තාක්ෂණයේ දියුණුවත් එක්ක බොහෝ කාර්යයන් සිදුකර ගැනීමට අපට තාක්ෂණයේ සහයෝගය ලැබුණා. ඩ්‍රෝන තාක්ෂණය කියන්නෙ අපේ කාර්යයන් බොහොම පහසුවෙන් ඉටුකර ගැනීමට මිනිසා විසින් නිෂ්පාදනය කළ හරි ම අපූරු තාක්ෂණයක්. Unmanned Aerial Vehicle නොමැති නම්, දුරස්ථ පාලකයක් භාවිතා කරමින් මිනිසුන් රහිත ව ක්‍රියාත්මක වන යානා අපි ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරන යානා ලෙසින් හඳුන්වනවා. ගුවන් යානා පමණක් නොව, අද වන විට මේ තාක්ෂණය භාවිතා කරමින් නියමුවන් රහිත යුධ නෞකා, සබ්මැරීන පවා නිර්මාණය කර අවසාන යි. ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කිරීමේ ඉතිහාසය දෙවන ලෝක යුද්ධ සමය අවධියට දිවෙනවා. පළමු නියමුවන් රහිත දුරස්ථ පාලක ගුවන් යානය ගැන වාර්තා වන්නෙ පළමු ලෝක යුද්ධයේ දී. ඒ ඇමරිකා එක්සත් ජනපදය නිෂ්පාදනය කළ Kettering වර්ගයේ “flying bomb” නම් නියමුවන් රහිත ගුවන් යානය යි. නමුත්, මේ ගුවන් යානය කිසිදිනෙක භාවිතයට ගැනුණේ නෑ. එහෙත් මෑතකාලයේ කතා බහට ලක්වන ඩ්‍රෝන යානාවල ඉතිහාසය වසර 12කට ආසන්න කාලයක යි පවතින්නේ.
අපිට ඩ්‍රෝන තාක්ෂණය කියූ සැනින් අපේ මතකයට නැඟෙන්නෙ UAS- Unmanned Aircraft System (නියමුවන් රහිත ගුවන් යානා පද්ධති) පිළිබඳ ව වුණත්, මේ ඩ්‍රෝන තාක්ෂණය එතනින් එහාට විශාල පෙරළියක් සිදුකර ඇති තාක්ෂණයක්. බහුල ව ම අප ඩ්‍රෝන යානා ලෙස හඳුන්වන්නේ multicopter වුණත් RPAS (Remotely Piloted Aerial Systems) එකක් භාවිතා වෙන නිසාවෙන්, මේ යානාත් ඩ්‍රෝන යානා ලෙස හැඳින්වීම වරදක් නැහැ. multi copters ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ helicopter යානයෙහි භාවිතයට ගැනෙන තාක්ෂණය යි. overcome the gravity එසේත් නොමැති නම්, ගුරුත්වාකර්ෂණය ජය ගැනීම මෙහි භාවිතාවේ සරල න්‍යාය යි. ගුරුත්වාකර්ෂණය මඟින් පහළට ඇති කරන බලයට විරුද්ධ ව අවම වශයෙන් දෙගුණයකට ආසන්න බලයක් මෙහි තටු මඟින් නිෂ්පාදනය කිරිම හරහා, මේ යානය ඉහළ නැංවීම සිදුවෙනවා.
උදාහරණයක් ලෙස කි.ග්‍රෑ. 1ක් බර copter එකක්, ඉහළ නංවාලීම සඳහා ආසන්න වශයෙන් කි. ග්‍රෑ. 2.4කට සමාන තෙරපුමක් අවශ්‍ය වන අතර, මේ තෙරපුම ලබා ගැනීම එහි තටු සහ මෝටර් මත රඳා පවතින කාරණයක්. ලබා ගැනීමට අවශ්‍ය සම්පුර්ණ තෙරපුම ඇති මෝටර් සංඛ්‍යාවෙන් බෙදා, එක් මෝටරයකට අවශ්‍ය අවම බලය තීරණය කර ගැනීම සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලිය යි. මේ යන්ත්‍රය භාවිතා වෙන කාර්යය අනුව, මේ ගණනය කිරීමට අමතරව බලයන් එකතු කිරීම සිදුවනවා. උදාහරණයක් ලෙස කැමරාවක් පමණක් රඳවන යානයක් නම් ඉහත ගණනය කිරිමට 20%ක පමණ බලයක් එකතු කිරිම සාමාන්‍යයෙන් සිදුවන්නක්. copter යානයේ තටු දෙකක් දක්ෂිණාවර්ත ව (clockwise) ක්‍රියාත්මක වන අතර, තවත් තටු දෙකක් වාමාවර්ත ව (anti clockwise) ක්‍රියාත්මක වෙනවා.
