Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Apple 2019 Event එකේ එළිදැක්වුණු සුවිශේෂී උපාංග

Apple උපාංග භාවිතා කරන Apple සන්නාමයට ආදරය කරන බොහෝ දෙනෙකු වගේම, තාක්ෂණයට කැමැත්තක් දක්වන බොහෝ දෙනෙකු මඟ බලා සිටි, 2019 වසරේ apple සමාගමේ විශාලම hardware event එක (දෘඩාංග එළිදක්වන උත්සවය) පසුගිය 10 වෙනිදා පැවැත්වුණා. ඉතිහාසයේ ප්‍රථම වතාවට twitter සහ apple වෙබ් අඩවියට සීමා නොවී youtube හරහාත් මේ event එක සජීවීව නැරඹීමේ හැකියාව ලබා දෙන්නට ඇපල් සමාගම කටයුතු කර තිබුණා. පුරා පැය දෙකක් පමණ වේලාවක් පැවැත්වුණු මෙහිදී නව උපාංග ගණනාවක් එළිදක්වනු ලැබුවා.

බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ පරිදිම iPhone 11, iPhone 11 Pro, සහ iPhone 11 Pro Max දුරකථන කාගේත් අවධානය දිනාගත් බව අපට දැකගන්න ලැබුණා. ඒ වගේම තවත් සුවිශේෂී උපාංග ගණනාවක් මෙහිදී හඳුන්වාදෙනු ලැබුණා. මේ ඒ පිළිබඳව යි.

අවුරුද්දක් නොමිලයේ ඇපල් ටීවී?

මේ උත්සවය අතරතුර, ඇපල් සමාගම ඔවුන්ගේම streaming සේවාවක් ආරම්භ කරන බව නිවේදනය කළා. Apple TV Plus  ලෙසින් මේ සේවාව ඔවුන් නම් කර තිබෙනවා. මේ සේවාව මාසයකට $4.99 පමණ මුදලකට ලබාදෙන්න ඔවුන් තීරණය කර තිබෙනවා. ඒ වගේම ඔබ අලුතින් නිකුත් වූ ඇපල් උපාංගයක් මිල දී ගත් විට වසරක් පුරාවට නොමිලයේ ඇපල් ටීවී සේවාව ඔබට ලැබෙනවා.

apple tv හි විකාශය වීමට නියමිත See කතා මාලාව – theverge.com  

හත්වන පරම්පරාවේ iPad  එක 

මේ Event එක අතරතුර දී හඳුන්වාදුන් තවත් වැදගත් උපාංගයක් ලෙස නව iPad එක හඳුන්වන්න පුළුවන්. මේ නව iPad එක අඟල් 10.2ක screen එකක් සහිතව යි එළිදැක්වෙන්නේ. පැරණි iPad එක සතුවුණේ අඟල් 9.7ක පමණ screen එකක් පමණ යි. මෙහි විකිණුම් මිල ආරම්භ වෙන්නේ පැරණි ipad එකෙහි මිලට සමාන මිලක් වූ $329කින් වුණත් මෙහි වැඩි දියුණුවූ අංගයන් කිහිපයක්ම සහිත යි. A10 Bionic processor එකකින් සමන්විත Seventh Gen iPad එක සතුව Smart Connector එකක් ද සහිත යි. මේ හරහා ඉතාම පහසුවෙන් ඇපල් සන්නාමය යටතේ අලෙවිවන Smart Keyboards ඔබට සවි කර ගැනීමට හැකි වෙනවා. ඔවුන්ට අනුව වේගය අතිනුත් විශාල වශයෙන් වැඩි දියුණුවීම් මෙහි දැකගන්න පුළුවන්. 

2.හත්වන පරම්පරාවේ iPad – iphoneincanada.ca

Screen Off නොවෙන Apple Watch Series 5?

