Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Instagram සඳහා Panorama ඡායාරූප ඇතුළත් කිරීමට Android සහ iOS යෙදුම්

Instagramවල ඡායාරූප පළ කිරීමේ දී ඔවුන් දෙන ලද ප්‍රමාණයකට අපට සීමා වන්නට සිදුවෙනවා. මඳක් විශාල ඡායාරූපයක් වුවත් එහි පළ කරද්දී ප්‍රමාණය කුඩා කරන්නට හෝ කොටසක් ඉවත් කරලන්නට සිදුවන අතර, එම ගැටළුව විසඳීම සඳහා Apps රැසක් Android මෙන්ම iOS සඳහා ද තිබෙනවා. එයින් හොඳම ඒවා කිහිපයක් අපි තෝරා ගත්තා.

PanoraSplit

මේ ඇප් එකෙන් Panorama ඡායාරූපයක් කොටස් 10ක් දක්වා වෙන් කරගන්නට අවස්ථාව දෙනවා. ඡායාරුපයක් ඇතුළත් කළාට පසු එය ඡායාරූප අවශ්‍ය ප්‍රමාණයක් තෝරා Crop කරන්න පුළුවන්. Crop කිරීමේ දී තනි ඡායාරූපයකට හසුවන ප්‍රමාණය අපිට Crop tool එක මඟින් බලාගත හැකි නිසා අවශ්‍ය පරිදි එය adjust කරගත හැකියි. මෙසේ කොටස් කිරීමේ දී image quality එකට හානියක් සිදුවන්නේ නැහැ. Crop කිරීම පමණක් නොව; Move කරමින්, Zoom කරමින් සහ Rotate කරමින් සිතැඟි පරිදි වඩාත් හොඳ ඡායාරූප පෙළක් සකසා ගන්නට පුළුවන්.

මෙසේ සකස් කරගන්නා ඡායාරූප Instagramවල පෙනෙන ආකාරය කෙසේදැ යි Preview කළ බැලිය හැකි නිසා වඩාත් සාර්ථක ප්‍රතිදානයක් ලබාගත හැකියි. Instagram පමණක් නොව, වෙනත් ඕනෑම App එකක් වෙතට සකසා ගත් ඡායාරූප Share කරගන්නට හැකියි. මේ ඇප් එක බාගත කිරීම සඳහා වැයවන්නේ මෙගාබයිට් 3.6 යි.

බාගන්න: PanoraSplit (ඇන්ඩ්‍රොයිඩ් සඳහා)

Coolgram

කළු පැහැති පැරණි design එකක් සහිත අතුරුමුහුණතක් නමුත් මෙය ඉතා සරලව මූලික විශේෂාංග තුනක් ගෙන එනවා. App එක විවෘත කළා ම Panorama, Grid සහ Square ලෙස අපට අවශ්‍ය ඡායාරූප වර්ගය තෝරාගන්න පුළුවන්. Panorama තෝරාගත්තා ම Panorama ඡායාරූපයක්; කුඩා ඡායාරූප 1 සිට 10ක් දක්වා වෙන් කරගන්නට පුළුවන්. අනතුරුව Instagramවල ඇති Multiple Select මඟින් මේවා තනි post එකක් හෙවත් ඇල්බමයක් ආකාරයට පළ කරන්නට පුළුවන්.

එලෙස කොටස් වශයෙන් නොමැතිව, ප්‍රමාණයෙන් කුඩා කර, තනි ඡායාරූපයක් සේ පළ කරන්නට අවශ්‍ය නම් Square යන්න තෝරන්න. එවිට පසුබිමට Blur කරන ලද ඡායාරූපය හෝ තනි වර්ණයක් යොදා Instagram සඳහා සකසා ගන්නට පුළුවන්. Grid මඟින් කරන්නේ තනි ඡායාරූපයක් කොටස් 3කට හෝ 9කට වෙන් කිරීම යි. මෙම කොටස් ඇප් එකෙන් අංක යොදා පෙන්වන පිළිවෙලට Instagram දැම්මාම අපේ Profile එකට යන කෙනෙක්ට එම ෆොටෝ 9 එක්ව තනි Photo එකක් ලෙස පෙනෙනවා. මෙය බාගත කර ගැනීමට මෙගාබයිට් 6ක් වැය වෙනවා.

