Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2020 වසරේ හොඳම Netflix TV Series

Netflix සතුව ලොව ජනාදරයට පත්වුණු Movies සහ TV Series විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා අතරින් ශ්‍රී ලංකා‍වේ අපට නැරඹිය හැකි, දැනට ඇති හොඳම TV Series කිහිපයක් මෙසේයි .

The Good Place

මැරුණාට පස්සේ සිදුවන දේවල් ගැන විවිධ ආගම්වල විවිධ දේවල් තිබෙනවා. නමුත් මේ සියල්ලම මුසු කරලා මරණින් පසු විතරක් නෙවෙයි, මේ ගෙවන ජීවිතය ගැනත් වෙනස්ම විදියකට හිතන්න අපිව පොළඹවන අපූරු කථා මාලාවක් තමයි The Good Place කියන්නේ. ත්‍රාසය, කුතුහලය, දාර්ශනික අදහස්, රෝමාන්තික බව, උපහාසය, ප්‍රහසනය වගේ ක්ෂේත්‍ර ගණනාවක් මේ කතාවෙන් ආවරණය වෙනවා.

එලනෝර්, චීඩි, ටහානි, ජේසන් යන හතර දෙනා මරණින් පසුව හමුවන යාළුවෝ හතර දෙනෙක්. එයාලාගේ උදව්වට Google වගේ පණ තියෙන කෙනෙකුත් දිව්‍යලෝකේ ඉන්නවාලු. එයාගේ නම තමයි ‍ජැනට්. ජැනට්ගේ උදව්වත් ඇතිව එයාලාට තමන් ඉපදුණු තැන පසුපස හැංගුණු අභිරහස විසඳාගන්න පුළුවන් වේවි ද?

Season හතරකින් මේ කතාව ඉවර වෙනවා. FRIENDS බලපු අයට අන්තිම season එකේදී පුංචි surprise එකකුත් ලැබේවි.

Sex Education

ලංකාව වැනි රටවල සංස්කෘතික පසුබිම මත ලිංගිකත්වය ගැන විවෘතව කතා කරන්නේ නැහැ. ඒ නිසා තාරුණ්‍යයේ ඒ සම්බන්ධ දැනුම බොහොම අඩු යි. ඉතින් මේ කතාවේ ඉන්න ඔටිස් මිල්බර්න් තරුණයා තමන්ගේ මිතුරන්ට ලිංගික අධ්‍යාපනය දෙනවා. ඉතින් ඒ සම්බන්ධ දැනුම වගේම ප්‍රහසනයක් වශයෙනුත් ජනාදරයට පත් වෙමින් IMDb 8.3ක ඉහළ අගයක් ලබන්නට මෙය සමත්ව තිබෙනවා.

තාම ඇවිත් තියෙන්නේ Season දෙක යි. කොවිඩ්-19 නිසා Season 3 එන්න පරක්කු වෙන බවයි වාර්තා වෙන්නේ.

You

තමන්ගේ පෙම්වතියට පණ වගේ ආදරය කරන අය, ගණන් නොගන්නා අය, ඊර්ෂ්‍යා කරන අය වගේ විවිධ පෙම්වතුන් වර්ග ඉන්නවා. ඒත් ජෝ ගෝල්ඩ්බර්ග් කියන්නේ ආදරය වෙනුවෙන් හොඳින් හෝ (වැඩිපුරම) නරකින් බාධක ජයගන්නා පෙම්වතෙක්.

කතාව මුල් කොටසේ පොත් කඩයක සේවය කරන මේ තරුණයා එහි පහළ තට්ටුවේ ඇති විශේෂ කුටියක පොත් ආරක්ෂා කිරීමට අමතරව තවත් රහස් වැඩත් කරගෙන යනවා. රැකියාව අතරතුරේ නිතර තමන්ගේ සිත්ගත් යුවතියගේ රහස් හොයන්නට නිතර පිටතට යන්නටත් සිදු වෙනවා. ඒ හැමදේම ඔහු කරන්නේ ආදරය වෙනුවෙන්ම ද? නැත්නම් ඒ පසුපස සැඟවුණු වෙනත් ගැටළුවක් තිබෙනවා ද? ඒක දැනගන්න නම් මේක බලන්නම වෙනවා.

