Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Marvel Avengers, Doom Eternal ඇතුළු 2019 වර්ෂයේ ගේම් Trailers 6ක්

පරිගණක ක්‍රීඩා සෞඛ්‍යයට බලපාන අන්දම පිළිබඳ විවිධ මතිමතාන්තර තිබුණත් ඒවායේ නිර්මාණකරුවන්වත්, ක්‍රීඩා ලෝලීන්වත් ඒවාට පොඩ්ඩක්වත් සැලෙන්නේ නැහැ. පමණ දැන, ඇබ්බැහි නොවී විනෝදය වෙනුවෙන්‍ ක්‍රීඩා කිරීම ඇත්තටම ගේම් ‍ප්ලේ කරන කෙනෙක්ට මානසික සහනයක්. ඒ කතා කොහොම නමුත්, මේ වසරේ නිකුත් වුණු අලුත්ම Game Trailers ටිකක් අරගෙන යි මේ ආවේ. බලමු මේවායෙන් ඔබ කැමතිම ඒවා කීයක් තියෙනවා ද කියලා.

Fallout 76 සමග න්‍යෂ්ඨික අවි හා ඔට්ටු වෙන්න 

1997 නිකුත් වුණු Fallout ගේම් සීරීස් එක 1,2,3,4 ලෙස පැමිණ එක්වරම මේ වසරේ Fallout 76 ලෙස නම් කර තිබෙනවා.

න්‍යෂ්ඨික යුද්ධයකින් බෙදුණු ලෝකයක සැරිසරමින් නවීන පන්නයේ ගිනි අවි, අධි ධ්වනි තරංග නිකුත් කරන මකරුන් සමග සටන් වදිමින් ත්‍රාසයෙන් පිරුණු අත්දැකීමක් ලබන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. න්‍යෂ්ඨික අවිවලින් පහර දී කෙටි කාලයකට ලෝකය වෙනස් කර තබන්නට හැකියි. මිසයිල ගබඩාවල Launch code එක සොයා ගත්තාට පසු සිතියමේ ඕනෑම ස්ථානයකට ඉන් පහර දෙන්න පුළුවන්. 

Fallout 76 නිෂ්පාදනය කරන Bethesda Game Studios හි ප්‍රථම අන්තර්ජාල Multiplayer ‍ගේම් එක මෙය යි. මුල දී Public Serversවල පමණක් මෙය අත්විඳින්නට හැකි වන අතර පසුකාලීනව Private ඒවා ද ලබා දෙන්නට ඔවුන් බල‍ාපෙ‍ාරොත්තු වෙනවා. සිතියම තුළ විවිධ ස්ථානවල අපේ ආධිපත්‍යය පෙන්වීම සඳහා සකසන කඳවුරු අප Offline සිටියදී සැඟවෙන නිසා වෙනත් කෙනෙක්ට අප Online නැති අවස්ථාවක දී පැමිණ විනාශ කරන්නට බැහැ.

Windows, PlayStation 4 සහ Xbox One සඳහා මෙය එළඹෙන නොවැම්බර් 14 දා නිකුත් වෙනවා.

ෆුට්බෝල් ගේම්වල අලුත්ම මුහුණුවර FIFA 20 

ෆුට්බෝල්වලට ප්‍රිය කරන අය වෙනුවෙන් FIFA වෙත තවත් ගේම් එකක් මේ වසරේ එකතු වෙනවා. 

මෙවර වීදි ෆුට්බෝල් හෙවත් Volta mode එකක් ද එක් වෙනවා. මෙහි දැනට නිකුත් කර ඇති Trailer එකේ Game එකේ දර්ශන අවස්ථාවලට වඩා Volta Football පිළිබඳව අවධාරණය කිරීමට සහ කුතුහලට වැඩවීම සඳහා සත්‍ය දසුන් යොදාගෙන තිබෙනවා.

