Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැලන්ටයින් දිනයට දෙන්න රුපියල් 1500ට අඩු Geek තෑගි

ළඟ ළඟම වැලන්ටයින් දිනය ආවත්, තාම තෑගි දෙන්නට ගන්නේ මොනවාද කියලා තීරණය කරලා නැත්නම් ඉක්මනට ම Online order කරන්න පුළුවන් තෑගි වර්ග රැසක් අපි මේ ලිපියෙන් ලැයිස්තු ගත කරනවා. මේවා ඇමරිකානු ඩොලර් 10 හෙවත් රු.1500ට වඩා අඩු තෑගි වන බවට අපි වග බලාගත්තා. එනිසා ඔබට අඩුවෙන් වියදම් කර වැඩි වටිනාකමක් තෑග්ගකට එක් කරගත හැකි වේවි.

මෙහෙම Filter කරන්න: විවිධ අයිතමවලට අදාළ keywords අපි ඒවා යටින් දක්වනවා. ඔබ කරන්නට ඕනෑ, ඔබේ ප්‍රියතම අන්තර්ජාල වෙළඳසලට ගිහින් එය ඇතුළත් කර, මිල පරාසය සඳහා 0 සිට 10$ ලෙස ඇතුළත් කිරීම යි. අවශ්‍ය නම් Free Shipping යන්න ද ඇතුළත් කර, වෙන්දේසි (Auction) සහිත වෙබ් අඩවියක් නම් ඉන් Buy It Now ලෙස වෙළඳපොළ මිල දක්වන mode එක තේරීම යි.

ටීෂර්ට් එකක්

කැමති සුපිරිවීරයෙක් වෙන්න (searchlightcomics.com)

අතින් අල්ලාගෙන, ඇදගෙන ඇඳුම් කඩවල් දහයකටත් වඩා ගියත් හරියට එකක් තෝරාගන්නට බැරි පෙම්වතියටත්, කඩවල්වල ඇවිදින්නට කැමති නැති පෙම්වතාටත් වැලන්ටයින් එකට හොඳම ඇඳුම් අන්තර්ජාලයෙන් මිල දී ගන්නට දැන් නිවසේ සිට ම පුළුවන්. සාමාන්‍ය ටී ෂර්ට් පමණක් නොව, ගීක් හෙවත් චිත්‍රපට/ ගේම්/ තාක්ෂණය ආදී දේට ප්‍රිය ස්ත්‍රී/ පුරුෂ දෙපාර්ශවයට ම ගැළපෙන ටී ෂර්ට් ඕනෑ තරම් $7.72 (රු. 1400 පමණ) වගේ මිලකට මිල දී ගන්නට පුළුවන්. Marvel මෙන්ම DC සුපිරි වීරයන්ගේ ඇඳුම් ආකාරයේ ම ටී ෂර්ට් පිරිමි අයටත්, FRIENDS වැනි කථා මාලාවන්ගේ නම් හෝ Harry Potter අරුත් ගන්වන ලාංඡන සඳහන් කළ ටී ෂර්ට් යුවතියන්ටත් තෑගි කරන්නට තෝරා ගත හැකියි.

සෙවීමට Keywords:

පිරිමි අයට- DC Marvel Comics Superhero Compression T-shirt, Camo T-shirt, 3D Military Tool Gun Printed Men’s T-shirt

කාන්තාවන්ට- Harry Potter Glasses T-Shirt Women Simple Print, Friends TV Show women t-shirt, Riverdale TV Show Women Raglan T-Shirt

ෆෝන් එකට කවරයක්

Star Wars කවරයක් (alicdn.com)

යුවතියන් අතර තිබෙන අලුත්ම ස්ටයිල් එක තමයි තමන්ගේ ඇඳුමට ගැළපෙන විධියේ ෆෝන් කවරයක් පාවිච්චි කරන එක. වැලන්ටයින් එකට දෙන නිසා අවශ්‍ය නම් වූල්වලින් සැකසූ හාට් එකක් ද සහිත iPhone කවරයක් $2.19 (රුපියල් 400 පමණ) ගත හැකියි. Gamingවලට කැමති කෙනෙක්ට ගේම් controller එකක් හෝ Gameboy එකක් වැනි print එකක් සහිත එකකුත්, පොත්වලට ආස කෙනෙක්ට පොත් රාක්කයක පින්තූරයක් ඇති එකකුත් ගත හැකියි. විශේෂයෙන් පිරිමි නම්, තමන්ගේ ඉහළ මිල දුරකතනයේ ආරක්ෂාව සහ උපාංගයේ පෙනුම එලෙසම කැපී පෙනෙන ආකාරයේ විනිවිද පෙනෙන කවරවලට කැමතියි. නැතහොත් Star wars, Twilight Saga වැනි චිත්‍රපටයක දසුනක් සහිත කවර ද තිබෙනවා.