දැනට Season දෙකක් ඇවිත් තියෙනවා. Season 2 එකේ ත්‍රාසය උපරිමයි. ඊළඟ එක එද්දී 2021 වගේ වේවි.

Breaking Bad සහ Better Call Saul

ඔබ සමහරවිට Breaking Bad නම් බලලා ඇති. (නැත්නම්, Netflix තිබෙනවා. අනිවාර්යයෙන්ම බලන්න.) වෝල්ටර් වයිට් සහ ජෙසී පින්ක්මන් යන ගුරු-සිසු දෙදෙනා ජීවිතය පවත්වාගෙන යාම වෙනුවෙන් කරන මත්ද්‍රව්‍ය ජාවාරම ත්‍රාසයෙන් පිරුණු එකක්. පසුකාලීනව ජෙසීගේ ඇසින් El Camino නමින් චිත්‍රපටයක් ද Netflix වෙත එකතු වුණා.

Breaking Badහි අතුරු කථාවක් ලෙස එහි සිටින Saul නමැති නීතිඥයාගේ වෘත්තීය දිවිය පදනම් කරගෙන Better Call Saul ගොඩ නැගෙනවා. “I know a guy who knows a guy” කියන අපූරු හැකියාව තිබෙන ඔහු මුහුණ දෙන ත්‍රාසජනක අවස්ථාවන් ඉන් ඔබට රසවිඳින්නට අවස්ථාව ලැබෙනවා. ඔහුගේ සහෝදරයා හිරු එළියට, සහ විදුලියට බය යි. ඒ නිසා ඔහුගේ නිවසට යද්දී දුරකථන, ඔරලෝසු පවා එළියෙන් ගලවලා තියලා යන්නත් වෙනවා. ‍

Money Heist

මේ අවුරුද්දේ මෙතෙක් දකින්න ලැබුණු හොඳම, ත්‍රාසයෙන් පිරී ඉතිරුණු ‍Netflix Series එක මේක බව කියන්න පුළුවන්. ලෝක නගරවල නම් දාගත්තු පිරිසක් තමන්ගේ නායකයා – ප්‍රොෆෙසර් එක්ක ස්පාඤ්ඤයේ මුදල් අච්චු ගහන ස්ථානය තමා යටතට ගන්නවා. පළමු Season එක ගෙවෙන්නේ එලෙස යි. පොලීසියේ සහ ආරක්ෂක අංශවලත් ඇස් වහලා ඇතුලටම ගිය ඔවුන්ට මුදල්නුත් අරගෙන එළියට එන්නට පුළුවන් වේවි ද?

ඇතුලේ හිරවෙලා ඉඳිද්දී එන නානාප්‍රකාර අභියෝග ප්‍රොෆෙසර් පිටත ඉඳගෙන විසඳන හැටි, ප්‍රාණ ඇපකරයේ සිටින විවිධ පුද්ගල චරිත නිසා ඔවුන්ගේ සැලැස්ම ගැස්සී යන හැටි, ඒවාට විසඳුම් සොයන හැටි වගේ දේවල් ගොඩක් මෙහි අත්විඳින්න පුළුවන්. මුල ටික සෙට් වෙන්නේ නෑ වගේ නම් හයවැනි Episode එක වෙනකම් බලන්න. Prison Break එකේ ඔබ ලැබූ අත්දැකීම දෙගුණ-තෙගුණ වෙලා ලැබේවි.

මෙහි විශේෂත්වය Season එකක් Parts 2ක් බැගින් වෙන් කර තිබීම යි. තුන්වැනි Season එක එනකම් අපිට නම් ඉවසිල්ලක් නැහැ. මෙය ස්පාඤ්ඤ බසින් තිබෙන නිසා බලද්දී Netflix Settingsවලින් English Audio සහ (අවශ්‍ය නම්) Subtitles දාගන්නත් අමතක කරන්න එපා.

