Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොමිලේ දෙන Remote Desktop මෘදුකාංග කිහිපයක්

දුර ඇති පරිගණකයක කිසියම් දෝෂයක් ඇතිවුණු අවස්ථාවක හෝ දුර සිටින මිත්‍රයෙක්ට යමක් කියා දීමට අවශ්‍ය වූ විට ඒ වෙත නොයා, මෘදුකාංගයක් හරහා ‍එම පරිගණක තිරය දකිමින් එය ඉතාම පහසුවෙන් කරන්නට පුළුවන්.

TeamViewer

අතුරුමුහුණත (techworld.com)

වසර දහයක් පමණ පවතින මේ සේවාව බොහෝ දෙනෙක් අතර ප්‍රචලිත ‍එකක්. පෞද්ගලික භාවිතය සඳහා පමණක් නොමිලේ භාවිතා කළ හැකි මෙය Windows, Mac, Linux, Chrome OS සහ දුරකතන මෙහෙයුම් පද්ධති වන Android හා iOS සඳහා පමණක් නොව, Windows Phone සහ Blackberry සඳහාත් ලබා ගන්නට පුළුවන්. මෙහි Setup එක ක්‍රියාත්මක කරද්දී ස්ථාපනය නොකර Portable ආකාරයට පාවිච්චි කරන්නට ද පුළුවන්. ව්‍යාපාර සඳහා භාවිතා කරනවා නම් බලපත අනුව ඔබට මිල දී ගැනීමක් කරන්නට සිදුවෙනවා. ස්ථාපනයෙන් හෝ මෘදුකාංගය ධාවනයෙන් පසුව ඔබේ පරිගණකය සඳහා ID එකක් සහ මුරපදයක් ලැබෙන අතර දකුණු පස කොටුව ඇත්තේ ඔබ වෙනත් කෙනෙක්ගේ පරිගණකයට සබැ‍‍ඳෙනවා නම් ඇතුලත් කළ යුතු ඔවුන්ගේ ID එකට යි.

සබැඳීමෙන් පසුව Quality හෝ Performance අනුව වේගය සකසා ගන්නට පුළුවන්. Performance සක්‍රීය කළ විට සබැ‍ඳ‌ෙන ලද පරිගණකයේ Wallpaper එක පවා තාවකාලිකව ඉවත් කරමින් වැඩි වේගයක් සහ අඩු අන්තර්ජාල දත්ත භාවිතයක් ගෙන එනවා. මෙම මෘදුකාංගය හුදෙක් Remote Desktop වලට ම සීමා නොවී File Transfer කිරීමේ පහසුකම ද ගෙන ඒම විශේෂත්වයක්.

බාගන්න: TeamViewer

Chrome Remote Desktop

දුරකතනයෙන් ද භාවිතා කළ හැකියි (cbsistatic.com)

වෙනත් මෘදුකාංග හරහා Remote Desktop සම්බන්ධතාවක් ඇති කරගනිද්දී පරිගණක දෙකෙහිම ඒවා ස්ථාපනය කර තිබීම අනිවාර්ය වෙනවා. නමුත් Chrome බ්‍රවුසරය දැන් හැම කෙනෙක්ම පාහේ පාවිච්චි කරන පොදු මෘදුකාංගයක් නිසා එය භාවිතයෙන්ම Remote Desktop සබැඳීම ඉතාම පහසු යි. බ්‍රවුසරය සඳහා පහත දී ඇති Extension එක ස්ථාපනය කර ගත්තාට පසුව ස්වයංක්‍රීයව ජනනය වුණු code එක හරහා පරිගණක දෙක අතර මූලික සබඳතාව ගොඩ නගන්නට පුළුවන්. නිතර සබැ‍ඳෙන පරිගණකයක් නම් එය ලැයිස්තුවට එක් කර ගත් විට ක්ෂණිකව සම්බන්ධ විය හැකි ආකාරයට රඳවා තබාගත හැකියි.

වෙනත් කෙනෙක්ට සම්බන්ධ වීමට අවස්ථාව සලසනවා නම් මෙහි Dashboard එකෙහි ඇති කොළ පැහැති Share බොත්තමත්, වෙනත් පරිගණකයකට සබැඳීමට නම් Access බොත්තමත් යොදා ගත හැකියි. Access Code එක හරහා යි පරිගණක අතර සබඳතාවට අවසර සකසා ගත හැකි වන්නේ. සබැඳුණාට පසුව, සම්පූර්ණ පරිගණකයම පාවිච්චි කරන්නට අවස්ථාව ලැබෙන අතර File Sharing පහසුකම ද ලැබෙනවා.

Chrome Extension එක: Chrome Remote Desktop

Microsoft Remote Desktop

Microsoft Store වෙතින් ලබාගත හැකියි (windowscentral.com)

වින්ඩෝස් ඇති අයට සීමා වන මෙම සේවාව මයික්‍රෙ‍ාසොෆ්ට් සමාගමට අ‍ාවේණික RDP (Remote Desktop Protocol) ප්‍රොටෝකෝලය පාවිච්චි කරනවා. Remote desktop පහසුකම සෑම වින්ඩෝස් වෙළුමක ම අඩංගු වෙන්නේ නැති වීම ගැටළුවක්. මේ නිසා බොහෝ අවස්ථාවල දී තෙවන පාර්ශවීය සේවාවන් වෙත යොමු වන්නට සිදු වෙනවා. එනම්, Windows Home සහිත අයට මෙය පාවිච්චි කරන්නට අවස්ථාවක් නැහැ. වෙනත් වෙළුමකින් එවන් පරිගණකයකට සම්බන්ධ වන්නටත් නොහැකියි.

