Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොඳම Chrome extensions: 2018 පෙබරවාරි

අන්තර්ජාල භාවිතය සුලබ වීමත් එක්ක බ්‍රවුසරය මේ වෙද්දී ඩෙස්ක්ටොප් එක බවට පත්වී හමාරයි. මේ නිසා මොනවාහරි මෘදුකාංගයක් අවශ්‍ය වුණත් එය පරිගණකයේ ස්ථාපනය කරගෙන පාවිච්චි කරනවා වෙනුවට online tool එකක් සොයාගන්නට බොහෝ දෙනෙක් පෙළඹෙනවා. ඒ වගේම, වෙබ් ගවේෂණය පහසු කරන්නටත් browser එකට extensions වලින් ලොකු සවියක් ලැබෙනවා. මේ, දැනට ඇති වඩාත් හොඳම extensions 6ක්.

වෙබ් අඩවියේ සුලමුල සොයන්න

Thambaru/Roar

නන්නාඳුනන වෙබ් අඩවියකට පිවිසුණු විට හෝ ඔබ නිතර භාවිත කරන වෙබ් අඩවියක අනුරුවකට Phishing attack එකක් හරහා යන්නට සිදු වුණොත්, වෙබ් අඩවියේ වතගොත නිසි ලෙස දැනගැනීමෙන් එහි විශ්වාසවන්තභාවය තහවුරු කරගන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන්, අන්තර්ජාල වෙළඳසලකට පිවිසුණු විට ඔවුන්ගේ විශ්වාසවන්ත බව, කෙතරම් පිරිසක් එම වෙබ් අඩවිය වෙත පිවිසෙනවා ද, කුමන රටේ අය අතර එය ප්‍රචලිත ද වැනි දත්ත දැන ගැනීමෙන් එය පිළිබඳව දළ අදහසක් ලබා ගන්නට හැකියි. මේ සඳහා හොඳ extension එකක් වන්නේ වෙබ් අඩවිවල සුලමුල සොයා දෙන සේවාවක් වන, Alexa සමාගම විසින්ම නිපදවා ඇති Alexa Traffic Rank නමැති Chrome extension එකයි.

තනි පරිගණකය වැඩි දෙනෙක් භාවිත කරනවා නම්

Thambaru/Roar

ක්‍රෝම් සතුව ගිණුම් කිහිපයක් භාවිත කිරීමේ අවස්ථාව මෑතක දී ලබා දුන් නිසා Settings > People යන කොටස හරහා පරිගණකයේ User accounts හදනවා වගේ profiles හැදීමේ හැකියාව තිබුණත්, වැඩ ඉවරවෙලා ප්‍රොෆයිල් එක මාරු කරන්නට අමතක වෙතැයි බියක් තිබේ නම් සහ කාර්යාල පරිගණකයේ කටයුතු කරනවා නම් ඒ වෙනුවට extension එකක් භාවිත කිරීම ඔබට පහසුවක් වේවි. මෙයට හොඳින් ගැලපෙන Click&Clean extension එක සතුව malware සඳහා ස්කෑන් කිරීමට, කෑෂ් මැකීමට, බ්‍රවුසරය close කිරීමේදී ස්වයංක්‍රීයව history clear කරන්නට වගේ පහසුම් සහ සැකසුම් බොහොමයක් තිබෙනවා.

YouTube වෙත වැඩි වැඩ

Chrome Web Store

නිතර පිවිසෙන YouTube ප්ලේයරය සතුව වේගය පාලනය කරමින් ධාවනය කරන්නට, විවිධ භාෂා වලින් තිබෙන වීඩියෝ සඳහා ඉංග්‍රීසි caption ලබාගැනීමට වැනි ගූග්ල් සමාගම ලබාදුන් පහසුකම් තිබුණත්, තෙවන පාර්ශවීය වීඩියෝ ප්ලේයර්වල දකින්න ලැබෙන ඇතැම් පහසුකම් එහි අන්තර්ගත කර නැහැ. ඔබ එවැනි පහසුකම් වලට ප්‍රිය කරනවා නම් Magic Actions for YouTube නමැති chrome extension එක ඔබට හොඳින් ගැලපේවි. මෙය සතුව YouTube වීඩියෝ නරඹද්දී සුදු පැහැති පසුබිම කළු පැහැ කිරීමට, Player එක වටේට සිනෙමා light effects එක් කරන්නට, මවුසය scroll කරන විට ශබ්දය අඩු/වැඩි කරවන්නට වගේ හැකියාවන් රැසක් තිබෙනවා.

