Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වින්ඩෝස් සඳහා 2017 වසරේ හොඳම ප්‍රති-වෛරස මෘදුකාංග

ගෙවී ගිය වසරත් එක්ක පරිගණකවල ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ කතිකාවන් ඇතිවුණා. රැන්සම්වෙයා ගැන වැඩිපුරම කතා කරන්නට පටන් ගත්තේ ගිය වසරේ වන අතර අවසාන භාගය වන විට ලොව සියළුම උපාංගවල ඇති ප්‍රොසෙසරවල ආරක්ෂණ සිදුරක් ඇති බවට ද තොරතුරු හෙළි වීමත් සමඟයි. ඉතින් මේ දේවල් එක්ක තමන්ගේ විතරක් නෙවෙයි ඇන්ටිගේ පරිගණකයටත් ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයා එකක් තිබෙන එක අත්‍යාවශ්‍යයි කියලා නිතැතින්ම පෙනී යනවා. මේ ගෙන එන්නේ PC World සඟරාව විසින් Core i3 පරිගණකයක 4GB රැම් එකක් සහ 1TB හාඩ් එකක් සහිතව අත්හදා බලන ලද පසුගිය වසරේ හොඳම ප්‍රති වෛරස මෘදුකාංග කිහිපයක්.

01. Norton Security Premium

images.idgesg.net

වැඩි කරදරයක් නොදී පරිගණකය ආරක්ෂා කරදෙන Norton සමාගමේ ප්‍රති වෛරස මෘදුකාංගය සතුව ඉතා පහසුවෙන් භාවිත කළ හැකි අතුරු මුහුණතක් තිබෙනවා. මෙය සතුවම පාස්වර්ඩ් මතක තබා ගන්නා පහසුකමක් මෙන්ම ගිගාබයිට් 25ක ඔන්ලයින් ඉඩකඩක් ලැබෙනවා. නමුත් එහි මිල නම් ටිකක් වැඩියි. මුල් වසරින් පසු පරිගණක 10කට, වසරකට $110ක් හෙවත් රුපියල් දාහත් දහසක් පමණ අගයක් වෙනවා.

02. Avast Premier

idgesg.net

Avast සතුව වෛරස සහ මැල්වෙයා ආරක්ෂණය සඳහා ඉහළ rating අගයක් තිබෙනවා. සුපිරිසිදු අතුරුමුහුණතක් සහ එයට සබැඳූ රැන්සම්වෙයා ආරක්ෂණයක්, දත්ත shredder එකක් හෙවත් නැවත ලබා ගත නොහැකි ආකාරයට ගොනු ඩිලීට් කරන සේවාවක් ආදී විශේෂාංග රැසක් මේ හා ලැබෙන නමුත් තනි පරිගණකයකට වසරකට $80ක් හෙවත් රු. දොළොස් දහස් තුන්සියයක් පමණ වෙනවා.

03. ESET Internet Security

malwaretips.com

ESET සමාගමේ අන්තර්ජාල ආරක්ෂාවද ලබාදෙන මෙම මෘදුකාංගය ද ආරක්ෂණ තත්ත්ව සඳහා ඉහළ ඇගයුම් ලද එකක්. ධාවන පර්යේෂණ වලදී මෙය විවිධ ආකාරයට ප්‍රතිචාර දක්වා ඇති නමුත් ඉන් විශාල වශයෙන් පරිගණකය ස්ලෝ වීමක් අපේක්ෂා කළ නොහැකියි. ගාණ $50 ක්, දැනට රුපියල් හත් දහස් හයසියයක් පමණ වන අතර Avast වලට සාපේක්ෂව අඩකටත් වඩා අඩුයි.

04. AVG Internet Security

cbsistatic.com

AVG සමාගමේ අන්තර්ජාල ආරක්ෂකයාගේ ආරක්ෂණ හැකියාවන් හොඳ නමුත් අතුරු මුහුණත නම් එතරම් සුබදායී නැහැ. එය ඉගෙන ගන්නට සාමාන්‍ය කෙනෙක්ට ටිකක් කල් ගත වන්නට පුළුවන්. මෙය හරහා පෞද්ගලිකත්වය ආරක්ෂා කරදෙන ක්‍රමවේද සහ ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු ආදිය ඇතුලත් කිරීමේදී ආරක්ෂණයන් ලබා දෙනවා. $70ක් හෙවත් රුපියල් දහ දහසක් පමණ මුදලකට මෙය නම් කර ඇතත් ඉන් වින්ඩෝස්, මැක් සහ ඇන්ඩ්‍රොයිඩ් සඳහා ද ආරක්ෂණයන් සක්‍රීය කොට දෙනවා.

05. Comodo Internet Security Pro 10

windowschimp.com

SSL certificate සඳහා නම් දැරූ ආයතනයක් වන Comodoහි ප්‍රති වෛරස මෘදුකාංගය තමයි අවසානයට ලැයිස්තුවට එකතු වන්නේ. මෙහි ආරක්ෂණ හැකියාවන් ඉහළ මට්ටමක තිබුණත් එය තවත් අනවශ්‍ය මෘදුකාංග පරිගණකයට බලෙන්ම ස්ථාපනය කරන්නට උත්සාහ කරනවා. බ්‍රවුසරයේ මූලික search engine එක ලෙස Yahoo සකසන්නට අහනවා. අස්ථාපනය කිරීමත් පහසුවෙන් කරන්නට බැහැ. ඉතින් මෙවන් දේවල් හොඳ පරිශීලක අත්දැකීම් නොවන නමුත් මේ හරහා ඩෙස්ක්ටොප් එකට ලැබෙන විජට් එක ඇතැමෙක්ට පහසුවක් වන්නට පුළුවන්. සජීවීව ඔබේ පරිගණකයට සම්බන්ධවී එය පිරිසිදු කොට පෙර තිබූ ප්‍ර‍ති වෛරස් මෘදුකාංග ඉවත් කර දෙන්නට ද ඔවුන් කැපවි සිටිනවා. රුපියල් හයදහසක් ($40) තරම්වූ මේ ලැයිස්තුවේ අඩුම මිලට හිමිකම් කියන්නේ මේ මෘදුකාංගයයි.

කවරයේ ඡායාරූපය: pixabay.com

Related Articles