අනෙකුත් මෘදුකාංගවල ඔවුන් විසින් ස්වයංක්‍රීයව ජනනය කළ ID එකක් හරහා සබැඳිය යුතු වුණත් මෙහි ඔබේ Network එකෙහි ඇති පරිගණකයක් සමග පහසුවෙන්ම සබැඳෙන්නට පුළුවන්. නැතහොත් පිටත ඇති පරිගණකයක් හා සම්බන්ධ වන්නට නම් එහි IP ලිපිනය දැනගත යුතු වෙනවා. “Show my ip” යන්න ගූග්ල් කළාම එය නම් ක්ෂණිකව බලා ගන්නට පුළුවන්. IP ලිපිනය සබැඳීමට අවශ්‍ය කෙනාට ලබා දීමෙන් පසුව සබඳතාව ගොඩනගා ගත හැකියි.

Microsoft Store මත RD: Remote Desktop

AeroAdmin

අතුරුමුහුණත (layerpoint.com)

TeamViewerවලට ඉතාම සමාන ක්‍රමවේදයක් සහ අතුරුමුහුණතකින් ද සමන්විත මෙහි විශේෂත්වයක් වන්නේ ව්‍යාපාර සඳහා ද නොමිලේ පාවිච්චියට බලපත්‍රයෙන් අවසර ලබා දී තිබීම යි. Service එකක් වශයෙන් සැකසුම් කිරීමෙන් පසු සම්බන්ධවන පරිගණකය ඉදිරියේ කිසිවකු නැතත්, එයට සම්බන්ධ වී Reboot කරන්නට පවා හැකියාවන් ලබා ගත හැකි නිසා ව්‍යාපාරයක ප්‍රධාන ශාඛාවේ සිට වෙනත් දුර ශාඛාවක තිබෙන පරිගණකයක් එහි සේවකයන් නොමැති අවස්ථාවක දී පවා පාවිච්චි කරන්නට අවස්ථාව ලැබෙනවා. නැතහොත්, පරිගණකය සොරකම් කරන ලද අවස්ථාවක දී එහි පාලනය අතට ගන්නට ඉන් ඔබට අවස්ථාව සලසා ගන්නට පුළුවන්.

මෙහි අතුරුමුහුණතෙහි ද ID එකක්, Password එකක් තිබෙන අතර වෙනත් පරිගණකයකට සම්බන්ධ වෙනවා නම් එහි ID එක ඇතුලත් කරන්නට Text box එකක් ලබා දී තිබෙනවා. Aero Admin සතු තවත් විශේෂත්වයක් නම්, Safe mode වෙත Reboot කළ හැකි වීම යි. මේ නිසා දුර ඇති පරිගණකයේ වෛරසයක් ඇති අවස්ථාවකදී පවා අවශ්‍ය ක්‍රියාමාර්ග ඒ වෙත නොයාම සිදු කරන්නට පුළුවන්.

බාගන්න: AeroAdmin

Remote Utilities

අතුරුමුහුණත (fileflash.com)

Firewall සහ NAT උපාංග හරහා පහසුවෙන් යමින් සබැඳිය හැකි පහසුකම් ගෙන එන මෙය වින්ඩෝස් සඳහා පමණයි ඇත්තේ. Android සහ iOS සඳහා ද Apps තිබුණ ද ඉන් නැරඹීම් පමණක් සිදුකළ හැකියි. වරකට පරිගණක 20කට වඩා වැඩිපුර පාවිච්චි කරන්නට අවශ්‍ය නම් මිලදී ගැනීමක් කළ යුතු අතර පරිගණක 10ක් දක්වා භාවිතයට නොමිලේ බලපත්‍රයක් ලබාගන්නට පුළුවන්. මෙය Portable මෘදුකාංගයක් ලෙස පාවිච්චි කළ හැකි අතර මෙගා බයිට් 2ක් පමණ වන නිසා පෙන් එකෙහි තබාගැනීම ද ගැටළුවක් වන්නේ නැහැ. IP ලිපිනය භාවිතයෙන් තවත් පරිගණකයකට සම්බන්ධ වෙන්නට පුළුවන්. අතුරුමුහුණත නම් එතරම් ප්‍රියමනාප නැතිමුත් කර්තව්‍යයන් නිසි ආකාරව ඉටු කර දෙනවා. TeamViewerවල මෙන් අන්තර්ජාල ගිණුමක් මින් සැකසීමක් සිදු නොවන නිසා Hack වීම්වලට මුහුණ දීමට ඇති සම්භාවිතාවය අවම වන අතර, Self hosted සර්වරයක් අපට නොමිලේම සකසා ගත හැකි නිසා ඔවුන්ගේ සර්වර් වෙත සම්බන්ධ නොවී වඩාත් ආරක්ෂාකාරීව කටයුතු කරගන්නට පුළුවන්. සබඳතාවය ආකේතිත නිසා ඔවුන් හරහා සබැඳුණ ද ගැටළුවක් වන්නේ නැහැ.

වෙබ් අඩවිය: Remote Utilities

කවරය: lynda.com

Related Articles