Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇන්ඩ්‍රොයිඩ් සඳහා හොඳම Apps – 2020 මාර්තු

නව කොරෝනාවෛරසයෙන් නිරෝධායනය වෙමින් නිවසේ රැඳුණු ඔබට අත්හදා බලන්නට අලුත්ම සහ නොමිලේ ම ලද හැකි Apps පෙළක් අපි සුපුරුදු පරිදි මේ මාසය සඳහා ද තෝරා ගත්තා.

ඔබේ මුහුණෙන් Deepfakes හදන Doublicat

මුහුණ Meme GIF එකකට දමන්නට අවස්ථාව

තමන්ගේ මුහුණ තවත් කෙනෙක්ගේ මුහුණට යෙදිය හැකි Deepfake පිළිබඳව අප ගෙන ආ ලිපිය ඔබ කුතුහලයෙන් කියවන්නට ඇති. එය අත්හදා බලන්නට අවස්ථාවක් Doublicat ඇප් එකෙන් ඔබට ලැබෙන අතර, ඉන් Meme GIF එකකට ඔබේ මුහුණ ගන්නට හැකි වෙනවා.

App එක විවෘත කළ විට අපේ Selfie එකක් මඟින් මුහුණ ලබාගන්නා එය, අනතුරුව GIF විශාල ප්‍රමාණයක් පෙන්වනවා. කාලීනව Trend වන ඒවා මෙන්ම, Categories අනුව ද GIF විශාල සංඛ්‍යාවක් එහි දැකගත හැකි වෙනවා. ඉන් කැමති එකක් තෝරා, Reface කිරීමෙන් එතුළට ඔබේ මුහුණ යොදා ගත හැකියි.

ඔබ ලබාදෙන සෙල්ෆිය පැය 24ක් තුළ සර්වරයෙන් මැකී යන බවත්, එය රැ‍ඳ‍ෙන්නේ ඇප් එක තුළ පමණක් බවත්, දින 30ක උපරිමයක් දක්වා මුහුණ පිළිබඳ විශේෂිත දත්ත අඥාත ලෙස සර්වරයේ රැ‍ඳ‍ෙන බවත් ඔවුන්ගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියේ දක්වා තිබෙනවා. එය ඔබට ගැටළුවක් නොවේ නම්, මෙය අත්හදා බලන්න.

බාගන්න: Doublicat

මොබයිල් සහ WiFi සිග්නල් හොඳට ඇති තැන් පෙන්වන WiFi AR

AR හරහා පහසුවෙන්ම සිග්නල් වේග මට්ටම් දැකගත හැකියි

ගෙදර WiFi එක Slow වෙලා නම්, රවුටරයේ සිට ඔබ සිටින තැනට ඇති දුර සහ අතරමැද ඇති බාධක ඒකට එක් හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් නිවසේ WiFi රවුටරය ස්ථාපනය කර ඇති ස්ථානයේ සිට නිවසේ විවිධ තැන්වලට එහි වේගය ලැබෙන ආකාරය AR හරහාම බලාගන්න මේ App එක උදව් වෙනවා.

AR පහසුකම් සහිත ඔබේ දුරකතනයෙන් WiFi එකට connect වෙලා, App එකෙන් WiFi තෝරලා, නිශ්චලව හිඳිමින් සෙමින් දුරකතන කැමරාවට ඔබ සිටින ස්ථානයේ දෙපස පෙන්වන්න. එවිට එලෙස කරන්නැ යි කියන මැද ඇති සුදු පැහැති animation එක නැතිව යාවි. ඉන්පසු, නිවසේ විවිධ ස්ථානවල නවතිමින් ඇවිද යන්න. අවසානයේ එක් එක් තැන්වල ඇති Speed එක පොළොව මත රැඳුණු සටහන්වලින් දැකගන්නට හැකි වෙනවා

මෙය WiFi පමණක් නොව 3G/LTE සිග්නල් පවා බලාගන්නට අවස්ථාව දෙනවා. බාගත කරගැනීමට යන්නේ 4.5MB පමණයි.

