Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Programming නොදන්නා අයටත් Apps හදන්න අවස්ථාව දෙන Ideamart APPMAKER

ඒ කාලේ වෙබ් අඩවි ප්‍රසිද්ධ වුණා වගේ දැන් තියෙන අලුත්ම Trend එක තමයි Mobile Apps කියන්නේ. ලොව වැඩිම පිරිසක් පාවිච්චි කරන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වශයෙන් Android ඉදිරියෙන් සිටින අතර ඉතිරිය iOS වලින් සම්පූර්ණ කරනවා. 2019 ජනවාරි මාසය වෙද්දී ලංකාවේ ජනගහනය මිලියන 21කට ආසන්න නමුත් දුරකතන පාවිච්චි කරන සංඛ්‍යාව මිලියන 28.71ක්. මේ නිසා ස්මාර්ට් දුරකතන වලට ගැලපෙන්න යමක් සමාජයට දෙනවා නම් ඒකට පහසුම ක්‍රමය App එකක් සැකසීමයි.

2019 ජනවාරි වන විට ලංකාවේ අන්තර්ජාල සංඛ්‍යාන දත්ත (slidesharecdn.com)

තමන්ගේ ව්‍යාපාරයට App එකක් තිබෙනවා නම් ඉන් ලැබෙන වාසි බොහොමයි. App එක ෆෝන් එකක තියෙද්දී ෆෝන් එක පාවිච්චි කරන සෑම අවස්ථාවකදීම පාරිභෝගිකයන්ට ඔබේ ව්‍යාපාරය ගැන මතක් වෙනවා. දහස් ගණන් වියදම් කරමින් කරන වෙළඳ දැන්වීම් වලටත් වඩා ඒ ක්‍රමය සාර්ථකයි. ඒ වගේම පාරිභෝගිකයන් වෙබ් අඩවියකට පිවිස ඉන් සේවාවක් ලබා ගන්නවාට වඩා App එකකින් ඒ දේවල් කරගන්නට කැමතියි. වෙබ් අඩවියකට පිවිසෙන්න Google කරන්නට හෝ Domain එක ටයිප් කරන්නට සිදුවුණත් App එකක් open කළ වහාම හැමදේම ඔවුන්ට ක්ෂණිකව ලැබෙනවා.

App එකක් හදන්න නම් Programming දැනගන්නට අවශ්‍ය වන බව තමයි සාමාන්‍ය පිළිගැනීම. අලුතින් සේවාවක් හෝ බිස්නස් එකක් පටන් ගනිද්දී ඒක පාරිභෝගිකයන් අතරට ගෙන යන්නට Programmingනුත් ඉගෙන ගෙන, කරන්නට ගියොත් ටිකක් කල් යනවා. ඒ වගේම, ඉගෙන ගෙන ඉවර වෙද්දී ලොව පාවිච්චි වන තාක්ෂණයන් වෙනස් වෙලා තිබුණොත් අර ගත කරපු කාලයත් අපතේ යනවා. වෙනත් කෙනෙක්ට කියලා කරගන්නට ගියහොත් විශාල මුදලක් යට කරන්නට සිදු වෙනවා. නමුත් ඇත්තම කතාව, මූලික මට්ටමේ app එකක් හදාගන්න දැන් නම් කිසිම Programming ‍දැනුමක් හෝ මුදල් වැය කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ.

Ideamart සතු APPMAKER සේවාව හරහා Clicks කිහිපයකින් ඔබේ හිතේ තියෙන ඇප් එක නොමිලේම මෙලොවට බිහි කරලන්නට හැකි වෙනවා. එමගින් ඔබට කැමති තේමාවකට ගැලපෙන්න, Push notification සේවාවක් ද සමග Android Apps සකසා ගන්නට අවස්ථාව ලබා දෙනවා. සකසන ලද App එක සේවාවක් වශයෙන් මුදල් අයකරමින් ලබා දෙන්නට ද ඔබට හැකිවීම විශේෂත්වයක්.

