Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව නිපැයුණු අමුතු ආකාරයේ යුද්ධ ගුවන් යානා 5ක්

අද කාලෙ වන විට එකම ආකාරයක ගුවන් හා සැලසුම් අපිට දකින්නට ලැබුණත් අතීතයේ විවිධ, හිතාගන්නවත් බැරි ආකාරයේ සැලසුම්වලින් ගුවන් යානා නිපදවා තිබෙනවා.

01. HZ1 ඒරොසයිකල්

pinimg.com

අද අපිට දකින්නට ලැබෙන හෙලිකොප්ටර් වල අවර පෙති නියමුවාගේ හිසට ඉහළින් තිබුණත් මේ ගුවන් යානයේ නියමුවාට පහතින් ප්‍රධාන අවර පෙති යොදා තිබුණා. බයිසිකලයක් පදිනවා මෙන් නියමුවාට සිටගෙන යාමට සිදුවන, හුදෙක් තනි පුද්ගලයකුට ගමන් කරන්නට සකසනු ලැබූ මෙහි මූලික අරමුණ වූයේ සෙබළුන්ට යුධ සමයන් හි හදිසි අවස්ථාවන් වලදී ගමන් කිරීමටයි. නමුත් එහි ක්‍රියාකාරිත්වය සිතූ තරම් සාර්ථක වූයේ නැහැ. මෙහි අවර පෙති එකිනෙක ගැටීමෙන් පිපිරීම් ඇති වන්නට පටන්ගත් අතර එයින් පසු ඒවා නිපදවීම සම්පූර්ණයෙන් ම නවතා දැමුණා.

02. ලොක්හෙඩ් XFV හෙවත් සැමන්

456fis.org

නිතරම අප දැක තිබෙන්නේ තිරස් අතට සකසන ලද ගුවන් යානා වුණත් මෙම ගුවන් යානය පොළොවට ලම්භකව පවතින ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා. යුද්ධ සමයේදී ඇමරිකානු නාවික හමුදාවට ගුවන්යානා ඉතා විශාල ප්‍රමාණයක් රඳවා ගැනීමේ හැකියාවක් නොතිබූ බැවින් (විශාල වියදමක් යන නිසා) මෙයට විසඳුමක් ලබාදීමේ අරමුණින් මෙසේ ඍජුව පවතින ආකාරයේ ගුවන්යානා නිපදවනු ලැබුවා. මේවා පොළොවට ලම්භකව ගත වී ඉන්පසු සාමාන්‍ය ගුවන් යානයක් ආකාරයෙන් තිරස් අතට පැමිණෙනවා. නමුත් මෙය අත්හදා බැලීමේදී ගුවන් නියමුවන් දෙදෙනෙකු පමණ මහත් භීතියට පත්වූ නමුත් සාර්ථක ගුවන් ගමන් 32කට එය හිමිකම් කීවා. මෙහි තිබූ එක් ගැටලුවක් වූයේ නැවතත් පොළොවට බෑමේදී එහි මහත් අනාරක්ෂිත බවක් තිබීමයි. ඊටත් වඩා යුද බිමේදී මෙහෙයුම් තිබූ අකාර්යක්ෂමතාව නිසා මේවා තවදුරටත් නිපැයුම නවතා දමනු ලැබුවා.

03. ක’න්වෙයා F-2Y සී ඩාට්

pinimg.com

තවමත් මුහුදු ගුවන් යානයක් විසින් ශබ්දයේ වේගය පරදවා ගමන් කිරීම සඳහා වූ වාර්තාවට හිමිකම් කියන මෙම සී ඩාට් යානය පොළොවේ වෙනුවට මුහුදේ ගමන් කරමින් ගුවන්ගත වන ආකාරයට සකසා තිබුණා. මෙහි නිපදවීමේ ප්‍රධාන අරමුණ වූයේ ගුවන් යානා ගෙනියනු ලබන නැව් වල සිට මෙවන් අති වේගයක් ලබාගැනීමේ හැකියාවක් නොමැති වීමයි. 1954 වර්ෂයේදී මෙය ලොවට හමුවීම සඳහා ඉහළ නිලධාරීන් සහ පුවත්පත් වාර්තාකරුවන් ඉදිරියේ මෙය ගුවන් ගත කරන ලද අතර අත්හදා බැලීම සඳහා යොදන නියමුවා ගුවන් යානයේ උපරිම මට්ටම ඉක්මවා යාමට උත්සාහ කිරීමෙන් ගුවන් යානය ඉහළ අහසේදී කැබලි වලට වෙන් වී ගියා. එම නිසා එහි ආරක්ෂණ මට්ටම් හොඳ තත්ත්වයක නැතැයි යන මතයෙන් එය භාවිතයෙන් ඉවත් කෙරුණා.

04. කර්ටිස් ව්‍රයිට් VZ-7

buzzhawker.com

ඉතා විශේෂ සැලසුමක් තිබූ මෙම 1958 දී නිපදවන ලද ව්‍රයිට් ගුවන් යානය ඇමරිකානු හමුදාවේ පියාඹන ජිප් රථය ලෙස හඳුන්වනු ලැබුවා. අහස් යාත්‍රා රාමුවට සබඳන ලද අවර පෙති හතරක් සහිත මෙම ගුවන් යානය පහසුවෙන් පැදවීමට හැකිවූ අතර භාරදෙන ලද කාර්යය ඉතා හොඳින් කරන්නට සමත් වූ එකක් වූවා. එහෙත් මෙය තැනීම නවතනු ලැබුවේ යුද්ධ හමුදාවේ ප්‍රමිතීන්ට අනුකූල නොවීම නිසායි. මෙම ගුවන් යානය සඳහා අවනත වීම නිසා ගුවන් නියමුවා බාහිරට විවෘත වී තිබෙනවා. එම නිසා යුද්ධ අවස්ථාවලදී මෙය භාවිතා කිරීමේදී හානිදායක විය හැකි බැවිනුයි එම තීරණය කරනු ලැබුවේ.

05. හිලර් X-18

fantastic-plastic.com

අද දකින්නට ලැබෙන හෙලිකොප්ටරයක් සහ ගුවන් යානයක් එකතු කොට නිපදවන ලද ආකාරයේ ගුවන් යානයක් වැනි මෙයට ගමන් නොකොට එක තැනම සිට ගුවන් ගත වීමේ හැකියාව තිබුණා. මෙහි තටුවද සිරස් අතට පවතින සේ සකසා තිබූ අතර අවරපෙති දෙකම උඩු අතට තිබෙන සේ සකසා තිබෙනවා. 1955 දී නිපදවා ප්‍රථම ගුවන් ගතවීම 1959 ට සනිටුහන් කළ මෙම ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානය නිපදවීම පසුකාලීනව නවතා දැමුණා. ඒ, සුළං වැඩි අවස්ථාවලදී මෙහි අවර වලට තිබූ භ්‍රමණය වීමේ අපහසුතාවයන් සලකා බැලීමෙනුයි.

ඉතින් මේ නිපදවන ලද බොහෝ ගුවන් යානා වල සුළු වරදක් නිසා ඉවත් කරනවා වෙනුවට එහි මූලික සංකල්පය පදනම් කරගනිමින් වඩාත් නවමු ආකාරයේ ගුවන් යානා බවට නූතන තාක්ෂණය ද භාවිතා කරමින් ඒවා සකසා ගන්නට හැකි බව ඔබටත් සිතෙන්නට ඇති නේද?

කවරයේ ඡායාරූපය: ytimg.com

Related Articles