සෙවීමට Keywords:

Geek phone case, Retro Gadget Electronics phone cover, Star wars printed phone case, Lovely 3D Love Heart Cute hair Phone Case Cover

මේස සැරසුම් සඳහා කුඩා සෙල්ලම් බඩු

සිහින කාරය මේසය මතට (ebayimg.com)

පිරිමි අය කුඩා කාර්/ ජිප් රථ ආකෘති මෙන්ම දෙපාර්ශවය ම චිත්‍රපට සහ tv seriesවල තමන් කැමතිම චරිතයකින් තමන්ගේ මේසය සරසා ගන්නට කැමතියි. Pikachu, Rick and Morty, සහ Anime කතාවන්හි සිටින චරිත මෙලෙස සෙන්ටිමීටර් 10ක් පමණ උසින් යුතු සෙල්ලම් බඩු ලෙස $7 (රු. 1275) මිල දී ගන්නට පුළුවන්. කාර් රථ ලෙස Dodge Charger, Lamborghini Sesto මෙන්ම Land Rover වැනි ජිප් රථ ද $4 – $9 පරාසය තුළින් මිල දී ගන්නට පුළුවන්. මිශ්‍ර ලෝහ සහ ප්ලාස්ටික්වලින් තනා ඇති මේවායේ බොනට් එක, දොරවල් විවෘත කරන්නට මෙන්ම රෝද කැරකෙන ආකාරයට, ඉදිරිපස හා පසුපස ලයිට් පත්තුවන ආකාරයට හා ශබ්ද නැගෙන ආකාරයට ද තනා තිබෙනවා.

සෙවුම් Keywords:

චරිත: Figure piece, Geek figure piece, Rick action figure, ET Alien Universal Studios Mini Figure Toy

කාර් රථ: Land Rover Car Model, Kyosho Lamborghini Sesto Sport car Diecast, Dodge Charger Diecast Metal Model Car Sound and Light

මාලයක හැඩැති USB Drive

හාට් එක ගැලවූ විට ඇතුළේ USB port එක (ebayimg.com)

වැලන්ටයින් දිනයට දෙන්න පුළුවන් හොඳම තෑග්ගක් තමයි මාලයක් කියන්නේ. යුවතියන්ට හාට් එක හැඩැති පෙන්ඩන්ට් මෙන්ම පිරිමි අයට හමුදාවේ ආකාරයේ පැතලි පෙන්ඩන්ට් තිබෙන මාල තිබෙනවා. හුදෙක් මාලයක් දෙනවාට වඩා එය පෙන් ඩ්‍රයිව් එකකුත් වුණොත්, එය ගෙල පැළැන්දාම ඔබව මතක් වෙනවා විතරක් නෙවෙයි, pen drive එක අමතක වෙලා ආපු වෙලාවක බොහොම පහසුවෙන් පෙන්ඩන්ට් එක storage device එකක් විධියට පාවිච්චි කරන්න පුළුවන් වුණා ම තවත් ආදරේ හිතෙයි. ඇතැම් පෙන්ඩන්ට් ඇපල් ගෙඩියක් මෙන් තිබෙන අතර, USB එක සහිත කොටස ගැලෙව්වා ම ඇපල් ලෝගෝව වැනි යි. මේවා වැදගත් ගොනු දිගු කාලයක් තබා ගන්නට තරම් ගුණාත්මක බවක් නැතත්, සිහිවටනයක් සහ හදිසි අවශ්‍යතාවක දී භාවිතයට නරකම නැහැ.