දියුණු කරන ලද AI Defending, ස්වාභාවික ක්‍රීඩක ඉරියව්, බෝලයේ චලන සඳහා භෞතික විද්‍යාත්මක ශිල්පක්‍රම ආදිය වඩාත් හොඳින් නිරූපණය කර ඇති නිසා සත්‍ය ලෝකයට සමාන අත්දැකීමක් ලබා ගන්නට හැකි වෙනවා.

FIFA 20 හි Ultimate සහ Champion නිකුතු සැප්තැම්බර් 24 දාත්, සාමාන්‍ය නිකුතුව (Standard Edition එක) 27 දාත් නිකුත් වීමට නියමිත යි.

Star Wars Jedi: Fallen Order සමග ඔබටත් Jedi කෙනෙක් වෙන්න අවස්ථාව

Star Wars චිත්‍රපට මාලාවට පෙම් බඳින ඔබටත් දැන් Jedi කෙනෙක් වෙන්න පුළුවන්. චිත්‍රපට මාලාවේ Episode III – Revenge of the Sith මත පදනම්ව ගොඩනගා ඇති Star Wars Jedi: Fallen Order ගේම් එක ඉහළ ග්‍රැෆික් දර්ශන සමග Star Warsහි දකින්නට ලැබුණු ගුවන් යානා, සුදු පැහැති ඇඳුම් කට්ටලවලින් යුත් Stormtrooperලා අතරින් යමින් අභියෝග ජයගනිමින් ඒ ලෝකයේ තනිවෙන්නට හැකි වෙනවා.

Order 66 වෙතින් පලා ආ Padawan නමැති Jedi සහ Cal Kestis ගැලැක්ටික් අධිරාජ්‍යයාගෙන් ඉවතට යමින් සිටිනවා. Cal තමන්ගේ මිතුරකු බේරාගන්නට Force එක භාවිතා කළ අවස්ථාවේ ඉම්පීරියල් ඒෂණ ඩ්‍රෝනයක් මෙය දැක, අධිරාජ්‍යයාට වාර්තා කරනවා. මේ නිසා අධිරාජ්‍යයා ඩාත් වේඩර්ගෙන් පුහුණව ලැබූ දෙවැනි සහෝදරිය ඔහුව සොයාගෙන Jediවරුන් මුලිනුපුටා දැමීම සඳහා පිටත් කර හරිනවා. එතැන් පටන් මේ අවසන් Jediවරයා බවට පත් වෙමින් හැකියා ප්‍රදර්ශනය කිරීමේ වගකීමේ ඔබට භාර වෙනවා.

Force එක සහ Lightsaber භාවිතා කරමින් චිත්‍රපටයේ දකින්නට ලැබුණු Jediවරුන් සතු හැකියාවන් ඔබටම අත්විඳින්න මෙය අපූරු අවස්ථාවක් වෙනවා.

මෙය නිකුත් වන්නේ නොවැම්බර් 15 වැනි දා යි.

රාක්ෂසයන්ගෙන් පිරුණු ලොවක් Doom Eternal

2016 ඇරඹුණු DOOM ගේම් සීරීස් එකේ තවත් දිගහැරුමක් එළඹෙන නොවැම්බර් 22 වන දා නිකුත් වෙනවා.

අපායෙන් මතුවූ බිහිසුණු බලවේග සමග සටන් වදින පුරාතන රණ ශූරයෙක් බවට ඔබට පත් වෙන්නට හැකියි. අඛණ්ඩව ඉදිරියට ගමන් කරමින් Health සහ අවි/උණ්ඩ (Ammo) සොයා ගන්නට පුළුවන්. විදුලි කියත්, රයිෆල්, ෂොට්ගන්, කාලතුවක්කු, රොකට් ‍ලෝන්චර් වැනි පුළුල් පරාසයක ගිනි අවි භාවිතා කරන්නට මෙහි අවස්ථාව ලැබෙනවා.  ඒ විතරක් නෙවෙයි, පෙර වසරට වඩා දෙගුණයක පමණ රාක්ෂසයින් හා පිශාචයින් වර්ග ප්‍රමාණයක් අලුත් DOOM ගේම් එකේ අඩංගු කර තිබෙන නිසා ලේසි නැහැ.