බාගන්න: Coolgram (ඇන්ඩ්‍රොයිඩ් සඳහා)

PanoramaCrop

සරල අතුරුමුහුණතක් (Google Play Store)

සරල නමුත් නූතන පන්නයේ අතුරුමුහුණත් ගෙන එන PanoramaCrop පහසුවෙන් භාවිතා කළ හැකි ඇප් එකක්. එය Play Store හි 4.6ක Rating අගයක් ලබා තිබෙනවා. App එක විවෘත කළ විට Swipeable post හෙවත් Panorama ඡායාරූපයක් කොටස්වලට වෙන්කොට සකසා ගැනීමේ පහසුකම සලසනවා. විශාල ප්‍රමාණයේ ඡායාරූප කොටස් 2 සිට 10ක් දක්වා වෙන්කර ගත හැකි අතර Crop කිරීම, Rotate කිරීම, Aspect ratio සැකසීම, Zoom කිරීම වැනි පහසුකම් රැසක් එය සමග ලැබෙනවා.

No crop post යනු Instagram වල විශාල ප්‍රමාණයේ ඡායාරූප Crop කරන්නට සිදුවීම වළක්වමින් සහ Panorama කොටස්වලට පත් නොකොට Blur කරන ලද පසුබිමක් හෝ වර්ණයක් යොදා සකසා ගත හැකි වීම යි. මෙහි වර්ණ තෝරා දීමේ දී ඇති විශේෂත්වයක් නම්, ඡායාරූපයේ තිබෙන වර්ණ විශේෂ කොට දැක්වීම යි. මේ නිසා පසුබිමට වඩාත් උචිත වර්ණයක් තෝරාගැනීමට අපට පහසු වෙනවා. බාගත කර ගැනීමට මෙගාබයිට් 7.1ක් වැය වෙනවා.

බාගන්න: PanoramaCrop (ඇන්ඩ්‍රොයිඩ් සඳහා)

Unsquared

ස්වයංක්‍රීයව අවශ්‍ය ප්‍රමාණය හඳුනාගන්නවා (App Store)

iOS පාවිච්චි කරන අයට පියවර දෙකකින් Panorama ඡායාරූපයක් Instagram සඳහා සකස් කරගන්නට මේ App එක සහාය වෙනවා. ඔබ දැනට ගන්නා ලද ඡායාරූපයක් පමණක් නොව මේ App හරහාම නව ඡායාරූපයක් ලබා ගන්නට ද අවස්ථාව සලසනවා. අනතුරුව එම ඡායාරූපය Crop කිරීමට යොමු වන අතර, එහි දී ස්වයංක්‍රීයවම බෙදිය යුතු කොටස් ප්‍රමාණය App එකෙන් ම තීරණය කරනවා. ඔබට අවශ්‍ය නම් එය වෙනස් කරලන්නටත් පුළුවන්. Crop window එක අවශ්‍ය පරිදි එහා මෙහා කරමින් ඔබට ලබාගත යුතු කොටස තෝරා දී Done ටැප් කළ විට ක්ෂණිකව ඡායාරූපයේ quality වෙනස් වීමකින් තොරවම කැබලි කරගත හැකි වෙනවා.

සකසා ගත් ඡාායාරූප කොටස් Photo library එකට save වන අතර, ඉන් ඒවා තෝරාගෙන Instagramවල Multiple select හරහා තනි post එකකට යෙදිය හැකියි. සකසන ඡායාරූපවල ඇති Watermark එකත්, කුඩා වීඩියෝවක් නරඹා කතිර සලකුණ මත ටැප් කර නොමිලේ ම ඉවත් කරගන්නට පුළුවන්.

බාගන්න: Unsquared (iOS සඳහා)

Panoram

ඡායාරූප 5ක් දක්වා වෙන් කරගත හැකියි (App Store)

iOS පාවිච්චි කරන ඔබට කොටස් 5ක් දක්වා Panorama ඡායාරූපයක් සකසා ගන්නට මේ ඇප් එක අවස්ථාව ලබා දෙනවා. 4.5ක App Store හි Rating අගයක් ලද මෙය සාමාන්‍ය Post සඳහා පමණක් නොව Storiesවලට ගැලපෙන පරිදි වුවත් Crop කරගන්නට පහසුකම් සලසනවා.

Photo library වෙතින් තෝරා දෙන ලද Panorama ඡායාරූපයක් ඔබට අවශ්‍ය Stories හෝ Post සඳහා ද යන්න select කරන්න. අනතුරුව 2 සිට 5 දක්වා ප්‍රමාණයකට එය කොටස්වලට වෙන් කර ගැනීමට අවස්ථාව සලසන අතර, Crop කිරීමේ දී සම්පූර්ණ ඡායාරූපයම හසුවන පරිදි සකසා ගත හැකි වීම විශේෂත්වයක්. මේ නිසා අනෙක් Appsවල මෙන් 10ක් දක්වා නොමැති නමුත්, Zoom අඩු කරමින් සම්පූර්ණ ඡායාරූපය ම ඊට නතු කරගන්නට හැකියාව තිබෙනවා. මෙය බාගැනීමට මෙගාබයිට් 94ක් පමණ වැය වෙනවා.

බාගන්න: Panoram

කවරය: tapsmart.com

Related Articles