මෙම තාක්ෂණය මඟින් ගුවනේ දී යානය ස්ථාවර ව රඳවා ගැනීමට හැකියාව ලැබෙනවා. යානය ඉහළට ගැනීමට කළ යුත්තේ යානයේ propellers (අවර පෙති) ඉතා ම වේගයෙන් භ්‍රමණය කිරිමෙන් ලැබෙන තෙරපුමෙන් යානය ඉහළ නැංවෙනවා. පහළ බැස්වීම සඳහා කළ යුත්තේ අවරපෙති භ්‍රමණ වේගය ක්‍රමානුකූල ව අවම කිරීමයි.
යානය ඉදිරියට හෝ පසුපසට ගැනීමට නම් කළ යුත්තේ එකම පසෙහි ඇති පෙතිවල භ්‍රමණ වේගය අවම කිරිමයි. ඒ හරහා වේගය අවම කළ දිශාවට යානය ගමන් කිරීම සිදුවෙනවා.
copter යානාවල මෙම ක්‍රියාවලිය සිදුකරන්නේ භාවිත කරන්නා මත ඇති දුරස්ථ පාලකය මඟින් එක් එක් අවර පෙතිවලට සපයන විදුලි ධාරිතාවය අඩු වැඩි කිරීම හරහා යි. සාමාන්‍යයෙන් අද වන විට භාවිතා වන බොහොමයක් ඩ්‍රෝන යානා භාවිතා කරන්නේ lithium ion/ Li-Po වැනි බැටරි යි. මේ බැටරි හරහා සාමන්‍යයෙන් විනාඩි 30-35ක පමණ ගුවන් කාලයක් ලබා ගැනීමට හැකි general purpose copters අද වෙළඳපො දැක ගන්නට පුළුවන්. copters ඇතුළු බහුතරයක් drone තාක්ෂණය භාවිතා වන යානා තුළ inbuilt GPS system එකක් දැක ගන්න පුළුවන්. මේ හරහා යානය ඒ මොහොතේ තිබෙන ස්ථානය වගේ ම, හදිසියේ දී දුරස්ථ පාලකයෙන් යානය විසන්ධි වීමක් සිදුවුණොත් යානය ගුවන් ගත කළ ස්ථානයට ස්වයංක්‍රීය ව පැමිණීමේ හැකියාව සහිත ඩ්‍රෝන යානාත් අද වන විට දැක ගන්න පුළුවන්.
අතිනවීන යුද කටයුතු සඳහා භාවිතා වන ඩ්‍රෝන යානා ම සාමාන්‍ය භාවිතයට ඇති ඩ්‍රෝන යානා නිෂ්පාදනය කරන සමාගම් සැලකිලිමත් වන කාරණයක් තමයි යානයේ සමස්ත බර. මේ බර අවම කිරීම හරහා යානයට වැය වන විදුලිබලය අවම කිරීම සහ යානයේ වේගය වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසාවෙන් මේ වන විට මෙහි ඩ්‍රෝන යානා නිෂ්පාදනය සඳහා carbon fiber වගේ ම 3D printing තාක්ෂණයක් භාවිතා වෙනවා.
ඒ වගේ ම වර්තමානය වන විට මෙම copters/ drones සඳහා ultrasonic sensors භාවිතය සුලබ ව සිදුවන්නක්. මේ මඟින් තමන් ඉදිරියේ දී බාධක හඳුනාගැනීම් හරහා යානයට සිදුවන අනතුරු වළක්වා ගැනීම සිදුවෙනවා. ඩ්‍රෝන යානයක් ගුවනේ දී ස්ථාවර ව පවත්වා ගැනීම සහ ගුවනේ දී ලබා ගන්නා ඡායාරූප හෝ වීඩියෝ දර්ශන පැහැදිලි ව ලබා ගැනීම සිදුවන්නේ විශේෂිත gyroscopes උපකරණයක් සහිත MEMS (Micro Electro-Mechanical Systems) තාක්ෂණය මඟින්. මීට සමාන තාක්ෂණයක් සමහරක් කැමරාවල සහ අද වන විට ජංගම දුරකථනවල පවා දැකගන්න පුලුවන්. මීට අමතර ව copter යානා සඳහා යොදා ගන්නා camera සඳහා 3 Axis Gimbal ද යොදාගනු ලබනවා. මුල දී military මට්ටමෙන් ඩ්‍රෝන යානා යොදාගැනුණේ ඔත්තු බැලීමේ කටයුතු සඳහා පමණයි. ලංකාවේ යුධමය කටයුතු සඳහා යොදා ගැනුණු ‘කේලමා’ මෙයට කදිම උදාහරණයක්. පසුකාලීන ව මේ යානා සඳහා මිසයිල ඇතුළත් කිරිම සිදුවුණා. මේ හරහා ඉතා ම ඉක්මනින් සතුරන් හඳුනා ගනිමින් ඉලක්ක සහමුලින් ම විනාශ කර දමන්නට විශේෂිත රේඩාර් පද්ධති සහ අධෝරක්ත කිරණ පද්ධති සහිත නියමුවන් රහිත දුරස්ථ පාලක යානා මඟින් හැකි වුණා. එමෙන්ම, ගොඩබිම ස්ථාපනය කර ඇති රේඩාර් සහ ගුවන් ආරක්ෂණ/ නාෂක පද්ධති මඟ හරිමින් ඉලක්කය වෙත ළඟා විය හැකි යානා නිෂ්පාදනය සඳහා මේ ඉහළ ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරන රටවල් උත්සුක වුණා.
