Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Android සහ iOS සඳහා Microsoft Edge පැමිණෙයි

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දුරකථන සඳහා වූ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය අවසන් කරන ලද බවට අපට තොරතුරු ලැබෙද්දී සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා වූ බිල් ගේට්ස් ද ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් භාවිතා කරන බවට තොරතුරු හෙළි වුණා. එසේම සැම්සුන් S8 දුරකථනයෙහි මයික්‍රෝසොෆ්ට් සමාගමේ ම වෙළුමක් වශයෙන් ඔවුන්ගේ office පැකේජය අඩංගු කරමින් දුරකථන අලෙවි කරන අතරේ බිල් ගේට්ස් විසින් ප්‍රකාශයක් සිදු කිරීමෙන් ඔහු සිදු කළ,වින්ඩෝස් දුරකතන මෙහෙයුම් පද්ධතිය පහත් කොට සැලකීම, නව වෙළෙඳ ප්‍රචාරක කටයුත්තක් බව තහවුරු වුණා. ඒ අනුව සනාථ වූයේ ඔවුන් තමන්ගේම ස්මාර්ට් දුරකථන මෙහෙයුම් පද්ධතියක් හෝ දුරකථන නිෂ්පාදනයක් වෙනුවට Android සහ iOS හරහා හෝ තම ස්මාට් දුරකථන නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ළඟා කිරීමේ නව ඇඟ බේරා ගැනීමේ වෙළඳ උපක්‍රමයක් භාවිත කරන බවයි.

එයට තවත් සාක්ෂි සපයමින් පසුගියදා මයික්‍රොසොෆ්ට් සමාගම Android සහ iOS සඳහා Microsoft Edge බ්‍රවුසරයත්, Android සඳහා Microsoft Launcher නමින් මුල් තිර මෘදුකාංගයකුත් හඳුන්වා දෙනු ලැබුවා. එමගින් වින්ඩෝස් 10 භාවිතා කරන පාරිභෝගිකයන්ට තම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය සමඟ පරිගණකය සමමුහුර්ත කරගන්නට පහසුකම් සැලසෙනවා. වක්‍රාකාරයෙන් Android සහ iOS භාවිත කරන පරිශීලකයන්ට වින්ඩෝස් භාවිතා කිරීම සඳහා ආසාවක් ඇතිවෙනවා.

Microsoft Edge දුරකථනවලට

windows.com

මයික්‍රොසොෆ්ට් සමාගම ඔවුන්ගේ මූලික වෙබ් බ්‍රවුසරය වූ Internet Explorer ව්‍යාපෘතිය අතහැර නව මුහුණුවරකින් Microsoft Edge නමින් නව වෙබ් බ්‍රවුසරයක් හඳුන්වා දුන්නේ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියට සමාන්තරවයි. මෙහි ඔවුන්ගේ පැරණි බ්‍රවුසරයට වඩා වේගවත් බවක් දකින්නට ලැබුණු අතර මුල් වරට එය විවෘත කිරීමේ දී ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ chrome සහ firefox වලටද වඩා එහි වේගවත් බව වැඩි මෙන්ම බැටරි බල භාවිතයද ඉතා අවම බවයි.

මෙම ජංගම දුරකථන සඳහා වූ නව බ්‍රවුසර වෙළුම නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ ඔවුන් තම වින්ඩෝස් 10 පාරිභෝගිකයන්ගේ ඉල්ලීමක් ඉෂ්ට කරමින් මෙය හඳුන්වා දුන් බවයි. පරිගණකය තුළ ලැබූ අත්දැකීම දුරකථන සඳහා ද අවශ්‍ය යැයි වින්ඩෝස් පරිශීලකයන් ඔවුන්ගෙන් ඉල්ලා තිබූ අතර පරිගණකයේ තිබෙන මයික්‍රොසොෆ්ට් එජ් බ්‍රවුසරය ජංගමකරණය කරමින් ඔවුන් මෙම නව නිෂ්පාදනය ලොවට හඳුන්වාදී තිබෙනවා.

පරිගණකයේ තිබෙන විශේෂාංග වලට ඉතාම සමාන වන ආකාරයේ Favorites, Reading List, New Tab Page ආදී දේවල් මෙහි ද අඩංගු කර ඇති අතර පරිගණකය සහ දුරකථනය අතර මනා සබඳතාවක් ඇති කරමින් පහසුකම් වඩාත් ඔප් නංවා ඇති මෙය නිතර ගමන් බිමන් යන, පරිගණකය හා දුරකථනය අතර නිතර මාරු වන අයට වඩාත් යෝග්‍ය වෙනවා. විශේෂයෙන් අනෙකුත් බ්‍රවුසර පරිගණකය භාවිත කිරීමේ අපහසුතාවයක් වැනි කුමක් හෝ විශේෂ හේතුවක් නිසා හෝ මයික්‍රෝසොෆ්ට් මෘදුකාංගවල රසිකයෙකු වීම නිසා Microsoft Edge වෙබ් ගවේශකය භාවිතා කරන කෙනෙක්ට නම් මෙය තරම් හොඳ පුවතක් තවත් නැහැ.

macrumors.com

ඔබ ගමනාගමනයේ යෙදෙන අතරතුර දුරකථනයේ කියවමින් සිටි පිටුව නිවසට ආපසු පරිගණකයන්ට කියවීමටත් කරනවා නම්, එහෙමත් නැත්නම් පරිගණකයේ කියවමින් සිටි යමක් ඔබට හදිසි ගමනක් යාමට සිදුවීම නිසා නැවතීමට සිදුවෙනවා නම් ඒ දෙකටම දැන් කිසිදු බාධාවක් නැහැ. ඔබේ ගවේෂණ ඉතිහාසය දුරකථනයත්, පරිගණකයත් අතර සමමුහුර්ත වන නිසා සහ මෙහි ඇති විශේෂ පහසුකමක් වන Send to PC හෙවත් ඔබ දුරකථනය විවෘත කරගෙන එන ටැබ් එක සෘජුවම පරිගණකයේ විවෘත කිරීම සඳහා වූ විශේෂාංගය නිසා දුරකථනය සහ පරිගනකය අතර අන්තර් සබඳතාව මනාව වර්ධනය කොට තිබෙනවා.