ෂොට්ගන් එකක් අතැතිව (onlysp.com)

“ඔවුන් තවදුරටත් බේරාගත යුතු ඔබේ මිනිසුන් නොවෙයි”, Trailer එකේ ඇඟ කිළිපොළා යන ආකාරයෙන් කියනවා.

Single-player මෙන්ම Multiplayer ලෙස ද මෙය සකසා ඇති අතර 2018 දී Most Wanted Game යන සම්මානයට ද නිර්දේශ වූවා.

මෙය වින්ඩෝස්, PlayStation 4, Nintendo Switch සහ Xbox One වෙත පැමිණීමට නියමිත යි.

4 දෙනෙක්ට සෙල්ලම් කළ හැකි Marvel Avengers

Marvel කතාවලට ප්‍රිය කරන අය Iron Man, Spider Man ගේම් සීරීස් ටික අනිවාර්යයෙන්ම අත්විඳින්න ඇති. ජීවත් වෙන්න තිබුණු එකම බලාපොරොත්තුව වුණු Avengers: End Game එකත් ඉවර නිසා ගොඩක් මාවල් රසිකයන් ඊළඟ Universe එක වෙනුවෙන් ඇඟිලි ගනිමින් ඉන්නවා. හැබැයි ඔන්න දැන් 2020 මැයි 15 වෙනි දා අපි හැමෝම ආදරය කරපු Avengers කණ්ඩායම සමග ත්‍රාසජනක ලොවකට පිවිසෙන්නට Marvel Avengers ගේම් එක සමග අවස්ථාව ලැබෙනවා.

මුහුණු ටිකක් වෙනස් (syfy.com)

Single Player සහ 4 දෙනෙකු දක්වා එක්ව සෙල්ලම් කළ හැකි මෙහි එකිනෙකාගේ බලය සංයෝග කරගනිමින් සුවිශේෂී හැකියාවන් දක්වන්නට අවස්ථාව සලසනවා. තවම (ලිපිය ලියන අවස්ථාව වන විට) මෙහි Online multi-play කිරීමේ පහසුකමක් පිළිබඳව නිෂ්පාදකයන් සඳහන් කර නැහැ.

ඉහළ ග්‍රැෆික් දර්ශන යොදා ගනිමින් සකසා ඇති නමුත් අවාසනාවකට අපේ සිත්ගත් චරිතවල මුහුණු නම් ටිකක් මෙහි වෙනස්. 

මකරුන් සමග සටන් වදින්නට අවස්ථාව දෙන The Elder Scrolls: Elsweyr

ටැම්රියෙල් නමැති මහාද්වීපයේ සිදුවන විවිධ අභියෝගයන් ජය ගැනීම සඳහා වූ The Elder Scrolls ක්‍රීඩා මාලාවේ අතීතය 1994 තරම් ඈතට දිව යනවා. අලුතින් එන Elsweyr නිකුතුවේ දී ඛජිට් වෙත පැමිණෙන මකර ප්‍රහාරයකින් නිවහන බේරා ගැනීම වෙනුවෙන් සටන් කරන්නට ඔබට සිදු වෙනවා.

Elsweyrහි අගනගරය වන රිමෙන් දැනට රාජකීය කුලී හේවායන් විසින් අත්පත් කරගෙන සිටිනවා. ඛජිට් වැසියන් ද මෙහි කොටසක් ලෙස වෙසෙන අතර ඇතැමුන් සිරගත කර තිබෙනවා. නගරයෙන් එපිට සැරිසරන එඬේරුන්, දැවෙන කාන්තාර, අතීත නටඹුන් අතරින් සටන් වදිමින් ඉදිරියට යෑම ‍ඔබේ කර්තව්‍යය වෙනවා.

මේ Trailer එක බලද්දී Game Of Thrones හි අවසන් Episode කිහිපය මතක් වෙන්නේ නැද්ද?

කවරය: තඹරු විජේසේකර / Roar

Related Articles