අද වන විට ශ්‍රී ලංකාවේ මේ drone තාක්ෂණය සහ copters භාවිතය බහුල ව සිදුවෙනවා. සුලබ වශයෙන් quard copters අපට ලංකාවේ වීඩියෝගත කිරීම සහ ඡායාරූපගත කිරීම් වැනි ක්ෂේත්‍රයන් සඳහා භාවිතා වෙනවා. DJI drones මේ කර්තව්‍යය සඳහා ම විශේෂයෙන් ම නිර්මාණය වූ drone වර්ගයක්. මේ drone හරහා 4K වැනි ඉහළ ගුණාත්මකභාවයකින් යුත් විඩියෝ ලබා ගැනීමට හැකි වීම නිසා ලෝකයේ ඡායාරූපකරණය හා වීඩියෝකරණය වෙන ම මානකයට රැගෙන යාමට මේ යානාවලට හැකි වුණා. මිනිසුන්ට යාමට නොහැකි ස්ථානයක් කරා පහසුවෙන් ළඟා වීමට හැකි වීම නිසාවෙන් කෘෂිකර්මාන්තයේ සිට ස්වභාවික ආපදාවලින් ගලවා ගැනීමේ මෙහෙයුම් දක්වා බොහොමයක් කටයුතුවලට මේ drones සහ copters භාවිතා වෙනවා. ඒ වගේ ම බොහොමයක් රටවල් මේ වන විට ඉදිකිරීම් කටයුතු සඳහා ද මේ තාක්ෂණය භාවිතා කරනවා.
ඒ වගේ ම රාජ්‍ය සේවය සඳහා ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගැනීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය ද යොමු වුණා. ඒ සඳහා වන වැඩමුළුවක් ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳ අමෙරිකාවේ විශේෂඥයෙකු වන සුමින්ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දිනෙක පැවැත්වුණා.
ලංකාව තුළ ඩ්‍රෝන තාක්ෂණය අවභාවිතාව එතරම් සුලබ නොවුණත්, බොහෝමයක් රටවල ඩ්‍රෝන යානා භාවිතයෙන් අධිආරක්ෂිත කලාප වැනි පොදු ජනතාවට විවෘත නොවන ප‍්‍රදේශ ඡයාරූපගත කිරිම්, යම් යම් පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට අභියෝග කරමින් ඔවුන්ගේ තොරතුරු රැස්කිරීමට ඡායාරූප ගැනීමට මේ තාක්ෂණය යොදා ගැනීම් වගේ ම, මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය සඳහා ඇති ආරක්ෂක ක‍්‍රමවේද අබිබවා යමින් මේ අයුරින් මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය පවා සිදුවෙනවා. මේ සිදුවීම් නැවැත්වීම සඳහා විශේෂ උපකරණ භාවිතා වෙනවා. ඉන් එක් ක්‍රමයක් ලෙස දැල් විදිනයක්, මඟින් පැරශුටයක් සම්බන්ධ කළ දැළක් විදීම ඔස්සේ යානය බිම හෙළීම කරනු ලබනවා. තවත් බහුල ව භාවිතයට ගැනෙන ක්‍රමයක් ලෙස Electro-Magnatic Pulse අවි යොදා ගැනීම ඔස්සේ ආරක්ෂිත ව යානය ගොඩබැසිම සිදුකරනවා. ලෝකයේ ඇතැම් රටවල් ඩ්‍රෝන යානා භාවිතය නිසා මතුවිය හැකි ගැටලු හඳුනාගෙන, එම යානා හැසිරවීම සහ ඒවා නිර්මාණය පිළිබඳ අධ්‍යයනය පාසල් විෂය නිර්දේශයට පවා ඇතුළත් කර තිබෙනවා. ඉදිරියේ දී ලංකාව තුළත් මෙම තාක්ෂණය සුලබ ව යොදා ගැනෙන තාක්ෂණයක් බවට පත්වේවි.