Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Apple සමාගම WWDC 2018හිදී අලුතින්ම හඳුන්වා දුන් දේවල්

මේ වසර සඳහා වූ ඇපල් සමාගමේ මෘදුකාංග සංවර්ධක සමුළුව ජුනි 4 වන දා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ඔවුන් අලුතෙන් හඳුන්වා දෙන නිෂ්පාදන යාවත්කාලීනයන් සහ දෘඪාංග පිළිබඳව හඳුන්වා දෙනු ලැබූ අතර හැම කෙනෙක්ම පුල පුලා බලා සිටි iOS12 නිකුතුව ද එදින එළිදක්වනු ලැබුවා. මේ, එම අවස්ථාවේදී හඳුන්වාදුන් අපූර්වතම දේවල් කිහිපයක්.

නවතම දුරකතන මෙහෙයුම් පද්ධතිය: iOS12

cbsistatic.com

දුරකතන භාවිතයට ඇබ්බැහි වීම වළකාලීම පොදු ප්‍රශ්නයක්ව ගොඩ නැගෙද්දී ඒ වෙනුවෙන් දුරකතනය හරහාම සහාය දක්වමින් ඇප් එකක් භාවිත කිරීමට වැය කරන කාලය සීමා කිරීම සඳහා අවස්ථාව සලසා දෙනවා. ඇන්ඩ්‍රොයිඩ් P සඳහා ද මෙවන් ආකාරයේ පහසුකමක් අඩංගු කරන ලද අතර iOSහි එම විශේෂාංගය digital health dashboard ලෙස හඳුන්වනවා. එහි ඇති විශේෂත්වය නම් ඇප් එකකට ඔබ සැකසූ වේලාව අවසන් වන විට notification එකකින් එය පෙන්වා, අවශ්‍ය නම් එළාම් එක මෙන් කාලය මඳකින් දීර්ඝ කර ගැනීමට අවස්ථාව ලබාදී තිබීමයි. නිදාගන්නට පෙර Do not Disturb mode එක සක්‍රීය කරන්නට, අගුළු තිරයේ Notifications ගොඩ ගැසීම වළක්වමින් ඒවා group කරන්නට, දරුවන්ට දුරකතනය දීමට පෙර භාවිතය සීමා කරන්නට නව මෙහෙයුම් පද්ධති වෙළුමේ වැඩිදුරටත් අවකාශ සලසා තිබෙනවා.

දැන් Memoji නමින් Animoji

mobilesyrup.com

සැම්සන්ග් සමාගම ඇපල් සමාගමෙන් උපුටා ගැනීම් කළ බවට චෝදනා ලබමින් තම S9 දුරකතන සමඟ හඳුන්වාදෙනු දකින්නට ලැබුණු AR emoji හෙවත් Animoji (චලනය වන emoji) ඇපල් සඳහා Memoji නමින් හඳුන්වා දුන්නා. අපේ මුහුණ හඳුනාගෙන එයට අදාලව නව emoji මින් සැකසෙනවා. මෙහි ඇති විශේෂත්වය නම් දිව ඇදීම ද ඊට හඳුනාගත හැකි වීමයි. Messages සඳහා ඊට සමගාමීව ඇප් කැමරාවට ස්ටිකර් සහ drawing tool එකක් ද ඇති අතර FaceTime සඳහා දැන් මිතුරන් 32ක් සමඟ ඇමතුම් ගන්නට පුළුවන්. වීඩියෝ කෝල්වලදී තමන්ගේ මුහුණ වෙනුවට Memoji එකක් යොදන්නටත් පුළුවන්.

recode.net

Photos ඇප් එකේ පුද්ගලයන්, ස්ථාන සහ අවස්ථාවන් අනුව දැන් ඡායාරූප search කළ හැකි අතර අද දිනයට අදාලව මීට වසරකට සහ ඊට පෙර ලබාගත් ඡායාරූප පෙළගස්වනු ලබනවා. මේ සියල්ල Google Photosවලත් දකින්නට තිබුණා. Siri සඳහා ලැබුණු යාවත්කාලීනයන් අතර ඔබ දුරකතනය භාවිත කරන ආකාරය එය හඳුනාගෙන ඇප්ස්වල ක්‍රියාවන් යෝජනා කිරීම, shortcut app එක හරහා ඔබට අවශ්‍ය ලෙස එම කටයුතු manually සකසා ගැනීම කරන්නට පුළුවන්. මෙහිදී සිදුවන්නේ ධාවනය කළ යුතු රේඩියෝ චැනලය, මැසේජ් එකක් යැවීම ආදී දේවල් එහි අඩංගු කළ හැකි වීමයි. කටයුතු කිහිපයක් තනි විධානයකින් කී විට එය තේරුම් ගන්නට ද දැන් Siriට පුළුවන්.

