අන්තර්ජාල ප්‍රචණඩත්වය ‘Delete’ කරන්න එපා!

අන්තර්ජාල ප්‍රචණඩත්වය Delete කරන්න එපා!

Internet එකේ ඉන්න කාන්තාවන්ට, ගැහැනු ළමයින්ට සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට, නැත්නම් transgender and LGBTIQ community එකට මූණ දෙන්න වෙන හිරිහැර එන්න එන්න වැඩි වෙනවා.

මෙහෙම පීඩාවට පත්වන පුද්ගලයන්ට බොහෝ වෙලාවට, නීතිමය සහ සමාජ පද්ධතිවලින් ප්‍රමාණවත් උදවුවක් ලැබෙන්නෙත් නෑ.

පොලිස් පැමිණිල්ලක් කරන්න යන්න පවා බොහෝ දෙනෙක් පැකිළෙන්නේ ඒ නිසා යි.

අන්තර්ජාලය හරහා කෙනෙකුට සිද්ද වෙන ප්‍රචණ්ඩ ක්‍රියා ගැන සමාජ මාධ්‍ය සමාගම් කටයුතු කරන විධියත් ගැන සෑහීමකට පත්වෙන්න බෑ.

අන්තර්ජාලය ඔස්සේ සිද්ද වෙන ප්‍රචණ්ඩ ක්‍රියා නිසා පීඩාවට පත් වෙච්ච පුද්ගලයන් ඒ අත්දැකීම් සමාජයට ඉදිරිපත් කරන්නත් පසුබට වෙනවා.

ඒ ඔවුන් අවමානයට ලක්විය හැකි හින්ද යි. ගොඩක් වෙලාවට වින්දිතයන්ට වරද පැටවෙනවා.

ඒ නිසා මේ ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නත් ඔවුන් පැකිළෙනවා. එතකොට ඒ අයට විසඳුමකට යන්න තියෙන විකල්පත් අඩුයි.

අන්තර්ජාලය ඔස්සේ සිදුවන මේ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්න සිද්ද වෙන අයට,රැකවරණය සලසන්න දැන් “ප්‍රත්‍ය” ඉදිරිපත් වෙලා තියෙනවා.

‘Delete කරන්න එපා’ කියන ත්‍රෛභාෂා ඇප් එක හරහා යි.

ඒක ත්‍රෛභාෂා උපකාරක සේවා පද්ධතියක් විදියටත් ක්ෂණික ඇමතුම් සේවාවක් (0777 955 900) විදියටත් ක්‍රියාත්මක වෙනවා.

‘Delete කරන්න එපා’ අරමුණ වෙන්නේ ශ්‍රී ලංකාවේ තාක්‍ෂණය ඔස්සේ සිදුවන සමාජීය ප්‍රචණ්ඩත්ව සිදුවීම් වාර්තා කරන එකයි.

ඒවාගෙ අත්දැකීම්වලට මුහුණදෙන අයගේ සහායට තොරතුරු ද ලබා දෙන්නත් ‘ප්‍රත්‍ය’ සූදානම්.

මේ කටයුත්ත සිද්ද වෙන්නෙ හෑෂ් ටැග් ජෙනරේෂන් එකේ තවත් ප්‍රජා සත්කාරයක් විදියට යි.

Related Articles

Exit mobile version