Apple Watch Series 5 කියන්නෙත් බොහෝ දෙනෙක් බලා සිටි උපාංගයක්. බාහිර පෙනුමෙන් පසුගිය Apple Watch එකෙන් එතරම් වෙනසක් නොවුණත්, අලුත් පහසුකම් ගණනාවකින් මෙය සමන්විත යි. බොහෝ දෙනෙකුගේ අවදානය දිනාගත්තේ always-on display function එක සඳහා මෙය සහාය දැක්වීම යි. එක්වරක් charge කිරීමෙන් පසුව පැය 18ක් පමණ ක්‍රියාත්මක වීමට මෙයට හැකියාව තිබෙනවා. මෙහි GPS model එක $399 ලෙසිනුත් GPS + LTE model $499 ලෙසත් වාර්තා වෙනවා. 

Screen Off නොවෙන Apple Watch Series 5 – iphoneincanada.ca

Apple Watch series 3 හි මිල ඩොලර් 279 සිට 199 දක්වා අඩු කිරීමටත් මොවුන් තීරණය කර තිබෙනවා.

XR පරදවන්න iPhone 11 සම්ප්‍රාප්තිය                   

පසුගිය වසරේ ඇපල් සමාගම නිවේදනය කළ iPhone XRහි අනුප්‍රාප්තිකයා ලෙසින් මේ  iPhone 11 හඳුන්වන්න පුළුවන්. අඟල් 6.1ක ප්‍රමාණයේ LCD display එකක් සමගින් නිෂ්පාදනය කර ඇති අතර Apple සමාගමේ අලුත්ම chipset එක වන A13 Bionic chipset එක මෙයට අන්තර්ගත වෙනවා. ඒ වගේම දැනට smart ජංගම දුරකතනයක අඩංගු වේගවත්ම චිප් එක එය බව යි ඔවුන් සඳහන් කළේ. මෙය 12MP wide-angle සහ 12 MP ultra-wide dual camera පද්ධතියකින් සමන්විත වන අතර, night mode එක සහ flasher වැඩි දියුණු කර තිබෙන බව ඔවුන් සඳහන් කළා. 

iPhone 11 ජංගම දුරකථනය පැරණි iPhone XR එකට වඩා ඩොලර් 50ක් මිළ අඩුවෙන්, ඩොලර් 699ක මුදලකට අලෙවි කිරීමට Apple සමාගම තීරණය කර තිබෙනවා.

iPhone 11 Pro/Pro Max

iPhone 11 Pro සහ Pro Max – technews.lk 

iPhone 11 Pro සහ Pro Max යන මාදිලි ද්විත්වයම camera 3කින් සමන්විත කැමරා පද්ධතියකින් (triple camera) සමන්විත යි. Deep Fusion සහ machine learning භාවිත කරමින් ඉතා පැහැදිලි ඡායරූප ලබා ගැනීමට හැකියාව මේ දුරකථන සතු යි. iPhone 11 Pro අඟල් 5.8ක display එකක් සහ Pro Max අඟල් 6.5ක display එකකින් සමන්විත වෙනවා. Pro දුරකතනය iPhone Xs Max ජංගම දුරකථනයට වඩා පැය 4ක කාලයක් භාවිතා කළ හැකි බවත්, iPhone 11 Pro Max ජංගම දුරකථනය Xs Max දුරකතනයට වඩා පැය 5ක කාලයක් භාවිතා කළ හැකි බවත් ඔවුන් ප්‍රකාශ කර සිටියා.

iPhone 11 Pro ජංගම දුරකථනය ඩොලර් 999කට, සහ iPhone 11 Pro Max ජංගම දුරකථනය ඩොලර් 1099ක මුදලකටත් සැප්තැම්බර් 20 වෙනිදා සිට බෙදාහැරීමට ඔවුන් සූදානම් බවත් සඳහන් කළා. 

මේ වෙද්දීත් මේ event එක සහ අලුත් දුරකථන පිළිබඳව විශාල කතා බහක් ඇති වී තිබෙනවා. ඒ වගේම මේ දුරකථනවල ක්‍රියාකාරීත්වයත්, design එක පිළිබඳවත් හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනවා. ඔබ මේ ගැන මොකද හිතන්නේ? පහළින් comment කරන්න අමතක කරන්න එපා.

Cover- nbcnews.com

මූලාශ්‍රයයන් 

Youtube.com 

Technews.lk   

Iphoneincanada.ca

theverge.com  

Related Articles