මෙය දැනට පූර්ව දර්ශන යෙදුමක් ලෙස නිකුත් කර තිබෙන අතර එය iPad සහ ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට්වල දැනට ක්‍රියාත්මක වන්නේ නැහැ. එසේම එහි භාෂාව ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමාවන අතර ඉදිරියේදී අනිකුත් රවටලට සහාය සහ භාෂාවන් ලබාදීමට නියමිතයි. මයික්‍රොසොෆ්ට් සමාගම පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙය භාවිත කරමින් එහි ඇති අඩුපාඩු සහ නව විශේෂාංග පිළිබඳ අදහස් ඇත්නම් ඒවා ඔවුන් සමග බෙදාහදා ගන්නා ලෙසයි. ඔබට මයික්‍රොසොෆ්ට් එජ් මොබයිල් වෙළුම මෙතැනින් ලබාගත හැකියි.

මුල් තිරයට මයික්‍රොසොෆ්ට් ලෝන්චරය

windows.com

ඇන්ඩ්‍රොයිඩ් සඳහා නම් ඔන්න ඇපල් ෆෝන් භාවිත කරන අයට වඩා වාසියක් තිබෙනවා. ඒ, තමන්ගේ මුල් තිරය විධියට මයික්‍රොසොෆ්ට් සමාගම හඳුන්වාදුන් අපූරු ලෝන්චරය; එහෙමත් නැත්නම් App drawer එක භාවිත කරන්නට අවස්ථාව ලැබීමයි. එය බොහෝකොටම වින්ඩෝස් පරිගණයකය දුරකථනයට ආවා වගේයි. පරිගණකයේ තිබෙන මයික්‍රොසොෆ්ට් ගිණුමට අදාල One Driveහි ඇති ගොනු ආදිය ද ඔබට පහසුවෙන් දුරකථනය තුළ භාවිතයට මෙහි විශේෂ පහසුකම් සලසා ඇති අතර එහි ඇති ඉහළ customize කිරීමේ හැකියාව නිසා ඔබට ඕනෑ ඕනෑ හැටියට එහි වෙනස්කම් සිදුකරමින් අවශ්‍ය ආකාරයට සකසා ගන්නට පුළුවන්.

ඔබ නිතර සබඳතා පවත්වන අය contact අයිකන ලෙස මුල් තිරයේ රැඳවිය හැකි වීමෙන් ඉතා පහසුවෙන් ඔවුන් ඇමතීමට හැකියාව මෙහි ලබාදී තිබෙනවා. Google Now cards තවමත් ශ්‍රී ලංකාව වැනි රටවලට ලබාදී නැතත් එහි තිබෙන විශේෂාංගද මෙම මයික්‍රොසොෆ්ට් ලෝන්චරයෙන් අත්විඳින්නට අවස්ථාව ලැබෙනවා. ඒ, මුල් තිරය මතට ම නවතම පුවත්, වැදගත් අවස්ථා, සිහි කැඳවුම්, වැඩිපුරම භාවිත කළ ඇප්ස් ආදී ඔබටම විශේෂිතවූ feed එකක් ගෙන ඒමෙනුයි.

androidauthority.net

 

එහි තිබෙන Gesture සහාය හෙවත් ඔබ දුරකථනයේ තිරය මත අඳිනු ලබන හැඩයකට අදාලව ඇප් එකක් විවෘත වීම වැනි විධාන ක්‍රියාවක් සිදුකරගැනීමට ඉඩ සලසා තිබීම කාලය ඉතිරි කර ගන්නට වඩාත් පහසුවක් වෙනවා. Continue on PC යන විශේෂාංගය හරහා ඔබ දුරකථනයේ තිබෙන ගොනුවක් ඍජුවම ඔබේ පරිගණකයේ විවෘත කරවන්නට හැකියාව තිබෙන නිසා ෆයිල් කොපි කරමින් අනවශ්‍ය වේලාවක් ගත කරන්නට අවශ්‍ය වන්නේ නැහැ.

මෙයද හඳුන්වාදෙනු ලබන්නේ preview app එකක් ලෙසින්. තවත් ලෙසකින්, කටවහරින් කිව්වොත් බීටා ඇප් එකක් විධියටයි. එනිසා මෙය තවමත් සර්ව සම්පූර්ණ නොවන අතර ලබා දෙනු ලබන විශේෂාංග මෙතෙකින් සීමා වන්නේ නැහැ. ඔවුන් පරිශීලකයන්ගේ අත්දැකීම් හා දත්ත රැස් කිරීම් භාවිත කරමින් මෙයට තවත් වැඩිදියුණු කිරීම් ඉදිරියේදී ලබා දෙනු ඇති අතර එමගින් වඩාත් උසස් අත්දැකීමක් ලබා ගන්නට හැකි වෙතැයි අපේක්ෂා කළ හැකියි. ඔබට එය මෙතැනින් ලබා ගත හැකියි.

කවරයේ ඡායාරූපය: azureedge.net

Related Articles