendmail, සහ Exim ආදී ලිනක්ස් ඊමේල් සේවාවන් වෙත ද පිවිස මෙයට scan කළ හැකි නිසා ඊමේල් මඟින් ඇතිවන අවදානම් ද වළක්වා ගන්නට හැකි වෙනවා. එනම්, ආයතනයක ඊමේල් සර්වරයක් ලිනක්ස් පරිගණකයක් හරහා පවත්වා ගන්නවා නම් Comodo Antivirus එක වැඩි ආරක්ෂාවක් ගෙන දෙනු ඇති.

මෙහි 2 GHz CPU එකක්, 2GB RAM එකක් සහ 40 GB Disk space එකක් අවම පද්ධති අවශ්‍යතාවන් වෙනවා. 32-bit මෙන්ම 64-bit සඳහා Debian, Ubuntu, Fedora, CentOS ආදී ප්‍රසිද්ධ මෙහෙයුම් පද්ධති රැසකට සහාය දක්වනවා. දිනකට කිහිපවතාවක් Definition updates ලැබෙන නිසා ලොව අලුතින් හඳුනාගන්නා වෛරස පිළිබඳ තොරතුරු ද ලැබෙන අතර ස්වයංක්‍රීයව යාවත්කාලීන වන නිසා ඒ ගැන ඔබට වද වීමට අවශ්‍ය වන්නේ නැහැ.

බාගන්න: Comodo Antivirus

Rootkit වෛරස සඳහා විශේෂඥ Chkrootkit

CLI අතුරුමුහුණත (mvps.net)

Rootkit කියන්නේ අපේ පරිගණකයට ඇතුළු වෙලා, සැඟවිලා, ටිකක් කාලයක් සද්ද නැතිව ඉඳලා හීන් නූලෙන් ක්‍රියාත්මක වන සැහැසිකේත විශේෂයක්. මේවායෙන් අපේ පරිගණකයේ Root මට්ටමේ (වින්ඩෝස් භාෂාවෙන් කිව්වොත්, Administrator මට්ටමේ) අවසර සහිතව ක්‍රියාත්මක වන්නට හැකර්වරුන්ට අවස්ථාව දෙනවා. පරිගණකය Boot වීමට කල්ගත වීම, අප නොකළ දේවල් සිදුවීම (උදා: Wallpaper එක වෙනස්වීම, වෙනත් සැකසුම් වෙනස්වීම ආදී) Rootkit එකක් පැමිණ ඇති බවට සාක්ෂි වෙනවා.

මෙය Rootkit වෛරස සඳහා පමණක් සකසා තිබෙන නිසා මින් අනෙකුත් වෛරසවලට ආරක්ෂාවක් නොලැබෙන බව සිහිතබා ගත යුතු යි. ඉතාම සරල, සැහැල්ලු මෘදුකාංගයක් නිසා මෙය Live CD/USB එකකින් වුවත් ස්ථාපනය කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මෙහි ඇත්තේ CLI එකක්.

Debian සහ Ubuntu සඳහා ස්ථාපනයට,

sudo apt install chkrootkit

ධාවනය කිරීමට,

sudo chkrootkit

යන Terminal විධාන පාවිච්චි කරන්න. වෙනත් ලිනක්ස් වෙළුම් සඳහා පහත ලින්ක් එකෙන් Tarball එක ගන්න.

බාගන්න: Chkrootkit

කවරය: ctrl.blog

Related Articles