තෝරාගැනීමට තේමාවන් රැසක්

appmaker.ideamart.io වෙබ් අඩවියේ විවිධ App styles දැකගන්නට තිබෙනවා. ජ්‍යෝතිශ්‍ය, කාය වර්ධන, පුවත් සේවා, ආහාර වට්ටෝරු පමණක් නොව, වීඩියෝ හෝ කොමික් සහිත App එකක් සැකසීමට අවශ්‍ය Styles රැසක් එහි අන්තර්ගතයි. තෝරාගත් App එක සඳහා Demo data ද ලැබෙන නිසා එහි සැකැස්ම ගැන අවබෝධයක් App එක නිර්මාණය කරද්දී ලබාගන්නට පුළුවන්.

ආකෘතිමය දත්ත (Demo data) පහසුවෙන්ම ඉවත් කළ හැකියි

App එකට අදාල සැකසුම් පහසුවෙන් වෙනස් කිරීම, වෙනස්කම් වලට අදාලව preview එකක් බලාගැනීමටත් අවස්ථාව තිබෙනවා. App එකෙහි මුල් තිරයේ දකින්නට ඇත්තේ Categories හෙවත් ලිපිවල ප්‍රවර්ග යි. ඒවා එක් කිරීම, ඉවත් කිරීම සහ ඡායාරූප වෙනස් කිරීම් රිසි පරිදි කළ හැකි අතර, නව ලිපි (ඇප් එක අනුව; ආහාර වට්ටෝරු, දවසේ පලාඵල ආදිය) එකතු කරන්නට පුළුවන්.

App එකෙහි වර්ණ අවශ්‍ය ලෙස වෙනස් කළ හැකි අතර මෙහි ඇති Analytics වෙතින් ඔබේ ඇප් එකෙහි ඇති ලිපි කෙතරම් ප්‍රමාණයක් කියවා ඇත්දැයි දැකගන්නට හැකියි. එමගින් ඔබ කුමන ආකාරයේ ඒවා වැඩිපුර පළ කළ යුතු ද, වැඩි දෙනෙක් ප්‍රිය කරන්නේ කුමන ආකාරයේ ආහාර වට්ටෝරු වලටද ආදී ලෙස ඔබටම තීරණය කළ හැකියි.

Play Store එකෙහි පෙන්වන App එක පිළිබඳව විස්තර මෙලෙස සකසන්න පුළුවන්.

සකසාගත් App එක Play Store වෙතට එක් කරන්නට ද අවස්ථාව සලසන නිසා ඔබේම App එකක් Play Store හරහා කෙනෙක්ට ඍජුවම බාගත කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඔබ කිසියම් දීමනා, වට්ටම්, එසැණ පුවත් සේවාවක් ලබා දෙනවා නම් ඒවාට අදාල Notifications යවන්නටත් APPMAKER වෙතින් පහසුකම් සලසා තිබෙන නිසා වෙළඳ දැන්වීම් මුද්‍රණය කිරීම හෝ අන්තර්ජාලයේ පළ කිරීම සහ SMS ආදියට යන වියදම සම්පූර්ණයෙන්ම නවතිනවා.

ඔබේ තෝරාගැනීම අනුව දෛනිකව, මාසිකව ඔබේ App එක පාවිච්චි කරන අයගෙන් මුදල් අයකර ගැනීමට ද අවස්ථාව තිබෙන නිසා App එක හදන්නට වැඩි මහන්සියක්, විශාල මුදල් ආයෝජනයක් නැතිවම මුදල් උපයන්න මෙය හොඳ ක්‍රමයක්. App එකක් හදන්නේ කොහොමද කියලා මේ ලින්ක් එකෙන් ඔබට බලාගන්න පුළුවන්.

කවරය: lynda.com

Related Articles