Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකය විනාශ කළ හැකි විද්‍යාත්මක පර්යේෂණ

“වඩාත්ම වැදගත්ම දෙය වනුයේ කිසිදිනක ඔබගේ ප්‍රශ්න කිරීම් නොනැවැත්විමයි…” මේ ලොව සුපතල විද්‍යාඥයෙකු වන ඇල්බට් අයින්ස්ටයින් විසින් ප්‍රකාශ කරන ලද්දක්. විශ්වය පිලිබඳ මිනිසා සතුවූ අප්‍රමාණ ප්‍රශ්න කිරීම් සහ කුතුහලය ඔස්සේ සිදු කල ගවේෂණයන් මගින් ලොවට බිහිවූ නිර්මාණ අනන්තයි. බොහොමයක් මේ නිර්මාණ පිටුපස සිටින්නේ ලෝකය බොහොම වෙනස් විදිහට දකින මිනිසෙක්මයි. විශ්වය පිලිබඳ සොයා යන මේ ගමනේදී සමහර අවස්ථා වලදී ඔවුන්ට අතිශය අවදානම් සහගත පර්යේෂණ වල නියැලෙන්නට සිදු වෙනවා. සමහර අවස්ථා වල ස්වභාවධර්මය පවා අභිබවන විනාශකාරී පර්යේෂණ මෙලොව සිදුකෙරෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. අප පෘථිවිය​ මෙතකැයි කිව නොහැකි තරම් මෙවැනි පර්යේෂණයන්ට භාජනය වී තිබෙනවා. ඉතිං මේ සටහන ලෝක විනාශය පවා සිදු කළහැකි, ලොව සිදුකල  එවැනි අතිශය අවදානම් පර්යේෂණ කිහිපයක් පිළිබඳයි.

“Mercury” සහ “Volcano” ව්‍යාපෘති

Eskify

යුධමය සහ වෙනත් එදිරිවාදීකම් උදෙසා ස්වභාවධර්මය යම් යම් වෙනස්කම් වලට ලක්කර ප්‍රහාර එල්ල කරන යුධෝපයන් තහනම් කිරීම සදහා 1978 දී සියලු රටවල්  පොදු සම්මුතියක් ඇතිකර ගත්තා. මේ සමගම එම ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ පර්යේෂණයන් ද තහනම් වූවා. නමුත් 1987 සිට 1992 අතර කාලයේ සෝවියට් දේශය විසින් රහසේ දියත් කරන ලද ව්‍යාපෘති දෙකක් ලෙස මෙම “Mercury” සහ “Volcano” ව්‍යාපෘති හදුන්වන්න පුළුවන්. මෙහිදී සිදු කෙරුණේ ඍථිවියේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය වෙනස් කිරීමකට ලක් කර භූ චලන සිදු කල හැකි භුකාරක අවියක් නිර්මාණය කිරීමයි.මෙහි සාර්ථක අත්හදා බැලීම් තුනක් 1987 සහ 1992 අතර කාලයේ කිර්ගිස්ථානයේ සිදුකල බව පැවසෙනවා. රුසියානු විද්‍යා ඇකඩමියේ සාමාජිකයෙක් වන ඇලෙක්සි නිකොලාව් පවසන ආකාරයට මෙය මගින් ඇති කරන ශක්තිය ඍථිවි අභ්‍යන්තර පෘෂ්ඨ කරා ගමන්කර අතිශය විනාශකාරී භුකම්පනයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. දෙවන ලෝක යුද්ධය සමයේ බ්‍රිතාන්‍යද “TallBoy” නමින් මෙවැනි අවියක් නිර්මාණය කල බව පැවසෙනවා.