Never Have I Ever

පළමු Season එකෙන්ම IMDb 8ක් ලබන්නට සමත් වුණු මෙය ඇමරිකාවේ වෙසෙන අවුරුදු 15ක, දේවි නැමති ඉන්දියානු දැරිවියක් වටා ගෙතී තිබෙනවා. පියාගේ මරණයෙන් පස්සේ කකුල් පණ නැතිව සිටින ඇය තමන්ගේ ඉන්දීය අනන්‍යතාවය, ඒ නිසාම ගොඩනැගුණු අභියෝගාත්මක සංස්කෘතික පසුබිම සමග බටහිර පාසල් ජීවිතය ජයගන්නා හැටි මෙහි දැක්වෙනවා.

මෙහි ප්‍රධාන චරිතය රඟපාන මෛත්‍රෛ රාමක්‍රිෂණන් සිවිල් යුද්ධ සමයේ කැනඩාවට පදිංචි වූ ශ්‍රී ලාංකික දමිළ යුවතියක්. දැන් මුළු ලොවම හඳුනන ඇය, පෙනුමින් අඩු – සංස්කෘතික රැහැනින් බැඳුණු – ෆැෂන් ‍නොකරන යෞවනියක් ලෝකය හමුවේ මුහුණ දෙන දේවල් Never Have I Ever හරහා ගෙන එනවා.

Dark

ජර්මනියේ වින්ඩන් නගරයේ දරුවන් හිටිවනම අතුරුදහන් වන්නට පටන් ගන්නවා. ඊට පෙර වසර 33කට පෙර ද එවන් සිදුවීම් සිදුව ඇති අතර, මුළු නගරයම ඉන් කම්පනයට පත් වෙනවා. න්‍යෂ්ඨික බලාගාරයක් අසල වෙසෙන මේ නගරයේ තිබෙන එක්තරා රහස් දොරටුවක් තමයි මේ අභිරහස්වලට මුල පුරන්නේ.

කැළෑබදව එක්වරම මැරුණු දරුවන් මතුවෙනවා. ඔවුන්ව පරීක්ෂා කිරීමේ දී දකින්නට ලැබෙන්නේ ඒ අවට කොහිවත් නැති පස් වර්ග ඔවුන්ගේ සිරුරේ ඇති බවත්, ඔවුන් සතු උපකරණ නූතනයට නොගැලපෙන ඒවාත් බව යි. මේ පස් කොහෙන් ආපු ඒවා වෙන්නට පුළුවන් ද? දුප්පත්කම නිසා යල් පැන ගිය ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතා කළා විය නොහැකි ද? මේ සියල්ලට පිළිතුරු සොයන්නට නම් Dark බලන්නම වෙනවා.

මෙහි තිබෙන ඇතැම් Sound tracks නිසා Horror වගේ දැනුනත් මෙය කිසිසේත් භූත කතා පදනම් වූවක් නොවන බව සිහිපත් කළ යුතුම යි. දැනට Season 2ක් පමණක් එළිදක්වා ඇති මෙය ද ජර්මානු බසින් ඇති නිසා Netflix Settingsවලින් හෝ Player එකෙන් English Audio/Subtitles යොදා ගත යුතු වෙනවා.

මේ TV Series බලන්න Netflix ගත්තත්, ඒකට ගොඩක් ඩේටා වැය වෙනවා. ඒකට හොඳම විසඳුම තමයි Dialog Home Broadband හඳුන්වාදෙන අලුත්ම Netflix UNLIMITED Data Add-on එක දාගන්න එක. ඒ ගැන වැඩි විස්තර ‘රුපියල් 499ට Unlimited Netflix ඩේටා පැකේජයක් Dialog Home Broadband වෙතින්’ ලිපියෙන් බලන්න.

Related Articles