බාගන්න: WiFi AR

Notifications පැනලය වෙනස් කර දෙන One Shade

ඡායාරූපයක් පවා එක් කරන්නට අවස්ථාව තිබෙනවා

දුරකතනය සමග ලැබුණු Notifications පැනලයේ design එක ගැන වැඩි සතුටක් නොතිබුණා නම් මේ ඔබටම හරියන ඇප් එකක්. එය ඔබට Quick Settings අයිකන පවා රිසි සේ වෙනස් කරගන්නට අවස්ථාව දෙනවා.

Quick Settings බොත්තම්වල හැඩය සහ වර්ණය, Notifications පැනලයේ පසුබිමට ඡායාරූපයක් යෙදීම හෝ පාරදෘෂ්‍යව තබා Blur කළ හැකි වීම, ඍජුකෝණී දාර ලබාගැනීම, පැනලය විවෘත කිරීමට තිරයේ දකුණු/වම් පසින් bar එකක් තබා ගත හැකි වීම වැනි විශේෂාංග රැසක් මෙහි අඩංගු වෙනවා.

බාගැනීමට වැය වන්නේ 2.8MB පමණයි.

බාගන්න: One Shade: Custom Notifications and Quick Settings

සිතැඟි පරිදි වීඩියෝ හදා දෙන Vimeo Create

Stock වීඩියෝ සහ Audio tracks ලද හැකියි

ෆෝන් එකෙන් වීඩියෝ හදන්නට කැමති අයට Vimeo සමාගමෙන් එන මේ ඇප් එක Instagram, Facebook පවා upload කළ හැකි පරිදි වීඩියෝ Edit කරන්නට අවස්ථාව දෙනවා.

ඔබ රෙකෝඩ් කළ වීඩියෝ පමණක් නොව, Stock වීඩියෝ, Sound track හෝ අකුරු යොදා අලුතින්ම වීඩියෝ එකක් සකසන්නට පවා මෙහි අවස්ථාව තිබෙනවා. Templates ද තිබෙන නිසා ඉතාම පහසුවෙන් ඔබේ සිතේ තිබෙන නිර්මාණශීලි අදහස් ක්ෂණිකව නිර්මාණයක් බවට පත් කරගන්නට හැකි වෙනවා.

ඔබේම ලෝගෝවක් දමන්නට අවශ්‍ය නම් එයට Paid version එක ගන්නට සිදුවෙනවා. බාගත කරගැනීමට 80MB වැය වෙනවා.

බාගන්න: Vimeo Create – Video Maker & Editor

ශබ්ද පාලක යතුරුවලට විවිධ හැකියාවන් දෙන Almighty Volume Keys

සාමාන්‍ය අවස්ථාව, ගීත වාදනය වන විට, සහ Voice Record වන විට යන අවස්ථා තුනේ දී ක්‍රියාත්මක විය යුතු ආකාරය සැකසිය හැකියි.

දුරකතනයේ Volume බොත්තම්වලින් ශබ්දය අඩු-වැඩි කිරීම හැරුණාම තවත් දේවල් රැසක් කරගන්නට අවස්ථාව Almighty Volume Keys ඇප් එක ලබා දෙනවා. එමඟින් විවිධ shortcuts සකසා ගත හැකි නිසා හදිසි අවස්ථාවල දී Screen එක Unlock නොකරව විවිධ දේ කරගන්නට හැකි වෙනවා.

එම බොත්තම් වරක්, දෙවරක්, තෙවරක් ආදී ලෙස තද කරද්දී කිසියම් විධානයක් ක්‍රියාත්මක වන පරිදි සකසන්නට පුළුවන්. එම විධාන අතර Flashlight එක On/Off කිරීම, සින්දු මාරු කිරීම, Bluetooth On/Off කිරීම, හෝ Vibrate On/Off කිරීම පමණක් නොව හඬ Record කිරීම පවා සක්‍රීය කළ හැකි වීම විශේෂත්වයක්.

බාගැනීමට ‍වැයවන්නේ 1.9MB පමණයි.

බාගන්න: Almighty Volume Keys

මේ හැර ඔබට හමුවුණු තවත් Apps තිබෙනවා නම්, අනෙක් අයටත් උදව්වක් වශයෙන් ඒවාත් Comment කරන්න. නිවසටම වී හිඳිමින් අපි COVID-19 වෛරසයේ පැතිරීමට බැට දෙමු! සබන් හෝ Sanitizer දමා හොඳින් අත් සෝදමු.

Related Articles