අලුත්ම macOS වෙළුම: Mojave

9to5mac.com

උතුරු ඇමරිකාවේ මොහාවී කාන්තාරය (Mojave desert) සිහි කරමින් මෙම නම නවතම macOS එකට යොදා තිබෙනවා. මෙහි dark theme එකක් ඇති නිසා රාත්‍රී කාලයේදී ඇසට පහසු ලෙස භාවිත කළ හැකි සේ තිර අංග කළු පැහැ ගැන්වෙන අතර XCode සඳහා inverted (ප්‍රතිවිරුද්ධ කළ වර්ණ) ලැබෙනවා. ෆේස්බුක් ලයික් සහ කමෙන්ට් plugins වෙබ් අඩවිවල යෙදීමෙන් ඔබව track කිරීම් සිදුවන නිසා ඒවා වළක්වන්නට Safari වෙබ් බ්‍රවුසරය කටයුතු කරනවා. ඔබට අවශ්‍ය නම් ඔබේ දත්ත රැස් කරන්නට ඉඩ සලසන්නටත් පුළුවන්. වෙබ් අඩවිවලට ඔබේ පරිගණකය පිළිබඳව අවම තොරතුරු ප්‍රමාණයක් ලබාදෙමින් වෙළඳ දැන්වීම් වලට පරිගණකයේ අනන්‍යතාව හඳුනාගැනීමට ඇති ඉඩකඩ ද නැති කරනු ලබනවා.

engadget.com

Mojave සතුව quick actions බොහොමයක් තිබෙනවා. ඩෙස්ක්ටොප් එක අඩුක් කරමින් පිරිසිදු කරන්නට, ඡායාරූප කිහිපයකට එක්වර watermark යොදන්නට, PDF document එකකට sidebar එකෙහි menu option එකකින්ම අත්සන් තැබීමට දැන් හැකියි. තිරය වීඩියෝගත කිරීම ද දැන් වඩාත් පහසුව තිබෙන්නේ QuickTime වෙත නොයාම හුදෙක් keyboard shortcut එකකින් ම එය සක්‍රීය කළ හැකි නිසායි. ඔබ පරිගණකයේ ලිපි ගොනුවක වැඩ කරමින් සිටියදී එවෙලේම දුරකතනයෙන් ඡායාරූපයක් ගෙන, එය ලිපියට ඇතුලත් කරන්නට ද දැන් අවස්ථාව ලැබෙනවා.

ඇපල් අත්ඔරලෝසුවට WatchOS 5 පැමිණෙයි

techradar.com

Fitness ඇප්ස් සහ උපාංගවල බහුලව දකින්නට ලැබෙන විශේෂාංගයක් වන යහළුවන් සමඟ තරග කරමින් ශරීර සුවතාවේ යෙදීම සහ ලකුණු රැස් කිරීම WatchOS 5 සඳහාත් ලැබෙනවා. එහිදී ඔබ ජයග්‍රහණයන් ලබා ගනිද්දී ඊට ඩිජිටල් දීමනාවන් ද දිනාගන්නට පුළුවන්. ඔරලෝසුවටත් දැන් WebKit එක්වන නිසා කුඩා තිරය මත වුවත් ඒ වෙනුවෙන් සකසන ලද වෙබ් පිටුවක් ඔබට බැලීමට අවස්ථාව ලැබෙනවා. Podcast සඳහා සහාය, Siri සමඟ වඩාත් හොඳින් ක්‍රියා කිරීම, ක්‍රියා යෝජනා (action suggestions) ලැබීම, වෝකි-ටෝකි එකක මෙන් මිතුරන්ගෙන් voice message ලැබිය හැකි වීම ආදී දේවල් අලුත් ඔරලෝසු මෙහෙයුම් පද්ධතිය සතුයි.

පසුවදන

මේවාට අමතරව AppleTV 4K සඳහා Dolby atmos ශබ්ද මාධූර්යයන් එක්වීම, AR සඳහා වැඩි ඉඩකඩක් ලබාදී තිබීම, Apple home උපාංග පරිගණක හා සබැඳීම හා වැඩි හැකියාවන් ප්‍රමාණයක් ලබාගෙන තිබීම, GPU භාවිතයට Metal API එක වැනි දේවල් එක් වෙනවා. නමුත් සමස්ත අවස්ථාව තුළ එළිදක්වන ලද දේවල් Google I/Oහිදී අසා තිබුණු ඒවාම වගේ නිසා මඳක් “ට’Siri!” හැඟීම ඇතිවුණා අඩුයි. සාපේක්ෂව ගත් කල, ඇපල් ලෝකයට මේ නව විශේෂාංගයන් එක්වීම ඇපල් රසිකයන්ට බෙහෙවින් වටින සාධකයක්. දැන් තමා සතු උපාංගයෙන් ම මේ නව විශේෂාංගයන් අත්විඳින්නට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා. iOS 12 යාවත්කාලීනයත් දුරකතන මාදිලි විශාල ප්‍රමාණයකට පැමිණීමට නියමිතයි.

කවරයේ ඡායාරූපය : 9to5mac.com

Related Articles