බොස් එනවිටම තනි බොත්තමකින් tab සියල්ල වසන්න

Thambaru/Roar

හොරෙන් හොරෙන් ඉන්ටර්නෙට් යන අයට තිබෙන ලොකුම ගැටළුවක් තමයි කවුරුහරි බ්‍රවුසරයේ open වෙලා තිබෙන දේවල් දකීවි කියන එක. එහෙම වෙලාවට බය වෙලා ටැබ් එක close කළත් ඒ වෙද්දි තවත් tabs open වෙලා තිබෙන නිසා එයින් එකක් පෙනෙන්නට ගන්නවා. එතකොට මුළු බ්‍රවුසරේම close කරන්නට සිදු වුණත් ආපු කෙනා බලාවි ඇයි මේ desktop එක දිහා බලාගෙන ඉන්නේ කියලා. ඉතින් මෙයට විසඳුමක් PanicButton හරහා ලැබෙනවා. මෙමඟින් තනි ක්ලික් එකකින් සියළු ටැබ් වසා ආරක්ෂිත වෙනත් වෙබ් අඩවියක් ක්ෂණිකව විවෘත කරන්නට පමණක් නොව, වසා දැමූ ටැබ්ස් පාස්වර්ඩ් එක දුන්නාට පස්සේ නැවතත් එලෙසින්ම විවෘත කරගන්නටත් පුළුවන්.

ෆෝන් එකේ notifications බ්‍රවුසරෙන් බලන්න

kinja-img.com

වැඩ කරන අතරතුරේ සැරින් සැරේට ෆෝන් එකට එන notifications බලන එක කරදරකාරී වැඩක්. විශේෂයෙන් හදිසි වැඩක හිරවෙලා ඉන්න අතරතුරේ “ඔබ කැමතිම තරුව සමඟ සවාරියක් යන්න YES ලෙස රිප්ලයි කරන්න” කියලා එන විකාර මැසේජ් එකක් දැක්කාම පාලි සංස්කෘත සිහි වෙනවා. නමුත් ෆෝන් එකට notification එකක් ආපු ගමන් එය පරිගණකයේ තිරය මත පෙනෙනවා නම් එය මහත් පහසුවක්. මේ සඳහා PushBullet සේවාව හරහා ලබාදෙන extension එක බ්‍රවුසරයටත්, app එක දුරකථනයටත් යොදලා පහසුවෙන්ම ඒ දෙක සම්බන්ධ කළාම හරි.

සිංහල ඩික්ෂනරියක්

Thambaru/Roar

අන්තර්ජාල ගවේෂණයේදී අපි නොදන්නා විවිධ ඉංග්‍රීසි වචන මුණ ගැහෙනවා. මේවායේ තේරුම දැනගන්න ඒ වචනය කොපි කරලා, ඩික්ෂනරියක් හොයාගෙන එහි පේස්ට් කරලා තේරුම බලාගන්න එක ටිකක් වෙලාව ගතවෙන කම්මැලි වැඩක්. ඒ වෙනුවට අදාල වචනය මත mouse pointer එක තබපු වහා එහි තේරුම පෙන්වන ආකාරයේ පහසුකමක් තිබෙනවා නම් බොහොම වටිනවා. ලංකාවේම නිර්මිත Sinhala Meaning සහ LKTips යන extensions දෙකම මේ කර්තව්‍යය අපූරුවට ඉටු කර දෙනවා.

මේ හැරුණාම ඔබ පාවිච්චි කරන හොඳ extension මොනවාද? අපිත් එක්ක බෙදාගන්න.

කවරයේ ඡායාරූපය: wpmudev.org

Related Articles