සෙවීමට Keywords:

Necklace usb, Waterproof Dog Tag Necklace, Crystal heart necklace USB, Bling Rhinestone Diamond Crystal Necklace Pendrive

බ්ලූටූත් හෙඩ්සෙට් එකක්

හොඳින් කණේ රැඳවෙන එකක් තෝරාගන්න (hearableworld.com)

චිත්‍රපටිවල රහස් පරීක්ෂකයන්, ක්‍රියාදාම නළුවන් ඉස්සර වගේ ලොකු වෝකි ටෝකි එකක් අතට ගන්නේ නැතිව කණට අත තබාගෙන කතා කරද්දි ඒ වගේ කරන්න හිතෙන්න වයසේ බාධාවක් නැහැ. ඒ වගේ ම, පෙම්වතුන්ට ෆෝන් එක අතට නොගෙන හොරෙන් කතා කරන්නත් හොඳ ක්‍රමයක් තමයි ඇසටවත් නොපෙනෙන තරමේ බ්ලූටූත් හෙඩ්සෙට් කියන්නේ. වයර් ගොඩක් පටලවා ගෙන එහි පැටලුම් ලිහනවා වෙනුවට පහසුවෙන් පාවිච්චි කරන්නට හැකි මේවා ඇපල් AirPods ආකාරයට ම සැකසූ ඒවා $2.99කට පමණ තිබෙන නිසා පැළැන්දාම අඩු මිලකට වැඩි පෙනුමක් ලබා ගන්නට පුළුවන්. ඉහළ ගුණාත්මක බවකින් යුත් සින්දු අැසීමට නුසුදුසු නමුත් දුරකතන ඇමතුමකට හොඳින්ම ප්‍රමාණවත්.

සෙවීමට Keywords:

Bluetooth earbud headset, Mini Wireless Bluetooth Stereo Sports Headset Earphone, Wireless Earbuds Bluetooth Air-pods Headphones

වයර් වැඩවලට කැමති අයට Toolkit එකක්

විවිධ ඇණ වර්ග ගැලවීමට ඔට්ටුයි (ytimg.com)

“පොඩි එකාගේ විනෝදේ” වගේ ම තමයි සමහරුන්ට ඇණ, වයර්, Circuit බෝඩ් දැක්කොත් ඒවා තමන්ගේ වටේ ම තියාගෙන වෙනම ලෝකෙක තනි වෙන්න හිතෙනවා. තමන්ගේ ආසාවන් හඹා යන්න ස්ත්‍රී පුරුෂ භේදයක් නැති නිසා ම දැන් කොල්ලන් අතර පමණක් නොව යුවතියන් අතරත් කැඩුණු ඉලෙක්ට්‍රොනික් බඩු තමන්ම ගලවලා හදාගන්න පුරුදු තිබෙනවා. ඉතින් හදිසියේ දෙයක් හදාගන්න ඕනෑ වුණා ම අතට ගන්න Toolkit එක ආදරවන්තයා හෝ ආදරවන්තිය තෑගි දීපු එකක් වුණා ම භාණ්ඩයට කලින් හිත හැදෙනවා. විවිධ ඉස්කුරුප්පු ඇණ වර්ගවලින් යුත් පෙට්ටි, නිතර අවශ්‍ය වන ඉස්කුරුප්පු වර්ග දෙකක් පමණ ඇති යතුරු හැඩැති නියන්, අඬු, බවුත් රැඳවුම් ඇතුළු විශාල පරාසයක “ඉලෙක්ට්‍රොනික පිස්සන්ගේ සෙල්ලම් බඩු” මෙන්ම මහන්න කැමති ගෑණු ළමයින්ට අවශ්‍ය උපකරණ පවා මේ Toolkit ගණයට අයත් වෙනවා.

සෙවීමට Keywords:

Tool kit, DIY Sewing Tools Set Kit, Multifunction Hardware Combination Household Tools, Universal Socket Hand Tool Kit, Mini Pocket Screwdriver Set with Keychain

දෙන්නා මේ පාර වැලන්ටයින් දිනය කොහොම ගත කරන්න ද ඉන්නේ? කොහොම නමුත්, අපි දන්නවා වැලන්ටයින් නැති අය තමන්ට ම තෑගි කරගන්න තෑග්ගක් මෙතින් තෝරන බව.

කවරය: geekinsider.com

Related Articles