Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Playstore තහනමට එරෙහිව චීන SmartPhone දැවැන්තයන් එක් වෙයි!

අද වෙද්දී ජංගම දුරකතන සන්නාමයන් රාශියක් වෙළඳපොළ තුළ දැකගන්නට ලැබෙනවා. ඔවුනොවුන් අතර ඇති දැඩි තරගකාරීත්වය නිසාවෙන් පරිශීලකයන් වෙත නව්‍යකරණය වූ උපාංග ලබාදෙන්නට සෑම ජංගම දුරකතන සන්නාමයක්ම උත්සහ කරනවා. නමුත්, මතුපිටින් පෙනෙන තරමටම අප දකින සන්නාමයන් අතර තරගකාරීත්වයක් නම් නැහැ. ඔවුන් එකිනෙකා තම වාසිය වෙනුවෙන් ප්‍රතිවාදීන් මත යැපෙන හැටි පිළිබඳව පෙර ලිපියකින් අපි ඔබට කරුණු ගෙන ආවා. නිෂ්පාදකයන් සහ ලොකු පුටු හැමවිටම එකිනෙකාගේ පැවැත්ම වෙනුවෙන් අත්වැල් බැඳගෙන සිටින ආකාරයත්, අපව ඔවුන් වටා තබා ගැනීම සඳහා බාහිර ලෝකයට ගැටුමක් මවා පාන ආකාරය ගැනත් එහි අන්තර්ගත වුණා. කොහොම නමුත්, අද වෙද්දී ලෝකයේ ප්‍රබල තාක්ෂණික සන්නාමයන් කිහිපයකට ප්‍රසිද්ධියේ අත්වැල් බැඳගන්නට සිදුව තිබෙනවා. මේ ලිපිය දිගහැරෙන්නේ ඒ පිළිබඳව යි.

ඔබට මතක ඇති; පසුගිය වසරක ඇමරිකානු වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් Huawei Technologies Co Ltd ආයතනය අසාදුලේඛනගත කිරීම එහෙම නැති නම්, Blacklist කිරීමේ සිදුවීම. මේ සිදුවීමට මුල් වෙන්නේ ඇමරිකානු රජය, චීනය “විදේශික ප්‍රතිවාදියෙකු” ලෙස සලකමින් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කිරීම ආරම්භ කළ නිසාවෙනුයි. අවසානයේ Huawei සමාගම වෙත google සේවාවන් සියල්ලම පාහේ අහිමි වන්නට මේ ගැටළුව දුර දිග ගියා. කොහොම වුණත්, 2019 වසරේ මේ සියලු සම්බාධක හමුවේ නොසැලී Huawei වැඩිම විකිණුම් අතර දෙවැනි තැනට පැමිණි බව ඔබට මතක ඇති. 

Huawei ආයතනය පසුගිය සැප්තැම්බරයේ හඳුන්වාදුන් නවතම උපාංග පෙළ අතර තිබූ Huawei Mate 30 (flagship) ජංගම දුරකතනයත් Google Apps කිසිවක් නොමැතිව යි එළිදැක්වුණේ. Play store සේවාවත් ඒ සමගම අහිමි වන නිසා තුන්වන පාර්ශවීය යෙදුම් ගබඩාවකින් (Third-party app store) එකකින් හෝ වෙබ් අඩවියකින් අවශ්‍ය පරිශීලකයන්ට යෙදුම් ලබාගන්නට සිදුවුණා. මේ ගැටළු සියල්ලන්ටම ලැබෙන විසඳුමක් ගැන අපට තාක්ෂණික ලෝකයෙන් වාර්තා වෙනවා. 

දුරකතන වෙළඳපොළ දැවැන්තයන්- Goandroid.co.in 

ඒ Huawei, Xiaomi ඇතුළු BBK සමාගමේ උප සමාගම් වන Oppo සහ Vivo සමාගම්වල දුරකතන වෙතත්  වෙනම App platform එකක් නිර්මාණය කිරීමට ගෙන ඇති තීරණයක් පිළිබඳව යි. Reuters වර්තාවක මේ පිළිබඳව සඳහන් වෙනවා. Google සමාගමේ Play store සේවාව Huawei වෙත අහිමි වීම සමග ඔවුන් Global Developer Service Alliance (GDSA) යටතේ සන්ධාන ගත වී තිබෙනවා. කවර හෝ දවසක සියලු චීන දුරකතන වෙත ඉහත සේවා අහිමි වීමක් හෝ සේවා කප්පාදුවක් සිදුවුවොත් එයට එරෙහිව මේ සන්ධානය නැගී සිටීවි. මේ වෙද්දී චීනයේ Play store තහනම් වීම නිසා මේ වෙද්දීත් වෙනත් තුන්වන පාර්ශවීය සේවාවන් භාවිත කරන්නට පරිශීලකයා පෙළඹෙන බව appinchina.co වාර්තා කර තිබුණා. කොහොම නමුත්, මේ තුන්වන පාර්ශවීය යෙදුම් ගබඩාවන් ප්‍රධාන වශයෙන් මුහුණ දෙන ගැටළුවක් වන්නේ යෙදුම් නිර්මාපකයන්ගේ සහාය ලබාගැනීම තරමක් අපහසු වීම යි. නමුත්, මේ GDSA යටතේ නිර්මාණය වන App platform එක සාර්ථක වූවොත්, ඒ සියලු ගැටළු වෙත පිළිතුරු ලැබෙන බව නම් හොඳටම විශ්වාස යි. මේ වෙද්දී මේ නව App platform එක India, Indonesia, Russia, සහ Malaysia ඇතුළු රටවල් 9ක් වෙත අත්හදා බැලීමට මේ සන්ධානය සුදානම් වෙනවා. මේ නව App platform එක හරහා App developer  (යෙදුම් සංවර්ධකයින්) වෙත ජංගම දුරකතන සන්නාමයන් කිහිපයක් වෙත ම ගැළපෙන පරිදි එක්වර තම යෙදුම උඩුගත කිරීමේ හැකියාව ලැබෙනවා. සමස්ත ජංගම දුරකතන වෙළඳපොළ තුළින් 40% – 45% අතර ප්‍රමාණයක් මේ සමාගම් සතු වෙනවා. එනිසාවෙන් මේ සිදුවන සන්ධාන ගත වීම ඇමරිකාව ඇතුළු google සමාගම වෙත දැඩිව බලපාන බව නම් නොරහසක්. වැඩිකල් නොයා Huawei සමාගම ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය Harmony OS නිකුත් කිරීමට ඇති සුදානමක් පිළිබඳවත් දැනගන්නට ලැබෙනවා. කොහොම වුණත්, මේ නව මෙහෙයුම් පද්ධතිය වෙත Huawei සමාගම ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා වෙන් කර ඇති බව theverge.com සඳහන් කරනවා. මේ සන්ධාන ගත වීම සිදුවන කාලය අතරතුර Huawei සමාගම ඔවුන්ගේ ඉදිරියට පැමිණීමට නියමිත උපාංග වෙත ඔවුන්ගේම AppGallary එකක් අන්තර්ගත කිරීමට සුදානම් වෙන බව අපට දැනගන්න ලැබුණා. ඒ පිළිබඳව වැඩි විස්තර ඉදිරි ලිපියකින් ඔබ වෙත ගෙන එන්නම්. මේ ගැන ඔබේ අදහස් අපට කියන්නත් අමතක කරන්න එපා.

Related Articles