“Cirrus” මෙහෙයුම

The Black Vault

ඇමෙරිකානු හමුදාව සහ ඇමෙරිකානු නාවික පර්යේෂණ ආයතනය එක්ව 1940 වසරේදී මෙම පර්යේෂණය සිදු කළා. මෙහිදී මූලිකව සිදුකෙරුණේ හරිකේන් සුළිකුණාටුවක දිශානතිය වෙනස් කල හැකිද යන්න අධ්‍යනය කිරීමයි. ඔවුන් අත්ලාන්තික් සාගරය හරහා බටහිර දෙසට හමායමින් තිබුණු හරිකේන් සුලිකුණාටුවක් තුලට කිලෝ 82ක් බරැති කුඩුකරන ලද වියලි අයිස් මුදාහැරියා. අදහාගත නොහැකි ආකාරයට හරිකේන් සුලිකුණාටුවේ දිශානතිය වෙනස් වූ අතර එය ජෝර්ජියාවේ කුඩා නගරයකට කඩාවැදුණා. මෙහිදී එක් පුද්ගල මරණයක් සහ ඇමෙරිකන් ඩොලර් මිලියන 200ක පමණ අලාභ හානි සිදුවූ බව වාර්තා වෙනවා. කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ ස්වභාවධර්මය වෙනස්කිරිම්වලට භාජනය කිරීම තහනම් කිරීමේ සම්මුතිය සමග මේ පිලිබඳ වැඩිදුර පර්යේෂණ නතර කෙරුණා.

Starfish Prime ව්‍යාපෘතිය

wordpress

මෙම ව්‍යාපෘතිය කිලෝ මීටර 400ක් පමණ ඉහල අභ්‍යවකාශයේ සිදුකරන ලද න්‍යෂ්ටික අත්හදා බැලීමක්. 1962 ජූලි 9 වැනි දින සිදු කල මෙහි මුලිකත්වය ගත්තේ ඇමෙරිකානු පරමාණු ශක්තිය පිලිබඳ කොමිෂන් සභාව සහ න්‍යෂ්ටික ආරක්ෂක ඒජන්සියයි. මෙහිදී වෙනත් පරමාණු මිසයිලයක් ගුවනේදීම විනාශ කිරීම පිලිබඳ අධ්‍යනය කල අතර මේ මගින් මෙගා ටොන් 1.4කට අධික TNT ප්‍රමාණයක් පුපුරවා හල ශක්තියට ආසන්න ශක්තියක් නිදහස් වී තිබෙනවා. මෙය ඍථිවි චුම්බක ක්ෂේත්‍රය කෙරෙහි විශාල බලපෑමක් සිදුකල අතර චන්ද්‍රිකා කිහිපයක්ද අක්‍රිය කිරීමට හේතු වී තිබෙනවා. එමෙන්ම මෙහි බලපෑම් වසර කිහිපයක් පුරාවටම බලපැවැත්වුනු බවත් සඳහන්.

Trinity ව්‍යාපෘතිය

Rankred

1945 ජූලි 16 දින ඇමෙරිකානු ආරක්ෂක අංශය විසින් සිදුකරන ලද මෙම අත්හදාබැලීම ලොව ප්‍රථම න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම ලෙස හදුන්වනවා. මෙහිදී TNT කිලෝටොන් 21ක පමණ ශක්තියක් නිදහස් වූ බව සදහන්. මේ මගින් ඇතිකල විද්‍යුත් චුම්බක තරංග හේතුවෙන් සන්නිවේදන ජාල පවා අක්‍රිය වූ බව සදහන්. මෙම අත්හදා බැලීම සිදු කල ප්‍රදේශය ඓතිහාසික ස්ථානයක් ලෙස අද සලකනවා.

Kola Superdeep Borehole

WordPress

1970 මැයි 24 දින සෝවියට් දේශය මගින් කැණිම් ආරම්භ කල මෙය ලොව ගැඹුරුතම කෘත්‍රිමව සාදන ලද සිදුර වෙනවා.ඔවුන්ගේ අරමුණ වූයේ හැකිතාක් ඍථිවිය අභ්‍යන්තරයටම මෙම කැණීම සිදුකිරීමටයි. කෙසේ වෙතත්  මීටර 12262 ක් ගැඹුරු මෙය තවදුරටත් කැණිම නතර කරනු ලැබුවේ එහි වූ අධික උණුසුම කම්කරුවන්ට දරාගත නොහැකි වූ බැවින්. මෙය රුසියාවේ වයඹ දිග ප්‍රදේශයේ කෝලා අර්ධද්වීපයේ පිහිටා තිබෙනවා. විද්‍යාඥයන්ට අනුව මෙම කැණීම හේතුවෙන් ප්‍රබල භූකම්පන තරංග නිර්මාණය වීමේ අවදානමක් පවතිනවා.

මූලාශ්‍රය  Rankred.com

කවරයේ ඡායාරූපය  innov8tiv.com

Related Articles